
(සුජිත් හේවාජුලිගේ සහ රංජිත් රාජපක්ෂ)
පාන් පිටි, බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් රටපුරා පාන් බේකරි දෙදහසකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවැසීය.
පාන් පිටි ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් ඈත දුර බැහැර ප්‍රදේශවල පාන් බේකරි සියල්ලම පාහේ වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
බේකරි වැසීමෙන් එහෙම කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වූ ලක්ෂයකට වැඩි පිරිසක් සිය ජීවනෝපාය අහිමිවීමෙන් අසරණභාවයට පත්ව සිටින බව පැවසූ ජයවර්ධන මහතා බේකරි කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයූ ආයතන ගණනාවක්ද වැසී ගොස් ඇතැයි ප්‍රකාශ කළේය.
දැනට පවත්වාගෙන යන්නේ මහා පරිමාණ බේකරි ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් බවත් පාන් පිටි නිෂ්පාදන සමාගම් මහ පරිමාණ බේකරිවලට පමණක් පාන් පිටි බෙදාහරින හෙයින් දුෂ්කරතා මධ්‍යයේ වුව ඒවා මෙලෙස පවත්වාගෙන යන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු පළාත් කුඩා සහ මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා පැවසුවේ හෝටල් වල සිටින විදෙස් සංචාරකයන්ට පාන් පිටි හිඟය නිසා සැන්ව්ච්, පේස්ට්‍රි වැනි ආහාර ද්‍රව්‍ය සැපයීමට නොහැකිවීමෙන් සංචාරක කර්මාන්තයද මේ වනවිට බරපතළ තැනකට ඇද වැටී ඇති බවයි.
පාන් පිටි ගැටලුව නිසා දකුණු පළාතේ බේකරි වලින් සියයට හැටක් පමණ වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ පාන් පිටි ගැටලුව හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ඉහළ යෑම නිසා හෝටල් සහ ආපනශාලාද බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බවයි.
හෝටල් සහ ආපනශාලා පවත්වාගෙන යෑම මේ නිසා ලොකු ගැටළුවක්වී ඇතැයිද සම්පත් මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොඳයි. මතකද පාන් ගෙඩිය රුපියල් පනහට තිබුණු කාලේ කැඳගැන, අල බතල ගැන මහා ඉහලින් වර්ණනා කළා නේද? දේශප්‍රේමේ ඉහට ගහගෙන ඉන්න රටක් නේද ඉල්ලුවේ? අර "ඒකීය" කෑල්ලත් එක්කම දැන් රට තියෙන්නේ ෂෝක් එකට....!
රටපුරා බේකරි 2000ක් වැහිලා නම් එම බේකරි වලින් පාන් මිලදී ලබාගත් ජනතාව පාන් වෙනුවට බත් තෝරාගෙන ඇත.
ඇයි මේ තිරිඟු පිටිම හොයන්නේ? ඔන්න අපේ කට්ටිය ගන්නෝරුවේ සහල් පිටි වැඩේ පටන් ගෙනලු. දෙන්නකෝ සබ් එකක්. හදන්න සහල් පිටි පාන්.., බනිස් සහ අනිකුත් කෑම වර්ග... මුලදි වෙළඳාම පොඩ්ඩක් විතර අඩුවෙයි. පුරුදු වෙනකන්... හොඳට බඩ පිරෙන්න කියලා දැනුනාම වැඩි වැඩියෙන් ගනියි.
අනේ මන්ද, මම කරන රක්ශාවෙන් විශ්‍රාම ගියහම බෙකරියක් කරන්නම් කියල හිාගෙන හිටියෙ. මෙවගෙ නිවුස් දැක්කහම මෝ කචල්.