ත්‍රස්තවාදය පිටුදැකීමේ පස්වැනි විජයග්‍රණ සමරුව නිමිත්තෙන් ඇමෙරිකාවේ නිව්ජර්සි හි ප්‍රින්ස්ටන් විහාරස්ථානයේ දී සැමරුමක් පැවැත්විණි.
එක්සත්ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොනගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ඇමෙරිකාවේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ආරක්ෂක උපදේශක කර්නල් හරේන්ද්‍ර රණසිංහ ප්‍රමුඛ ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලංකා හමුදා නිලධරයෝ ද ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද සහභාගී වුහ.එහිදී හමුදා ධජද ආසිරි ගැන්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි පන්සලක යාඥාවක් තියන්නද ඔයා කියන්නේ. බෞද්ධයෝ එහෙමත් කරනවා. බහුතරයක් යුද්ධයෙන් මියගියේ සිංහල බෞද්ධයෝ. එහෙම අය සැමරීම වැරදිද ? කරන හොද දේ අගයන්න. කොහෙන් හෝ වරදක් හොයන්නේ නැතිව. (දී)
එම උත්සවය හොඳට පැවැත්තුවා. බෞද්ධ හැඩයක් ගන්නේ පන්සලක තිබුණු නිසා වෙන්න ඇති. පන්සලේ තිබුනට සියලුම ආගම් වලින් සහබාගි උනා. රට වෙනුවෙන් දිවි පිදු අපේ රණවිරුවන්ට අපේ ආචාරය! (නදී)
මෙම සැමරීම පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ පැවති දීර්ඝ කාලීන ත්‍රස්තවාදි ක්‍රියා සහ යුද්ධයේදී මියගිය සහ ආබාදිත වු සියලුම ආගම්/ජාති වල ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්. එම දිනයේ නියෝක් නිව් ජර්සි සහ අසල්වැසි ප්‍රදේශ වලින් සියලු ජාති/ආගම් වල ශි ලාංකිකයින් සහභාගී වුණා. එම දිනය නිව් ජර්සි විහාරයේ වෙසක් උත්සවය පැවැත්වුණු දිනයම වුනු නිසා, වැඩියෙන් බෞද්ධ ආකාරයක් පින්තුර වලින් පෙනෙනවා. (අ)
යුද ජයග්‍රහණයේ පස්වෙනි වසර අනුස්මරණය කිරීමට එක්වුණා නිව්යෝර්ක් හි වසන ලාංකිකයින් සිදුකර ඇත්තේ ශ්‍රේෂ්ට ක්‍රියාවක් යුද්ධයට උරදුන් රණවිරු ශවේන්ද්‍ර සිල්වා මහතා නිව්යොර්ක් හි සිටීම අපට ආඩම්බරයක්
එදින අපේ පන්සලේ වෙසක් උත්සවය තිබුණු දවස. අපේ වෙසක් උත්සවය අතරතුරදී තමා මෙම රණවිරු උත්සවය තිබුනේ. එය අපේ පන්සලේ පැවැත්වීමට හැකිවීම අපි ඉතා විශාල ගෞරවයක් ලෙස සලකනවා. අපිට මේ උත්සවය සහ වෙසක් උත්සවය පැවැත්වීමට බොහෝ දෙනෙක් උදව් උණා. ඒ හැමෝටම බොහොම පින්. ඔබට මේ උත්සවය තිබුණු පන්සල් ගැන දැනගන්න ඕනෙනම් www.njbv.org වලට යන්න. අඩි 32 උස ඇමෙරිකාවේ ලොකුම බුදු පිළිමය තියෙන්නේ මේ පන්සලේ.
කොඩි දමා තිබෙන ආකාරයට සහ පුජාවට දේවල් අරගෙන ඉන්න හැටියට විජයග්‍රණ සමරුවකට වඩා බෞද්ධ උත්සවයක ලකුණු තමයි පෙනෙන්නේ (අ).
සාමාන්‍යයෙන් කලගුණ දන්නේ ගොඩක් බොදු පිරිස් හින්ද වෙන්න ඇති. (ස)
අහිංසක මහ ජනතාව ජාති බේදයකින් තොරව පීඩා වින්දත් සිංහල බෞද්ධයන් ඉලක්ක කරලා තමයි වැඩිපුරම ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වුනේ. ඒ අයව විනාශ කරලා ලැබු විජයග්‍රහනය සැමරීමට අනිවාර්යෙන්ම රට වෙනුවෙන් දිවි පිදු සෙබළ පිරිසට පිංපෙත් පමුනුවන්න ඕන. කොහොමටත් ඒ රටේ අයුද ප්‍රදර්ශනයක් කරන්න බැහැනෙ. 2009/ මැයි මාසයට කලින් සහ වර්තමාන තත්ත්වය පාදක කරගෙන ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්තුවා නම් හොදයි නේද? (අ)
ධර්මපාල මහතා ඔබේ කොමෙන්ට් එකේ මුල් කොටසට මා හිසනමා ගරු කරනවා.හමුදාවට එකතු උනේ සිංහල බෞද්ධයෝ ( අපි අසල් වැසි අහිංසක සිංහල කොල්ලෝ ) මෙම ප්‍රකාශයත් මා පිලිගන්නවා නමුත් මෙය බෞද්ධ නොවන අනෙක් ලංකිකයෝත් උපරිම ලෙස සහබාගි කරගෙන කලානම් මින් මතුවට මේවගේ අනවශ්‍ය යුද්ධයකින් අපිට වැලකි ඉන්න පුළුන් කියන එකයි මගේ අදහස.(දී)
ලංකාවේ සාමාන්‍ය සිංහල දෙමල මිනිස්සු ඉතා හොදට මිතුරුව ජිවත් උනා. යුද්ධයක් ආවේ කොහොමද? යුද්ධය අරගෙන ගියේ කා විසින්ද? නිම උනේ කොහොමද කියල දන්නවනේ. සමහරු යුද්ධය තියාගෙන ඉන්න මොනතරම් මහන්සි උනාද. යුද්ධය නැතිකරන්න හමුදාවට එකතු උනේ සිංහල බෞද්ධයෝ. යුද්ධය නිසා පිඩාවට පත් හැමටම දැන් නිදහසක් තියනවා නේද? එහෙම නම්, ජිවිත හානි උන සෙබළුන්ට පින් දෙන්න, ගරු කරන්න හැම ජාතියකම යුතුකමක් නොවේද? (නදී)