ලෝක රතු කුරුස මර්ග ධාවන තරග මාලාව මේ මස 8 වැනිදා මාතරදී පැවැත්වේ. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් මෙවර තරගමාලාව වඩාත් සංවිධානාත්මකව පවත්වන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් සුදත් මඩුගල්ල මහතා පැවසීය.
මාතර මිදිගමදී පිරිමි තරගයත් හා මිරිස්ස පැරණි මහ විදුහල අසලින් කාන්තා තරගයත් ආරම්භ වේ. තරග අවසානය මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගනය අසලිනි.
මෙවර තරගමාලාවට තරගකරුවෝ 500 ක් පමණ සහභාගිවන අතර අන්තර්ජාතික රතුකුරුස කමිටුව ඒ සඳහා අනුග‍්‍රහය දක්වයි.
අන්තර්ජාතික රතු කුරුස සමාජය, අන්තර්ජාතික රතු කුරුස කමිටුව, අන්තර්ජාතික රතු කුරුස හා රතු අඩ සඳ සමාජ සම්මේලනය, ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය හා මාතර දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය තරගාවලිය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට සහයෝගය දක්වයි.
තරගාවලිය පිළිබඳව රෝහිත පතිරත්න මහතාගෙන් (දුරකථන අංකය 0773171089) විමසීම් කළ හැකිය. රුපියල් 25,000 සිට 2500 දක්වා 10 වැනි ස්ථානය තෙක් විවෘත පිරිමි තරගයේ ජයග‍්‍රාහකයන්ටද රුපියල් 10,000 සිට රුපියල් 1000 ක් දක්වා 10 වැනි ස්ථානය තෙක් විවෘත කාන්තා තරගයේ ජයග‍්‍රාහිකාවන්ට ද මුදල් තෑගි ප‍්‍රදානය කෙරේ.
සියළුම තරගකරුවන් හා තරගකාරියන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණක් තරග වැදීමේ අවස්ථාව ලැබෙනු ඇත.
රතු කුරුස මාර්ග ධාවන තරග මාලාවේ ඉසව් පැවැත්වෙන ආකාරය
* පස්වරු 4.15: මිනි මැරතන් තරගය (පිරිමි- විවෘත- මිදිගම සිට මාතර සනත් ජයසූරිය පිටිය දක්වා)
* පස්වරු 4.15: විවෘත- කාන්තා තරගය (කිලෝමීටර් 10 ට) මිරිස්ස සිට මාතර සනත් ජයසූරිය පිටිය දක්වා.
* පස්වරු 4.15: වයස 20 න් පහළ පිරිමි තරගය (කිලෝමීටර් 10: මිරිස්ස සිට මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනය දක්වා)
* පස්වරු 4: විවෘත ඇවිදීමේ තරගය (කිලෝමීටර 2 යි නූපේ සිට මාතර මාධ්‍යම බස් නැවතුම්පොළ දක්වා)
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතු කුරුස මාර්ග ධාවන තරගය 8 දා මාතරදී
ක්‍රිෂ් Monday, 06 May 2013 01:22 PM
තරඟවදින්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය විමසීම වැදගත්. (ස)