මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා රචනා කළ රණමග ඔස්සේ නන්දිකඩාල් කෘතිය මිලයට ගැනීමට අද දිනයේදීත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි පාඨකයින් අතර තිබුනේ දැඩි උනන්දුවකි.
තම පාඨකයින් හමුවීමට ගුණරත්න මහතාද පැමිණ සිටි අතර ඔහුගේ සමරු අත්සන ලබාගැනීමට පාඨකයෝ පෝලිම් ගැසී සිටිනු දැක ගැනීමටද හැකි විය.
මෙරට කෙටිම කාලයදී වැඩිම පිටපත් සංඛ්‍යාවක් විකිණී ගිය කෘතිය මෙය විය හැකි බව විජිත යාපා ඇසෝසියේට් සමාගමේ සාමාන්‍යාධිකාරී ලක්ෂ්මන් සිරිවර්ධන මහතා පැවසුවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසා, මේ පොත මම කියෙව්වා. මේ පොත ලියලා තියෙන්නේ, ත්‍රස්තවාදී මර්දන සමයේ එතුමාගේ අත්දැකීම් ගැනයි. මෙතුමා ජරාජීර්ණ දේශපාලකයෙක් නොවෙයි. (නි)
යුද්ධධයේ දී මේ රණවිරුවන් කළ කැපකිරීම සංහිඳියා නාමයන් විනාශ කිරීමට ඉඩදෙමුද? රණවිරුවාණෙනි, ඔබට ජයෙන් ජය!!! (නි)
අපේ සුබ පැතුම්! ඔබට තෙරුවන් සරණයි! (නි)
අනේ අම්මපා! දිසා වගේ අය අපේ රටේ තාම ඉන්නවා. ඉස්කෝලයකට වැස්සටවත් ගිහිල්ලා නැහැ වගේ (නි)
දිසාට දැන් දිශාව හොයාගන්න බැරුව වගේ. (නි)
දිසා , බුදුන්ට ගල් පෙරළපු අයත් හිටියනේ. (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! හරිම සතුටුයි (නි)
හැබැයි තවත් කවුද කියලා තිබුනා නේද ඊට වඩා ශබ්දකෝෂය විකිණුනා කියලා? (නි)
මේ දවස්වල එන්ජිඕ ඩොලර් කපුටන්ගේ කහම්බිලියා ගෑවිලා වගේ දැඟලිල මේ පොත විකිණෙන හැටි දැකලා. කමල් ගුණරත්න ජෙනරල්තුමාට අපේ ප්‍රණාමය මෙහෙම පොතක් ලිවිම පිළිබඳව. (නි)
බොහොමයක් 'යහපාලන' වාදීන්ගේ ඇස්වල කටු අනිනවා වගේ මේවා දැක්කම! (නි)
රණවිරුවන්ව අගය කරන පොඩි හරි කොටසක් රටේ තාමත් ඉන්න බව දැකීම බොහොම සතුටක්. රටේ මුළු ජගහණයෙන් බොහොම සුළු ප්‍රතිශතයක් වුණත්, ඒ උදවියගේ උනන්දුව දැක්කම ආණ්ඩුවට සහ ඉල්ලන සියල්ල ලබාදී උතුර සතුටු කිරීම සහජීවනයයි විශ්වාස කරන සංහිඳියාවාදින්ට නයට අඳුකොළ වගේ බව පේනවා කියන කියමන් වලින්. (නි)
පොත් ගන්න සමහරු නම් නිකන් රැල්ලට ගන්නවා වගේ. කොහොම වුණත් යුද්ධය කියන්නේ තාමත් හොඳ මාර්කට් එකක් තියෙන දෙයක් බව පේනවා. (නි)
කමල් ගුණරත්න ජෙනරල්තුමාට මගේ ප්‍රණාමය, මෙහෙම පොතක් ලිවිම පිළිබඳව. රණවිරුවාණෙනි, ඔබට සුබ පැතුම්! (නි)
අතිවිශිෂ්ටයි සර්! (නි)
නියම රණවිරුවෙකු ලෙස කළ සේවයට නොදෙවෙනි තවත් විශිෂ්ට සේවයක් (නි)
නියමයි කමල් මහත්මයා, හොඳ වැඩක් කළේ (නි)
අබේවර්ධන, ඔයා කලබල වෙන්න එපා (නි)
සමාජයට යහපත් අරමුණකින් කරන දේකින් යහපත් ප්‍රතිඵල ලැබෙනවා (නි)
රටතොටේ සිද්ධවෙන දේවල් දිහා බැලුවහම පළපුරුදු ඔබතුමන්ලාගේ සේවය තවදුරටත් රටට අවශ්‍ය වේවි. (නි)
මේ පොත ඇතැම් අයට ඉවසුම් නොදෙන්නක් වී ඇති බවයි පෙනෙන්නේ. ඇත්ත එළිවෙන එකට මේ යහපාලනයට කඩේ යන අයට රිදිලා තියෙන්නේ මොකද? (නි)
මේ පොත අනාගතයේදී තවත් වටිනාකමක් එක්කරාවි (නි)
විශිෂ්ටයි සර්! (නි)
ඔබට ජය සර්! (නි)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
සෑම ගෙදරකම තිබියයුතු පොතක් (නි)
මෙහි සිටින ජනතාව ගැන ආඩම්බරයි. නියම සිංහල, කෙළෙහිගුණ ඇති පිරිසක්. අනිවාර්යෙන්ම මෙවැනි අය තමන්ගේ දෙමව්පියන්ව අමතක නොකරති (නි)
අපි රටින් පිට සේවය කරන අය. කොහොමද මේ පොත ලබාගන්නේ. ඔබට ජාතියේ ප්‍රණාමය. (නි)
ඔබතුමා සැබෑ විරුවෙක් (නි)
වීරෝධාර යුද සෙනෙවියාණනි, ඔබට ජය. කෙළෙහිගුණ දත් සිංහලයන් ඔබව කිසිදා අමතක කරන්නේ නැත. අමතක වන්නේත් නැත. එහෙත් බලපෙරේත දේශපාලනයට නම් නොවැටෙන්න. (නි)
ලෝකය දිනාගන්නවා කියා බටහිර පදයට පමණක් නටන අපගේ නායකයිනි, මේ පොතට ඇති ඉල්ලුම ඔබ ජනමත විචාරයක ප්‍රතිඵලයක් කරගන්න (නි)
ප්‍රිය විරුවාණෙනි, එදත් අදත් මම රණවිරුවන්ට ආදරය කරමි. එ් මන්දයත් රටට ආදරය කළ සියලුදෙනා එකට එකතුවී මව්බිම බේරාගත් නිසාවෙනි. අද අපි නිදහසේ හුස්මගන්නේ නිර්භීත ඔබ සිටි නිසයි. (නි)
මෙම ජනතාව තමා නියම කෙළෙහිගුණ තියෙන සිංහල ජනතාව (නි)
මේ පොත මම ගන්නේ මට කියවීමටත් වඩා මගේ දරුවන්ට දීමටයි (නි)
යහපාලනය නිසා තමා පොත එළිදකින්න අවස්ථාව ලැබුනේ. කලින් ආණ්ඩුවේ එ්ක කරන්න ලැබුනේ නැහැනේ. (නි)
ජයෙන් ජයම වේවා! (නි)
ශ්‍රේෂ්ඨ විරුවාණෙනි, ඔබට ජය! (නි)
නියමයි. මේකෙන්ම පේනවානෙ රණවිරුවන්ට තවමත් ඇති ගෞරවය (නි)
අපෙනුත් හදපිරි ප්‍රණාමය! (නි)
අපි ගාල්ලේ. අපිට ගන්න පොත් නැහැ. ගාල්ලට පොත් එවන්න. ඔබට ජය වේවා! (නි)
සුබ පැතුම්! (නි)
මුඵ රටටම සාමය උදාවේවා! (නි)
අපිට මෙම පොත ලබාගන්න විදියක් කියනවද? මොකද අපි රට රැකියාවල යෙදෙන අය නිසා (නි)
රණවිරුවාණනි, ඔබ අප හදවත් වලින් සදා නොමැකේ. පිරිසිදු චේතනා වලට දීර්ඝායුෂ ලැබේ. ඔබට දීර්ඝායුෂ වේවා! තෙරුවන් සරණයි!! (නි)
ජයවේවා සර්! (නි)
මේ වගේ දේවල් දකින්න ලැබීමත් සතුටක් (නි)
මම එදා ඉඳලම බොහොම ගෞරව කරපු වීරවරයෙක් තමයි කමල් ගුණරත්න. ඔහුගේ පොත ගන්න කීප දෙනෙකුටම කිව්වත් තාම එය මට ඉෂ්ට කරගන්න බැරිවුණා. විදේශ රටක සිටියත් කොහොමහරි පොත ගන්න උත්සාහ කරනවා. ඔබතුමාට ජය! (නි)
යහපාලන ආණ්ඩුව දැන් බයවෙලා ඇති. මේ පොත විකිණීම, ගෙවල්වල තබාගැනීම තහනම් කරයිද මන්දා. (නි)
සරත් හිතාගෙන ඉන්නේ තවම තියෙන්නේ අප්පච්චිගේ පාලනය කියලද.
ලංකාවේ ඉන්න බුද්ධිමත් පාඨකයෝ මෙච්චර පොත් කියවන රටේ, තම මනාපය දෙන්නේ, රට පාලනය කරන්නට දෙන්නේ නුසුදුසු අයට. (නි)
අනේ මැගී, ඔහොම කියන්න එපා (නි)
අතිවිශිෂ්ටයි සර්! (නි)
විරුවාණනි, ඔබ අප තුළ සදා අමරණීයයි.{කුහකයෝ කිහිප දෙනෙක් හැරුණුකොට} ඔබතුමාගේ මේ ප්රයත්නයෙන් පසු කුහක දේශපාලුවන්ගේ ඇස් රතු වී ඇති බව සක්සුදක් සේ පැහැදිලියි. ඔබ වැනි විරුවන් දේශපාලනය නමැති අසුචි වළේ නොවැටෙන තාක් ජනතාවගේ හිත තුළ ඔබ අමරණීයයි. තෙරුවන් සරණයි !!!!! (නි)
පොත මිලට ගත්තාට වඩා මට සතුටු රණබිමේ ගැටුණු මෙතුමාගේ කකුල් දෙක ළඟ නළල තියා මෙතුමාට වැඳ ගෞරව කිරීමට අවස්ථාවක් ලැබීමයි (නි)
ඔබට ජය. යුරෝපයේ අපිටත් මෙය ලබාගත හැකි මඟක් ඇත්නම්? (නි)
ඔබට සුබ පැතුම්! (නි)
සරත් ෆොන්සේකා මහතාත් මෙතුමා වගේ හිටියා නම් අද ඔබ දෙපල මේ ලක්පොළොවේ දිදුලන දියමන්ති වෙනවා (නි)
අපේ මිනිසුන් කවදත් රණවිරුවන්ට හදවතින්ම ආදරෙයි (නි)
ඔබතුමාට ජයෙන් ජය! මැරෙනතුරු අපි ඔබ සමඟයි. (නි)
ෆොන්සේකා මහත්තයාට නම් මෙහෙම පොතක් ලියන්න නොහැකිවේවි. මොකද ඔහුගේ දැක්ම දේශපාලනීකරණය වූ නිසා. (නි)
ඔබතුමාලා වගේ රණවිරුවන් දකිනවිට ඇස්වලට කඳුළු උනනවා සතුටට. ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. (නි)
මේක ආරම්භය වන්නට පුළුවන්. අවසානය දේශපාලන වේදිකාව වෙන්නත් පුළුවන්. (නි)
ඔබතුමා ජාතියටත් වැදූ මවටත් ණයනැති වීර ආනන්දියෙක්. චිරං ජයතු..! (නි)
රණවිරුවන්ට අපි කවදත් සළකනවා. ෆොන්සේකා මහතා සිරගත කළ එක මොනතරම් වැරදිදැයි දැන්වත් තේරුනාද? (නි)
මෙතුමාගේ පොත් පරිශීලනය කරනවා සේම එතුමා රුපවාහිනී මාධ්‍ය මඟින් විශේෂයෙන් අපේ රටටත් බාහිර ලෝකයටත් දෙන පණිවිඩය අහන්න. අපිට ජීවිතය දෙන්න අපේ වීරවික්රම රණවිරුවන් මොනතරම් කැපකිරීමක් කළාද කියා විශ්මයට පත්වේවි. මේ සෙන්පතිතුමා පවසන්නේ සංග්‍රාමයේ සැබෑ තත්වයයි. යම් කෙනෙක් එය නිවැරදිව වටහා නොගෙන සිටින්නේ නම් එතුමාගේ කතාව නැවත නැවත අහන්න. (නි)
මමත් මේ පොත මිලට ගත්තා (නි)
ශ්‍රේෂ්ඨ රණවිරුවාණෙනි, අපි ඔබ සමඟයි. (නි)
ඉතාමත් සතුටුයි. පිටරට ඉන්න අයට ගෙන්න ගන්න විදිහක් නැද්ද? (නි)
ලෙස්ලි ජයවර්ධන, ඇත්ත. ඒ කළදෙය (පක්ෂ බේදයකින් තොරව) කාටවත් දරාගන්න බැහැ. එතුමා රණවිරුවෙක් (නි)
රණවිරු කමල් ගුණරත්න මැතිඳුනි, ඔබට ගොඩක් පින්! අන්තිමට සිංහල අපට ඉතිරිවන්නේ මේ පොත පමණි. (නි)
ඔබතුමාට යුඒඊ සිටින අපේ ආචාරය! (නි)
ෆොන්සේකා මහතාත් මෙතුමා මෙන් දේශපාලනයට නොගියා නම් අද මුළු මහත් රටම ගරුකරන චරිතය වන්නේ ඔහුයි. එය මෙතුමාත් අාදර්ශයට ගනු අැතැයි සිතමි. (නි)
75 - 90%ක් මමයි යුද්ධය ඉවරකළේ කියන වෙනත් අය ඉන්න මේ රටේ, යුද්ධයට දායක වෙලා රටේ සාමය උදාකළේ කවුද කියලා දැන්වත් හඳුනා ගන්න. (නි)
ප්රතාපවත් මිනිසුන් සිහිකරමු. අප හැරගිය විරුවන්ද මේ මොහොතේ සිහිකරමු (නි)
කවුරු මොනවා කිවුවත් ඔබතුමා තමයි නියම නන්දිකඩාල් වීරයා. (නි)
ඉතාමත් සතුටුයි. තවත් අවුරුදු 50කින් පමණ මේ කෘතිය මහා කෘතියක් බවට පත්වේවි (නි)
ඔබතුමාට අපේ උත්තමාචාරය! (නි)
දේශපාලනයට නොයනතාක් ඔබ වීරයෙකි. (නි)
සුසිල්, බියගුල්ලන්ගේ කුහකයන්ගේ ප්‍රකාශ පිටුදකින්න මෙතුමා කිසිවිටෙකත් දේශපාලනය කළේ නැහැ. සතුරන් වනසා ඉදිරියට ගිය සෙබළෙක්. ඔහු සමඟ සිටි 53 බල සේනාංකයට අපේ උත්තමාචාරය! කිසිවිටකත් පසුබැස්සේ නැහැ (නි)
මෙවැනි පොත් සිනමාවටත් නඟන්න කාලය හරි. (නි)
ජාතිය වෙනුවෙන් ඔබ කළ සේවයට බොහොම ස්තූතියි ! ඔබ ගොඩක් දේශපාලනඥයන්ට පාඩමක් කියා දී තිබෙනවා. (බ)
ඔබතුමා නම් දේශපාලනයට ගිහින් අනිත් අය වගේ කුණුවෙන්න එපා. ඔබ නම් සැබෑම රණවිරුවෙක්. ඔබට සුභ පැතුම්! (නි)
දේශපාලනයට එන්න, ඊළඟ පොදු අපේක්ෂකයා වෙන්න (නි)
මේ පොත අනාගත පරපුරට හොඳ දායාදයක් (නි)
රණවිරුවාණෙනි , ඔබට සුබ පතමි! (නි)
රණවිරුවාණනි, ඔබට ජය! (නි)
මෙන්න නියම රණවිරුවෙක් (නි)
එදා මේ පොත ලිව්වා නම් හිරේ යන්නත් වෙයි. යහපාලනය ප්රජතන්ත්රවාදියි. (නි)
ඔබට අපෙන් හදපිරි සුබපැතුම්! (නි)
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගෙන් මම ඉල්ලිමක් කරන්න කැමතයි. කිසිදිනක ඔබ දේශපාලන වේදිකා වලට නම් ගොඩ වෙන්න එපා. එපිට ඔබේ කීර්ති නාමය කිළිටිවේවි. මේ පොත ලිව්වට ගොඩක් අයට හිතට අමාරුයි (නි)
රණවිරුවන් අප වෙත ලබාදුන් නිදහස කිසිවිටක අමතක නොමැති බව මෙයින් පෙනේ. ඔබතුමාට සුබ පැතුම්.! (අ)
අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිඳු ඇතුළු රණවිරු ඔබසැමට අපි ජාතිජාතිත් ණයගැතියි 。(අ)
රණවිරුවාණෙනි, අපේ සුබ පැතුම්! (නි)
මේ සෙනඟ දැක්කම අර තවත් කවුද කෙනෙක් ලියනවා කියපු පොත ලියන එකක් නැහැ. එයා පෙරලපු පොත් වල හැටියට ඒ පොත නම් සල්ලිවලට තියා නිකන් දුන්නත් කවුරුත් ගන්න එකක් නැහැ. (අ)
ෆොන්සේකද දේශාපානය කරන්නේ නැතුව හිටියානම් හත් පොලේ ගන්නනේ නාතුව ඉන්න තිබුණා.නියම රණ විරුවක් විදියට (අ)
උණුසුම් සුබ පැතුම්! (නි)
මෙතුමා රටට විශිෂ්ට සේවයක් කළ හමුදා නිලධාරියෙක්. මෙතන අදහස් දාලා තියන සමහරුන්ට අනුව යුධ ජයග්‍රහණය සිංහල ජනතාවගේ ජයග්‍රහණයක්ද? එතකොට එල්ටීටීඊ එක පැරදුන එක දෙමළ ජනතාවගේ පරාජයක්ද? මහින්ද රාජපක්ෂ පැරදුනු එක සිංහල ජනතාවගේ පරාජයක්ද? එතකොට මහින්ද රාජපක්ෂ හිටියා නම් එ්ක දෙමළ ජනතාවගේ පරාජයක්ද? කවුරුහරි දේශප්‍රේමියෙක් පැහැදිලි කරලා දෙන්නකෝ. (නි)
පසුගිය සමයේ මෙහෙම පොතක් ෆොන්සේකා මහතා ලිවුවා නම් මොනව වෙන්න තිබුනද? මේක තමා අපි බලාපොරොත්තු වුණ යහපාලනය. (නි)
මෙවන් දෙයක් අනාගත ජාතියට උරුම කරදීම ගැන ස්තූතියි! (නි)
ජයවේවා! විශිෂ්ටයි (නි)
පක්ෂ දේශපාලනයට නොගිහින් රටට මේ කියාදෙන පාඩම ගැන ඔබට සුභ පැතුම්! ඔබට මහත් පින්! (නි)
ඔබතුම ජාතික වීරයෙක් (නි)
යම් යම් පුද්ගලයින් මීටපෙර කළ නිර්මාණ මුදල් මත පිහිටා ලියනලද ඒවා වුවත් ලක් ඉතිහාසය තුළ ඔබ විසින් රචිත මෙය වටිනා කෘතියකි. ජයවේවා! සම්මා සම්බුදු සරණයි! දෙවි රැකවරණයි! (නි)
සුබ පැතුම් අපෙනුත්! (නි)
ශ්‍රී ලංකාවේ යුධ මානසිකත්වය අඩුවෙන්න තව කල්යනවා (නි)
මාගේ උණුසුම් සුභ පැතුම්! (නි)
නියම වීරයෙක්. ඔබට ශුභ පතමි. නමුත් කරුණාකර ප්‍රවේශම් වෙන්න.(ෆොන්සේකා දේශපාලනයට නොගියානම් ඔහුටත් මොන තරම් කීර්තියක් ලැබෙයිද. බල ලෝභය නිසා ඔහු නම් දැන් ඉනිමගේ පහලම තැන). (අ)
වැඩේ නම් හොදයි , නමුත් ඔබට පොතට ඇතුලත් කරන්න අමතක වූකාරනා වගයකුත් තියෙනවා . අර නයිට් රේස් වලට ඔබතුමාගේ රණ විරුවන් ලව්වා වැලි කොට්ට ඇද්දේවා එහෙම , ඔබතුමගේම රණවිරුවන් ලව්වා හිටපු දේසපාලකයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල අයට ඇදුම් අන්දපුවා එහෙම මේ පොතේ නැහැනේ ..? මට හිතන්නේ අමතක වෙන්න ඇති නේ . (අ)
ඔබ පොතෙන් ලැබෙන ලාබය රණවිරුවන්ට ලබාදීම තීරණය කිරීම ඇත්තක්ද? (අ)
ඉතා හොඳයි දෙවියන්ගේ පිහිටයි සර් (අ)