
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර සංක්‍රමණික දිනයට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් චිත්‍ර තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
“අපේ රටවිරුවෝ” යන තේමාවට අදාළ වන පරිදි ඕනෑම තේමාවකින්, දිය සායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, තෙල් සායම් ආදී මාධ්‍යයකින් චිත්‍ර නිර්මාණ බාරගනු ලැබේ. චිත්‍රය අගල් 18 × 14 ප්‍රමාණයකින් යුතු කඩදාසි හා කාඩ්බෝඩ් මතුපිටක් භාවිතා කරමින් නිර්මාණය කළ යුතුවේ.
මෙම තරගය මූලික ද්විතීයික, කණිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ හා ද්විතීයික ජ්‍යෙෂ්ඨ ලෙස අංශ 4ක් යටතේ පැවැත්වෙන අතර, එක් එක් කාණ්ඩය යටතේ ජයග්‍රාහකයින් තිදෙනෙකු බැගින් තෝරා වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
එසේම විශිෂ්ඨ කුසලතා සඳහා දොලොස් දෙනෙකුට සහ සැනසිලි ත්‍යාග වශයෙන් තවත් විසි දෙනෙකුට ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
මෙම තරගය සඳහා ඉදිරිපත්වීමට තරඟකරුගේ මව හෝ පියා පසුගිය වසර 10 තුළදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවේ නිරතව සිටි හෝ සිටීම අනිවාර්ය වේ. එක් තරගකරුවකුට එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි අතර, සියළුම චිත්‍ර පාසලේ විෂයබාර ගුරුභවතාගේ සහතිකය හා නියෝජ්‍ය විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමා හෝ මගින් මුද්‍රා තබා සහතික කර යොමුකළ යුතුවේ. නිර්මාණ ලබාගන්නා අවසන් දිනය පෙබරවාරි 28 වේ.
අයැදුම් කිරීමට හා වැඩි විස්තර කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස හෝ කාර්යාංශයේ සුභසාධන අංශයේ 011 2365471 / 2365017 යන දුරකථන අංක අමතා තොරතුරු ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd