පසුගිය ජනවාරි 10 වැනිදාට යෙදී තිබුණ රිතික් රෝෂන්ගේ 43 වැනි උපන්දිනයට ඔහුගේ හිටපු බිරිඳ වූ සුසෑන් ඛාන්ද පැමිණි බව වාර්තා වෙනවා. මේ වනවිට දික්කාසද වී ඇති ඔවුන් දෙදෙනා මෙසේ කලකට පසුව එකට දැකීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක් වුණා.
රිතික්ගේ මෙම උපන්දින සාදයට ජනවාරි 23 වැනිදා තිරගත වීමට නියමිත ඔහුගේ ‘කාබිල්’ චිත්‍රපටයට දායක වු සියලු දෙනාට ඇරයුම් කර තිබුණ අතර, එදිනම තිරගත වන ‘රායිස්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ෂාරුක් ඛාන්ද පැමිණි අමුත්තන් අතර සිටීම විශේෂත්වයක්.
කරන් ජෝහාර්, අමීෂා පටෙල්, සායිෆ් අලී ඛාන්, කරිනා කපූර්, සල්මාන් ඛාන්, රන්වීර් සිං, අර්ජුන් කපූර්, අනිල් කපූර්, සෝනම් කපූර් ඇතුළු ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන් පිරිසක්ද පැමිණි බවද සඳහන්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd