රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටුයතු යළි ඇරඹීමට යතියි කියමින් ගැමියන් පිරිසක් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට රැස්ව අද උදෑසන සිට සවස් වන තුරු විරෝධතා පැවැත්වූහ.
රතුපස්වල කම්හල වසා දමන්නැයි කියමින් මාරාන්තික උපවාසයේ යෙදුණු ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පැමිනෙන තුරු කර්මාන්ත ශාලාව අසල ගැමියන් රැදී සිටි අතර අද සවස් විටත් උන්වහන්සේ එම ස්ථානයට පැමිණ සිටියේ නැත.
සිරිධම්ම හිමියන්ට දුරකතන ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ බවත්ල ඒ හිමියන් දුරකතනයට ප්‍රතිචාර නොදැක්වූ බවත් උද්ඝෝෂණයේ නිරත ගැමියෝ කිහිප දෙනෙක් පැවසූහ.
ගම්පහ අධිකරණයේ පැවති නඩුවට හෝ සිරිධම්ම හිමියන් එතියි මාධ්‍යවේදීන් බලා සිටියද ඒ හිමියෝ අධිකරණයට ද වැඩම නොකළහ.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් රණසෝම මහතා ලංකාදීපයට අදහස් දක්වමින් පැවසුවේ අඩු අදායම් සමෘද්ධි ලාභී පවුල් 3000 කට කර්මාන්ත ශාලාවේ වියදමින් ජල නල පහසුකම් ලබා ගැනීමට ආධාර කරන බවයි. ඉන් පසු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය.
මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කරන බවත් ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා මාධ්‍යයේ සහයෝගය බලාපොරොත්තු වන බවත ඒ මහතා පැවසීය.
පොලිස් අධිකාරී කාර්යාලයයේ දී අත්සන් තැබූ ගිවිසුම මේම ප්‍රශ්නයට මූලිකත්වය දෙන පාර්ශ්වයන් ජනතාවගේ අප්‍රසාදයට පත් කොට අපහසුතාවට පත් කිරීමේ දීර්ඝ කාලීන සැලැසුමක් ප්‍රතිඵලයක් බව සියනෑ ජලය සුරැකීමේ ජන නැගුමේ කැදවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා කර්මාන්ත ශාලාව අසල දී කීවේය.
‘කිසිම මාධ්‍යයකට ඇතුළට යෑමට ඉඩ නොදී දේශපාලන අධිකාරිය හා ස්වේච්ඡා සංවිධාන සම්බන්ධ කර නොගෙන විනිවිද බාවයකින් තොරව තමයි පොලිස් අධිකාරී කාර්යාලයයේ එම සාකච්ඡාව තිබී ඇත්තේ. පැය හයක් පමණ කාලයක් වාද විවාද ඇතිව සාකච්ඡාව පැවැතෙද්දී ඕනෑම අයෙක් මානුෂිකව පීඩාවට ලක්වෙලා යම් යම් තීරණවලට එළඹිය හැකියි.
ලක්ෂ ගණනක් ජනතාවට වග කියන ලියවිල්ලක් එවැනි ස්ථානයක දී අත්සන් කරන්න පුළුවන් කමක් නැහැ. මේක තෙරිපැහැ හිමියන්ගේ කීර්ති නාමයට හානියක් කරන්න හදපු සැලැස්මක්.
එම ලියවිල්ල පිළිගන්න ජනතාව සූදානම් නැහැ.
පරිසර හානියක් සිදුව තිබිය දීත්, ජීවිත තුනක් නැති වී කිහිප දෙනකු තුවාල ලබා ඇති නිසා මෙවැනි විසදුමක් පිළි ගැනීමට ජනතාව සූදානම් නැතැයි ගැම්වැසියකු වන සුරේෂ් පෙරේරා මහතා පැවසීය.
‘කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන 2025 වන තුරු කරගෙන ගොස් ඉන් අනතුරුව වෙනත් ස්ථානයකට ගෙන යන්න ඉල්ලුවා. ගැමියන් ඊට විරුද්ධ වුනාට පස්සේ ක්‍රම ක්‍රමයෙන් ඒක අඩුකරලා මාසය හයකට ආවා.
කර්මාන්ත ශාලාවේ පාර්ශවය පැත්තෙන් අපි අහපු කිසිම දෙයකට කන්දුන්නේ නැහැ. පැහැදිලි උතතරයක් ලැබුනෙත් නැහැ. ගල්වුස් නිෂ්පාදනයේ සිට බැහැර කරන අපද්‍රව්‍ය ක‍්‍රියා දාමය අපි ප‍්‍රශ්න කළා. එයාලට උත්තර දෙන්න බැරි වුනා.
පළවෙනි නිෂ්පාදනාගාරය ඉක්මනින් ගලවා ඉතිරි හතර මාස හයකින් ගලවා බියගමට ගිනියන බව පැවසුවා.
එවිට ස්වාමීන් වහන්සේ පැවසුවා ජනතාව ඉන්නේ හාමුදුරුවෝ සමග ජනතාව හාමුදුරුවෝ කියන එක පිලිගන්න ඕනේ කියා. උන්වහන්සේ තුළ ලොකු විශ්වාසයන් තිබුනා ජනතාව මෙය ඉස්මුදුනින් පිළිගනියි කියලා.
පස්සේ ජනතාව විරුද්ධ වූ විට උන්වහහන්සේ පොලිස් අධිකරිවරයාටට දුරකතන ඇමතුමක් දී මිනිස්සු එකග නැහැ මේක ක‍්‍රියාත්මක නොකර මම ඒක අවලංගු කරනවා කියා කීවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල දැන් එහෙම පදිංචිවෙලා වගේ මට පෙනෙන්නේ (නි)
වේදිකාවේ මළ පහ කළද 'හුරේ' යැයි කෑගසන අය ඉන්න නිසා තමයි දේශපාලනඥයොත් හැමදාම පිස්සු නටන්නේ. (නි)
බන්දුල,ඔබ රතුපස්වල ප්‍රශ්නයේදී මුලින්ම අදහස් දක්වපු කෙනෙක්.එදා ඔබ කීවේ ඔබට කාරෙක පදවාගෙන යන්නට නොහැකිලෙස පාර අවහිරවෙලා නිසා මිනිස්සුන්ගේ ක්‍රියාවට විරුද්ධ වෙන බවයි. ඔබ සැගවී එලෙස පටන්ගත් සටන අද එළිපිටම දේශපාලන පෙනීසිටීමක් දක්වා පැමිණ සිටී. මේ රජය පෙරලීමට අපිට හෝ ජනතාවට කිසිදු වුවමනාවක් නැතිබව පසුගිය මැතිවරණය පෙන්වාදුනි.සටනක් දියහැකි කිසිම විපක්ෂ කණ්ඩායමක් ලගකවත් නොමැති නිසා රජයට ඇත්තේ තනිව දුවන තරගයකි.එබැවින් ඔබගේ බොරු තර්ක වැඩකට නැත.මෙහි ඇති සත්‍යනම් විපක්ෂයටවත් මෙම කම්හලට විරුද්දව කතාකිරීමට වුවමනාවක් නැත.මෙයට මුලික හේතුව අය්තිකරුට ඇති ඉහල සම්බන්දකම්ය.දෙවැනි කරුණ වන්නේ රට දියුණුවෙනවත් සමගම පරිසර හිතවාදී කර්මාන්තශාලා ඇතිනොකොලොත් වැනසුන රටක,ලෙඩුන්ගෙන් පිරුන රටක මුදලින් ඇති වැඩක් නැත. එබැවින් පරිසර හිතකාමී කර්මාන්ත සදහා සටනක අරම්බයකි මෙය.ලෝකයේ කිසිම රටක මුදලාලිලා හෝ ඔවුන්ගේ ඇම්බැට්ටයන් එකග නොවන දෙයද එයමය.එබැවින්ම රටට රජයට එරෙහිව නොව මෙම කම්හලට එරෙහිව සටන පිටරට සිට ගැනුම්කරුවන්ට බලපෑම් කිරීම අරභා ඇතිබව සතුටින් සහ කණගාටුවෙන් සටහන්කර තබමි. (අ)
සත්‍යපාල, මේ කම්හලෙන් දිවි රැකෙන පවුල් 700ක් ඉන්න බව කියවුණා. කම්හල වැසීම හානියක් නොවේ කියල ඔබ කියන්නේ හරියට ඔබ ඒ පිරිසට කන්න අඳින්න දෙනවා වගේ නේ, අනික, රටවල් 70 කට අත්වැසුම සපයා රටට විදේශ විනිමය ගෙන එන මේ වගේ ව්‍යාපාර වසා දැමිය යුතුයි කියලද ඔබ කියන්නේ? රතුපස්වල ප්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතු බව ඇත්ත. ඔබේ විසඳුම වෙලා තියෙන්නේ ලංකාවේ බඩු ගන්න එපා කියල ලෝකෙටම කියා පෑමයි. ඒකද විසඳුම? එක නිසා තමයි මම කිව්වේ ඔබ අර වඳුරාගේ චරිතය තමයි මේ රඟ පාන්නේ කියල. ගෙදර ගිනි පිටට දෙන්න එපා කිව්වේ ඔබේ "මහා අන්තරජාල ප්‍රචාරණය" ගැන හිතලයි. (දිල්)
සත්‍යයපාල භාවතාණනි! බුදුන් වහන්සේ පවා කලහකාරී භික්ෂුන්ගේ නොමනා හැසිරීම ඉවසාගත නොහැකිව පාරිලෙය්‍ය වනයට වැඩියා. එතනදී ඇතෙක්, වඳුරෙක් වැනි සතුන් බුදුන් වහන්සේට ආහාර සොයා ගෙනවිත් දුන්නේ ධර්මය රකින්න කියා ශාසනය ඇතුල්වූ දුසිල් මහණුන්ට වඩා ඒ සතුන් ළඟ ගුණ ධර්ම තිබුන නිසයි. ඔබ වැනි අය මේ තීරයේ ගැඹුරු අදහස් ලියන විට සිහිවිකල්ලෙන් මෙන් ඔබට පහර ගහන "මැස්සාට කඩුවෙන් පහරදුන් ජාතියේ වඳුරන්ගෙන්" ප්‍රවේශම් වන්න. (නි)
අන්තිමට ඕක වෙන බව අපිට තේරුණා. සල්ලි වලට සියල්ල යටයි. (නි)
බන්දුල,ඔයාලගේ පැත්තේ මෙහෙම වෙලා බොන වතුර ටිකත් නැති වුණොත් ඔයා මොනවාද කරන්නේ කියලා අපට කියනවද? (නි)
පහුගිය දවස්වල ගාල්ල ඉමදුව පැත්තෙත් ළිං වල මඩ වතුර ඇවිල්ලා තිබුනා. නමුත් ඒ හරියේ නම් කර්මාන්තශාලා නැහැ. (නි)
උපාලි මම කරන්නේ වදුරු වැඩක්නම් මම ඉතාමත් සතුටු වෙනවා මම එම වදුරා වීම ගැන වෙනත් සතකු නොවී.(අ)
ඔය කර්මාන්ත ශාලාව ගලවල හම්බන්තොට ගෙනියන්ඩ, වාරයත් තියනවා හරි පහසුවෙයි ,(අ)
බන්දුල, ඔයත් ඒ සමාගමේ අධ්‍යක්ෂ කෙනෙක් නේද? (නි)
මේවා ලියන්න ගිහින් මාධයවේදීන් හමුදාවෙන් ගුටි කැවා නේද? පරිස්සමින් ලියන්න හොදේ.
සත්‍යපාල, ඉස්සර හිටියා වඳුරෙක්. ඌ හිතා හිටියේ ඌ මහා දේශප්‍රේමියෙක් කියලා. උද්‍යානයේ රජ්ජුරුවෝ සැතපෙනකොට මැස්සෙක් ඇවිල්ලා රජ්ජුරුවන්ගේ ඇඟේ වහනවා මේ වඳුරා දැක්කා. ඌ හිතුව මැස්සා මැරීමෙන් තමන් ජාත්‍යන්තර කීර්තියට පත්වෙයි කියලා. මැස්ස මරන්න ඕනෑ ක්‍රමය ගැන ඌට තේරුමක් නැහැ. ඇදලා ගත්තා රජ්ජුරුවන්ගේ කඩුව. දුන්නා මැස්සට දෙකට කැපිලා යන්න කඩුපාරක්. මැස්සට නම් හානියක් වුණේ නැහැ. රජ්ජුරුවෝ මැරුණා. මේ වඳුරෝ අදත් ඉන්නවා. (නි)
සත්‍යපාල මහතාණෙනි, අපි එසැණ තීරුවේදී පුද්ගලයන් දකින්නේ ඔවුන්ගේ අදහස් වලින් පමණයි. ඒ නිසාම කවදත් ඔබව විවේචනය කරන බන්දුල පවා ඔබට ප්‍රසාදයකින් අදහස් දා තියෙන බව පේනවා නේද? අපි ඔබේ අදහස් ගැන එහෙම ප්‍රසාදයෙන් ලියූ විට එයින් උද්දාම වූ සත්‍යයා නමැති කෙනෙක් ඔබව ආරක්ෂා කරන්න කියලා ඔන්න කඩුව අතට අරගෙන. එයා කළේ හරියටම අර වඳුරා කළදේමයි. (නි)
සත්‍යපාල මහත්තයෝ..ඔබ තුමා සමග අපි මතවාද වලින් ගැටුනට ඔබ තුමා අර පුංචි ටිකිරිලා ඩුබායි තිලක්ල වගේ කාලගුණ නොදත් ගුනමකුවෙක් නෙමෙයි කියල හොදින් දන්නවා..මේ රටේ නීතියක් තියෙනවා..යමක් කලයුතු ක්‍රියා පිළිවෙතක් තියෙනවා. රජයක් කාගෙවත් බලහත්කාර කම් වලට යට විය යුතු නැහැ..අද අපිට පැහැදිලිවම රතුපස්වල මිනිස්සුන්ගේ හැසිරීමේ බලහත්කාරීකමක් පේනවා..සිදු වුනු විනාශයෙන් පාඩමක් ඉගෙනීම නෙමෙයි දකින්නේ , එම විනාශයෙන් රජය පත් වූ අපහසුතාවයෙන් ඉදිරියට මොනවා කලත් රජයෙන් තමන්ට අවහිරයක් නොවෙයි කියල තියෙන හැගීමෙන් තමන්ට අවැසි දෙයක් කළා හැකයි කියන අධි මානසිකත්වය තමයි පේන්න තියෙන්නේ පැහැදිලිවම. කර්මාන්ත ශාලාවට කඩේ යන්න අපිට අවශ්‍ය නැහැ .වරද එතන නම් අපිට තර්ක කරන්න දෙයක් නැහැ..එම විසදුම අපිත් පිලිගන්නවා..නමුත් වරද එතන නෙමෙයි නම් කරමාන්ත ශාලාවක් මිනිස්සුන්ගේ හිතු මනාප වලට බලහත්කාරකම්වලට ඉවත්කරන්න ගියොත් රටට මොකද වෙන්නේ..මොකක්ද ඒකෙන් දෙන ආදර්ශය..මේ ජලය බීල ඉස්පිරිතාලේ ගිය කෙනෙක් මැරුණු කෙනෙක් දද කුෂ්ට හැදුනු කෙනෙක් ඔබතුමා දැකල තියෙනවද?..පී එච් අගය අඩු වීම කියන්නේ ජලයට වස විස එකතුවීම නෙමෙයි..මෙයිට වඩා පී එච් අගය අඩු ජලය මේ රටේ අනෙකුත් ප්‍රදේශ වල තියෙනවා.. මිනිස්සු තමන්ගේ හැම රාජකාරියක්ම එම වතුරෙන් කර ගන්නවා..එහෙමවත් වතුර නැති ප්‍රදේශ තව අනන්ත තියෙනවා..සැබෑ හේතුව විද්‍යාත්මකව පරීක්ෂණ වලින් පැහැදිලි කරගෙන විසදුමක් ගන්නවා මිසක් තම තමන්ගේ ඔළුවල තියෙන මත අනුව බලහත්කාරකම් පෑමට යාම අපි පිළිගන්නේ නැහැ...(නදී)
මෙතක් කාලයක් මේ ප්‍රශ්නයට ප්‍රතිචාර දමපු අයගෙන් 70% ක්ම මනුස්ෂත්වය අමතක කර මේය විහිළුවක් කරගෙන සිටිය.එසේම අමන දේසපාලුවන් හා කපටියන් ජනතාවගේ ජිවිත කාන්තාරයක් බවට පත්වෙන්නට ඉඩ හරිමින් හා පත්කරමින් සිටිනවා. පරිසර විනාසයත් සමග ගෝලීය උස්ණත්වය වැඩිවන විට බුගත ජල උල්පත් විනාසවි ගොස් ජිවින්ට ජලය (ජිවය) සොයාගන්න මහ සටනක් කරන්න වෙනවා. මතක තියාගන්න නැවත ලෝක මහ යුද්දයක් ඇති වන්නේ බිමට අවශ්‍ය ජලය නිසයි.මේ ප්‍රශ්නය ව්හිලුවක් කරගන්න එපා.යම්දවසක ඔබත් ජලය (ජිවය) සොයා යදිම්න් දිවි කතරේ ඉබාගාතේ යයි. ඔබට මෙය අත්විදින්න නොලැබුනත් ඔබගෙන් ජිවය ලබපු ඔබගේම ලේ ඥ්යතියකු මෙය උරුම කරගන්නා දවසක් උදාවේවි.(දිල්)
උපාලි,ඔයාගේ නොදන්නාකමට ඔහොම කතාවක් ලියලා.රතුපස්වල ප්‍රශ්නයක් තිබෙනවා නම් කම්හල බියගමට ගෙනයන බවට පොරොන්දු වුණා. ඊට ටික දිනකින් කම්හල ගෙනයන බව පැවසුවා.එහි තේරුම කම්හල වැරදි බව හෙළිවීමයි.ඒ පොරොන්දුව ඉටුකළ යුතුයි.දෙවැනි කරුණ මෙවැනි රැවටීම් වලින් පසු මිනිසුන් තව තවත් දරුණු ලෙස සටන් කිරීමට පෙලඹෙනවා.අවසානයේ සාකච්ඡා වලින් රටේ ප්‍රශ්න විසදිය නොහැකිවීමෙන් රට අවුල් වෙනවා. ලේ හැලෙනවා.රට ගිලගන්නට බලන අය ප්‍රයෝජන ගන්නවා. (නි)
ගූණේ, ප්‍රතිචාර දැමූ අයගෙන් 70% මනුෂ්‍යත්වය අමතක කරලා කියලා කියන්න එපා. ඔය බන්දුල පෙරේරා වගේ කීප දෙනෙක් එහෙම කතා ලිව්වට වැඩි දෙනෙක් බොහොම අපක්ෂපාතිව, සනුකම්පිකව මේ ප්‍රශ්නය දිහා බලා ලිව්වා. ඔබගේ අනෙක් අදහස් ඉතාම වටිනවා. (නි)
රතුපස්වල නාඩගම නැගල යනවා..දුෂ්ටයෝ ගොඩයි..අන්තිමට වීරයාත් දුෂ්ටයෙක් වෙන හැටියට තමය් පිටපත තියෙන්නේ..කොහොම කොහොම උනත් උප්පැන්නේ හරි හදනුම්පතේ හරි පදිංචිය රතු පස්වල කියල තියෙනවනම් රැකියානම් ලැබෙන්නේ නැතිවේවි ඉදිරියට මෙහෙම ගියොත්..හදට ගල් ගහපු පැත්තේ එව්වෝ හොදය වගේ මේ කට්ටිය දිහා බැලුවම.(දිල්)
සත්‍යපාල, "ගෙදර ගිනි පිටට දෙන්න එපා. පිටත ගිනි ගෙදරට ගේන්න එපා". මෙහෙම කිව්වේ විශාකා මහ උපාසිකාවට අවවාද දෙන ගමන් එතුමියගේ පියතුමා. ඔබ ලෝකයට කියන්න හදනවා ලංකාවේ බඩු ගන්න එපා කියලා. ඔය ආයතනයටද එයින් පාඩුව? නැහැ, රටට. තේරෙනවද ඒක? මුහුණ එක්ක තරහට නහය කපා ගන්න මිනිස්සු ගැන ඔබ අහලා තියෙනවද? ඔබ නහය කපාගන්න හදන බව පමණයි මට කියන්න ඇත්තේ. (නි)
දැන්නම් අපි බන්දුල පෙරේරා සමග එකග වෙනවා. (නි)
ඔය ගමේ අඩුම තරමින් 50%ක්වත් පවතින රජය බලයට ගෙනෙන්නට ඡන්දය දුන් මිනිස්සු ඇති බව සිතිය හැක.මේ මිනිසුන්ගේ සාධාරණ අයිතීන් වලට තව තවත් රැවටීම් කරන්නේ නම් රටම එක්ව මෙම කම්හල පවත්වන සමාගමේ නිෂ්පාදන වර්ජනයටත්,ජනතාව මරණයට තල්ලු කරමින් සාදන මෙම නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලමින් ලෝකය පුරා අන්තර්ජාලය මගින් දැනුවත් කිරීමට කටයුතුකළ යුතුමය. (නි)
සත්‍යපාල, ඔය උපාලි කියලා තියෙන්නේ අර හැමතිස්සෙම අහවලා වෙනුවෙන් කඩුව අතේ තියාගෙන ඉන්න කෙනා ගැනද? (නි)
මට කියන්න තියෙන්නේ දැනටමත් මේ අහිංසක මිනිස්සුන්ව අතරමං වෙලා. සමහරු සටන පාවාදීලයි තියෙන්නේ (නි)
ජනතාවගේ ඡන්දයෙන් බලය ලබාගත්තවුන් ජනතාවට සාධාරන විසඳුමක් ලබා නොදීම ගැන අපි සියල්ලෝම සිතාබැලිය යුතු නොවේද? (නි)
මහත්වරුනේ,මේ ප්‍රශ්නය ඇති කළ ප්‍රශ්නය වවාගෙන කෑ අදටත් එසේ කරන්න හදන අය මොන විසදුම ආවත් සැහීමකට පත්වෙන්නේ නැහැ.මොකද මේක රජය අපහසුතාවයට පත්කිරීමේ හොද තුරුම්පුවක් හැටියට කට්ටිය දකින නිසා (නි)
බන්දුල, ඔයා කාටවත් ගැතිකම් කරන්න එපා. ප්‍රශ්නයක් හරි විදියට දකින්න පුරුදු වෙන්න. ඔයාට ඔය ප්‍රශ්නයම ආවනම් මොකද කරන්නේ කියල අපිට කියන්න.(දිල්)
මේ රතුපස්වල ගැටලුව විස්තාරණය වෙන අයුරු මුල සිට නැවත විමසීමකට ලක් වුණොත් හොදයි. සමහර පුවත් මූලාශ්‍රත් බොහෝවිට ගැටළුකාරියි. සැකයට ලක්වෙන දෑ එමටයි. (නි)
ගණ්ඩබ්බරුක අභියස තීර්ථකයන් සහ නිඝන්ඨයන් දමනය උදෙසා බුදුහාමුදුරුවෝ යමා මහා පෙළහර පා බව දන්නවද ? මගේ රටට ආදරේ නිසාම මම උත්සහ කරන්නේ එවැන්නකි. රැවටීමට එරෙහි සහ මෝඩ වදුරන්ගෙන් රට බේරාගැනීම සදහා එක කම්හලක් වැසීම හානියක් නොවේ.රටට සල්ලි එන නිසා තම දරු පවුල් විනාශ වෙන්නට ඉඩහැර නිහඩව සිටීමටද කියන්නේ ? ඔහෙලට ලෝකය තේරුම්කර දීමට යාම වැඩකට නැති දෙයකි.හේතුව ඔබල නොදන්නා දේවල් වැඩි එය අයන්නේ සිට ඉගැන්විය යුතු දෙයකි. (අ)
මේ සංවිධානයේ කැදවුම් කරු කියන කෙනාගේ දේසපාලන පසුබිම සත්‍යපාල මහත්තය දන්නවද? කම්හල පිළිබද වාර්තා, ජලයේ පී එච් අගය අඩු වීමේ හේත් පිළිබද වාර්තා ඔබ තුමා දන්නවද.මේ රටේ ජලය පිළිබද මෙයට වඩා බැරෑරුම් ගැටළු තියෙන ප්‍රදේශ තියෙන බව ඔබ තුමා දන්නවද? මේ කම්හල මෙතනින් ඉවත් කලත් මෙයාල මේ ප්‍රශ්නය අවසන් කරය කියල ඔබ තුමා හිතනවද? රුපවාහිනියේ අපි දැක්ක කට්ටිය පොලිසියත් එක්ක ගැටෙන හැටි..තර්ජනය කරන හැටි..මෙයාලට මේ රටේ නීති වලංගු නැත්ද? රතුපස්වල මේ රටේ තවත් මුදා නොගත් ප්‍රදේශයක්ද? සත්‍යපාල මහත්තයෝ පෙන්නේ නැත්නම් හොද කන්නාඩි දෙකක් දාල මේ සිදුවන ක්‍රියාවලිය දිහා හොදට බලන්න..මේ යන ක්‍රියාවලියේ අවසානය වෙන්නේ තවත් විනාසයක්ම තමයි. (අ)
කර්මාන්ත ශාලාව වෙනත් තැනකට ගෙන ගියොත් මේ වතුර ප්‍රශ්නය විසදෙයිද?වතුර ප්‍රශ්නය විසඳන්න බැරි ඒ පැත්තේ වතුරට අරක්ගත් භූතයෙක්වත් ඉන්නවද දන්නේ නැහැ,කහවත්තට අරක්ගත් ග්‍රීස් යකා වගේ. (නි)
ගමේ කට්ටියට දැන් හාමුදුරුවොත් එපා නම් මොකද කරන්නේ? කවුද ඊළඟට ඉන්නේ? ප්‍රශ්නය ලිහන්න නම් බැරිවෙයි ඔහොම. ලිහන්න ඕනෑකමක් නැත්නම් මොනවා කරන්නද එක අතකට. (නි)