(ජයන්ත සමරකෝන්)
සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් රටපුරා සියලුම තැපැල් සේවකයින් හෙට (22) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
පැය 24 ක් පුරා පැවැත්වෙන මෙම සංකේත වැඩවර්ජනය අද (21) මධ්‍යම රාත්‍රී 12.00 ට ආරම්භ වී හෙට (22) මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වන බවද ඒ මහතා කීය.
බඳවාගැනීම් පටිපාටියට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත නොකිරීමට එරෙහිව මෙම ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රටපුරා සියලුම තැපැල් කාර්යාලවල සේවය කරන 26,000 ක් ද වෘත්තීය සමිති27 ක් ද සම්බන්ධවී සිටින බවද එම වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම වැටුප් වලින් අංක එක දොස්තරවරු, දෙක දුම්රිය සේවය, තුන තැපැල් සේවයද?
කොහොමහරි මාසේ පඩි දෙන දවසේවත් වැඩකරන්න.