IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටවල් 29 කට වැඩ පෙන්නයි

චීනයේ චැන්ග්චුන් නුවර පැවති  16 වෙනි අන්තර්ජාතික  ගණිත තරගාවලියේදී   රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම්  තුනක්, ලෝකඩ පදක්කම් හතක් සහ ගෞරව සම්මාන අටක්  දිනාගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක්  ගෙන ඒමට  ශ්‍රී ලාංකික පාසැල් සිසු සිසුවියෝ පිරිසක් සමත් වුහ. ඔවුහු අද  අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි මෙම සිසු සිසුවියෝ  ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී  අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිත ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ බී.ඩී චිත්තානන්ද බියන්විල,  සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගණිත කේ.ජී.එල් නිරීසා සහ සංවර්ධන නිලධාරිනී හෙලන් ජයසේකර  යන මහත්ම මහත්මීන්  විසින් මල් දම් පළදවා ඉතා උනුසුම් අන්දමින් පිලිගනු ලැබීය.

ජපානය, චීනය, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් 29 ක, කණ්ඩායම් 151 ක සිසු සිසුවියෝ  608 දෙනෙකු  තරග කළ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ජේෂ්ඨ අංශයේ  රන් පදක්කමක් ලබා ගැනීම මෙහි ඇති විශේෂත්වයකි.
මෙහිදී දරුවන් පිළිගනිමින් අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසූවේ ශ්‍රී ලංකික දරුවන් ලැබු මෙම සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය ඉතාමත් සතුටු වන බවයි.

එමෙන්ම වෙනදා කණිෂ්ඨ අංශයේ  පමණක් ශ්‍රී ලාංකව දස්කම් පෙන්වුවද මෙවර ජේෂඨ අංශයේ දරුවන්ද රන් පදක්කමක් ඇතුළු පදක්කම් ලබා ගැනීම ශ්‍රී ලංකාව ලැබු  විශාල ජයග්‍රහණයක් බවත් ඔහු කීවේය.

මෙහිදී  ගණිත අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ චිත්තානන්ද බියන්විල මහතා පැවසුවේ මෙම දරුවන්  අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගනිමින්   ශ්‍රී ලංකාවට අති මහත් කීර්තියක් ගෙන දුන් බවයි. එමෙන්ම දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන් ඔපවත් කර ශක්තියක් ලබා දුන් සියළු දෙනාට අධ්‍යාපන අමාතයංශය වෙනුවෙන් තමන් ස්තුතිවන්ත වන බවත් ඔහු  කීය. දරුවන් වෙනුවෙන් කරන  ආයෝජනය අනාගත ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සදහා වන බවට මෙය හොද සාක්ෂියක් බවත් ඔහු කීවේය.

මෙහිදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ  කේ.එස් කොඩිතුවක්කු සහ  කොළඹ රාජකීය විද්‍යාලයේ  එස්.එස් කොටුවේවත්ත යන සිසුහු රන් පදක්කම් දෙකක් හිමිකරගැනීමට සමත් වු අතර යාපනය හින්දු විද්‍යාලයේ  එන්. සිවමයින්දන් රිදී පදක්කමක් හිමිකරගත්තේය.

ලෝකඩ පදක්කම්ලාභීන් අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ජී.මානෙත් බානුල පෙරේරා සහ ඩබ්ලිව්.එම්.ඩී.එස්.එස් රණසිංහ, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඩී.එම්.යූ.එස් විෙජ්රත්න, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ එල්.බී.එන්.පී.එස් ද සිල්වා යන සිසුහු වෙති.
මෙහිදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලේ චනුද අනුසර ජයලත්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කේ.ෙජ්.වයි.එන් ජයසේකර, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ අයි.එම්.පී.ටී ගුණවර්ධන, එච්.එම්.ඒ යසිරු හේරත්,  ඩබ්ලිව්.එම්.අයි.වයි අබේසිංහ, කොළඹ රාජකීය විද්‍යාලයේ රුවිමල් යසන්ත පතිරාජ, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ එච්.එම්.සී.එන්.කේ බංඩාර, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ පී.එල්.ඩබ්ලිව් විතාන යන සිසුහු ගෞරව සම්මාන හිමිකරගත් අතර කෑගල්ල ස්වර්ණ ජයන්ති විදුහලේ ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්,එච්.ආර්.ටී.ඩී.ආර්.බී කිරිදන සහභාගීත්ව සහතිකයක් හිමිකරගෙන තිබිණි.

මීට අමතරව කණ්ඩායම් තරගවලදී  පළමු අනු ශූරතා කුසලාන 2  ක්  සහ දෙවන අනු ශූරතා කුසලාන 3 ක් හිමිකරගැනීමට මෙම සිසු සිසුවියෝ සමත් වුහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සිසු සිසුවියෝ 16 දෙනෙක් සහභාගී වු අතර  සංචාරය  සඳහා කණ්ඩායම මෙහයවිමන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අද්‍යාපන අධ්‍යක්ෂ  එච්.නයනි පෙරේරා, කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය  චානක්‍ය  විජේරත්න, ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ නියෝජිත රුසිරු රන්ගික ගම්බීර ආරච්චි  සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ  ගණිත ආචාර්ය ජී. සුනිල් ශාන්ත යන මහත්ම මහත්මීන්  සංචාරය  සඳහා එක්ව තිබුණි.

 1

(රන් පදක්කම් හිමිකරගත්   කේ.එස් කොඩිතුවක්කු සහ  එස්.එස් කොටුවේවත්ත)

2

(රිදී පදක්කමක් හිමිකරගත් යාපනය හින්දු විදුහලේ  එන්. සිවමයින්දන්)

7

(පදක්කම්ලාභීන්)

8

(ජේෂ්ඨ කණ්ඩායම)

3

(සංචාරයට එක් වු සියළු සිසුන්)

6

10 13 14 16 17 18 19 DSCF5701 DSCF5702 DSCF5704 DSCF5705 DSCF5706 DSCF5708 DSCF5709 DSCF5711 DSCF5713 DSCF5714 DSCF5715

 


 

 



අදහස් (0)

රටවල් 29 කට වැඩ පෙන්නයි

ටිරෝන් Sunday, 02 August 2015 10:56 AM

දරුවන් සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ඇන්ටන් Sunday, 02 August 2015 11:29 AM

සුබ පැතුම් ......(ම)

:       0       0

කීර්ති Sunday, 02 August 2015 12:15 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site