IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රතුපස්වල ගැමියන්ට මාස 3 න් විසඳුම්

 රතුපස්වල  ජනතාවගේ ජල ප්‍රශ්ණය ඇතුලූ ජන ජීවිතයට බලපාන ප්‍රධාන ප්‍රශ්ණ සඳහා   මාස තුනක් ඇතුලත ස්ථිර විසඳුම්  ලබා දීමට ලබන 8 වෙනිදායින් පසු පිහිටුවන  අලූත් ආණ්ඩුවේ පොදු සේවකයා  ලෙස තමන් පෞද්ගලිකව මැදිහත්වන බව   මෛත්‍රීපාල සිරිසේන මහතා  රතුපස්වල ගල්ලොලූව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේදී  විහාරාධිපති තෙරිපැහැ  සිරිධම්ම හිමියන් හමුවේ   ප්‍රතිඥාවක්  දුන්නේය.

 රබර් ඇත්වැසුම් කම්හලක් නිසා රතුපස්වල ප්‍රදේශයේ  ගම්මාන රැසක  ඇති වු ජල ගැටලූව සම්බන්ධයෙන්  ගැමියන් කළ උද්ඝෝෂණයේදී යුධ හමුදාව සහ ගැමියන් අතර වු ගැටුමින්  මිය ගිය පාසැල් සිසුන් දෙදෙනා සහ තරුණයා වෙනුවෙන්  එම විහාරස්ථානයේ පැවති පින්කමට සහභාගීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසුවේය.

ජල ගැටුමින් දිවි පිදු තරුණයින්ට පින් පැමිණවීමේ පුන්‍ය කර්මය ජල සටනේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වු   අංජුල සුරේෂ් පෙරේරා මහතා  ඇතුලු  රතුපස්වල, නැඳුන්ගමුව තරුණ කැළ විසින් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම, රුවන් විජයවර්ධන, සුජීව සේනසිංහ ඇතුළු ප්‍රදේශයේ දේශපාලඥයෝ රැසක්ද, රතුපස්වල අවට ගම්මානවල ගැමියෝද සහභාගී වුහ.

 

වැඩිදුරටත්  අදහස් දැක්වු මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ 

               ‘‘පසුගිය කාලය තුළ මේ රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ මුළු මහත් ජනතාවගේ අවධානයට ලක් වු ප්‍රධාන කාරණයක් උනා රතුපස්වල ජල ගැටලූව. මේ ජල ප්‍රශ්ණය අපේ රටට සීමා උනේ නැහැ. අපේ රටෙන් පිට ජාත්‍යන්තරය අවදානයට පවා ලක් වු කාරණාවක් බවට  පත් උනා.

අපි ඒ අවස්ථාවේ බලන් හිටියා මේ විහාරස්ථානයේ  සිරිධම්ම ස්වාමීන්වහන්සේ,  ජනතාව සමග එකතුවෙලා ප්‍රදේශවාසීන්ගේ ගේ සුභ සිද්ධියට බැරෑරුම් වු වගකීම් රාශියක් ඉටු කරපු හැටි. උන්වහන්සේ ගම්වැසියන් සමග එකතුවෙලා අවිහිංසාවාදී ලෙස මහ සටනක් ගෙන ගියා.

ඒ වෙලාවේ ආණ්ඩුව දරදඩු ප්‍රතිපත්තියක හිටියේ.  ගම්වාසීන් එදා මහා ධනපති සමාගම්  එක්කයි හැප්පුනේ. ධනපති ව්‍යාපාරික ආයතනයක් ආරක්ෂා කරගන්න පාලකයෝ එදා අසරණ ගම්වැසියන් නොසලකා හැරියා. රජය එදා  අසරණ ජීවිතත් එක්ක සෙල්ලම් කලා මිසක්  ජනතාවගේ වේදනාව තේරුම් ගත්තේ  නැහැ. ජනතාවගේ හඩට කන්දුන්නේ නැහැ. හමුදාවෙන් තුවක්කු පත්තු කරලා තුවක්කුවෙන් තමයි අහිංසක ජනතාවගේ හඩට උත්තර දුන්නේ.  රට තුළ පමණක් නෙමෙයි ජාත්‍යන්තරයේ පවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ නිසා අපකීර්තියට පත් උනා. පසුගිය අවුරුදු කිහිපයේම මේ රටේ ඇති වෙච්ච ප්‍රශ්ණ විසදුවේ ඒ ආකාරයට.

අපි ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන මේ දේවල් දිහා ඉතාමත් පිලිකුල් සහගතවයි බලාගෙන හිටියේ.  මේ කර්මාන්තශාලා හිමියන් ලෙස පෙනී සිටිය අය පිටුපස  හිටියේ රාජපක්ෂ පවුල. ඒ  රාජපක්ෂ පවුලේ ධනය තමයි  මේ කර්මාන්ත ශාලාවල සම්පත් විදිහට කලමනාකරණය උනේ.   මේවා අපි නොදන්නා කරුණු නොවේ.

එදා ජනතාව කෙතරම් පීඩාවකට පත් උනත්,  ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්ණ විසදන්නේ නැතිව මහා ධනපති ව්‍යාපාරිකයින්ගේ පැත්ත අරගෙන ඉතාමත් අමානුෂික ලෙස හා හිංසාවාදී ලෙසයි  මහින්ද රාජපක්ෂ පාලනය කටයුතු කළේ.

මුළු රටේම  තියෙන මෙවැනි ජනතා  ප්‍රශ්ණ නිසා තමයි අද ජනතාව  මේ පාලන ක්‍රමය වෙනස් කරන්න ඒකරාශී වෙලා ඉන්නේ.  රතුපස්වල ජනතාවටත් ඒ පිළිබඳව ඇත්තේ විශාල උවමනාවක්.  තමන්ම පීඩාවට පත් කර තමන්ගේ ප්‍රදේශයේ ජනතාව විනාශ කළ පාලනය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන් තුල තිඛෙනවා. යහපත් පාලනයක් ගෙන යාමේ අවශ්‍යතාවය අද මුලූ රටම පිලිගන්නා කාරණයක් බවට පත් වී තිබෙනවා.

අද ස්වභාව ධර්මය කෝපවෙලා තියෙනවා. ආපෝ, තේජෝ, වායෝ මහා කැළඹීමක් ඇති වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය තුළ තිඛෙන හිංසාවාදී බව, අමානුෂික බව නිසා අද මුලූ මහත් රටම ඛේදවාචකයකට පත් වෙලා තියෙනවා.

අධික වර්ෂාව නිසා ජන ජීවිත විනාශ වෙනවා. තවත් පැත්තකින් නාය යනවා. නිවාස  විනාශ වෙනවා. ස්වාභාව ධර්මයාගේ මහා කැළඹීමක් ඇති වෙලා තියෙනවා. පොදු මහජනතාව මහා ඛේචවාචකට ඇද වැටී තිඛෙනවා. මහා විපත්තියකට රට පත් උන අවස්ථාවක් මේක.

ඒ නිසා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්, දෙව් දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මේ සිදුවන මහා ආපදා නතරවෙලා මේ රටට මහා ඛේදවාචකයක් වෙලා තියෙන මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කරලා පොදු මහජනතාවට අවිහිංසාවාදී, යහපත් අධ්‍යාත්මික ගුණවගාවෙන් යුත් පාලනයක් ගෙන ඒම සඳහා ජනවාරි 8 වෙනිදා සියලූ ජනතාව පෙළගැසෙමු, වෙනසක් කරමු.‘‘

 1 2 3 4 5 6 7 DSCF2583 DSCF2584 DSCF2585

 

 

 

  



අදහස් (0)

රතුපස්වල ගැමියන්ට මාස 3 න් විසඳුම්

බන්දුල පෙරේරා Friday, 26 December 2014 05:23 AM

ඒ සිදුවීම වෙලත් කොපමණ කාලයක් ගත වෙලාද? (ර)

:       0       0

ගයාන් Thursday, 25 December 2014 08:01 PM

ඔබේ දේශපාලනය ගැන දැන්නම් ඉතාම කණගාටුයි. සුනාමිය ආවේ කාගේ කාලේද කියන එක අමතකද? (නි)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Thursday, 25 December 2014 11:37 PM

ඔන්න, මහා පඬි බන්දුල පෙරේරාට අවස්ථාව අදහස් දැක්වීමට. (නි)

:       0       0

අබේපාල Friday, 26 December 2014 01:24 AM

ඇත්ත. අද සොබාදහමත් කෝපවෙලා.මේවාට වගකියන්න ඕනෑ අපි නෙමෙයි. හැම දේශපාලකයෙක්ම වගකිවයුතුයි (නි)

:       0       0

මුතු Friday, 26 December 2014 01:48 AM

දුක්විඳි රතුපස්වල ජනතාවගේ හිත් යළි සුවපත් වේවා! මෛත්‍රී පාගනයෙන් අපේ මේ පුංචි රට 09 දා යළි ආලෝකවත් වනු ඇත.ජල ගැටුමට මුහුණ පා මියගිය අපේ සහෝදරයින් සියලුදෙනා ශෝකයෙන් යුතුව සිහිකරමු. (නි)

:       0       0

කීර්ති Friday, 26 December 2014 02:42 AM

ඔය වගේ දේවල් ඡන්දය දිනාගන්න යොදාගන්න එපා මහත්තයෝ. (නි)

:       0       0

සංජීව Friday, 26 December 2014 03:04 AM

ඔබට ජය! (නි)

:       0       0

මංජු Friday, 26 December 2014 03:04 AM

මෛත්‍රීට ජය! (නි)

:       0       0

නිශාන්ත Friday, 26 December 2014 03:20 AM

සෞඛ්‍ය ඇමති විදියට ඔය ප්‍රදේශයට ගිහින් බැලුවද මෙතුමා? මිනිසුන්ගෙ ප්‍රතිචාරය ඉන්න සෙනඟ ගණනින් පෙනෙනවා.එහෙම හිතේ අමාරුවක් තිබුණා නම් ඇමතිකමෙන් එදාම ඉල්ලා අස්වෙන්න තිබුනා නේද? ඔය දේවල් වලට ජනවාරි 09 ජනතාව දෙන පිළිතුර දැන් ස්ථිරයි. (නි)

:       0       0

කරුණාජීව Friday, 26 December 2014 03:21 AM

මුතු, බන්දුල ,කිඹුල් කදුළු හෙළයි. අපිට අමතක නැහැ අතීත අදහස්. (නි)

:       0       0

කස්තුරි Friday, 26 December 2014 04:14 AM

මට මතකයි මෙතුමා ඒ දවස්වල කිය කියා ගියා, ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න පාරවල් අවහිර කරලා උද්ඝෛා්ෂණ පවත්වලා බැහැ කියලා. ඒවා සාකච්චා මාර්ගයෙන් කළ යුතුයි කියලා.(හේ)

:       0       0

ධනුෂක රුවන් පෙරේරා -ගම්පහ Friday, 26 December 2014 04:27 AM

එතකොට ජපානේ ඉන්නේ ත් මෙහෙ වගේ නෝටි කට්ටියද ? එකද ඔය ස්වභාවික විපත් වැඩි? මේ වගේබොළඳ විහිළු කරන්න එපා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site