රතුපස්වල වැනිග්‍රෝස් ආයතනය ලබන 30වැනදා තෙක් වසා තබන බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද අධිකරණයට දැන්වූහ.
ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ද මැල් මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ ආයතනයේ නීතීඥවරු පැවසුවේ නිෂ්පාදන නවතා දැමීමෙන් තමනට විශාල පාඩුවක් සිදුව ඇති බවයි. නැවත නිෂ්පාදන ඇරැඹීමට නම් යන්ත්‍ර අලුත්වැඩියාවට සති කිහිපයක් ගත වන බව ද ඔවුහු පැවසූහ. එම නිසා නිෂ්පාදන ඇරැඹීමට අවසර දෙන ලෙස නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම අවස්ථාවේ ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ නිෂ්පාදන නවතා දැමීමට එකඟ වී දැන් අධිකරණයට පැමිණ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමෙන් පළක් නැති බවයි. නිෂ්පාදන ඇරැඹීමට අධිකරණයේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවද සේනාරත්න මහතා පැවසීය.
පෙර නඩු වාරයේ අධිකරණය දුන් නියෝග අනුව මධ්‍යම පරිසර අධිකාරිය සහ රජයේ රස පරීක්ෂක සිය පරීක්ෂණ වාර්තා ඉදිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මධ්‍යම පරිසර අධිකරිය අවසන් නිගමයක් සඳහන් කර නොතිබිණි.
රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව කර්මාන්ත ශාලාව අවට ජලයේ පීඑච් අගය 4-5.5 දක්වූ වන වන බවත්, කර්මාන්ත ශාලාවේ ජලයේ පී.එච් අගය 6.52ක් වන බවත්, අවට ජලය නියමිත ප්‍රමිතියෙන් තොර වුවත් කර්මාන්ත ශාලාවේ ජලය නිසි ප්‍රමිතියට ඇති බවත්, කර්මාන්ත ශාලායේ ජලයේ ඇමෝනියා නයිට්‍රේට් ඇති බවත්, කර්මාන්ත ශාලාව නිසා අවට ළිං ජලයේ පී.එච් අගය අඩුවී ඇතැයි නිගමනය කළ නොහැකි බවත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙතියි මහේස්ත්‍රාත් වරයා පැවසීය.
ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ අගතියට පත් පාර්ශ්වය ඉදිරියේ ජල සාම්පල ලබා නොගත් බවයි. එම නිසා මේ වාර්තාව පිළිගත නොහැකි බව ද සේනාරත්න මහතා පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් එවා තිබූ වාර්තාවේ අවසන් නිගමනයක් සඳහන් කර නැති නිසා අවසන් නිගමන දක්වා වාර්තාව ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අධිකරණයට දන්වා තිබුණේ තම නිගමන ගම්පහ දිසාපතිට ලබා දුන් බවයි. එම නිගමන නිසා තවත් ගැටළුවක් මතුවන නිසා එලෙස ඉදිරිපත් කරන බව ද එම මණ්ඩලය දන්වා තිබිණි.
ගම්පහ දිසාපතිට ඊළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස වෙනිග්‍රෝස් ආයතනයේ නීතීඥවරුන් ඉල්ලුවත් අධිකරණය එවැනි නියෝගයක් දුන්නේ නැත.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ පොලිසිය, කර්මාන්ත ශාලාව හා අගතියට පත් පාර්ශ්වය එක්ව ගැටළුවට විසඳුම් සෙවිය යුතු බවයි.
‘ මෙම කර්මාන්තශාලාව බැහැර කරන අප ජලය නිසා සිදුවෙනවා යැයි කියන ප්‍රදේශයේ ජල දූෂණය සම්බන්ධයෙන් වාර්ථාවක් කැඳවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණඩලය, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය, රජයේ රස පරීක්ෂක කාර්යාලයය සහ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයය යන ආයතන වලට නොතීසි නිකුත් කළා.
ඒ අනුව රජයේ රස පරීක්ෂක වාර්ථාව මෙම අධිකරණයට ලැබී තිබෙනවා.
නොතීසි ප්‍රකාරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තාක්ෂණික ඇගයීම් සිදු කරන බව දන්වා ඇත.
ඔහුගේ තාක්ෂණික වාර්ථාවට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඉදිරි දිනට එය ඉදිරිපත් කරන බව දන්වා ඇත.
තවදුරටත් ජාතික ජලසම්පත් හා ජල ප්‍රවාහන මන්ඩලයට අංග සම්පුර්ණ වාර්ථාවක් ඉදිරිපත් කිරීමටත් ගම්පහ දිසාපතිවරයාට නඩුවට අදාල වාර්ථා ලබා ගැනීමටත් අවකාශ ලබා දේමි.‘
ලබන 30 වැනිදාට පෙර නිගමන සහිත අවසන් පරීක්ෂණ වාර්තා නිකුත් කරන ලෙස අදාළ ආයතනවලට දැන්වූ මහේස්ත්‍රාත්වරයා ලබන 30 වැනිදාට නඩුව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
30 වෙනිදයින් පසුව කර්මාන්ත ශාලාව අරිනවා...ඊට පස්සේ ජනතාවට අරිනවා .. (ස)
බන්දුල පෙරේරාට මේ වතුර මසතුනක් පොවා නිගමනයකට පැමිණීම මන් හිතනවා කලෝචිති කියලා.. (නදී)
ශීලා ,ඔයතරම් ඔය කතාවලට වෙහෙසන්න එපා. බන්දුල කියන්නේ අර එක ටීවී චැනලයක ප්‍රවෘත්ති වලට පස්සේ කියවන විච්චුර්ණය ලියන ලියන්නා වගේ කෙනෙක්. (නි)
මිනිස්සුත් මැරිලා, අන්තිමට ආයතනයට දිනුම ලැබිලා ප්‍රශ්නේ අවසන් වේවිද? ගම්වාසීන්ටත් පුරුදු විදිහට වහත් එක්ක වතුර බොන්න වුණොත්? (නි)
කගේ කාගේත් නිගමන නිසා අන්තිමට කම්හල් අයිති කරුවන් සහ පාලකයන් නිදහස් වේවිද .පහත තැනින් යයි ගලා ජලේ කිව්වා සේ ජිවිත පුජා කල අහිංසකයන් වැරදි කරුවන්ද?. නමුත් මා දන්නා විදිහට ලබා ඇති අත්දැකීම් අනුව කර්මාන්ත ශාලා ඇති හැම තැනක ම ජලය අපවිත්‍ර වෙලා . අප කුඩා කල ඉතාමත් පිරිසිදු ජලය තිබු ඇල මාර්ගවල අද ජලය කළු පට හෝ බොර පැහැයට හැරිලා .එදා සිටි මාලුන් අද නැහැ. (නදී)
මම ඕක කලින්ම හිතුවා මෙහෙම වෙයි කියලා.ඔය ජනතාව එයාලගේ ළිං වලට අම්ල එකතු කරගන්න ඇති මගේ හිතේ.කම්හලේ පී එච් අගය හරිලු. අනේ මම මේවා කොහේ ගිහින් කියන්නද. (ස)
ඔය නඩු නම් ඔහොමම තමා. කල් ගිහින් කල් ගිහින් යන්නම යනවා (නි)
සම්පුර්ණ විද්‍යාත්මක පර්යේසන නොකර පිස්සෝ ටිකක් කට මෑත දොඩවනවා.(නදී)
බටහිර රටකින් ලෝකේ ඉන්න හොදම කට්ටිය ගෙනල්ල හොදම පර්යේෂණාගාර වලින් පරීක්ෂණ කලත් අවසන් ප්‍රතිපලය ඕක තමයි..පී එච් අගය ඔයිටත් වඩා අඩු ප්‍රදේශ ලංකාවේ ඕන තරම් තියෙනවා.එ ප්‍රදේශ වල මිනිස්සු එහෙම අගයක් තියෙනවද කියලත් දන්නේ නැහැ. තමන්ගේ වැඩ කටයුතු කර ගන්නවා. .එක එක ප්‍රදේශවල පසේ වෙනස් කම් සිදුවීම ස්වාබාවිකයි. ..මේ තියෙන්නේ රතුපස්වල පසේ ප්‍රස්නයක්..අර අස් කරපු රතු මල්ලිලා ටික කොම්පැනියෙන් එලියට දැම්මේ නැත්නම් අදටත් රතුපස්වල වතුර ප්‍රස්නයක්වත් කාටවත් මේ කර්මාන්ත ශාලාව පිලිබද ප්‍රශ්ණයක්වත් නැහැ. ඔය උද්ගොෂනවත් ඔය මරණවත් සිද්ද වෙන්නේ නැහැ..(නදී)
හැමදාම බීපු වතුරවල වෙනසක් අදුනගන්න අපිට බැරිද? ඔය බැලුවේ ඇතුලේ ලොකු අය බොන වතුරවල පී.එච්.අගයද?එයාලා මේවා බොන්න විදිහක් නැහැ. (නි)
කම්හල අවට ඉඩම් වල ඇති ළිං ජලයේ පී එච් අගය කම්හලෙන් ඈතට යන විට අඩු වෙනවා නම් සහ පී එච් අගය වැඩි වීම අනුව සකස් කරන ලද සිතියමක කේන්ද්‍රය ලෙස කම්හල ඇති භූමිය දක්වෙනවානම් කම්හලෙන් ලබා ගත සාම්පලයේ පී එච් අගය සාමාන්‍ය ලෙස පෙන්නුම් කලත් වැරැද්ද කම්හල නිසා සිදුවන බව තහවුරු වීමක් නේද? ලංකාවේ පිළිගත් විද්‍යා ආයතනයකට හෝ පුද්ගලයෙකුට හැකියාවක් නැතිද මේ කරුණ අධිකරණයේ ඉදිරිපත් කර පෙන්වන්න. (නදී)
මොනවා කියන්නද කාට කියන්නද? අර දැක්ක නේද ඊයේ පාර්ලිමේන්තුවේ මේ කතාව කතා කරනකොට විපක්ෂයට ඒ ගැන කතා කරන්නවත් නොදුන්න හැටි. දැන් වැඩක් නෑ මේ රට දාලා ඔක්කොම බුද්දිමතුන් රට ගිහිල්ලා. අපිට දැන් මෝඩයෝ රැලක් පමණි ලංකාවේ ඉතුරුවෙලා තියන්නේ.(නදී)
මේ නිලක්ෂි වැස්සකටවත් ඉස්කොලේ ගිහින් නැහැ වගේ. (නි)
බන්දුල පෙරේරා, ඔබතුමාගේ මහා පරිනත බුද්දිය හා දැනුම අනුව මට පැහැදිලි කරලා දෙනවද කර්මාන්ත ශාලාව තියන ඉඩමේ විතරක් පී.එච් අගය හොද වෙලා අල්ලපු ඉඩම් වල පි.එච් අගය අඩුවෙන්නේ කොහොමද කියලා.(නදී) මටහිතෙන විදියට කර්මාන්ත ශාලාව තියන ඉඩමත් අර ජනප්‍රවාද වල හැටියල රූමස්සල හනුම හිමලෙන් කඩාගෙන ඇවිල්ල දැම්ම කියනවවගේ අපේ කව්රුහරි ඔය පැත්තේ ඉන්න දුටුගැමුණු කෙනෙක්ගේ දසමහ යොදයෙක්වත් හම්බන්තොට පැත්තෙන් ගලවාගෙන අවද දන්නේ නෑ....
මේ ජේ.වී.පී කාරයොත් එක්ක කිසිදෙයක් කරන්න බැහැ. ඒ අයට ඕනේ මිනිසුන්ගේ ලේ හලන්න.(නදී)
ඔය චරිත, බන්දුල කියන්නේ වැඩපලේ වැඩ කරන මහත්තුරු දෙන්නෙක්ද කොහෙද? (නි)
මුණසිංහ ඔබ හරි. නයිට්ට්‍රේට් පරිසරයට එලෙස මුදා හරින්න බැහැ. ඇමෝනියම් වුනත් එහෙමයි. අවම එන් බී ඕ ඩී අගයක් පවත්වාගත යුතු වෙනවා. අනික මම ඉගෙන ගෙන තිබේ රසායන විද්‍යාවට අනුව නම් ඇමෝනියම් අයන පාංශු බැක්ටීරියා මඟින් ඔක්සිකරණය වීමේදී පසේ පී එච් අඩුවනවා. එනිසයි මෝනියම් අඩංගු පොහොර පවා දීර්ඝ කාලයක් යෙදීමේදී පස ආම්ලික වෙලා එයට ඩොලමයිට් වැනි දේ යොදන්න වෙන්නේ. එත් දැන් ලංකාවේ සිදුවෙන්නේ ඊනියා විශේෂඥයන්ට ඕනේ රසායන විද්‍යාවක් නිසා එහෙම වෙන්නේ නැතුව ඇති. හෙට සමහර විට ලංකාවේදී නිව්ටන් නියම, ෆැරඩේ නියම වුනත් අලුත් විදියකට වැඩ කරන්න පුළුවනි මහත්මයා. (ස)
ඔය පී.එච්.අගය මනින එක මහා අමාරු පරීක්ෂණයක් නොවෙයි. සිගරට් පෙට්ටියකට ටිකක් ලොකු උපකරණයක් තියෙනවා. ඒකට වයර් එකකින් සම්බන්ධ පැන්සලක් වගේ එකක් තියෙනවා. මේ කූර ඕනෑම ජලීය ද්‍රවනයක එබුවාම ඒ මොහොතේම පී.එච්. අගය බලාගන්න ඩිජිටල් අංක පුවරුවෙන් පුළුවන්. (නි)
ජේ .වී .පි කාරයෝ මිනිස්සුන්ගේ ලේ හලනවා. (මරණ බවක් නම් කියල නැහැ) කර්මාන්ත සාලා කාරයෝ ලේ නොසලා ටික Iටික මිනිස්සු මරනවා ,ඔයා වැඩිය කැමති කොයි එකටද දර්සන ? (නදී)
ප්‍රසන්න මහත්තයෝ බන්දුල පෙරේරා වගේ මන්ද බුද්දිකයෝ තව ඉන්නවා. එයා හිතන්නේ අනික් අය මොකුත් නොදන්නා බුරුවෝයි කියලා. කර්මාන්ත ශාලාවේ ඇසිඩ් නැහැ. ඒ වුනාට අවට තියෙන හරියේ ඇසිඩ්. පුදුම කතාවක්.අපට අවශ්‍ය මේ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රාදේශීය සබාවේ ඉඩමේ තත්වය කොහොමද කියල. බන්දුල කියන පුද්ගලයට තේරෙනවද මේ ඇසිඩ් ප්‍රශ්නය ආවේ ලගදි කියලා. කබුක් ගල් තියෙන කොට ආම්ලීතාවය උදාසීන කිරීම අමාරුයි. බන්දුල 'විද්වතා' කියන විදියට අවුරුදු දාස්ගානක් ඔය වතුරේ ඇසිඩ් තියෙන්න ඇති.(නදී)
මේක නම් අපබ්‍රන්ස පරීක්ෂණ වාර්තාවක්. කොහොමටත් ඕක තේරිලා තියෙන්නේ 'චක්‍රවර්ති' බන්දුල පෙරේරා 'මහාචාර්යතුමාට' විතරයි. වතුරේ වස තිබ්බත් කර්මාන්ත සාලාව අරිනවා. මීට අවුරුදු ගානක් හිටිය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඇසිඩ් කියන එක. ඒකනේ මහාච්ර්යතුමා කියන්නේ අපි මෝඩයෝ කියලා.(නදී)
වතුරේ පී.එච්. බලන්න විනාඩි 10 වත් යන්නේ නැහැ. (නි)
30 වෙනිදට නෙමෙයි සදහටම වහලා දැම්මා නම් මහජනතාවට හොදයි.(නදී)
බන්දුල පෙරේරා තාම ඉන්නවා වගෙයි (නි)
ටෙනිසන්, හංගාගෙන හිටිය දේවල් එළියට පැන්නා නේද දර්ශන? (නි)
බන්දුල ලොක්කට මෙතන ඕනෑ වෙලා තියෙන්නේ රතු මල්ලිලාට පහරදෙන්න මිසක් මිනිහා දන්නා රතු පසක් නැහැ ශීලා අක්කේ (නි)
ඔය හිතේ අමාරුව විද ගන්න වෙනවා අමාරුවෙන් හරි. (නි)
දැන් බලනකොට කර්මාන්ත ශාලාව නිසා ජලය පිරිසිදු වෙලා නේ..අනේ මෙහෙමත් ලෝකයක්..! (නි)
මේකත් ඡන්දෙ දුන් ජනතාව අධිකරණය ඉදිරියේ පරාද වෙන සත්‍යයෙන් තොර නඩුවක්.(නදී)
බන්දුල, ඔබ හරි. ලොව හොදම පරීක්ෂණ කණ්ඩායම අතින් පරික්ෂණයට ලක්වුවත් අපේ උදවිය දේසපාලන කන්නාඩිය දමා සැකයෙන් බලනවා නිසැකය (නි)
කොහෙන් ගියත් කොම්පැනිකාරයා නිදහස් වගේ... (ස)
ඇමෝනියම් අයන පාංශු බැක්ටීරියා මඟින් ඔක්සිකරණය වීමේදී පසේ පී එච් අඩුවන බව මම නම් අහලා තියෙන්නේ. (ස)
මේක බොරුවක් නොවෙයිනේ. කර්මාන්ත ශාලාව ඇතුලේ පාවිච්චි කරපු වතුර පිරිසිදු කරලා අපිරිසිදු ජලය පිට කරපු එක නේ වුනා කියන්නේ. එතකොට මේක කියන්නත් දෙයක්ද? (නි)
කර්මාන්තශාලා ජලයේ ඇමෝනියම් නයිට්‍රටේ තිබෙනවා නම් ජලයේ පී එච් අගය අඩු විය යුතුයි. එය 6.52 ට වඩා අඩු විය යුතුයි. තවද ඇමෝනියම් නයිට්‍රට් නිසා පරිසර දූෂණයක් සිදුවෙනවා. ඇමෝනියම් නයිට්‍රට් ඇති ජලය පරිසරයට නිදහස් කරන්න අවසර දුන්නේ කවුද? (නි)
චාමික..දැන් අලුත්ම සොයා ගැනීම මේක. (ස)