මාර්ගය පුළුල් කිරීම සඳහා ගලවා ඉවත් කළ කුරුණෑගල රණවිරු ස්මාරකය යළි ස්ථාපනය කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති අද ආරක්ෂක ලේකම්වරයාට නියෝග කළේය.
මෙම ස්මාරකය ගලවා ඉවත් කර වෙනත් සුදුසු ස්ථානයක පිහිටුවන බව එය ගලවන්නට පෙර මාර්ග සංවර්ධන අධිකාරිය හා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය. එහෙත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය කළහ.
යහපාලන රජයට අවශ්‍යවී ඇත්තේ මේ රටේ යුද්ධයක් සිදු නොවූවා සේම රණවිරුවන් කොට්ඨාසයක් නොසිටියා යැයි පෙන්වීමට බවත් එබැවින් රණවිරු ස්මාරක කඩා ඉවත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (31) කුරුණෑගල දී පැවසීය.
කුරුණෑගල මාලිගාපිටිය අසල රණවිරු ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයක් අවසන රණවිරු පවුල්වල සාමාජිකයන් හමුවී රාජපක්ෂ මහතා එසේ කීවේය.
එම රණවිරු ස්මාරකය ඉවත් කළේ මාර්ගය පිළිසකර කිරීමට බවත් එය මාර්ගය අලුත්වැඩියාවෙන් පසු යළි සුදුසු ස්ථානයක ඉදිකරන බවත් ඇමැති රාජිත සේනාරත්න අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
රණවිරු ස්මාරකය තිබුණාට වඩා අලංකාර නව නිර්මාණශීලී එකක් ලෙස ඉදිකරන ලෙස උපදෙස් දුන් බවත් පිරිසක් මෙය කඩා ඉවත් කළ බව කියමින් බොරු ප්‍රචාර ගෙනයමින් ජනතාව නොමග යැවීමට දරණ උත්සාහය හෙළාදකින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඇමතිතුමා කියාතිබෙන සුදුසු ස්ථානය කුමක්ද? (නි)
පැහැදිලිව කියලා තිබුනා මේ අලුත්වැඩියා කටයුතු ඉවර උන ගමන් රණවිරු පිළිමය නැවත ප්‍රතිස්ටපනය කරනවා කියලා. (ර)
මේ තරම් අවිංසාවාදියෙක් තවත් ඉන්නවාද (අ)
අභිරහස් විදියට මිනිසුන් මැරුණ වෙලාවේ නිහඬව හිටපු මෙතුමා සිමෙන්ති පිළිමයක් කැඩුවට කලබල වෙලා තියෙන හැටි. (ම)
ලුම්බිණි මෙතුමා නොඉන්න කොටි බෝම්බ ප්‍රහාර වලින් ඔබත් මෙලහකට අතුරුදන් වෙලා (බ)
උතුරේ බුදු පිළිම කඩනවා, ඇමතිලා හදාපු මං තීරු කඩල මිනිස්සු විරුද්ධ වෙන කොට ආයිත් හදනවා, පල්ලෙහා රණවිරු ස්මාරක කඩනවා. උතුරට වෙනම පාලනයක් ඉල්ලා ඉල්ලා කොළඹ දෙමල මහා විදුහල් හදන්න යනවා. යාපනේ සිංහල විශ්ව විද්‍යාල සිසුන්ට පහර දෙනවා,පැහැදිලිද?.නියම සංහිදියාව නේද පී. ජයා . (බ)
රජය කියපු දෙයක් කල්පනා කරන්න බැරි කෙනෙක් ද යලිත් වරක් බලය ඉල්ලන්නේ ? මහජනයා කුපිත කරවා රටේ අසහනයක් ඇති කිරීමට ගන්නා හැම ක්‍රියාවක්ම පිළිකුලෙන් හෙළ දැකිය යුතු වෙනවා (බ)
අනේ පිටබැද්දර ජයෝ, ඔයාට දුරකථන ඇමතුමක් දීලද පැහැදිලිව කියල තිබ්බේ? උද්ඝෝෂණ නොවුන නම් බලන්න තිබුන...ඕකට තමා කියන්නේ දැක්කොත් බුවා නොදක්කොත් එබුවා...(බ)
යහපාලනය අතින්. සුළු වැරද්දක් වුනත් රෙදි කරේ තියන් ටකරන් මඩුවක් හොයාගෙන මිනිසුන්. කෝප කරවනවා (බ)
වේදනාවෙන් පෙලෙන සමහරක් මේවගේ දේකින් දැන් වේදනාව දින දෙක තුනකට සමනය කරගන්නවා. ඒ අයට මේ වගේ දේවල් නිකන් එදා වේල හොයාගන්නවා වගේ තමා. (බ)
අභිරහස් ලෙසත්, ප්‍රසිද්ධියෙත්, රැයෙත් දවාලෙත් මේ රටේ එකිනෙකා මරාගත් යුගයක් නිමාකර සියලු පුරවැසියන් හට සාමය උදාකර දුන් යුගයේ උදාරතර ජන නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා. එතුමාට එම කාර්යයේදී දිවි හිමියෙන් සහාය දුන් අපගේ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ ස්මාරක කඩා බිද දමන විට එතුමාට පමණක් නොව ඕනෑම දේශප්‍රේමියෙකුගේ හදවතට වේදනාවක් දැනීම ස්වභාවිකයි. (බ)