ප්රංශයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංවිධානය වසරක් පාසා පවත්වන රණවිරු උපහාර උළෙල මැයි 08 වැනි දා පැරීසියේදි පැවැත්විණි . ප‍්‍රංශයේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන, ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති කෝ ආනන්ද , ප‍්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥානිස්සරහිමිවරු ද තානාපති කාර්යාලයේ නිලධාරීහු ද තවත් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ. පැමිණ සිටි පිරිස රණවිරුවන් වෙනුවෙන් පහන් දල්වා රෝස මල් පුදා ඔවුන් සැමරූහ. ගිහි පැවැති දේශන කිහිපයක් ද මෙහි දී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් සහභාගි වුණා ඊයේ තිබුන රණවිරු උපහාරයකට .මම දැනගෙන සිටියේ නැහැ පන්සලෙත් ඒකත් කළා කියලා. නැත්නම් ඒකටත් සහභාගි වනවා. හැබැයි එකතැනක සෑම සිංහලයෙක්ම එකට එකමුතුව කළා නම් ලස්සනයි (නි)
අපේ රණවිරුවෙක් පැරිසියේදී මෙට්රෝ එකට හැපිලා මැරුණා මතකද? ඒ සහෝදරයාගේ නම පොඩ්ඩක් සඳහන් කරන්න පුලුවන්ද? (නි)
මැයි මාසයේ අට වැනිදා මුළු ප්‍රංශයේ ම නිවාඩුයි. 1945 ලෝක යුද්ධයේ ජයග්‍රහණය සමරනවා. එදාම අපේ රණ විරුවන්වත් ප්‍රංශයේ දී සමරපු එක සතුටුයි (ස)
සුනිල් ආනන්ද සොයුර, 2014-05-10 21: 52:56 දින හා කනිසමේ මගේ අදහස මම ඉවත් කර ගනිමි. කරුණාකර මටත් සමාවන්න. (ස)
එදා රාම රාවනා යුගය පසුව එළාර දුටුගැමුණු යුගය මෙදා වසර 30ක ත්‍රස්ත යුගය නිමා කොට ශ්‍රී ලංකික ජනයාට මතු පරපුරට නිදහස් නිවහල් සාමකාමී මංගල්ල්‍යය උදා කල ඇස,හිස්,මස්,ලේ, ජිවිත පුජා කොට, සාදාකාලික ආබාදිත වී රට ජාතින්,ආගම් බේරාගත් අභිත රණ විරුවන් සිහිපත් කරමින් ලොවට හඬගා කියන මේ උතුම් උපහාරය මල්, ඉටිපන්දන් දෝත දරා ඒ හැඩකාර හැන්දෑව ගැන මට පවසන්න අප ශබ්ද කෝෂයේ හඬ 1000කට වැඩියෙන් ඇතත් අනන්ත අප්‍රමාණ විශ්වය තුල ඇති නිල් අහස මට මදි ලියන්න. මහා මුහුදේ දියරය මදි මගේ පන්හිඳ තෙමන්න. මෙවන් අති උතුම් උත්සව නිපද වූ හා සහභාගී වූ සැමට චිරන් ජයතු. (ස)
එදා මම රැකියාවේ නිරත වූ නිසා නිශ්චල ඡායා පිටපත් මා සතුව නොමැත. මට ලැබුනේද නැත. එම නිසා කරුණාකර මට සාමාවන්න. (ස)
පින්තූර නොමැති මෙම පුවත කවන්දයකි. (ස)
ලස්සන වැඩක්. (ස)
පැරිසියේ කිහිප පොලක මෙම රණවිරු උපහාර කරා . ඔවුන් සියල්ල එකට කළා නම් ඉතා වටිනවා .සමගිය බලය වේ . (ස)
සුනිල් ආනන්ද, කෝ ෆොටෝ..? කරුණාකරලා ෆොටෝස් ටිකත් අපිට බලන්න සලස්වන්න.(ස)