ජී.එස්.පී ප්ලස් සහනය වෙනුවෙන් යුරෝපා සංගමය ක්‍රියාකාරී සැලැස්මක් දී ඇති බවත් එහි ඇති සමලිංගිකත්වය ආදී රටට නොගැළපෙන කරුණු සහිත වගන්ති ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනටමත් උපදෙස් දී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එම සැලැස්ම අධ්‍යයනය කිරීමට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි කී ඔහු එය අධ්‍යයනය කර වගන්ති කිහිපයක් ඉවත් කිරීමටත් එහි ඇතුළත් දේ අතුරින් රටක් ලෙස කළ හැකි දේ හා නොහැකි දේ යුරෝපා කොමිසමට දැනුම්දීමටත් කටයුතු කරන බවත් කීවේය.
ජී.එස්.පී ප්ලස් සහනය ලබාගත්තේ මානව හිමිකම් ආදිය සම්බන්ධයෙන් රටට එල්ල වී තිබූ චෝදනාවලින් මිදීමට කටයුතු කර මිස වෙනත් කොන්දේසිවලට යටත් වී නොවන බව ද කී රාජ්‍ය ඇමැතිවරයා ජී.එස්.පී ප්ලස් සහනය වෙනුවෙන් රටේ තිබෙන ප්‍රශ්න තවත් වැඩිවන, රටටත් සංස්කෘතියටත් අහිතකර කිසිම දෙයකට රජය එකඟ නොවන බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය දිගින් දිගටම ජනතාව මුලා කරනවා. ආවේ යහපාලනය කරන්න. එහෙත් කරන්නේ යමපාලනයක්. රටේ හැමදේම විකුණලා සල්ලි හොයන්න තමයි මේ ගොල්ලන්ගේ එකම අරමුණ. මහින්දට දොස්නගමින් මෙයාලා රට කනවා. අපි ජාතිය ගැන හිතලා මේ විනාශය වළක්වන්න කටයුතු කරමු (නි)
විදේශ ඇමතිලාගේ වැඩ නිසා මේ වගේ දේවල් සිදුවෙනවා. අපේ ජාතියේ හා සංස්කෘතියේ සහ බුදුදහමේ පැවැත්ම වෙනුවෙන් දේශද්‍රෝහීන්ව වහාම ගෙදර යවමු. මෙයාලා අවුරුදූ 5ක් රට කෙරුවොත් අපිට කන්න වෙන්නේ පොළවේ පස්. රජරට ගොවීන්ට මේ වෙනකොටම පිදුරු කන්න වෙලා තියෙන්නේ. මොකද වගාවන් සේරම විනාශ වෙනවා. (නි)
අනේ මන්දා මෙහෙම ගිහින් මොනවා වෙයිද කියලා (නි)
අන්තිමට මෙයාලා මේ රට නැතිකරලාම තමයි පස්ස බල්නනේ (නි)
සමලිංගිකත්වය යනු කෙනෙකුගේ තෝරාගැනීමක් නොවන බව මතක තබාගන්න. එය ඔවුන් උපන් විදිය මිස ඔවුන් අවමානයට ලක් කළයුතු කරුණක් නොවේ. ඇමෙරිකාව කැනඩාව වගේ රටවල් අාගමානුකූල නැතත් ඕනෑ කෙනෙකුට සම අයිතිවාසිකම් ඇතුව නිදහසේ ජීවත්වීමට ඉඩ තිබේ. බෞද්ධ රටක් වන ලංකාවේ ඒ අයිතිවාසිකම කොහෙද? (නි)
පේදුරු, ඔබට පෙනෙන්නේ ලංකාව වගේ බෞද්ධ රටක් විතරද? සමලිංගික සේවනයට කෙළින්ම බෙල්ල කපන මුස්ලිම් රටවල් පෙනෙන්නේ නැද්ද. ඇමෙරිකාව කැනඩාව කියන්නේ රටවල ගුණධර්ම කියා දෙයක් නැත. (නි)
අපේ රටේ නිෂ්පාදන වලින් 1/3 යවන්නේ යුරෝපයට. රාජපක්ෂ ආණ්ඩුව ජී එස් පී නැතිකරගත්තේ එයාලම පත්කර එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම, රටේ මානව හිමිකම් උල්ලංඝනය වීම වැනි දේ නිසා. මේ නිසා රස්සා නැතිවූ ඇඟලුම් සහ අනෙක් අපනයන කර්මාන්ත වල අය ලක්ෂ ගණනක්. මේක ආපහු ලබාගන්න ඕනෑ වුණේ මානව හිමිකම් සහ කම්කරු නීති යන දේවල් පමණයි. මැදපෙරදිග වහල්කම් වලට නොයා රටේ රස්සා ඇතිවෙන්න මේක කරන බලපෑම මොවුන්ට පෙනෙන්නේ නැහැ. (නි)
මුදල් ඇමතිතුමා කොන්ද්සිවිරහිතයි කියනවා. ජනාධිපතිතුමා අහිතකර කොන්දේසි අයින් කළා කියනවා. එතකොට කවුද ඇත්ත කියන්නේ? ජාතික සංහිඳියාවට පෙර රටේ රාජ්‍ය බලය හොබවන කැබිනට්ටුව තුළ සංහිඳියාවක් තිබිය යුතුයි. (නි)
ගැලපෙන්නේ නොගැලපෙන්නේ මොනවද බලන්න රටේ සංවාදයක් තියෙන්න ඕන. සමලිංගිකත්වය හැමදාම තහනම් කරල තියන්නත් බැහැනේ. සංස්කෘතිය හැමදාම එක තැන තියෙන දෙයක් නෙමෙයි.(බ)
කොන්දේසි නෑ කිව්වට නැත්තෙම නෑ ඒ කියන්නේ.(හේ)
අම්මපා! මේ කට්ටිය ඊයේ කිව්ව දේ අද වෙනස් කරනවනේ. කිසිම කොන්දේසියක් නැහැ කිව්වා. හැබැයි දැන් කියනවා අහිතකර කොන්දේසි වෙනස් කරනවලු. කොන්දේසි දාලා තියෙන්නේ යුරෝපා සංගමයනේ. වෙනස් කරන්නත් ඕනෑ ඒ අයමයි. (නි)
සමලිංගිකත්වය පුද්ගලික කැමැත්තක්. එහි කිසිම ප්‍රශ්නයක් මට පේන්නේ නැහැ. (නි)
සමලිංගිකත්වය රටට ප්‍රශ්නයක් නොවන බවයි මගේ නම් හැඟීම (නි)
එහෙනම් කොන්දේසි 58 කතාව ඇත්ත. සමලිංගික දේවල් තිබුනත් කමක් නැහැ. ඊළම, පළාත් එකතු කිරීම, ඉඩම් හා පොලිස් බලතල දීම වගේ දේවල් නැතුව. (නි)
අපරාදේ අයින් කළේ. ඒවට කැමැති අයත් ඉන්නවා නේද? (නි)
එංගලන්තෙත් යුරෝපා සංගමයෙන් අයින් වෙනවා. යුරෝපෙට ප්‍රශ්න ගොඩයි. අපේ යුද්ධය ඉවර වුණත් හරි ඒ පැත්තේ ප්‍රශ්න. විමසිල්ලෙන් කරන දෙයක් කරගෙන ඉස්සරහට යමු. (නි)
මාර වැඩක්නේ මේක. එහෙනම් ජීඑස්පී නැතුවට කමක් නැහැ (නි)
ජි එස් පි ප්ලස් නැතුව මෙරට නැතිවුණේ නැහැනේ. 2014 වෙනකොට ලෝකයේ හොඳම කොටස් වෙළදපොළ තිබුනේ අපේ රටේ. යහපාලනයට පින්සිද්ධ වෙන්න එ්කත් දැන් කඩාවැටිලා. nජි එස් පි ප්ලස් කියන්නේ යුරෝපයේ උගුලක් (නි)
අනේ ඇමතිතුමනි, අර යුරෝපා සංගමය නිකුත් කරපු මාධ්‍ය නිවේදනය කරුණාකරලා කියවලා බලන්නකෝ. හැබැයි ඔය හැමෝම පම්පෝරි ගැහුවේ හම්බවුණා කියලා. හම්බවුණා නෙමෙයි කොන්දේසි සම්පුර්ණ කරනතුරු හම්බ වෙන්නේ නැහැ. සුද්දා කිව්වොත් කිව්වා. (නි)
රවී කරුණානායක කීවේ කිසිම කොන්දේසියක් නැහැ කියලා. බලනකොට හොඳ කොන්දේසි තියෙන්නේ. ජීඑස්පී ගන්න සමලිංගික කෙරුවාවල් මොකටද? (බ)
කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕනෙ කරන්නෙ. (බ)
කොන්දේසි 28 ක් ලංකාවට ඉදිරිපත් කරලා පිළිගෙනත් ඉවරයි (බ)
රටට නොැගලපෙන එකම වගන්තිය "අගමැති " අනිත් එක "බදුර්දීන් " අනිත් එක "ලෝකෙ ත්‍රස්තවාදය වපුරන ආගම " ඔය තුන විතරක් ඉවත් කරලා දෙන්න පුලුවන්ද....(බ)
මෙච්චර දේවල් අඩංගුයි කියන්නේ රටට බලපාන අනෙක් කොන්දේසි මිලියනයක්වත් ඇති (නි)
ඇඟලුම් කර්මාන්තයෙයි සමලිංගිකත්වයෙයි තියෙන සම්බන්ධතාවය මට හිතාගන්න බැහැ. දන්නා කෙනෙක් පැහැදිලිකර දෙන්න. (නි)
සමලිංගික යෝජනාව ගෙනෙන්න ඇත්තේ කවුද? (නි)
අගමැතියි, විදේශ ඇමතියි දෙන්නවම තරහ කරගන්න වැඩක් වෙයි වගේ මේක. (නි)
කිව්වේ නම් කිසිම කොන්දේසියක් නැතුව දෙන්නේ කියලා. ඩොලර් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මේ ආණ්ඩුව සුදානම් වගේ (නි)
ජනාධිපතිතුමාට මේ අවස්ථාවේ රැවුලයි කැඳයි දෙකම ඕනෑ වෙන්න පුළුවන්. නමුත් යා දෙක නොරත රත න්‍යායෙන් ගැළවෙන්න මේ හවුල් ආණ්ඩුවේ දෙගොල්ලන්ටම බැරිවුණ මොහොතක රටේ, ජාතියේ හා සංස්කෘතියේ චිරස්ථායි පැවැත්ම වෙනුවෙන් දේශද්‍රෝහීන්ව ආණ්ඩුවෙන් පන්නන්න වෙනවාමයි. සෑම දෙයක්ම කොන්දේසිවිරහිතව පැවතිය යුතුයි. (නි)
සමලිංගිකත්වයට නීති සහන ඕනෑ නැහැ. දැන් තිබෙන විදිය හොඳයි (නි)
ඕකේ තියන ඒවා මහජනතාවට දැනගන්න ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?දේදුනු විප්ලවය ආර්ථිකයට අදාළ දෙයක් නොවෙයිනේ. (නි)
ඒ නීති ඉදිරිපත් කරන්නත් ඉතින් මොකක්හරි හේතුවක් ඇතිනේ (නි)
පසුගිය කාලයේ දැකපු දෙයක් තමයි එක එක ඇමතිලා කියන දේවල් අනික් ඇමතිලා කියන දේවල් වලට වෙනස්. ප්‍රසිද්ධියේම එක ඇමති කෙනෙක් අනෙක් ඇමති විවේචනය කරනවා. මේ අනුව මේකට කැබිනට් එක කියන්න බැහැ. මොකද ජනාධිපතිත් අගමැතිත් මේ පරස්පර අදහස් පළකරන එක නවතන්න යමක් කරන්නේ නැත්තේ? (නි)
ජීඑස්පී ගන්න නම් සමලිංගිකත්වය නීතිගත කරන්න වෙයි මට හිතෙන හැටියට (නි)
මට හිතෙන්නේ මානව හිමිකම් වගේ දේවලුත් මේ රටට ගැළපෙන්නේ නැහැ (නි)