ප්රංශයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානය වසරක් පාසා පවත්වන රණවිරු උපහාර උළෙල මැයි 08 වැනි දා පැරීසියේදි පැවැත්විණි . ප‍්‍රංශයේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන, ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ ආනන්ද , ප‍්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥානිස්සරහිමිවරු ද තානාපති කාර්යාලයේ නිලධාරීහු ද තවත් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ. පැමිණ සිටි පිරිස රණවිරුවන් වෙනුවෙන් පහන් දල්වා රෝස මල් පුදා ඔවුන් සැමරූහ. ගිහි පැවැති දේශන කිහිපයක් ද මෙහි දී පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රණවිරු උපහාරය ප්‍රංශයේ දී මහ ඉහළින්
නාලක බස්නායක Sunday, 11 May 2014 02:26 AM
මමත් සහභාගි වුණා ඊයේ තිබුන රණවිරු උපහාරයකට .මම දැනගෙන සිටියේ නැහැ පන්සලෙත් ඒකත් කළා කියලා. නැත්නම් ඒකටත් සහභාගි වනවා. හැබැයි එකතැනක සෑම සිංහලයෙක්ම එකට එකමුතුව කළා නම් ලස්සනයි (නි)
මහරුෆ් මොහොමඩ් Sunday, 11 May 2014 03:10 AM
අපේ රණවිරුවෙක් පැරිසියේදී මෙට්රෝ එකට හැපිලා මැරුණා මතකද? ඒ සහෝදරයාගේ නම පොඩ්ඩක් සඳහන් කරන්න පුලුවන්ද? (නි)
නාලක බස්නායක Sunday, 11 May 2014 06:54 PM
මැයි මාසයේ අට වැනිදා මුළු ප්‍රංශයේ ම නිවාඩුයි. 1945 ලෝක යුද්ධයේ ජයග්‍රහණය සමරනවා. එදාම අපේ රණ විරුවන්වත් ප්‍රංශයේ දී සමරපු එක සතුටුයි (ස)
විධුෂක Sunday, 11 May 2014 06:55 PM
සුනිල් ආනන්ද සොයුර, 2014-05-10 21: 52:56 දින හා කනිසමේ මගේ අදහස මම ඉවත් කර ගනිමි. කරුණාකර මටත් සමාවන්න. (ස)
රොහාන් දයාදර Sunday, 11 May 2014 12:47 PM
එදා රාම රාවනා යුගය පසුව එළාර දුටුගැමුණු යුගය මෙදා වසර 30ක ත්‍රස්ත යුගය නිමා කොට ශ්‍රී ලංකික ජනයාට මතු පරපුරට නිදහස් නිවහල් සාමකාමී මංගල්ල්‍යය උදා කල ඇස,හිස්,මස්,ලේ, ජිවිත පුජා කොට, සාදාකාලික ආබාදිත වී රට ජාතින්,ආගම් බේරාගත් අභිත රණ විරුවන් සිහිපත් කරමින් ලොවට හඬගා කියන මේ උතුම් උපහාරය මල්, ඉටිපන්දන් දෝත දරා ඒ හැඩකාර හැන්දෑව ගැන මට පවසන්න අප ශබ්ද කෝෂයේ හඬ 1000කට වැඩියෙන් ඇතත් අනන්ත අප්‍රමාණ විශ්වය තුල ඇති නිල් අහස මට මදි ලියන්න. මහා මුහුදේ දියරය මදි මගේ පන්හිඳ තෙමන්න. මෙවන් අති උතුම් උත්සව නිපද වූ හා සහභාගී වූ සැමට චිරන් ජයතු. (ස)
සුනිල් ආනන්ද පැරිස් Sunday, 11 May 2014 01:01 PM
එදා මම රැකියාවේ නිරත වූ නිසා නිශ්චල ඡායා පිටපත් මා සතුව නොමැත. මට ලැබුනේද නැත. එම නිසා කරුණාකර මට සාමාවන්න. (ස)
විධුෂක Saturday, 10 May 2014 09:52 PM
පින්තූර නොමැති මෙම පුවත කවන්දයකි. (ස)
මුතුනායක Saturday, 10 May 2014 10:41 PM
ලස්සන වැඩක්. (ස)
පුෂ්පසිරි පැරිස් Saturday, 10 May 2014 10:45 PM
පැරිසියේ කිහිප පොලක මෙම රණවිරු උපහාර කරා . ඔවුන් සියල්ල එකට කළා නම් ඉතා වටිනවා .සමගිය බලය වේ . (ස)
නිහාල් Saturday, 10 May 2014 10:58 PM
සුනිල් ආනන්ද, කෝ ෆොටෝ..? කරුණාකරලා ෆොටෝස් ටිකත් අපිට බලන්න සලස්වන්න.(ස)