රට වෙනුවෙන් දිවි පිදු රණවිරු සැමරුම් පිංකමක් ඕස්ට්‍රේලියාවේ දී සෙනසුරාදා (17) පැවැත්වීමට නියමිතය.
කිස්බරෝ ධම්මසරණ විහාරයේදී සෙනසුරාදා රාත්‍රී 7.30 ට දම් දෙසුමකි.වල්පොල ගෝතම හිමියෝ ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා වැඩම කළහ.
ඉරිදා (18) දහවල් සාංඝික දානයක් පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ නම මෙල්බොර්න් සල්ලි කාරයන්ගේ පන්සල. මේකේ ඉන්න නායක හාමුදුරුවෝ කෙනෙක් පන්සලට අාවම එලියට එන්නේ මිනිහ ආපු වාහනය අාවාස ගේ ඇතුලේ ඉඳන් හොරෙන් බලල...මිනිහ ඇවිල්ල තියෙන්නේ බෙන්ස් වගේ නම් හිනා වෙලා එළියට එනව. (ස)
රොහාන් මෙල්බර්න්, ඔබ කියන දේ ගැන මම තර්ක කරන්නේ නැහැ. නමුත් මේ හාමුදුරුවෝ පැමිණි දින පටන් පන්සල දියුණු වුණා. ඒ නිසා අපි ගිහියන් හැටියට සුළු සුළු අඩුපාඩුකම් අමතක කර දැමිය යුතුයි. (නි)
ඉතා යහපත් කාර්යයක්. සතුටු සිතින් අගය කරමි. (නි)
මම මේ කියන්නේ වගකීමෙන්. මම මේ පන්සලට යන්න පටන්ගතේ අවුරුදු 18ක් පරණ කබල් කාර් එකකින්. දැන්නම් යන්නේ ටිකක් වටිනා කාර් එකකින්. නමුත් එදා සිට අද වෙනකම් ලොකු හාමුදුරුවෝ අපිට සලකන්නේ එකම විදියට. මම මෙල්බර්න් තියෙන හැම පන්සලකටම පහන් සිතින් යනවා. කවදාවත් මිනුස්සු කියන නරක දේවල් දැකල නැහැ. කරුණාකරලා කට කතා අහන්නේ නැතිව පහන් සිතින් පන්සල් වලට ගොඩවෙලා බලන්න. මෙල්බර්න් වැඩ සිටින කිසිම හාමුදුරුවෝ නමක් සැප විඳින්නේ නම් නැහැ. ඔවුන්ගේ කැපකිරීමට අපි සෑම විටම ගරු කරමු. (නදී)