IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රතුපස්වල කැඳවුම්කරුට මරණ තර්ජන

දුරකතන ඇමතුමක් දී මරණ තර්ජනය කළැයි කියමින් සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා මල්වතු හිරිපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

පසුගිය ඉරිදා ගම්පහ පොලිස් අධිකාරී විසින් තහනම් කරනු ලැබූවේ හෙට්ටිආරච්චි මහතා සංවිධානය කළ රථ පෙළපාළියයි. ඒ ගැන ඔහු මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළේය.



අදහස් (0)

රතුපස්වල කැඳවුම්කරුට මරණ තර්ජන

රාහුල Thursday, 17 October 2013 05:40 PM

සමගිය බලය වේ. ඔය ආයතනය ඔතනින් යන්නෙත් නැහැ, මිනිස්සුන්ට පිරිසිදු වතුර ලැබෙන්නෙත් නැහැ. හාමුදුරුවෝ අර මැරුණු තරුණයින් ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

කුමාරි Thursday, 17 October 2013 05:40 PM

රතුපස්වල ප්‍රශ්නය තියනකන් සමහරුන්ට නම් බොහොම හොදයි. (නි)

:       0       0

බුද්ධි Thursday, 17 October 2013 05:41 PM

මෙතන වතුර ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. නැත්නම් මොන එහෙකටද ආයතනය වහනවා කිව්වමත් තවත් ප්‍රශ්නේ අදින්නේ. අවුරුදු 18 ක් හිටියා නම් මාස 6 ක් ඉන්න බැරි මොකද? හොදටම තේරෙනවා මෙතන වැඩකරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට කියලා. (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 17 October 2013 06:27 PM

බුද්ධිමත් වෙලා වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

ඇසළ Thursday, 17 October 2013 06:30 PM

මොන පක්ෂයේ වුණත් දේශපාලඥයෝ ගෑවුණොත් පොදු ප්‍රශ්න මළ මිනි උඩින් තමයි අවසානයක් දකින්න පුළුවන්. (නි)

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 06:47 PM

ඕක හොඳ ආරම්භයක්. (නි)

:       0       0

වැනිලා Thursday, 17 October 2013 07:00 PM

අරගොල්ලෝ සම්බන්ධ වුණොත් ඕනෑම දෙයකට එතන ලෙඩක්. (නි)

:       0       0

නන්දා Thursday, 17 October 2013 07:43 PM

හරි වැඩේ මරන්නම තව කට්ටිය..(නදී)

:       0       0

සමන්ත Thursday, 17 October 2013 07:54 PM

මෙතන කාටවත් ඕනෑ වතුරක් නැහැ, ඔවුන් ගැන අනුකම්පා කරන්න ඕනෑ. (නි)

:       0       0

නන්දන Thursday, 17 October 2013 08:04 PM

එකමුතුවෙලා ඉන්න (නි)

:       0       0

පාලිත Thursday, 17 October 2013 08:05 PM

මේ කථා අහලා බලලා ඇති වෙලා ඉන්නෙ දැන්. ඇත්තටම ඔය රතුපස්වල කට්ටිය දැන් බොන්නේ මොනවද? (නි)

:       0       0

රනා Thursday, 17 October 2013 01:33 PM

අපේ හාමුදුරුවන්ටත් සත්‍ය තේරුනා නම් .ඔබතුමාත් ඔය පෙරටු ගැමියෙක් වෙන්නේ නැතිව ගමේ කොල්ලන්ට රැකියාවක් කරගෙන රටක් වටිනා කම්හල නාග සිටුවන්න බලන්න. (ස)

:       0       0

විපුල Thursday, 17 October 2013 01:53 PM

මේ මිනිස්සු හරිම අනුවණ වැඩක් තමයි කර ගත්තේ... බොහොම සමගිව ඉදලා දැන් බෙදිලා ඒ ඒ අයම ගහ ගන්නවා. පොදු අරමුණ අමතක වෙලා.මීට වඩා බුද්දිමත් උනොත් හොඳයි නේද ?

:       0       0

කරු Thursday, 17 October 2013 10:04 PM

මීයක් කඩන්නේ අත ලෙවකන්න යැ (දී)

:       0       0

මර්වින් Thursday, 17 October 2013 02:12 PM

විපුලටත් කීයක් හරි දුන්නද?? (ස)

:       0       0

නුවන් Thursday, 17 October 2013 02:51 PM

මේ අය අර 71, 83 කට්ටිය වගේ (ස)

:       0       0

සුමේධ Thursday, 17 October 2013 03:28 PM

පොළොවේ වතුර මිනිසාට දැන් උරුම නැත. වස විස පොවා ජනයා දැන් අසරණව ඇත මේ අසරණයින්ට නොමිලේ ජලයවත් නැත යම්තම් වත් මොලයක් මේ පාලකයන්ට නැත. (ස)

:       0       0

රාමා Thursday, 17 October 2013 03:34 PM

නුවන්, මේ අර 88, 89 කට්ටිය ගොඩක් ඉන්නේ. (ස)

:       0       0

අනුර කුමාරය Thursday, 17 October 2013 03:59 PM

වතුර නැතත් කමක් නැතේ. තව බිල්ලක් අපිට ඕනේ. ශ්‍රමදාන කරන්නට පාරක්වත් අපිට නැතේ සේරම ක්‍රෝන්ක්රිට් කරලා. ගොඩයන්නට මගක් නැතේ එකම මගයි දැන් ඇත්තේ - තව බිල්ලක් අපිට ඕනේ.(නදී)

:       0       0

දයාරත්න Friday, 18 October 2013 02:59 AM

මෙය දිගින් දිගට ඇදගෙන යනවා මිස අහිංසක ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැත (නි)

:       0       0

ආනන්ද Thursday, 17 October 2013 04:10 PM

එක පිලක ඉන්නා අය කෑලි කෑලි වලට කැඩීම තමයි විරෝධතාවකින් ගැළවෙන්න තිබෙන හොඳම ක්‍රමය. මේක වගකිවයුත්තන් හොඳින්ම ක්‍රියාත්මක කරනවා. මේ යථාර්තය තේරුම් නොගන්න අය ගහ මරාගෙන තමන්ට තියෙන පොදු ප්‍රශ්නය අමතක කරලා හැමදාම දුක් විඳිනවා. ඒක තමයි මේ දැන් රතුපස්වලටත් වෙලා තියෙන්නෙ. කෙනෙක් අතින් වරදක් වුණා නම් ආවේගශීලී නොවී ඒ ගැන කියලා දීලා ඒ අයවත් එකතු කරගෙන මේ ශක්තිමත් පවුර ගොඩනගන්න ඥානය, මොළය, සම්මා දිට්ඨිය පහළ වේවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 17 October 2013 04:17 PM

රතුපස්වල ප්‍රශ්නයෙන් තමන්ගේ දේශපාලන මග හෙළිකරගන්න සමහර පුද්ගලයින් රතුපස්වල බොර දියේ මාළු බානවා. (නි)

:       0       0

කලන Thursday, 17 October 2013 04:22 PM

කට්ටිය මොනවා උනත් අපේ තිබුණු හොදම වතුර ටික දැන් අපවිත්‍ර වෙලා ඉවරයි, එච්චර හොඳ වතුර ආයෙමත් ලැබීම සිහිනයක් දැන්. රටේ ස්වාභාවික සම්පත් ඔක්කොම විනාස කරනවා, ඒවා ගැන බලන්න කව්රුවත් නැහැ. වනාන්තර ටික ඉවරයි, අලි ටික ඉවරයි, පිම්බුරෝයි, කිම්බුලෝයි ඇති කරන එක තමා දැන් කරන්නේ.(නදී)

:       0       0

කපිල Thursday, 17 October 2013 04:36 PM

රනා හා විපුල , අහසින් වැටුණ අය වගේ කතා කරන්න එපා. ඔයගොල්ලන්ගේ ගෙදර වතුර බොන්න බැරි වුණොත් ඔයාලටත් තේරෙයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 17 October 2013 04:56 PM

මොනවා වුණත් හාමුදුරුවන්ට වුණෙත් ඔය දේම තමයි.ඉදිරියේදී මෙතුමාගේ ගෙදරට හොරු පනින්නත් ඉඩ තියෙනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 17 October 2013 04:58 PM

විපුල ,බෙදිලා නෙමෙයි,බෙදලා වෙන් කළා.මුදල් වලින් සියල්ලම උඩු යටිකුරු කරලා ප්‍රශ්නෙට උත්තර හොයන්න හරිම දක්ෂ දේශප්‍රේමියෝ ටිකක් ඉන්නේ. (නි)

:       0       0

වාස් Thursday, 17 October 2013 05:11 PM

හෙට අනිද්දාට එයත් මේ කම්හල හොඳයි කියාගෙන එළියට එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කුමාර Thursday, 17 October 2013 05:13 PM

රාමා. නුවන්,කට තිබුණු පළියට මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 October 2013 05:22 PM

මොන ක්‍රමයකින් හරි හාමුදුරුවෝ හලා ගත්තා. දැන් මේ මිනිසුන්ට මරණ බය දීලා කෙළවරක් කරගන්න බලනවා. ඔන්න අපේ ප්‍රජතන්ත්‍රවාදේ ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site