ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් අත්වැසුම් නිෂ්පදන කම්හල සම්බන්ධයෙන් නිසි අධිකරණය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ගැටළුව විසඳාගන්නා ලෙසත් කලින් සිදුවූ කනගාටුදායක තත්ත්වය යළි ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත්, සියලු දෙනාම කල්පනාකාරීව කටයුතු කරන ලෙසත්, ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන් ද මැල් මහතා අද ප්‍රකාශ කෙළේය. මහේස්ත්‍රාත්වරයා එසේ පැවැසූයේ එම කම්හලට එරෙහිව ගැමියන් වෙනුවෙන් ඉදිරිපත් කැරුණු පැමිණිලි පොලිසියෙන්ඉදිරිපත් කළ අවස්ථාවේය. පොලිසිය උසාවියට දැන්වූයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාව අනුව කම්හල ගැන පරීක්ෂණ වර්තා පාර්ශව හතකින් ලබා ගන්නා ලෙස නියම කළත් ඉදිරිපත් වූයේ ආයතන කිහිපයක් බවයි. එහෙයින් තවදුරටත් පරීක්ෂණ කළ යුතු හෙයින් තවත් දින කිහිපයක් කම්හල වසා තබන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. දැනටම හරසියයක් පමණ දෙනා රතු පස්වල ක්‍රීඩාංගනයට රැස්ව සිටින බව පොලිසිය සඳහන් කළේය. කම්හල වෙනුවෙන් පෙනී සිටි ජීවන්ත ජයතිලක මහතා පැවැසූයේ කම්හල නිසා ජලය අපවිත්‍ර වන කතාව වැරදි බවයි. එවැන්නක් සිදු වී නැති බවත් ඔහු කීවේය.
කම්හල වසා දමන ලෙස කිසිවකු නොදැන්වූ බව කී ඔහු දැනට කම්හල වසා ඇති බවත් එයින් සෑහෙන පාඩුවක් වී ඇති බවත් දින තුනකින් කම්හල විවෘත කිරීමට ක්‍රියාකරන බවත් නීතිඥවරයා දැන්වීය.
ගැමියන් වෙනුවෙන් පෙනී සිටි පාලිත සේනාරත්න මහතා කරුණ දක්වමින් ප්‍රශ්නය බේරුමක් වන තුරු කම්හල විවෘත නොකරන්නැයි කීවේය. වැඩිදුර විභාය සැප්තැම්බර් 26 වැනි දාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
280
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1083
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතුපස්වල කම්හල දින තුනකින් ඇරේ
දසුනි Friday, 30 August 2013 05:14 PM
අන්තිමට වෙන්නේ ඕක තමයි.මේක සිරි ලංකාවනේ. (නි)
සදුනි Friday, 30 August 2013 11:56 PM
මේක උසාවියෙන් විසදෙනවානම් හොදයි. ජනතාව, දේශපාලකයන් පණ්ඩිත වෙන්නේ නැතිව, උසාවියට සහයෝගය දෙන්න ඕන. (අ)
සමීර Friday, 30 August 2013 05:33 PM
මේවට අදහස් නැහැ අපිට. දැන්නම් මට මේ රට ඇතිවෙලා තියෙන්නේ (නි)
බන්දුල පෙරේරා Saturday, 31 August 2013 12:51 PM
රට ඉවර වෙනවනම් වැඩියෙන්ම සතුටු වෙන කෙනා තමයි තිලක් ඩුබය්..ඊලගට පුංචි ටිකිරි.(අ)
කුමාර Monday, 02 September 2013 08:56 PM
බන්දුල පෙරේරා නිසා පත්තර පිටුවත් ගඳ ගහනවා (නි)
අජිත් කරුණාරත්න Friday, 30 August 2013 06:21 PM
මෙම කම්හල් වලින් ඉවත දමන ඔයකියන විස ද්‍රව්‍ය සහිත අත් වැසුම් රටපුරා ටොන් ගණනින් විකුනනවා. ඒවා ගම්මානවල තිබෙන තෝරන මඩුවලට ගෙනත් ගන්න පුළුවන්. ඒවා එම විස ද්‍රව්‍ය සමග නැවත විකුණනවා. ඒක රටපුරා බෙදී යනවා. ඉතිරිවන රබර් ගොඩවල් ගමේ ජල මාර්ග වලට, පාලු පිට්ටනි වලට , ගිහින් දානවා. මුළු පරිසරයම වනසනවා. මේ ගැනත් හිතන්න. ජනතාවට නැති ලෙඩ හැදෙන්නේ මේවායින්. ඉදිරියේදී රජයට මේක තවත් බරක් වේවි. (නි)
මිගිද Saturday, 31 August 2013 01:15 PM
නිතර නිතර නීරස බොල් අදහස් ලියන පුද්ගලයෙක් ඉන්නවා. ඔහුව මානසික රෝගයෙන් පෙලෙන බව නම් සහතිකෛ. හිස්කුඩුච්චියක් දාගත්තොත් නරකද.?(අ)
සීල Saturday, 31 August 2013 01:50 AM
පොඩ්ඩක් කල්පනා කරන්න රජරට වකුගඩු රෝගියෝ ගැන. කලින් කිව්වේ ආසනික් කැඩ්මියම් සම්බන්ධයක් නැහැ කියලා. දැන් කියන්නේ කැඩ්මියම් හා ආසනික් තියෙනවාය කියලා. ඒ වුනත් ඒවාට තහනමක් නැහැ.ඒ කට විරුද්ධව දේශප්‍රේමියෝ පෙළපාලි ගියේ නැහැ. ඒකත් මේ රතු පස්වල ඇසිඩ් වාගේ. පැක්ටරි තියෙන්න ඕනෑ නියම කාර්මික පුරයක. අන්තිමේදී අපි බොන්නේ වහ වතුර,බොන්නේ වහ කිරි, කන්නෙත් වහ ,ඊළගට හුස්ම ගන්නෙත් විස වෙච්ච වාතය. මුළු මිනිස් පරම්පරාවම විනාශ වෙනවා. (නි)
පින්තු Friday, 30 August 2013 06:52 PM
හරියට අදාල ප්‍රශ්නය මොකක්ද කියලා හදුනාගෙන ඒකට විසදුම් හොයන්නෙ නැති එක හැමදාම වගේ අපේ අයට වෙන දෙයක්. මේකෙත් වෙලා තියෙන්නෙ ඒක.. වතුර බොන්න බැරි තත්වයට හේතුව ෆැක්ටරිය කියලා ඔප්පු කරගන්නේ නැතුව ඒක වහගෙන වැඩක් නැහැ.අනික ඔය අවට තව ෆැක්ටරි කීයක් තියෙනවද? ඒවාලින් මෙහෙම වෙන්න බැරිද? අනික ඔය ජනතාව දැන් එකතු වෙලා ඉන්නෙ හරියට ෆැක්ටරිය මිනිස්සු මරා ගත්තා කියන ආවේගයත් එක්ක.. ප්‍රශ්න විසදන්න ඕනෑ බුද්ධියෙන් මිසක් අපි හුග දෙනෙක් කරනවා වගේ අවේගයෙන් නෙමෙයි.එහෙම ආවේගශීලී වුනහම ඇත්ත පේන්න නැහැ.ඕක වහගෙන හිටියා කියලා පයිප්ප දානකම් හොඳ වතුර හම්බ වෙන්නෙත් නැහැ. ඕකේ වැඩ කරපු මිනිස්සුන්ට එදා වේල හොයා ගන්නත් නැහැ.අන්තිමට වතුරත් නැහැ, කන්නත් නැහැ. (නි)
රොහන Saturday, 31 August 2013 02:27 PM
ජීවන්ත ජයතිලකේ මහතනනී මොන දෙයක් කරන්න ප්‍රථම දානය ගැන පමණක් හිතන්න එපා එයට වැඩ වටින මිනිස් ජීවිත ගැනත් හිතන්න තමන්ගේ කම්හල නිසියාකාර ප්‍රමිතියක් අනුව සකසන්න. එම නිෂ්පාදනාගාරය නිසා එම අවට පරිසරයට හානියක් වෙනවනම් මොන දානයක් ලැබුනත් එය එම පළාතේ පිහිටුවන්න එපා (අ)
චමිලා Friday, 30 August 2013 08:27 PM
කම්හලින් එන වතුර පිරිසිදු බවට වාර්තා ලැබිලා තියෙනවා නම් , කම්හල අරින එකේ වරදක් නැහැ නේද (නි)
තිලක් ඩුබායි Saturday, 31 August 2013 09:55 AM
රටම ඉවරයි කියන්න තියෙන්නේ එච්චරි. (අ)
මුනියන්ඩි Friday, 30 August 2013 03:23 PM
කම්මල ඇරියට ඇසිඩ් වතුර එවන්න එපා (නි)
අමිල කටුනායක Friday, 30 August 2013 03:44 PM
කම්හල ආරම්භ කරන්න කලින් පරිසරයට වෙන අවදානම ගැන සොයා බැලුවා නේද? (නි)
සෙනාර් Saturday, 31 August 2013 11:22 AM
මේ කම්හල ඔතනින් වෙන දිහාවකට අරන් යන්න බැරිද? කොච්චර ඉඩම් තියනවද කැළෑවට ගිහිල්ලා? (නි)