බගවංතලාවේ සිසුවකු, ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 92 ක් ගත්තැයි රත් කළ යකඩයකින් පිළිස්සූ ඔහුගේ පාදය පියා බගවංතලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගන ලැබීය.
කකුලේ දියපට්ට කිහිපයක් දක්නට ඇත. දැනට ඔහු රෝහල් ගත කරනු ලැබ සිටි. ලකුණු 70 වැඩියෙන් ගන්නා අය ශිෂ්‍යත්වය සමත් අය හැටියට සලකේ . ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සඳහා කඩඉම් ප්‍රමාණය 140කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තාත්තා ඉස්සර ශිෂ්‍යත්වේ පාස්ද? මේ විභාගේ ළමයින්ගේ අභාගේ.මේක පාස්වෙන අයට ඉස්සර නම් ඔච්චර ලොකු ප්‍රසිද්ධියක් නැහැ.දැන් රට සවාරි, ලොකු තෑගි ලැබෙන නිසා පුදුම තරගයක්.මම ශිෂ්‍යත්වේ පාස් කියලා ගෙදර කට්ටියවත් ගණන් ගත්තේ නැහැ. (නි)
මේකා තාත්තෙක්ද? (නි)
ඉස්සර වගේ නෙමෙයි, දැන් මේ විභාගය නිසා ළමයින් අතර විතරක් නෙමෙයි දෙමව්පියන් අතරත් ඊර්ෂ්‍යාව ක්‍රෝධය වැඩිවෙලා. එහැම දෙයකින්ම තැලෙන්නේ මල් වැනි පුංචි දරුවන්ගේ හිත්. විභාගය හොදින් සමත් වුනු අයට ලබා දෙන විශාල ප්‍රසිද්ධියත් මේ සිද්ධි වලට බලපානවා. එ් නිසා මේ විභාගය මින් ඉදිරියට නොපවත්වනවා නම් තමා හොද. (නි)
ආ ,....මේ ධාතුසේන රජ්ජුරුවන්ගේ කතාවේ අලුත් පිටපත. භූත යක්කු. (නි)
මේක මොල කැටි සිත්වලට මානසික වදයක්. (නදී)
පියා නම් පාසැල් ගිය කෙනෙක් නොවේ . මේ වත් ළමා හිංසනය. දණ්ඩ නීති සංග්‍රහය පාසැල් ලමුන්ට සහ වැඩිහිටියන් දැනුවත් කල යු තුව ඇත. මට නම් මතු අත්මෙව්දී වත් මේ වැනි පියෙක් නොලැබේවා. (දී)
මේ අමානුෂික වද හිංසාවට අහිංසක දරුවන් ලක් කරන ශිෂ්ශත්ව විභාගය වහාම අවලංගු කර එවෙනුවට දරුවන්ගේ දෙමාපියන් සදහා විභාගයක් පැවැත් වීමට සැලසුම් කල යුතුය (දී)
මේකෙන්ම තේරෙනවා පියාගේ උගත්කම කොහොමද කියල. මේ වගේ මිනිස්සුන්ව අවුරුදු 10ක් වත් හිරේ දාන. ඒ යකඩ කූර රත් කරලා මොහුගේ පාදයත් පුළුස්සන්න. වේදනාව දැනෙනකම්ම. (දී)
මෙවැනි මෝඩ දෙමාපියන්ව එල්ලුම්ගස් යවන්න ඕන .(දී)
අනේ මන්දා මේ මිනිස්සුන්ට පිස්සුද කියලා. මම මේ ශිෂ්‍යත්වය විභාගයෙන් ගත්තේ මුළු ලකුණු 35. පස්සේ දැන් මම අද විශ්විදයල ගිහින් , අද වෙනකොට වෙන රටක ජීවත් වෙන්නේ එදා ගත්ත ලකුණු 35 වෙනුවෙන් මම එදා ගත්ත පන්නරය නිසා . අද වෙනකොට මම ආචාර්ය උපාධිය කරනවා . මම අද මේ ලියන්නේ සමත් උන අය වෙනුවෙන් නෙමේ , අසමත් උන අය වෙනුවෙන් . තාත්ත උනාට බුද්ධිය නම් ගන්න දෙයක් නැ .
අධයාපන ඇමති තුමෝ! ඔබගේ යෝජනාව ශිෂ්‍යත්ව ප්‍රතිපල, ලෝක ළමා දිනේ හා වැඩිහිටි දිනේට සමගාමිව නිකුත්කිරීම. කොහොමද මේ ප්‍රතිප්‍රලය? කට තිබුනට මදි ඒ තරමට මොලය නැතිනම්. ළමයින් හා වැඩිහිටියන් නොපෙලා ප්‍රතිපල වෙනත් දිනයක පිට කරන්න පියවර ගන්න.. (නදී)
මේ වගේ අයව පොලිසියට අල්ලලා දෙන්නේ නැතුව අහල පහල උදවිය එකතුවෙලා දඬුවම් කරන්න ඕනා. දැන් ඒක පටන් ගන්න කාලය ඇවිත්. නීතියෙන් මුන්ට දඬුවම් කරන්නේ නැහැ. දැන් ඉතින් නීතිය අලුත්වැඩියා කරලා දෙන්න ඕන රජ කාලේ දඬුවම්. (නදී)
මෙහෙමත් තාත්තලා ඉන්නවනේ තමන්ගේ දරුවාට මේ වගේ අපරාද කරන්නේ මොන හිතකින්ද? (නදී)
මේ පහේ ශිෂත්ව විබාගය දැන්වත් තහනම් කලානම් .ළමයින්ට එයාලගේ ලෝකය විදින්න ඉඩදුන්නනම් නේද හොද . (දී)
පියෙකු නොව මුහු අමනුෂ්‍යෙයකි. (නදී)
ළමයින්ගෙන් ළමා කාලය උදුරා ගන්න පහේ ශිෂ්‍යත්වය සහ තරඟකාරී උසස් පාසල් මේනියාව තව දුරටත් පවත්වාගෙන යන්නේ ඇයි? මේ සමාජයේ ඉහල තලයේ ඉන්න මිනිස්සු කරන දේම ආර්ථික ශක්තියක් නැති එදිනෙදා ජීවිතය ගැටගහගන්න මිනිස්සුත් කරන්න යනවා. ළමයින්ව හරි එතනට දක්කන්න වලිකනවා. අසරණ ළමයි ඒවාට වන්දි ගෙවනවා. මේ වාර්තා වුන තුන්වෙනි සිදුවීම, තව ළමයි කීදෙනෙක් දුක් විඳිනවා ඇතිද? (නදී
මෙන්න තවත් අමනුස්සයෙක්. එක අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි දරුවාව ගෙදරින් එලෙව්වා. මේ තාත්තා කකුල පිච්චුවා(නදී)
ඔහුට මෙතරම් සහාසික නොවන්නට තිබුනා. ඒ දරුවා ශිෂත්වය සමත් .අසමත් උනත් ,.ඇත්තටම තිබුනේ ඉදිරියේදී මුහුණදෙන උසස් විභාග මෙය පාඩමකට ගෙන ඉහලින් සමත් වන්නට, දරුවාව දිරිමත් කළානම් කොපමණ හොඳද? දැන් ඒ දරුවාට තවත් කම්පනයක්,පියාට සිදුවූ දේ නිසා. (නදී)
පෙර පව් නිසා මේ වගේ පියෙක් ලග ඉපදෙන්න ඇති (නදී)
මිනිසත් බව ලද ''තිරිසන් ආත්මයක් '' (දී)
මම ශිෂත්වයට ගත්තේ ලකුණු 45 යි. මම දෙන ආර්ථික විශේෂඥයෙක්. දරුවා ලකුණු අඩු වුනා කියල ගහලා පුච්චලා හරියන්නේ නැහැ. ආදරෙන් තේරුම් කරලා දීල ඔවුන් ගේ මානසික ශක්තිය හදන්න ඕනේ. අපේ අය කවදා හැදෙයිද මන්දා.(නදී)
එම යකඩයම රත්කොට මේ පියාගේ ගුදමාර්ගය පුලුස්සා දැමිය යුතුයි . (නදී)
ශිෂ්‍යත්ව විබගෙන් මම ගත්තේ ලකුණු 70 යි. ඒත් මම උසස්පෙළ ජීව විද්ද්‍යා කරලා A 1 ක් සහ B 2 ක් අරන් පේරාදෙණිය විශ්වවිද්දීයලෙටත් ගියා. මේ පහේ ශිෂත්ව විබාගයෙන් ළමයින්ගේ හැකියාව මනින්න බැහැ.(නදී)
රත් වුනු යකඩේ ඇනුනේ අපේ හදවත් වල. මේ විභාග ක්‍රමය නවත්වන්න. (අ)
මින්ස්සුද සත්තුද මේ (දී )
අධයාපන අමාත්‍යංශයේ වගකිවයුතු නිළධාරින්ගෙන් මං ඉල්ලා සිටිනවා මේ අහිංසක දරුවන් වෙනුවෙන් මේ විබාගය අවලංගු කරන්න කියලා (නි)
මේ විභාගය ඇත්තටම මේ පුංචි එවුන්ට අවශ්‍ය දෙයක් නෙමේ කියලයි මමනම් හිතන්නේ.(නදී)