ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අභියස රණවිරු ස්මාරකය අසල දී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි. කතානායක චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ මැති ඇමැතිවරු ද මියගිය රණවිරුවන්ගේ ඥාතිහු ද මෙම අවස්ථාවට එක්වූහ.