(බිඟුන් මේනක ගමගේ)
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටෙහි අරාජිකත්වයක් හටගෙන ඇතැයි ද එයට එකම විසඳුම රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පමණකැයි ද මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතීවේදී සංවිධානයේ විධායක අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ඒ සඳහා ජනමත විචාරණයක් මගින් ජනතාවගේ කැමැත්ත විමසිය හැකි යැයි ද නීතිඥ තිරාණගම මහතා අවධාරණය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධන සිදුකිරීමෙන් මෙම වියවුල ලිහාදැමිය නොහැකි යැයි කී හෙතෙම එවැනි සංශෝධනයක් කිරීමට වුවද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සොයාගැනීම දුෂ්කර මගක් වනු ඇතැයි කීය.
එසේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සොයාගැනීම සඳහා ඊට මූලික වන පාර්ශ්වයට මන්ත්‍රීවරුන්ට දොළ පිදේනි දෙන්නට සිදුවනු ඇතැයි ද එය කිසිසේත්ම ප්රජාතන්ත්රවාදයට හිතකර කටයුත්තක් නොවනු ඇතැයි ද තිරාණගම මහතා සඳහන් කළේය.
ජනතාව රවටා ඡන්දය ලබාගැනීම මිස ජනතාවට සැබෑ ප්රජාතන්ත්රවාදයක් උරුමකරදීමට කිසිදු දේශපාලන කණ්ඩායමකට වුවමනාවක් නැතැයි චෝදනා කළ ඒ මහතා රට වැටී ඇත්තේ අන්තිම නරක තැනකට යැයි ද පැවසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් විවේචන කළ ද එය සම්මත කරගැනීමට හැකිවූයේ ඔහු කළ මැදිහත්වීම නිසා යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සින්ගපූර්" ව්‍යවස්ථාව ගැන ඔබතුමා කොහොමද හිතන්නේ..?
කොහොමත් එක මිනිසෙකු ට බලය ලැබෙන එකක් එපා... සෙනෙට් සභාව වැනි ක්‍රමයක් හොද විය හැකියි
ඔහෙලා තවම රබානට ගහන්න හම හොයනවා අවුරුදු පනහක් හැටක්ම... අනික් අය රබන් ගහලා බෙර ගහන්නත් පටන් අරන්... නරි කවද්ද ඩෝල් ගැහැව්වේ..?
සුළු ජාතීන්ට රටේ මහා ජාතිය පාලනය කරන්න බැරි ව්‍යවස්ථාවක් හදන්න. 12% ඡන්ද ප්‍රතිශතයක් නැති පක්ෂ අවලංගු කරන්න. සුළු ජාතීන්, සුළු ජාතීන් හැටියටම තියන සුළු ජාතීන්ගේ පවුල්වල ළමයි දෙදෙනාට සීමාකරන ව්‍යවස්ථාවක් හදන්න.
මහින්ද මහත්තයට කඩේ ගිහින් ඉවරද දැන්ද මේ අටපට්ටම් ව්‍යවස්ථාවෙ හැඩය පෙනුනෙ?
මොන දේ කලත් ඉස්ස ඉස්සෙල්ලම වෙනස් කල යුත්තේ පාර්ලිමේන්තුවට යවන කට්ටියව. විවිධ වෘත්තිය සුදුසුකම් ඇති උගත් පිරිසක් ව්‍යවස්ථාව රකින තැන සිටිය යුතුවේ. හොඳම උදාහරණය තමා පාර්ලිමේන්තුවේ 19 වන සංශෝදනය අනුමත කිරීම සඳහා පක්ෂව අත උස්සපු උදවියම ඊට විරුද්ද වීම. අද හොඳ දේ හෙට නොහොඳ වෙන්න හේතුව? ඉංජිනේරුවෝ, වෛද්‍යවරු, ගණකාධිවරුන් වැනි තමන් කරන කාර්ය පිලිබඳ තමන් විසින්ම විගණනය කළහැකි උගත් අය. බොරු තර්ක විතර්ක ගෙනවිත් මහජනයා තාවකාලිකව හරි මෝඩයට අන්දන උදවිය නොවේ. ඉන්දියාවට ප්‍රථම ලංකාවට නිදහස ලැබුනේ උගතුන් පිරිසක් තිරය ඉදිරිපස මෙන්ම පිටිපසද සිටි නිසාවෙන්. අද? දැනට පාර්ලිමේන්තුව තුල කෙරෙන ආකාරයට වැඩ කටයුතු කෙරීගෙන ගියොත් , සියලු රට වැසියන්ට අවමංගල්‍ය අධ්‍යක්ෂකගේ පිහිට තමා.
පවතින පාර්ලිමේන්තුවෙන් රටට ගැලපෙන ව්‍යවස්ථාවක් බලාපොරොත්තු වීම විහිළුවක්. කොහොම වුනත් අනාගත ලෝක තර්ජන හමුවේ බෙදුම්වාදය දුර්වල කරන්න අවශ්‍යනම් බලය මධ්‍යගත වීම අත්‍යාවශ්‍යයි. කැද හැලියක් වෙච්ච, වලිගය විසින් බල්ලාව නටවන සුළු ජාතික අයිතීන් යැයි කියමින් ජාති බේදය වපුරවමින් සැබෑ ජනවරමට පයින් ගසන පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයක් නම් මේ පුංචි රටට ගැලපෙන්නේ නැහැ. අපගේම ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපතිවරයකු මේ රටට අවශ්‍යයි.
එක්කෝ අපි 72 ව්‍යවස්ථාවට ය යුතුයි. එහෙමත් නැත්නම් 78 මුල් ව්‍යවස්ථාවට යා යුතුයි. සියලු සංශෝධන ඉවතට දාලා එහෙමත් නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් හදලා ජනමත විචාරණයකට ලක් කල යුතුයි.