IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රතිඤ්ඤා අනතුරුවලින් ගැලවෙන්න ඇස් රෝහලෙන් උපදෙස්

(සුජිත් හේවාජුලිගේ )


රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි  රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.

මත්පැන් පානය කර රතිඤ්ඤා දැල්වීමෙන් වලකින්නැයිද ඉල්ලීමක් කරන බව එම වෛද්‍යවරු සඳහන් කරති.

එසේම රතිඤ්ඤා හෝ අහස්කුරු දල්වා මිනිසුන්ගේ සතුන්ගේ ඇඟට දැමුවහොත් එසේ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස එම වෛද්‍යවරු  පොලිසියෙන් ඉල්ලීමක් කරති.

රතිඤ්ඤා වලින් ඇස් වලට හානියක් වුවහොත් ජලයෙන්  පොඟවා වහාම රෝගීන් රෝහල වෙත රැගෙන යා යුතු බව  වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

ඇස් වලට ගෙදර සිට වෙනත් ප්‍රතිකාර කිරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටි. වරක් පත්තු කෙරුණු රතිඤ්ඤා නැවත  ඇල්ලීමෙන් වළකින ලෙසද  වෛද්‍යවරු ඉල්ලීමක් කරති.

අවුරුදු සමයේදී  රතිඤ්ඤා අනතුරුවලින්  දරුවන්ට සිදුවන අනතුරු  බොහෝ සෙයින් වැඩිවන හෙයින් ඒවා වළක්වා ගැනීම සඳහා  මවුපියන් ඒ ගැන අවධානයෙන් සිටින ලෙස ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

 



අදහස් (2)

රතිඤ්ඤා අනතුරුවලින් ගැලවෙන්න ඇස් රෝහලෙන් උපදෙස්

Nihal Monday, 14 April 2025 12:29 PM

අත දරුවන් ඉන්න ගෙවල්වල ගෙවල් අසල රතිඤ්ඤා පත්තු කරන්න එපා.

:       0       0

පාලිත Monday, 14 April 2025 12:47 PM

ඉතා වටිනා උපදෙස් ටිකක්. වෛද්‍යවරුන්ගේ උපදෙස් වඩාත් අගෙයි. රතිඤ්ඤා අවශ්‍යමද? සතුන්ගේ හැසිරීම නිරික්ෂණය කර බලන්න. ඔවුන් ඉතා අහිංසකයි. ඇයි අප ඔවුන්ව බය කරන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site