(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.
ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ඒකාබද්ධ කෙරෙන වේදිකාවක් ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයේ ගෝලීය සම්මේලනය කටයුතු කරයි.
“ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යාපාර එක්සත් කරමින් – ඉදිරියට” මැයෙන් අද (25) සහ හෙට (26) යන දෙදින පැවැත්වෙන මෙම සමුළුව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 15ක ව්‍යාවසායකයෝ එක්ව සිටිති.
ගෝලීය වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම, නව ආයෝජන කැඳවා ගැනීම සහ ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් මෙරට ආර්ථිකයට සක්‍රීය ලෙස දායක කර ගැනීම පිළිබඳ සාකච්ඡා මණ්ඩපයක් සැකසීම මෙවර සමුළුවේදී සිදු කෙරේ.
මේ වන විට, ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බැවින් මෙරටට පැමිණ නොබියව අයෝජනය කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.
එහිදී, මීට එක්ව සිටි ව්‍යාපාරික ප්‍රජාව එම ආරාධනයට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීමද විශේෂත්වයක් විය.
මෙහි ජාත්‍යන්තර කවුන්සිල නියෝජිතයන් හට සංකේතාත්මකව ඇගයීම් තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
විදෙස් තානාපතිවරු සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ මහලේකම් ඇතුළු සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රටවල් 15ක ව්‍යවසායකයෝ ලංකාවට