මාස හයකින් වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව රතුපස්වලින් ගෙන යෑමටත්, ඒ වන තෙක් කොන්දේසි කිහිපයකට යටත්ව කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන නැවත ඇරැඹීමටත් පොලිසිය, කර්මාන්ත ශාලාවේ බලධාරීන් හා ගම්වාසීන් පිරිසක් අතර අද (10) ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ පැවැති සාකච්ඡාවක දී තීරණය වී ඇත.
කර්මාන්ත ශාලාව නියෝජනය කරමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා ද, ගම්වාසීන් නියෝජනය කරමින් ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සරිධම්ම හිමියෝ ද එම එකඟතා ඇතුළත් ගිවිසුමකට අත්සන් තැබූහ.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට ගම නියෝජනය කරමින් තෙරිපැහැ සිරිධම්ම හිමි, නීතීඥ පාලිත සේනාරත්න සහ නීතීඥ පී වික්‍රමආරච්චි මහත්වරු ඇතුළු දස දෙනෙක් සහභාගී වූහ. වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාව නියෝජනය කරමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා, වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ රණසෝම මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
දේපාර්ශවයෙන් විවිද යෝජනා ඉදිරිපත් වූ අතර 2014 අප්‍රේල් 30 වැනි දායින් වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ නිශ්පාන නතර කර රතුපස්වලින් ගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.
ඒ අනුව එම කර්මාන්ත ශාලාවේ ඇති යන්ත්‍රාගාර පහෙන් පළමු යන්ත්‍රාගාරය ඉවත් කිරීම ලබන 15 වැනිදා ආම්භ වේ.
කර්මාන්ත ශාලාවේ රුපියල් පන්කෝටි විසි ලක්ෂයක වියදමින් ජල ගැටළුවට මුහුණ දුන් සමෘද්ධිලාබීන් ඇතුළු පවුල් 3000කට පානීය ජලය ලබාදීමට ද එකඟතාවකට පැමිණ ඇත.
ගිවිසුමට අනුව තව මාස හයකින් කර්මාන්ත ශාලාව ඉවත් කරන තුරු එහි නිෂ්පාද පවත්වාගෙන යා හැකි අතර එමගින් පාරිසරික හානියක් වේදැයි බැලීමට තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දස දෙනකුගෙන් සමන්තිව කමිටුවකට ඕනෑම අවස්ථාවක කර්මාන්ත ශාලාවට යෑමේ අවස්ථාව හිමිවේ.
වැලිවේරිය රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් ඉකුත් ජූලි 27 වැනිදා සිට විටින් විට උද්ඝෝෂණ හා සාකච්ඡා වට පැවැත්විණි.
අගෝස්තු පළමුවැනි දා වැලිවේරියේ දී උද්ඝෝෂකයන් හා යුද හමුදාව අතර ගැටුමේදී වෙඩි වැදී පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මියගොස් තිස් ගණනක් තුවාල ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු නම් මේකෙන්වත් ගොඩ යන්න බැලුවා. ඒකත් හරි ගියේ නැහැ වගේ. (නි)
ඕන එකටයි එපා දෙයටයි හැම එකට ම හොම්බ දාන බන්දුල ලට නැද්ද මේවා ට විසඳුම්? උද්ඝෝෂණය කරන එක වැරදියි කියන්න නම් මිනිහ නිතරම සැදී පැහැදී ඉන්නේ ගතමනාවක් ලැබෙන හින්ද වෙන්න ඇති. (අ)
බලමුකෝ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා (නි)
කීර්ති,ඔබගේ අදහස හරි. මා සිටින පළාතේ ඒ ළග කර්මාන්ත ශාලාවක් කිට්ටුවකවත් නැහැ. එත් අල්ලපු ඉඩමේ අයගේ ළිඳේ වතුර බොන්න පුළුවන් කමක් නැහැ.ඒ අය පානීය ජලය රැගෙන යන්නේ අපේ වත්තේ ළිඳෙන්.ඒ කොහොම වුණත් ඔය ප්‍රශ්නයෙන් වාසි ලබාගන්න බැරිවුණු සමහර දේශපාලකයන්ට හිත් පීඩාවක් ඇතිවීම වැළැක්විය නොහැකියි. (නි)
අර මැරුණු මිනිසුන්ට,වෙඩි කාපු අයට, ගුටි කාපු අයට, තුවාලකාරයින්ට කවුද වන්දි ගෙවන්නේ? (නි)
මහත්වරුනි, හිතට එන හැමදේම කෝමෙන්ට් කරන්න එපා. ටිකක් හොයල බලන්න. මමත් රතුපස්වල තමයි. රතුපස්වල ගැමියො කිවුවට බහුතරය උගත් මිනිස්සු. මෙතන අත්තටම ප්‍රශ්නයක් තියනව. රතුපස්වලට ටෑප් ලයින් එක දෙන්න ගත්තෙ කලෙකට ඉස්සර. ඒත් මිනිස්සු ටප් ලයින් ගත්තෙ නෑ ලින් වතුර හොද හින්ද. පස්සෙ ජල ව්‍යාපෘතිය නැවතුනා. මේ මිනිස්සු හොද ලින් වතුර බීපු අය. එකයි මිනිස්සු කෑගහන්නෙ. (අ)
හසිත, ඔබ කිවු දේ හරියටම හරි. (නි)
ඔන්න නියම උත්තර. මුලින් වතුරට සල්ලි බැඳලා, ඊට පස්සේ වැඩ අරභ කරන්න මල් හතයි (දිල්)
මරුණ කට්ටියට පොලීසියෙන් කෝටි 3ක් වත් දෙන්ඩ කියලා ඉල්ලමු නේද. (දිල්)
උදයංග, ප්‍රශ්නය විසඳුනා? නැහැ. ඔන්න ආයෙත් උද්ඝෝෂණ පටන් අරන්. මේක විසඳෙන්න ඉඩනොදෙන පිරිසක් ඔතන ඉන්න බව නේද එකෙන් පෙන්නේ? ඒ කියන්නේ හාමුදුරුවන්ගේ වචනේවත් අහන්නේ නැති තමන්ගේම (මෙතෙක් හෙලිනොවුන) න්‍යාය පත්‍රයකට අනුව වැඩකරන් පිරිසක්? (අ)
තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තිබෙන කෙනා මිසක් බලාගෙන ඉන්න අය නොවෙයිනේ,හසිත. (නි)
ඇති යන්තම් ප්‍රශ්නය විසදාගත්තා (නි)
මේ සමාගම නිසා ජල දුෂණය වුණා කියලා කොහේදිවත් ඔප්පු කරන්න පුලුවන් වුණේ නැහැ. දෙතුන් දෙනෙක් මැරුණා. වටපිටාවෙ මිනිස්සුන්ට රැකියා , ආදායම් මාර්ග ඇහිරුණා. වීරයො බිහි වුණා. හැබැයි රතුපස්වල වතුර එදා වගේම අදත් වෙනස් වෙලා නැහැ. දැන් සමාගමේ දීමනා වලට සටන් නායකයො එකග වෙලා. කිවුවෙ නම් නැවත එක දවසක්වත් වැඩ කරන්න දෙන්නෙ නැහැ කියලා (නි)