රත්නපුර බස් නැවතුම්පොළ අසල දී වීදි කතකට පහර දුන් බව කියන පොලිස් සැරයන් සම්බන්ධ පරීක්ෂණය සහකාරී පොලිස් අධිකාරීවරයකුට පවරා ඇතැයි ද, දැනට 15 දෙනකුගේ කට උත්තර ලියාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
එම කාන්තාව මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් කර නැති බවත් ඔහු කියයි.
එම කාන්තාව හා තවත් වීදි කතක අසභ්‍ය වචනයෙන් බැන ගනිද්දී පොලිස් සැරයන් එක් කතකට වේවැලකින් පහර දී ඇති බව පෙනේයැයි ද ඔහු කීවේය.
කිසිවකුගේ බලපෑමක් නොමැතිව විනිවිද භාවයෙන් පරීක්ෂණ පවත්වන බව ද අජිත් රෝහණ මහතා කීවේය.
පොලිසියට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙස හෝ ප්‍රකාශයක් ගැනීම සඳහා ඇය සිටින තැනක් දන්වන ලෙස හෝ ඇගෙන් ආයාචනය කරන බව මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඔය ප්‍රශ්නය අවසන් කරමුකෝ (නි)
මේක නම් ඉක්මණින් කෙළවරක් වෙන්නෙ නැතිපාටයි (නි)
කතා කරන විලාශයෙන්ම හිතාගන්න පුළුවන් කොහොම කෙනෙක්ද කියලා.ලංකාවේ ටීවී නාලිකාවක නිවේදිකාවකටවත් බැහැ මේතරම් ඉක්මනින් කතා කරන්න. (නි)
මොන තරම් වැරදි වැඩක් කලත් ගැහැනියකට ප්‍රසිද්ධියේ මෙවැනි විදියට ගහපු එකට මෙම මනුස්සය හිරයට දැමිය යුතුය. මේක හොඳ පාඩමක් මුළු පොලිස් දෙපාර්තමේන්තුවට. (ස)
සමාජයේ වරදින් ඇය ගණිකාවක් වන්නට ඇති. ශරීරය විකුණා හෝ තම දරු දෙදෙනා රකින මවක් ඇය. ඇගේ කුමන වරදක් තිබුනත් මෙලෙස පහරදීම දැඩි පිළිකුල්සහගතයි. (නි)
අනේ අප්පේ, ගණිකා වෘත්තිය කියන නම ඇහෙන විටත් පිවිතුරු සිත් අපවිත්‍ර වෙන සියලු සාරධර්ම වලින් පිරිණු පිරිපුන් සමාජයක්! මේ දැන් තමයි මටත් අවබෝධ උනේ ඔය ගණිකාවෝ කියන අය බලෙන්ම පිරිමි හොයාගෙන ගිහින් ඔවුන්ගේ පොකට් එකට තට්ටුකරලා, පින්වත් උපාසකයින්ව බලහත්කාරයෙන්ම අපයෝජනයට ලක් කරනවා කියල. සමහරවිට අර කොල්ලුපිටියේ පැත්තේ තිබුන එකටත්, මරණ තර්ජනය කරලා දුරකථන ඇමතුම් දීල ගෙන්වා ගන්නවා ඇති මගේ හිතේ. හැබැයි ඒ වගේ තැන්වල ඉන්න සුපරි ගණිකාවන්ට පොලිසියේ මහත්තුරු නම් මේ විදිහට තලන එකක් නැහැ කවදාවත්. අනේ හැබැටම මෙහෙමත් ලෝකයක්? (ස)
මාධ්‍යයට මෙච්චර දෙයක් කරන්න පුලුවන් නම් පොලිසියට මේ කාන්තාව සොයාගන්න බැරි මොකද? (නි)
මම අදනේ දන්නේ පොලිසිය වේවැල් පාවිච්චි කරනවා කියලා. (නි)
පැමිණිල්ල දාන්න ආවහම ආයුධ පෙන්නන්න එක්ක යාවිද? (ස)
නිර්මලා මේකයි ප්‍රශ්නේ. ගණිකා වෘත්තිය හරියි කියන කොට එයාල හොයාගන යන අයත් නිකම්ම සාධාරණීකරණය වෙලානේ. ඉල්ලුමක් තියෙන නිසා තමයි සපයන්නේ සපයන නිසා තමා ඉල්ලන්නේ. ඕකයි ඇත්ත කතාව. සමහර අය පෙන්නන්න හදන්නේ දරුවෝ ජීවත් කරන්න ඒ අය ඒ දේ කරන්නේ ඒ හින්ද පවු . අපිත් පවු කියල යන්නේ කියල. (ස)
අනේ ඇත්තමයි එතකොට ඔය කාර්යාල වල රැකියාව කරන සමහර නෝනලා තුන්වෙනි සිල් පදය කඩන්නෙම නැතිව ඇති. ඒක කෙරෙන්නේ වීදි සරන අයගෙන් විතරයි වගේ. එතකොට සම්භාවනීය උසස් සමාජ තලයේ ඉන්න ඇතැම් නෝනලා. ඒ ගොල්ලන්ව නම්බුකාර අභිසරුලියන් ගේ තත්ත්වයට පත් වෙලා වෙන්න ඇති. ඒ මොකද ඒ උදවියගෙන් සමාජ සාර ධර්ම පිරිහෙන්නේ නැහැනේ. මොකද ඒ ගොල්ල "පොෂ්" කට්ටියනේ. (ස)
බලන කොට අපේ රටේ තරම් පිරිමි බ්‍රහ්ම චරියාව රකින රටක් කොහෙවත් නැහැනේ. අනේ අප්පේ මේ පුර කලණියන් නිසා නේද අපේ පිරිමි ටික නොමග ගිහින් තියෙන්නේ. ? බලන්නකෝ ඒකෙත් හැටි ! (ස)
නිර්මලා සුපිරි ගණිකාවන්ට පොලිසියේ මහත්තුරු කතා කරන්නෙත් මැඩම් කියල. එයාල හරියට මල් වගේනේ. මේ ගැහැණු ඉතින් කිලුටුවටනේ ඉන්නේ ලස්සන මදිනේ. එකයි ඒ. සුපිරි ගණිකාවොත් පොලිසියට කියන්නේ අහුවුනම පවුල නඩත්තු කරන්න තමයි මේක කරන්නේ. එත් ගෙදර අය මේවා දන්නේ නෑ කියලනේ. (ස)
මනෝරි කාර්යාල වල ඉන්න නෝනලා විතරක් නෙවේ රටේ ඉහලම පුටුවල ඉන්න නෝනලත් තිරේ ඉස්සරහ රගපාන නෝනලත් ඕක කරනවා. ඔය කිසි කෙනෙක් ඕක කරන්නේ දරුවන් නඩත්තු කරන්න නෙවේ. වනචර කමට. වීදිවල ඉන්න අයත් ඉන්නවා වනචරකමට ඕක කරලා අන්තිමට කියන්නේ දරුවෝ නඩත්තු කරන්න කියල. අනිත් අය කියන්නේ කෙනෙක් අතින් අතවරයට පත්වුණා කියල. ඒ හින්ද මේ තත්වෙට වැටුන කියල. (ස)
මම සාමාන්‍ය පෙළ කරන කාලයේ අපිට නිර්දේශිත පොතක් තමයි "මනුතාපය ". එය වික්ටෙර් හියුගෝ ගේ "ලේ මිසේරබ්ලේ" ඇසුරින් ඊරියගොල්ල ශුරින් විසින් ලියවන වටිනා ග්‍රන්ථයක්. කියවපු කට්ටිය ට මතක් වේවි එහි අසරණ අභිසරුලිය , පැන්තිනා ගේ චරිතය. එසේම එහි පොලිස්කාරය ජන්තුගේ චරිතය. මගෝඩියෙකු යයි සමාජයෙන් පිටමන් කෙරුන ජනවර්ජන ගේ මානුෂික ගුණවත් චරිතය. මට හිතෙන්නේ මේ චරිත සියල්ලම අද සමාජයේ අප අතර සිටිනවා. වෙනසක් වන්නේ කාලය විතරයි. (ස)
අනේ පව්, වේවැලකින් ගහන්න ඇත්තේ හොඳට හදාගන්නනේ. (නි)
මෙම කාන්තාවගේ ප්‍රකාශය සත්‍යය නම් ඇය පොලිසියේ යම් නිලධාරීන්ටත් විෂශයෙන්ම පහරදුන් සැරයන්වරයාටත් අමුත්තෙක් නොවන බව මට හැඟේ. (මගේ ඒ ප්‍රකාශය ඇයට නිගරුවක් කිරීමට නොවේ). මට විශ්වාස කරන්න අමාරුයි පොලිසියට මෙම කාන්තාව හොයාගන්න බැහැ කියන එක. (නි)
ප්‍රසිද්ධියේ ගුටිකාලා බේරිලා ගිහිල්ලා තවත් කරදර වෙන්න බැහැනේ. (නි)
මේ කාන්තාව ලෝකේ කාලා වතුර බීලා ඉන්න බව මට පෙනෙනවා. කියවන හැටි පේනවා නේද? බස් නැවතුමේ බැනගනිද්දී සාජන් ගුටිදීලා තියෙන්නේ. (ගහපු ගැහිල්ල නම් සැර වැඩියි.) නමුත් දැන් සාජන්ගේ රස්සාවත් නැතිවෙලා. (නි)
දැන්වත් පිළිගන්න. ගණිකා වෘත්තිය සුපිරි විදියට කරනකොට ඒක වැරදියි වීදිවල කරනකොට ඒක හරියි කියන ඒක නෙවේ ප්‍රශ්නෙට උත්තරේ. කොහොම කරත් වැරදියි කියන ඒක කියල. වදින තැන වලට වැදිලා රිදුනට මට කරන්න දෙයක් නෑ. මම කිවුවේ ඒ ටික. හැම දුප්පත් ගෑනියෙක්ම ගණිකා සේවයේ යෙදෙන්නේ නෑ කියන එකයි මට කියන්න වුවමනා කලේ. සමහරු කියන්න හැදුවේ ගණිකා වෘත්තිය කලේ වෙන කරන්න දෙයක් නැතිකමට කියල. එතකොට ඒ අය ගාවට යන්නේ මොකටද.? මම කියන්න හැදුවේ වෙන යන්න තැනක් නැතුවද. විවාහකයෝ යන්නේ මොකටද. ඒ නිසා කාටත් මම කියන්නේ මේ වරද සාදාරනීකරණය කරන්න එපා කියල. (ස)
ලෝකෙම දැකපු මේ වීඩියෝවේ සාක්ෂියට අමතරව තවත් මොන කටඋත්තරද? (නි)
අමාලි, ඔබ මම මෙතැනදී ඉස්මතු කළ කාරණය ටිකක පටලවාගෙන වගෙයි. යමෙක් වැරැද්දක් කරන්න පෙළඹෙන කාරණය කුමක් වුවත් වැරැද්ද කියන්නේ වැරැද්ද. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් යමෙක් කිසියම් වැරද්දක් කළා යැයි කියා මේ විදිහට අමානුෂිකව පහරදෙන්න තවකෙකුට තිබෙන අයිතිය හා බලය මොකක්ද? මෙතන ස්වාධින අදහස් දක්වන අය ඒ පොලිස් නිලධාරියාගේ අමානුෂික පහරදීම අනුමත කරනවා නම්, ඒ ගැන කෙළින්ම ලියන්න. වැඩිය අටුවා ටීකා අවශ්‍ය නැහැ. (නි)
එයාගේ වෘත්තිය නීතිවිරෝධී බව වෙනම කතාවක්. නමුත් මෙහෙම ගහන්න පොලිසියට බලයක් දීලා නැහැ (නි)
චතුරංගි, ගැහැණුන්ට එහෙම වෙන්නේ සමාජයේ වරදින්ද? මේ මනුස්සයාගේ අතපය හොඳට තියෙනවානේ. ළමයි ජීවත්කරන්න කීයක්හරි හොයාගන්න රත්නපුරේ ඔයතරම්ම රස්සාවල් නැද්ද? මේ වගේ වැඩ සමාජයේ පිට දාලා වැරදි කරන අය සාධාරනීකරණය කරන්න යන්න එපා. ඔයාට රස්සාවක් නැතිවුණොත් සමාජයේ වරද කියලා ඔයත් ඔය රස්සාවට බහිනවද? (නි)
පොලිස් රාළහාමිට මේ ගැහැණු කෙනාගෙන් ලොකු අසාධාරණයක් වෙලා වගෙයි. ගහපු ගැහිල්ලෙ හැටියට පෙනෙන්නේ එහෙමයි මට නම්. (නි)
ඔය සුපිරි ගණිකාවන්ට පොලිසියේ මහත්තුරු මැඩම් කියල කතාකරල හරියට නිතිය ක්‍රියාත්මක නොකරන නිසා තමයි, අපේ සංස්කෘතික ඇමති තුමා ඒ කොල්ලුපිටියේ තිබුන ගණිකා නිවාසයට කෙලින්ම ගිහින් ගණිකාවන්ට උපරිම දඬුවම් දීල තිබුනේ. හැබැයි ඒ ප්‍රහාරය මේ තරම්ම අමානුෂික නැහැ. (ස)
ඇය ජිනීවා බලා පිටත්ව ගියාද දන්නෙ නැහැ (නි)
මේ කාන්තාව ජීවත්වෙන්න කරන දේ අනෙකුත් සමහර රටවල නීතියෙන් පිළිගත් රැකියාවක්. අපේ රටේ සංස්කෘතිය අනුව එය කුමන මට්ටමකට වැටුනත් කාන්තාවකට මෙහෙම පහරදීම තමන්ගේ පිරිමිකමට හරි නැහැ. (නි)
පැමිණිල්ලක් දාන්න ගියේ නැත්තේ ඇයි කියලා අපිට නම් හිතාගන්න පුලුවන් (නි)
මෙතන සමහරු පොලිස් නිලධාරියාගේ ක්‍රියාව සාධාරනීකරණය කිරීමට තැත්කරන බවක් පෙනේ. මටත් කියන්න තියෙන්නේ, කිසිම පවක් නොකරපු කෙනාට පළමු ගල විසිකරන ලෙසයි. (නි)
හේමන්ත, මෙතන කවුරුවත් අභිසාරිකා වෘත්තීය සාධාරණීකරණය කරලා නැහැ. කාන්තාවට විතරක් දොස්කියන එක වැරදි බව තමයි බොහෝ දෙනෙක් කියන්නේ. අනෙක සැමදෙනාගේම වැරදි අඩුපාඩු අඩු වැඩි වශයෙන් තිබෙනවා. තමන් විතරක් බොහොම සත්ගුණවත්, අසවල් කෙනා ගන්නම දෙයක් නැහැ කියන්න බැහැ. කෙනෙක් ගණිකාවක් නොවුණත් ඊට වඩා භයානක සමාජවිරෝධී වැඩකරන කෙනෙක් වෙන්න පුළුවන්. (නි)
පහරකෑමට සිදු නොවන විදියට කටයුතු කළා නම් හරිනේ (නි)
ඇය ගණිකාවක් නම් ඊට අනුරූපව නීතිය ක්‍රියාත්මක කරනු විනා මෙලෙස හැසිරීම වැරදියි (නි)
මම නම් කියන්නේ පොලිස් සැරයන් ගහපු එක වැරදියි. මහ පාරේ ප්‍රසිද්ධියේ අසභ්‍ය වචන කිය කියා කාකොටා ගන්න එකයි ගණිකා වෘත්තියේ යෙදෙන එකයි හරි. (නි)
පැමිණිල්ලක් තිබුනත් නැතත් පොලිස් නිල ඇඳුමින් සැරසී ප්‍රසිද්ධියේ නිරායුධ කතකට අමානුෂික ලෙස පහරදීම පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුය. මේ ක්‍රියාව නිසා අපේ රට ජාත්‍යන්තරව අපකීර්තියට පත්ව ඇත. (නි)
අප්පට සිරි නියම යටගැහිල්ලක් ගහල තියෙන්නේ දැනටමත් අර ගෑනුකෙනාව උස්සලාද දන්නේ නැහැ.කොමන්ට් ගහන අය්යල නංගිලා එහෙම මොකද නිශ්ෂබ්ද .පොලෝසිය නිසා බයයි නේද.එහෙම තමා ඉන්න ඕන. (අ)
පැමිණිල්ලක් දාන්න පොලීසියට එන්න වෙලාවක් නැතුව ඇති එන්.ජී.ඕ නෝනලා එක්ක ගිහින්නෙ මානව හිමිකම්.ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩු පවරලා ඇවිත්ම පැමිණිලි කරාවි. (අ)
හේමන්ත, සුපිරි හෝටල් වල ගණිකා නිවාස පවත්වන ධනවත් මැඩම්ලා ගැන ඔබේ අදහස මොකක්ද? අසරණ , පීඩිත පන්තියෙන් බිහිවී දරුවන්ගේ බඩවියත රැකදෙන්න වීදිබහින බව ඇගේ මුවින්ම පැවසීමත් එක්තරා අවංකකමක්. කාන්තාවට අපේ සමාජයේ ඇති තැන ගැන කාන්තා සංවිධාන කුමක්ද කරන්නේ? බලන් කඩතුරා හැර දෑසේ! (නි)
පද්මිණි, සුපිරි හෝටල්වල කළත් පාරේ කළත් ගණිකා සේවයේ යෙදීම නීතිවිරෝධියි. ඒක හරිම හිරිකිතයි. දරුවන්ට කන්න දෙන්න ගණිකා සේවයේ යෙදීම කියන ඒක අනුකම්පාව ලබාගන්න යොදාගන්න උපක්‍රමයක්. එතකොට තමන්ගේ දරුවන්ට කන්න දෙන්න කුලී වැඩ කරන කාන්තාවෝ මොකක් හරි ලිංගික බෙලහීනතාවක් තියෙන අයද? (නි)
මට කිසිම අදහසක් හිතට නොහැගේ (අ)
ගිනිපෙල්ලෙන් බැට කාපු මිනිහ කලා මැදිරියටත් බයයි කියනවනේ! මේ කොයිකටත් යන්න වෙන්නෙත් පොලිසියටම නේද? ජිවිත ආශාව තවම අත්හැරියේ නැති නිසා යන්න බය ඇති.(අ)
සමහර අදහස් දැක්කාම හිතෙන්නේ එවැනි කාන්තාවන් ඉන්නේ මේ කෙනා විතරක් වගේ. අර මහා පරිමාණයෙන් කරන අහවල් ..... මැඩම්ටත් මේ වගේ ගහන්න පොලිසියට බැරි වුණාද? නිදහස් වෙළඳ කලාපවල ඉන්න , මැඩම්ලාව අත්අඩංගුවට ගන්නත් පොලිසියට බැහැ නේද? මැදපෙරදිග වහල් සේවය නවත්වන්න කාටවත් බැහැ නේද? කාන්තා විමුක්ති සංවිධාන කොච්චර තිබුනත් තවමත් ලාංකික කාන්තාවට නම් ලැබිලා ඇති විමුක්තියක් නැහැ.කවුරු මට විරුද්ධ වුණත් ඒක තමයි ඇත්ත. (නි)
"පොලිසියට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙස හෝ ප්‍රකාශයක් ගැනීම සඳහා ඇය සිටින තැනක් දන්වන ලෙස හෝ ඇගෙන් ආයාචනය කරන බව" ???දැන් පොලිසියේත්, විදිගණිකාවකුත් අතර එ්තරම් වෙනසක් නැත වග මේ ප්‍රකාශයෙන් පෙනී යනවා. (අ)
අනේ හේමන්ත ගණිකා සේවයේ යෙදෙන එකද හිරිකිත? ඇයි එතකොට ඒ සේවය ලබා ගැනීම ! ඒක හිරිකිත නැද්ද ? තනි අතින් අත්පුඩි ගහන්න බැහැ . ඉල්ලුමක් නැතිව සැපයුමකුත් නැහැ හේමන්ත. ඒ නිසා ඔබේ ඔය ඊනියා පාරිශුද්ධ පිරිමි අදහස ගැන අපිට බොහොම කනගාටුයි. ඔහොම පිරිමි කට්ටියව තමයි අර ඉස්සර අම්මලා නාවලා ගෙට ගන්න පුළුවන් කිව්වේ.(අ)
මෙය " විනෝද සමය" වැඩ සටහනින් උපුටා ගන්නා ලදී. (අ)
හේමන්තට හිරිකිත මේ රැකියාව කරන කට්ටිය විතරද ? අදාළ සේවාව ලබා ගන්න කට්ටිය ගැන මොකද හිතෙන්නේ ? (අ)
වීඩියෝ ක්ලිප් එක තියෙද්දී මොන පරීක්ෂණද? මේ ගැහැණු කෙනාගේ රැකියාව මොක වුනත් , බිම පෙරළන් ගහන්න අයිතිය කොහෙන්ඳ ලැබුනේ? එ්ක නීති ගත කරන්නද කැස කවන්නේ? ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන බව අමතක කරන්න එපා. (අ)
හැබැයි මම දැකල තියෙනවා යාචකයෝයි වීදි ගණිකාවෝයි මහා පාරේ ප්‍රසිද්ධියේ රණ්ඩු කරගන්නවා කුණුහරුප කියා කියා කෑ ගහගන්නවා කිසිම ලැජ්ජාවක් නැතුව. ඒ වෙලාවට අපටත් හිතෙනවා අල්ලලා ගුටි දෙකක් දෙන්න.(අ)
හේමන්තගේ අදහස් දැක්කම හිතෙන්නේ එයාගේ ගෙදර බවලතුන් මාර්ග පල ලබපු උදවිය වෙන්න ඇති කියලා. (අ)
හේමන්ත මම මේ කාන්තාව සුද්ධ කරන්න යන්නේ නැහැ. එත් ඔයා මේ කාන්තාවගේ ගෙදර කෙනෙක් නෙවෙයි නම් එයා මේ වගේ රැකියාවකට වැටුන ඇත්ත හේතුව නොදැන කතා කරන්න එපා. ඔයගොල්ලන්ගේ ගෙවල් වල කාන්තාවන් හතර පෝයටම සිල් ගත්ත ගමන් වෙන්න ඇති ඉන්නේ,..(අ)
මම හිතන්නේ හේමන්ත ගේ ගෙදර බවලතුන් නම් කිසිම "හිරිකිත" වැඩක් නොකරන සාන්ත දාන්ත උදවිය වෙන්න ඇති. ඒගොල්ලන්ගේ රස්සාවලුත් "සුපිරි" ඒවා වෙන්න ඇති.(අ)
කාන්ත විමුක්තිඑන්.ජී. ඕ. රාජ්‍ය නොවන සංවිදාන වල පැවැත්මට හොද මාතෘකාවක් -මේවා (අ)
මම හිතන්නේ ලිංගික බෙලහීන බව ඇත්තේ කුලී වැඩ කරන කාන්තාවන්ට නෙවෙයි. කාන්තාවකගේ දුර්වල තැනක් දුටු තැන පහර ගහන පිරිමින්ට ! (අ)
මට නම් හිරිකිත මේ සිද්ධියට වඩා හේමන්ත වැනි උපාසක මහත්වරුන්ගේ බහුශ්‍රැත අදහස්. ! (අ)
කාන්තාවන් ගණිකා වෘත්තියට වැටෙන්න නොයෙකුත් හේතු තිබෙනවා. සමහරවිට එය තැනගේ පෙර කර්ම දෝෂයකට සිදු විය හැකියි. මම අසා තිබෙනවා අම්බපාලිය නගර ශෝබිනියක් වුනේ පෙර බවයකදී සිල්වත් භික්ෂුනියකට ගණිකාව යනුවෙන් ඇමතීම නිසා බව. තමන් පිරිමි කෙනෙක් වූ පලියට කාන්තාවගේ ජීවන වෘත්තීය මුල් කර ඇයට පහර දෙන එක හරි නැහැ. (දිල්)
ඇය කුඩා දැරියක් නම් අමානුෂික ලෙස පහර නොදී උම්මා එකක් දී වඩාගන්න තිබුන. (ස)
උදාරි , කාංචනා ගොඩක් සාන්ත දාන්ත ගැන කතා කරන උදවිය කොහොමටත් එහෙම නෑ ඒ ගැන කතා කරනකොට ගොඩක් රිදෙනවා. මොලයක් තියෙනවා නම් තේරුම් ගන්න මම කියන්නේ දරුවන් නඩත්තු කරන්න ගණිකා සේවයේ දෙන්නම ඕනේ නෑ කියල. නම්බු පිටින් කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා. ගණිකාවෝ ලඟට යන අයත් මම සුද්ද කරන්නේ නෑ එකත් වැරදියි. (අ)
සමාජයේ සියලු අයට සමාන රැකියා අවස්ථා නැහැ. වීදී සරන්නියන් අනාධිමත් කාලයක සිට අද වනතුරු තුමන හේතුවක් මත හෝ ජීවිකාව එම වෘත්තියෙන් පවත්වාගෙන යනවා. නමුත් නීතිය සියල්ලන්ටම සමාන විය යුතුයි. මැය වැනි අසරණ අය විතරක් නොවේ බහුතර ලාංකිකයන් නීතිය රකින ආයතක වලට යාමට මෑත කාලිනව යම් බියත් අකමැත්තක් දක්වනවා. කවුරු මොනවගේ අදහස් ඉදිරිපත් කලත් ලාංකීය සමාජයේ බොහෝ දෙනා මේකට කැමැත්තක් නෑ හැමෝම නීතිය සම්බන්ධ ආයතන කෙරෙහි ලොකු අවිශ්වාසෙකින් ඉන්න කාලයක් මේක (අ)
ජයනි කරුමේ පැත්තක තියන්න කාන්තාවගේ ජීවන වෘත්තිය ගණිකා සේවය වෙන්නේ කොහොමද. හැබැයි අපේ ජීවන වෘත්තිය නම් එ්ක නෙවේ. පෞද්ගලික අංශයේ කාර්යාලයක පොඩි රැකියාවක් කරන්නේ. ඔයා හැම කාන්තවටම අපහාස කරන්න එපා. (අ)
බය ඇති පොලිසියට එන්න (නි)
අනේ ප්‍රිය දර්ශනී අක්කේ අපි නම් ඔයාගේ රස්සාවට මොනවත් කිව්වේ නැහැ ඔන්න. (අ)
මට කෙනෙක් කිවුවා මේ කාන්තාව ගැන (නි)
පහර දෙන දර්ශනය මුලින්ම දකිනවිට රටම හිතුවේ මෙයා අහිංසකාවියක් කියල. දැන් මේ කාන්තාවම පිළිගන්නවා ගණිකා රුකියාව කළ බව (අ)
මමත් මගේ ආගම අනුව විශ්වාස කරනවා මෙවැනි ආදායම් මාර්ගයකට යොමු වෙලා මුළු සමාජයෙන්ම පරිභව විඳින්න තමන්ගේ පෙර කර්මයත් හේතු වන බව. සමහරුන්ට ඒ අදහස හරි යන්නේ නැතිව ඇති. ඒත් එක මගේ ස්වාධින අදහස ! (ස)
මොකද මේ ප්‍රියදර්ශිනිට අසු හාරදාහට නැගල තියෙන්නේ ? කොහොමද අනේ ඔයා කාර්යාලේ රස්සාව කරන්නේ. ඔහොම හොස්ස ලඟින් මැස්ස යන්න බැරි කොට ? (ස)
මට පේන්නේ ප්‍රියදර්ශිනි කොහෙද තිබුන තොප්පියක් දමාගෙන ! (ස)
කාට කාටත් කියන්නේ පින්සිද්ධ වෙයි ගණිකා සේවයවත් ගණිකාවන් සොයා යාමත් කොහෙත්ම අනුමත කරලා මෙතන අදහස් දාන්න එපා. බොරුවට මෙතන අදහස් වලින් ගහගන්නවා. මතක තියා ගන්න වැරදි දේ වැරදීම තමයි. (ස)
දැන් සමහරු මේක දැකල මගේ ඇඟට ගොඩ වේවි . මම එක්තරා වාර්තාවක දැක්ක සමහර කාර්යාල සේවිකාවොත් අමතර ආදායම් මාර්ගයක් ලෙස මේ රැකියාවේ නිරතවන බව. ඇතැම් විට දරුවන් පාසලට ඇරලවන්න එන මව්වරුන් පවා. දැන් ඉතින් මේක තමන්ට කරන පුද්ගලික අපහාසයක් කියල කවුරුවත් හිතන්න එපා. කාගේ හරි අදහසක් දැක්ක ගමන් ඒක පුද්ගලික මට්ටමින් තමන්ගේ ඇඟට ගන්න අයත් මේ සභාවේ ඉන්න නිසයි මම කිව්වේ. (ස)
දරුවන් නඩත්තු කරන්න මොන රැකියාව කරත් අන්තිමට පිළිගත් රැකියාවල් කල පමණින් ළමයින් හොඳට හැදේවි කියල කාටද සහතික කරන්න පුළුවන්.? අපි දන්නා , දෙමව්පියන් දෙන්නම ගුරුවරු වුන ගෙදරක එක පුතෙක් කුඩු කාරයෙක් වුනා. නරක චරිතයක් ඇතැයි ගමේ හංවඩු ගැහුණු ගැහැණියකගේ දුවෙක් යහපත් ගුරුවරුන්ගේ පිහිටෙන් පරිගණක උපාධිදාරිනියක් වුනා. ඒ නිසා තමන්ගේ රැකියාව ගැන කාන්තාවන් අධි තක්සේරුවෙන් හිතන එක ඇඟට ගුණ නැහැ. (ස)
ගණිකා සේවය හොඳයි කියල මෙතන කවුරුවත් කියන්නේ නැහැ. මේ සමාජ ව්‍යසනයෙන් කාන්තාව ගලවා ගන්න පුළුවන් නම් ලොකු පිනක්. මම හිතන්නේ නැහැ කිසිම කාන්තාවක් කැමැත්තෙන් මේ රැකියාව කරනවා කියලා. විශේෂයෙන් දරුවන් ඇති බවලතුන්. (ස)
මේකට මට අපහාස කරන්නත් එපා. බැනල අදහස් දාන්නත් එපා . මේ ඇත්තමයි මම කියන්නේ. අපි පොඩිකාලේ අපේ තාත්ත අපිව දාල ගියා. මට අවුරුදු 5 යි. නංගිට අවුරුදු 3 යි. අපේ අම්ම හරිම ලස්සන කාන්තාවක්. ඒ වෙලාවේ අපේ ආච්චි විතරයි අපේ පිහිටට හිටියේ. නෑදෑයෝ සේරම අපිව අතහැරිය. අපි අන්තිම අසරණ වුන. ගමේ හිටපු ලොකු ලොකු මුදලලිලයි සල්ලිකාරයෝන්ගෙන් අපේ අම්මට අනන්තවත් අයුතු යෝජනා ආව. අම්ම ඒ එකකටවත් නැමුණේ නෑ. අපේ අම්ම කොහොමත් සල්ලි තියෙන පවුලක සැපට හැදුන කෙනෙක්. ඔයාල විශ්වාස කරන්නේ නැතිවෙයි අපිව ජීවත් කරන්න අම්ම ගමේ ගෙවල්වල උයන්න ගියා, ගොයම් පැල හිටවන්න ගියා. ජනසවියේ වැඩට ගියා. අන්තිමට අම්ම වැහැරිලා ගියා. අම්ම කොහොමත් ඇදුම රෝගියෙක්. හැබැයි මමයි නංගියි හොඳට ඉගන ගත්ත. අද අපේ අම්ම හරිම වයසයි. දැන් අපේ දරුවෝ බලාගෙන හොඳින් ඉන්නවා. එදා ගමේ මිනිස්සු අම්මට ගරු කලා ඉහලින්ම. අද අම්ම අපි ගාව ඉන්නේ. ගමට ගියාම මිනිස්සු ඉහළින් ගරු කරනවා. නමුත් අපේ අම්මටත් වැරදි වැඩ කරලා හොදට සැප විඳලා ඉන්න තිබුන. එත් අම්ම එහම කලේ නෑ. අම්ම එහෙම කලා නම් අද අපි කොහොමද සමාජෙට මුණ දෙන්නේ. මට හරි ආඩම්බරයි මගේ අම්ම ගැන. බුදු වෙන්න ඕනේ කියල තමා මගේ එකම පැතුම. (ස)
ගණිකා වෘත්තීය නැති කළා කියලා කාමයේ වරදවා හැසිරීම නවත්තන්න බැහැ. දරුවන් නඩත්තු කරන එක එතනට අදාළ නැහැ. මම මේ රැකියාව කිසිම අයුරකින් අනුමති කරන්නේ නැහැ. හැබැයි මේ කාරණයේදී ගැහැණු කෙනාගේ පැත්තට විතරක් ඇඟිල්ල දික් කරන වැඩේ කරන්නේ නම් නැහැ. තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. අර කවුද කිව්වා වගේ ඉස්සෙල්ල පිරිමි තමන්ගේ ඉල්ලුම නතර කලොත් ගැහැණු, සැපයුම ඉබේම නතර කරයි. එහෙම නැතිව ගැහැණු කෙනාගෙන් විතරක් සාධු චර්යාව බලාපොරොත්තු වෙන්න බැහැ. (ස)
මේ ක්‍රියාව ඇස් දෙකෙන් දැකලත් කිසිවක් නොදන්නා සේ මෙතන ප්‍රතිචාර දමන උන්මත්තකයින්ට මොන ආකාරයකින් හෝ කුමන වෙලාවක හෝ වටිනා පොලිස් සංග්‍රහයක් ලැබේවායි පතමි! (නි)
මේ ගැහැණු කෙනා පැමිණිලි කරන්න පොලිසියට එන්නේ නැත්තෙත් තමන්ට ගහපු පොලිසිය කෙරෙහි විශ්වාසයක් නැති නිසා බව පොලිසියට අමතක වෙලා වගේ. (නි)
ඇයගේ ලිපිනය හොයන්න දෙයක් නැහැ. කනාදොල හන්දියෙ කාගෙන් ඇහුවත් දැනගන්න පුළුවන් (නි)
කරුණාකරලා මෙතන දරුවන් රකින්න ගණිකා වෘත්තිය කරනවා කියන එකට උඩගෙඩි දීලා සාධාරණයි කියලා ඒකට අනුබලදීමක් කරන්න එපා. මේ අයව ගළවාගන්න විදියක් ගැන කතා කරන්න. (නි)