IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රණබිම රාජකීයයෝ පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් ශූරතාව දිනති

ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රණබිම රාජකීය පිල සමත්විය. අවසන් මහ තරගයේදී ආදි රාජකීය පිල ලකුණු 14/4 ක් ලෙස පරාජය කිරීමට රණබිම රාජකීයයෝ සමත් වූහ.

රණබිම රාජකීය පිලේ සුපුන් අබේසේකර තරගාවලියේ අගනාම කී‍්‍රඩකයා ලෙසින් සම්මාන ලැබූ අතර රණබිම පිලේම කි‍්‍රෂ්ණ හපුආරච්චි අවසන් තරගයේ වීරයා බවට පත්විය.

දක්ෂතම පන්දුවට පහරදෙන්නා ලෙස රණබිම රාජකීය පිලේ කි‍්‍රෂ්ණ හපුආරච්චිද, දක්ෂතම පන්දුව යොමු කරන්නා ලෙස රණබිම රාජකීය පිලේ ජයරත්නද, දක්ෂතම පන්දු රකින්නා ලෙස ආදි රාජකීය පිලේ අකලංක රණසිංහද සම්මාන දිනාගත්හ.

පළමු අවසන් පූර්ව තරගයේදී මෙරුන්ස් කී‍්‍රඩා සමාජය ලකුණු 10/1 ක් ලෙස පරාජය කරමින් ආදි රාජකීය පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර රණබිම රාජකීය පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා පිල ලකුණු 10/6 කින් පරාජය කරමිනි.

තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා වූ තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා පිල ලකුණු 10/2 ක් ලෙස පරාජය කිරීමට මෙරුන්ස් කී‍්‍රඩා සමාජය සමත්විය.

ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග‍්‍රහයෙන් සහ කී‍්‍රඩා සමාජ 25 ක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය දින 4 ක් පුරා කොළඹ විශ්ව විද්‍යාල කි‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

 

ටෙලිකොම් ආයතනයේ ප‍්‍රධාන අළවි නිලධාරී රොෂාන් කළුආරච්චි මහතා (වමේ) සහ ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා (දකුණේ) විසින් රණබිම රාජකීය පිලේ නායකයාට ශූරතා කුසලානය පිරිනැමූ අයුරු.....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අවසන් තරගයට සහභාගි වූ කණ්ඩායම් දෙක තරගයෙන් අනතුරුව ඡයාරූපයකට මුහුණ දුන් අයුරු

 



අදහස් (0)

රණබිම රාජකීයයෝ පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site