‘ත්‍රස්තවාදය ඉවත් කර නිදහසක් ලබාදුන් රණවිරුවන් කළ පරිත්‍යාගය නිසා අද අපේ රට ආරක්ෂා වෙලා තිබෙනවා. අපේ යුතුකම තමයි ඒ අයට සහන ලබාදෙන එක. ඒ නිසා අප වරප්‍රසාද කාඩ්පතක් හඳුන්වා දී තිබෙනවා. එයින් අපේ රණවිරුවන්ට අවශ්‍ය ප්‍රතිලාබ අධ්‍යාපනික වශයෙන්, වාණිජ වශයෙන් වරප්‍රසාද රැසක් ලබාගැනීමට හැකිවී තිබෙනවා‘ යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ රණවිරු සාමාජිකයන් සඳහා විරුසර වරප්‍රසාද කාඩ්පත හඳුන්වා දීමේ උත්සවය අද (11) ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්වූ අවස්ථාවේ දී පැවසීය.
මෙහි ප්‍රථම අදියරේ දී වාණිජ ආයතන රාජ්‍ය හා පෞද්ගලික බැංකු රෝහල් වැනි ආයතන 45ක් විසින් ප්‍රතිලාබ හා වට්ටම් ප්‍රදානය ජනවාරි 25 වැනිදා ජනාධිපති හා අගමැති සහභාගිත්වයෙන් කාඩ්පත හඳුන්වාදීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක අංශ සාමාජිකයන් කොටි මරාගෙන මැරෙන සාමාජිකයා අත් අඩංගුවට ගත්ත නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා එදා බේරුණා. ඒත් රටේ කැබිනට් ඇමැති කෙනෙක් මරන්න ආපු මිනිමරු කොටියට නිදහස දීපු ආණ්ඩුව කොටි ඔත්තු කාරයෙකුව මැරුවා කියලා හමුදාවේ කී දෙනෙක් අද අත්තඩංගුවට ගෙන තියෙනවා ද?මෙවා නිකම් බොරු සංදර්ශන (බ)
රණවිරුවෝ තමගේ ජිවිත පරදුවට තබා රට බේරාගැනීම සෑම පුරවැසියෙකුම මතක තබා ගතයුතු ගරුකළ යුතු කාරනාවක්.එවැනි කැපකිරීම් කල රණවිරුවන්ගේ ගෞරවය නැතිකරන සමහරක් රණවිරුවෝ කරන වැරදි වලට දඩුවම් ලැබිය යුතුයි.(කෞ)
ලොකුම වරප්‍රසාදය නිසි ගරුකිරීම (ම)
හොඳ දෙයක් (නි)
එතකොට, යුද්ධයට දායක වෙලා, දැන් විශ්‍රාම ලබා සිටින ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන් අමතක කරලාද ?(අ)