‘රටට පණ දෙන්න මහින්ද රාජපක්ෂ අගමැති කරන්නැයි‘ අනුරාධපුරයේදී සටන් පාඨයක් කිම විහිළුවක් බවත් අවුරුදු 10ක් රට පාලනය කළ මහින්ද ඔහුගේ පවුලට පමණක් පණදුන් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොච්චියාගම නගරයේ පැවැති රැස්වීමකදී අද පැවැසීය.
ජනතාව මහින්ද රාජපක්ෂගේ දේශපාලන පාස්පෝට් එක තහනම් කර ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා රටට පණ දෙනවා වෙනුවට මහින්දට සේලයින් දිය යුතු යැයි වශයෙන් ඔවුන්ගේ සටන් පාඨය සංශෝධනය කළ යුතු යැයි ද කීය.
විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීම අවසානයේ අග්‍රාමාත්‍යවරයා ජනතාව අතරට ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරකදක නිරත විය. රාමසාන් උත්සවය සමරන සැමට සුභපතමින් අග්‍රාමාත්‍යවරයා සිය කතාව ආරම්භ කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔබතුමා ඊයේ කොහෙද හිටියේ ? ඇමරිකාවේ ගියද පුහුණුවෙන්න. දැක්ක නේද අනුරධපුරට ආපු සෙනග. යහපාලනය හමාරයි. ඔබතුමාගේ පාස්පෝර්ට් එක පරිස්සන් කරගන්න.(නදී)
අපෝ රට පාලනය කරපු හැටි දැක්කා (නදී)
ඔයාල බයවෙන්න එපා. මොකද වෙව්ලන්නේ. අර අර්ජුන මහේන්ද්‍රන්ට පාස්පෝර්ට් හදන්න කෝටි 6000 ක් ගියා නේද. එ්ත් වටිනවා. රටට නේ. (නදී)
මහින්දට සේලයින් අපට චුයින් ගම් වශයෙන් නිවැරදි විය යුතුයි.(නදී)
රටක ජාතීන් බෙදිලා වෙන් උනොත් ඒ රට විනාශයට යනවා. හැමෝම සමගියෙන් එකා වගේ ඉන්න ඕනේ. කොයි කවුරු අතරත් පොඩි ප්‍රශ්න ඇති වෙනවා. මේවා ජාතිවාදී ප්‍රශ්න බවට පෙරලා ගත යුතු නැහැ. අද අපේ අම්මලා නංගිලා දුවලා මැදපෙරදිග දුක් විදින්නේ අපේ ආර්ථිකය දුර්වල හින්දා . රට දියුණු කරන්න නම් රට තුළ සාමකාමී පරිසරයක් නිර්මාණය වෙන්න ඕනේ. අලුත් ව්‍යවසායකත්වය ඇති වෙන්න ඕනේ. මේ සදහා හැමෝම ජාතිවාදී මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ. (ම)
මහින්දගේ ගෝල බාලයන්ට පිස්සු බෙහෙත් දෙන්න (නදී)
මහින්දට සේලයින් ඕනෙද? නැත්නම් අනිත් අයටද කියන එක මේ 3 දෙන දිහා බලපු හැටියේ පෙනෙනවා. නිකම් මෝඩ චූන් දල නම් වැඩක් වෙන්නේ නැහැ.(නදී)
ලංකා අපේ දුක බෙදා ගත්තාට ඔබට බොහොම ස්තුතියි.(ම)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු (නදී)
මහින්ද බාහිර විදෙස් බලපෑම් සාර්ථකව මැඩ පැවැත්තුවා. හමුදාවන්ට තම ඉලක්කය කරා යන්න හැකියාව ලැබුනා. (නදී)
ඔබතුමා මෙතෙක් රටට කළ සේවය කුමක්ද? (ම)
ආසියාවේ මිනි පහන ලෙස විරුදාවලිය ලත් රනිල් නිරිදුනි, ඔබේ බුද්ධි බල මහිමයෙන් රට දියුණුවෙන් දියුණුවට ගෙනයන්න. (ර)
මේ ගමේ මිනිස්සු. බණ්ඩාර එහෙම නැතුව රට වටින් බස් වලින් ඇදපු මිනිස්සු නෙමෙයි. ජනාදිපතිවරනේ කළා වගේ මේ පාරත් බස් රැල්ල පෙන්නනවා මිසක් ඇත්ත පෙන්නන්නේ නැහැනේ. ඇත්ත පෙන්නන්න ඕනෙ නම් ඔය රැස්වීමට රට වටෙන්ම බස් ගේන්න ඕනේ නැනේ. මේ පාරත් සෙනඟ පෙන්නලා තමන්වම රවට්ටා ගන්නනේ සන්දානේ කට්ටිය හදන්නේ. දැන් රටේ මිනිස්සු ඔය ජන රැල්ල හොදට දන්නවා. (නදී)
වැඩේ තියෙන්නේ දෙන සේලයින් වතුර කලවන් කරපුවා වෙන්න ඇති. මොකද පැට්‍රොල් වලට වතුර කලවන් කරන්න දන්නා අයනේ වටේට ඉන්නේ. (නදී)
ඔබ තුමාල එදා ඉඳල හිටිය නම් අපේ මේ පුංචි රට දෙකඩ වෙලා ඉවරයි . අපි මැරිලා ඉපදුනේ නැහැ. දැන් මහින්දට සේලයින් දෙන්න හදනවා. අපේ රට බේරගත්ත මහින්ද වීරයා ආයෙත් අපේ රටේ නායකයා වෙන්න කියලා අපි විස්වාස කරනවා (නදී)
උතුරේත් ගිහිල්ල පන රැකගෙන ඡන්ද කරන්න හැකි උනේ කාගේ වාසනාවකටද ? මිනිසුනේ කලගුණ දන්නා පපුවක් තියෙනවා නම්, හෙට උපදින දරුවට නිදහස් රටක් ඕන නම් වරක් සිතා බලන්න. මහින්දගෙන් සිදුවුන වැරදි වෙන්නේ නැත. එක වරක් වරදට සමාව දෙනු. ජාතිය ආගම ගැන හදවත උණුවෙන මිනිහට දෙන්න. උතුම් මව්බිම ගැන සිතනු (නදී)
ලංකා නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා. රනිල් තියා කිසිම අගමැති වරයෙක් හෝ ජනාධිපතිවරයෙක් කොටින්ට උතුර ලියල දුන්නේ නැහැ. එහෙම ලියල දුන්න නම් මොන එහෙකටද නැවත යුද්ධෙකට ගියේ. එහෙම කළා නම් ජාත්‍යන්තරය අපට යුද්ධ කරන්න ඉඩ දේවිද? මහින්ද මහත්තය කලේ ප්‍රභාකරන්ට විරුද්ධව කළ සටනට අවශ්‍ය මුදල් වෙන්කර දෙන එකයි. හමුදාපතිතුමා සහ නිලධාරීන් යුද සැලසුම් කරල සටන ගෙන ගියා. අවසානයේ යුද්ධය ජයග්‍රහණය කළා. රණවිරුවෝ දහස් ගණනක් මිය ගියා. තව පිරිසක් අත් පා නැති පිරිසක් බවට පත් උනා. මගේ මස්සිනාත්, ලොකු මල්ලිත් දෙන්නම අපිට අහිමි උනා. ඒ ගොල්ලන්ගේ බිරින්දෑවරු වැන්දඹුවන් උනා. දරුවන්ට පියවරුන් අහිමි උනා. එහෙම උනේ රට බේරාගැනීම වෙනුවෙන් යුද්දෙට ගිය නිසා නේද කියල මදක් දුක තුනී කරගෙන අපිත් ඉන්නවා. දේශපාලකයෝ කවුරුවත් යුද්ධෙට ගියේ නැහැ. අන්න ඒක මතකයේ තියෙන්න ඕනේ රටේ හැමෝම. දේශපාලකයෝ ඡන්ද කාලෙට දේශපාලන මඩ ගහන්න කියන කතා ඔබ වගේ පිරිස විශ්වාස කලාට ඇත්ත ඒකයි. රට බේරුනා. ත්‍රිවිධ හමුධාවේ සහ පොලිසියේ බොහොමයක් පවුල් අසරණ උනා.(නදී)
කොමෙන්ට්ස් සෙට් එක හෝ ගාල වැඩ. මේවා බැලුවම පේනවා. (ර)
අගමැතිතුමනි 20 වෙනි වතාවටත් .තනිවම සටන්කර බලයපෙන්නමුද ? (ම)
රට පාවා දෙන්න එපා (බ)
මහින්දට අගෝස්තු 17 පස්සේ කුරුණෑගල මන්ත්‍රී වෙන්න පුළුවන් එහෙම නොවූන හොත් ග්‍රාම සේවක හරි කරමු ! (ම)
මෙතුමගේ පාස්පෝට් එක කීපාරක් කල්ඉකුත්ද? අයියෝ තවත් විහිලු කතා කියන්න එපා අනේ. මහින්ද එන්න හොඳනෑ .එ්ක හරි.එ්ත් ඔයානම් කොහොමත් එන්න හොඳ නෑ.මේ රටට ඕන විහිලු කාරයෙක් නෙමෙයි. පන තියෙන නායකයෙක්. (බ)
මහින්ද හිටියොත් එදා වේල ෂුවර්. රනිල් අනාගතය ගැන හිතනවා වැඩියි වගේ. අදට කාල බීල හිටියොත් මදිද ? (නදී)
රනිල් රට දෙකඩ කරන්න ගිය කතාව කල් ඉකුත් වෙලා. ප්‍රබාකරන් රනිල්ව පරද්දල මහින්ද දිනවන්න උදව් කරයිද ? (නදී)
සේලයෙන් දෙන්න ඕනේ කාටද කියල දෙන්නා බැලුවම හොදටම පේනවා නේ (නදී)
හිතේ ගින්දරින් කියන කතන්දර එච්චචර සැලකිය යුතු නැහැ (නදී)
බණ්ඩාර, අනුරපුරේ තිබ්බේ සන්දානේ මංගල මහා රැලිය, මේ ඉන්නේ නොචියාගමේ ජනතාව පමණි. (නදී)
තවම වහල් බාවයෙන් පෙලෙන කට්ටිය ඉන්නවා (නදී)
රනිල් තියා කිසිම අගමැතිවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් කොටින්ට උතුර ලියල දුන්නේ නැහැ. එහෙම ලියල දුන්න නම් මොන එහෙකටද නැවත යුද්ධෙකට ගියේ (ම)
රනිල් නිරිදුනි, ඔබේ බුද්ධි බල මහිමයෙන් රට දියුණුවෙන් දියුණුවට ගෙනයන්න.(ම)
මටනම් පෙන්නේ ලංකාවේ ඉන්න හොදම ජෝකර් කියලා (ම)
රටත් ඉවරයි අපිත් ඉවරයි (බ)
රටට කරපු දේකුත් නැහැ, හරියටම කරන්න තීරණය කළ දේකුත් නැහැ මහින්දට බැන බැන ඉන්න. (බ)
රනිල් මේ පාර කොහොම හරි ට්‍රයි එකක් දෙනවා සටන ගොඩදාගන්න. ආයි මේ වගේ චාන්ස් එකක් ලැබේවිද දන්නේ නැහැනේ.
අනේ රන්ජිත්ගේ ටිකිරි මොළේ! (නි)
රටට පණ දෙනවා කිව්වේ, කුඞුවලින්ද එනතෝල් වලින්ද? (නදී)
දැන් සේලයින් අවශ්‍ය අපේ මව්බිමටය. එය හාන්සි කර අවසන්. (නදී)
අජිත් ඔබේ අදහස් සියයට දෙසීයක් පිළිගන්නවා ,ඔබේ හදවතේ දුක හොඳට තේරෙනව ,සියලුම රණවිරුවෝ යුද ජයග්‍රහණ නිසා තමයි අද බෝම්බ නැත්තේ . දහස් ගණනක් මිය ගියා. තව පිරිසක් අත් පා නැතිවුනා .එය සංවේගයකි. අවු,30 ක යුද බියෙන් රට බේරුනේ රණවිරුවන්ගේ එඩිතර බව හා රට කළ නායකයාගේ ස්ථාවර එඩිතර බව නිසයි .අවු ,30 තුළ රටකළ දේශපාලකයන්ගේ අවස්ථාවාදී බව නිසා තරුණ රණවිරුවන් අසරණ වුන .දහස් ගණනක් මලා ,ඔබත් මාත් සැමදෙනාම එ් බව දනිමු (බ)
වසරේ හොදම ප්‍රකාශය (බ)
සහන්, ඔබ බොහෝ අතීත සිදුවීම් නොදන්නේ සමහර විට ඔබ තවම ලාබාල වියේ විය යුතුයි. එල්. ටී. ටී. ඊ. පාලන සහ රජයේ පාලන ප්‍රදේශ ලෙස වෙන්කිරීමක් කළේ මෙතුමා මීට පෙර බලයේ සිටියදීය. (බ)
රනිල්ගේ සේලයින් බටේ අගෝස්තු 17 ගැලවුනොත් තමයි වැඩේ!!! (බ)
මහින්ද මහත්තයා නම් අපි දන්නා විදිහට පැරදුනේ එක පාරයි. ඔබතුමා 29 වතාවක්ම. අනේ මේවා කියන්නත් ලැජ්ජයි කොහොම උනත් අගෝස්තු 17 අපි සේලයින් දෙන්න ඕන කෙනාට දෙන්නම්කො (නදී)
නාස්ති නොකර එම සේලයින් ටික පන නැති ඔබතුමා අරගෙන ඉන්න (නදී)
මෙයාලගේ පාලනේ අනේ අපිට එපා (නදී)
කොටි පිස්තෝල කල්ලිය හමුදා බුද්ධි සාමාජිකයන් මරනකොට අගමැති කවුද? සාම ගිවිසුමෙන් උතුරු නැගෙනහිර කොටින්ට ලියල දීපු අගමැති කවුද? (නදී)
මල පෙරේතයෝ වගේ (නදී)
හොරුන්ට දඬුවම් දෙමු. (නදී)
මහින්දට සේලයින් දෙන එක අපි බලාගන්නම්.(නදී)
අපේ හමුදාවට ගරහන අය එපා (නදී)
පයිලට්ලා විශ්‍රාම ගියාට පසුව ත්‍රීවීලර් පදවන්නේ නැහැ. ඔය එන්න හදන්නේ හොරුන් ආරක්ෂා කරන්නත්,තමන්ගේ හොර මැර වසා ගන්නත් පමණයි. රනිල්ට හෝ වෙන කාට ඡන්දය දුන්නත් හොඳට කල්පනාකර බුද්දීමත්ව ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. (නදී)
ඔබ තුමා කරන්නේ හරි වැඩනේ නේද ? ඔබ රට පාලනය කල හැටිත් දැක්කා, මහින්ද මහත්තයත් රට පාලනය කල හැටිත් දැක්කා (නදී)
බලන්න මහත්තයෝ ඔයාගේ ලග තියන පාස්පෝර්ට් එක ඔයාගේ නොවෙයි නේද ? (නදී)