
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මකව ඇති යුද අපරාධ පිළිබඳව සොයා බලන සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන් 12 කට වැඩි ගණනකට ඇමෙරිකාව ලබා දෙන අරමුදල් කපා හැරීමට ධවල මන්දිරය යෝජනා කර ඇත.
මෙලෙස අරමුදල් කපා හැරීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉරාකය, නේපාලය, කොලොම්බියාව, බෙලරූස්, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, සිරියාව, යුක්රේනය සහ ගැම්බියාව යන රටවල ක්‍රියාත්මක වන යුද අපරාධ සොයා බැලීමේ සහ වගවීම පිළිබඳව කටයුතු කරන වැඩසටහන්ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතාගේ මෙරට සිවුදින නිල සංචාරයට සමගාමීව ධවල මන්දිරය ගෙන ඇති මෙම තීරණය අනාවරණය විය.
ඇමෙරිකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන අරමුදල් සමාලෝචනය කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ පිළිබඳ සාක්ෂි රැස් කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියද අරමුදල් හිඟයකට මුහුණදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2025 දෙසැම්බර් මස 04
628
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටවල් 12කට ඇමෙරිකා ආධාර නැති වේ
prasanna Sunday, 29 June 2025 01:46 PM
කිසි ප්‍රශ්නයක් නෑ... අපිට ඩයස්පෝරාවෙන් ඕන තරම් මුදල් ලැබෙනවා.
වික්‍රම විදුර Sunday, 29 June 2025 09:21 PM
අපේ රටේ අසාධාරණ විදිහට එහෙම කරපු අය ඉන්නවා නම් දඬුවම් කරන්න ඕනෑ... හැබැයි බොසෝ බ්‍රිතාන්‍ය, පෘතුගීසි, ලන්දේසි කොරපුවාත් හොයන්න ඕනෑ.... එහෙම කරලා අපි උන්ගෙන් වන්දි ගන්න ඕනෑ.. ඒතකොට ඔබලාගේ ආධාර ඕනෑ නෑ..
randil dunuwille Monday, 30 June 2025 08:15 AM
ඉස්රායෙල්-ඉරාන් යුද්ධය අතරතුරේදී, ඇමරිකාවට හුරේ දාපු අය එකතු කරලා දීපල්ලා