දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් හා ඊට අදාල සියලු වගකීම්වලින් අද සිට ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ලිඛිතව දැන්වූහ.
රතන හිමියනට ලබා දී තිබූ වාහනය ද ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට භාර දෙන බව රතන හිමියන් විසින් යැවුණු ලිපියේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් හැරීම! (නදී)
ඔබ වන්සේට සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණය හා හෘද සාක්ෂියේ අනුහසින් මේ දුෂිත පාලනය අවසන් කිරීමට දිරිය හා ශක්තිය ලබේවා. දිවුලපිටියේ අපි. (නදී)
තව හිටියොත් ආසනෙන් බස්සන හින්දා කලින්ම වඩින්න ඇති. (නදී)
ඔබ වහන්සේට ත්‍රිවිධ බල ත්‍රිවිධ ශක්තිය ලැබේවා, ඔය චීවරය ධරාගෙන මේ සිදුවෙන අසාධාරනකම් ඉවසිය නොහැකියි, යුද්ධයේදී රට බේරගන්න පෙරට අවා සේ අපේ දරුවන් වෙනුවෙන් මේ දුෂණයෙන් අසාධාරණයෙන් රට බේරගන්න.(නදී)
ගරු රතන හාමුදුරුවනේ. මම අහලා තියෙන විදිහට නාම රුප ගැන කෙනෙකුට මමත්වයක් නැත්නම්, ඒවා නැතිඋනා කියලා ශෝකවිමක් නැත්නම් ඔහු නියම භික්ෂුන් වහන්සේනමක් ලෙසින් ගැනෙනවා. ඔබ වහන්සේ තනතුරු අත්හැරීම තුළින් කිසිම විදිහකින් පිරිහීමක් ඇති වුවා ලෙසින් ගැනෙන්නේ නැහැ. හැම මල් වට්ටියටම අතගහන බලය පමණක් ඉලක්ක කරගත් අම්බට්ටයින් සමුහයක් එක්ක වැදගත් ගමනක් යන්නට ඔබ වහන්සේ සැරසෙනවා නම් ඔබ වහන්සේගේ .ගමන වැඩිදුරක් නො ගිහින් නවතිනවා නිසැකයි. (නදී)
මොකද මේ ටික ටික ගැලවෙන්නේ. අයින් වෙන්නකෝ ඔක්කොම තනතුරුවලින්,(නදී)
අපේ හාමුදුරුවනේ පුලුවන් නම් ඔය දේශපාලනයෙනුත් ඈත් වෙන්න බලන්න. ඕකේ ඉන්නකම් කවදාවත් ඔබ වහන්සේට නිර්වානයක් බලාපොරෝත්තුවෙන්න නම් ලැබෙන්නේ නැහැ මේ සසර ගමනේදී. (නදී)
රතන හාමුදුරුවනේ, පාර්ලිමේන්තු සරණ යන්නේ නැතුව බුදු සරණේ පිහිටන්න (නි)
රට වෙනුවෙන්ලු. කාටද ආඩම්බර. (නි)
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ ඔය මඩගොහුරු දේශපාලනය නිසා ගමේ පන්සලේ දායකයන්ගේ පාංශුකූල කීයක් මඟහරින්න ඇද්ද? (නි)
අනේ මන්දා මේවා! (නි)
මුසාවාදා වේරමණී සික්ඛාපාදං සමාදියාමි. (නි)
මන්තිරිකම දාලා යන්නේ නෑ උපාසක අම්මේ. පෙන්ෂන් එක බේර ගන්නෙපාද? (අ)
හාමුදුරුවනේ ,, ඔබ වහන්සේ යන ගමන අවංක ගමනක් නම් ,, එය මේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ක්‍රියාවක් .(අ)
බොරු එපා. මංත්‍රීකම? අස්වෙන්න ඔක්කොමගෙන් ? (අ)
ඔය හාමුදුරුවෝ ගියාට ජනාධිපතිතුමා සමග රටේ ජනතාව ඉන්නවා රතන හමුදුරුවොත් හරියට සරත් එන් සිල්වා වගේ ඔය කියන දේවල් ජනතාව පිලිගන්නේ නැ අපි දිවි හිමියෙන් ජනපති රකිනවා .මහින්දජනාධිපති තුමා වෙනුවෙන් දිවිපුදන්න සුදානම්. (අ)
රට ගැන හිතලා ගත්ත හොද තීරණයක්..(හේ)
චන්දන ! මෝඩකමට බෙහෙත් නැත (නි)
රටටත්, තමාටත් අවංකවීම.ඔබට සුභ පතමි.(අ)
මොකද මේ එකින් එක.ගහ දන්න අයට කොල කඩා පානවා වගේ.එක පාරටම අාන්ඩුවෙන් අයින් වෙලා යන්නෙ නැතුව.හාමුදුරුවො ගියපාර ජන්දය නිෂ්ක්‍රීය කලාට කථා නායක ආන්ඩුවට ගියා.මේ පාර ඔය හොයන පොදු අපේක්‍ෂක උන්නැහේලාත් අවසානයේ එතනම නවතීවිද දන්නෙත් නැහැ. (අ)
ඔය දිවි පුදන්න කතා කල අය තමයි දැන් ඉස්සරහින්ම ඉදන් දෑත් ශක්තිමත් කරන්නේ ...ආණ්ඩුව වෙනස් වෙලා බලන්න ඕන ඔය දීවි පුදන සෙට් එක අලුත් පෙරහරේ ඉසරහින්ම යන හැටි ....(අ).
එඩිතර තීරණයක් ! මුදලට පාවා නොදෙන හාමුදුරුවෝ. ඔබ වහන්සේට දළදා සමිදුගේ පිහිට (අ)
චන්දනට දිවි පුදන්න තරම් මොකද්ද වෙලා තියෙන්නේ ? (අ)
මොකටද මංත්‍රී කමෙන් අස් වෙන්නේ. උන් වහන්සේ පාර්ලිමේන්තුවට ගියේ හෙළ උරුමේ ඡන්ද වලින්. ආණ්ඩුවේ ඡන්ද වලින් නෙවේ. (අ)
භික්ෂුන් වහන්සේලාට ඔය එකක්වත් ගැලපෙන්නේ නැතිබව දැන් තේරුම් අරන් ඇති. (අ)
එඩිතර තීරණයක්. සත්‍යය ජයගන්නාතුරු ඉදිරියටම යන්න. දැන් අපේ රටේ සදාචාරය නැහැ. යුක්තිය නැහැ. නීතිය වල්වැදිලා. පුළුවන් නම් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පුනරුත්ථාපනය කරන්න. අපිත් ඔබ වහන්සේට ආශිර්වාද කරනවා. (නි)
රතන හිමි ගැන රටේ මිනිස්සු වැඩි දෙනෙක් දන්නෙ නැහැ . (නි)
චන්දන වගේ මතදරන අය තව රටේ ඉන්න පුළුවන් (නි)
චන්දන, බොහොම හොඳයි. එතකොට යුද්ධය කරන කාලේ ඔබතුමා කොහෙද හිටියේ? (නි)
වෙල ගෙදර ක්‍රීඩාංගනය ඊයේ උදේ බැලුවා නම් සෙනඟ හිටියා කියල කියන රහස හොයාගන්න පුළුවන්. බත් ගෙනාපු පෙට්ටි ගනන් කලා නම් ගණනත් කියන්න පුළුවන්. වෙසක් දවසට දන්සල් කන්න යන්නේ පක්ෂ පාට බලලා නොවෙයි නේ. මේ සෙනගට ජනාධිපති තුමා රැවටුනොත් සොරිම තමා. ඕනෑම ආණ්ඩුවක තුන්වන රවුම යන්නේ මේ වගේ බොරු මවාපෑම් වලින්. හොඳ නරක සහ වඩා හොඳ තෝරා ගැනීම බුද්ධිමත් ජනතාව සතුයි. (නදී)
පල්ලම් බැහැලා අැවිත් මිනිසුන් සසර දුකින් මුදවන්න. එයයි කල යුත්තේ. (නදී)
ලංකාවේ ගොඩක් දෙනෙක් දේශපාලනය ගැන අවබෝදයක් නැහැ ඔහේ ලියනවා රතන හිමියන් කියන්නේ මොකක්ද ඒ තුලින් රටට වෙන හානිය ජනතාවට වෙන හානිය ගැන කිසිම අවබෝදයක් නැහැ. ඕනෑම රටකට හොද විපක්ෂයක් තිබිය යුතුය. එයට හේතුව රජයේ වැරදි අපි පෙවන්න ඕනි එහෙම නොවුනොත් වෙන්නේ ඔහුගේ හිතුමතේට වැඩ කරනවා ඒ දේ බලපාන්නේ රටේ අනාගතයට. මේ දේවල් බුද්දීමත්ව තේරුම්ගන්න. දේශපාලනය කියන්නේ රටේ ජාතියේ වගකීමක් එහෙම නැතිව බඩ වඩා ගැනීම නෙවෙයි. මම හිතනවා රතන හිමියන් හරි කියලා. (නදී)
චන්දන -යුද්දෙ කාලේ ඔබතුමා කොහෙද හිටියේ. මම අහන්නේ මම හිටපු සොල්දාදුවෙක් හින්දා. (නදී)
රතන හිමියන් හරි. මෙහි බරපතලකම ජනතාවට තේරෙන්නේ නැහැ. තේරෙනකොට ප්‍රමාද වැඩියි (නි)
කමල්, කව්ද කියන්නේ, හෙල උරුමේ ඡන්ද වලින් කියලා..? ශ්‍රී ලංකා කාරයො ඡන්ද දුන්නෙ නැත්නම් (අ)
පින් ඇති හාමුදුරුවනේ මේ රට හොරුන්ගෙන්, බොරු කාරයන්ගෙන්, වංචාකාරයන්ගෙන් බේරා දෙන්න.(හේ)
හොද තීරණයක්. අපි ඔබ සමගයි.(හේ).
චන්දන,ජයලලිතා නිසා ඉන්දියාවේ අය සියදිවි නසා ගත්තාට ලංකාවේ ඒ වගේ අය ඉඳීවී කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
පින් ඇති හාමුදුරුවනේ, මේ රට බේරාදෙන්න.ඔබ වහන්සේට පින්සිද්ධ වෙනවා. (නි)
අපි නම් හරිම කැමතියි (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා? (නි)
දේශපාලන කෝණයකින් බලන එක නවත්තල කියන කරුණු ගැන අවධානය යොමු කරලා බලන්න. (ර)
ලංකාවේ ජනයා ඉවරයි පරපුර සදා ණය කාරයෝ වෙනවා...(අ)
අනේ මන්දා! හෙළ උරුමයට මේ මොකක්ද වෙන්නේ? (නි)
අනේ යන්න හාමුදුරුවනේ.ඒකත් ලොකු දෙයක්. (නි)
පෙනීයන්නේ අවංක චේතනාවෙන් ධාර්මික යුද්ධයකට රතන හිමියන් මඟට බැස ඇති බවයි. (නි)
අපේ රතන හාමුදුරුවනේ, අපි ඔබවහන්සේව දන්නේ 1986 ඉඳලා. ඔබ වහන්සේ සිංහයෙක් අපේ හාමුදුරුවනේ. (නි)
ඔබ වහන්සේගේ තීරණය 100%ක් නිවැරදියි. (නි)
පොදු අපේක්ෂක කම ලැබේ කියල හිතල වෙන්න ඇති. (නදී)