වැලිවේරිය රතුපස්වල ජල ගැටලූවට මුල්වූ වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (28) තීන්දු කළේය
සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු ඒ.එච්.එම්.නවාස් මහත්වරු එහිදී කියා සිටියේ ඉල්ලා සිටින සහන හා ප‍්‍රතිපාදන දැනටමත් ලැබී ඇති බැවින් මෙම පෙත්සම විභාගය අවසන් කරන බවයි.
කර්මාන්ත ශාලාව එම රතුපස්වල ප‍්‍රදේශයෙන් ඉවත් කැර ඇති බවත් කියැවිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ සියනෑ ජල සුරැුකීමේ ජන නැඟුම සහ එහි සභාපති ප‍්‍රමිත හෙට්ටිආරච්චි විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ,ආයෝජන මණ්ඩලය ,වෙනිග්‍රෝස් සමාගම සහ නීතිපති නම් කරනු ලැබ තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd