‘අපි රජයට සහාය දෙන බව කිසි තැනක කියා නැහැ.අප කියන්නේ රටට එරෙහි කුමන්ත්‍රණයක් ඇති බවයි.ජනතාව එය පරාජය කිරීමට පෙළ ගැසිය යුතු බවයි.‘ යනුවෙන් බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මාධ්‍යවේදීන් සමඟ අද (01) පැවසුහ.
ජනපතිවරණයේදී රජයට සහාය දෙනවාදැයි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ හිමියෝ එසේ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහොම උනත් බීරවලට, එතනොල්වලට , කුඩුවලට, බුකිවලට මොකවත් වෙන්නේ නැහැ. කොටින්ම වැදගත් මහතුන් මුල් පුටුවේ හිටි සම්මේලනයේ ඉන්නේ බුකි කාරයන්. එ්කත් පරම්පරාවට වගේ. (නදී)
පෙරේරලා ඔක්කොමලා නැති උනත් සමහර පෙරේරලගේ හැම අදහසක්ම එක පැත්තකට බරයි (නදී)
මම නම් පිලිගන්නවා මොනිකා. (නදී)
ඔය කියන කුමන්ත්‍රණ මීට අවුරුදු 500 ක කාලයක පටන් තියෙනවා. කිසිම කෙනෙකුට මේවා යට කරන්න බැහැ. ඡන්ද කාලය විතරක් කෑ ගහලා ඡන්ද ගන්න බලන්න එපා. කුමන්ත්‍රණ කාටත් තියනවා.(හේ)
බොදු බලේ ආණුඩුවට කඩේ යනවා කියලා අපි කලින්මයි කිව්වේ. (නදී)
කොළ වහල ගැහුවට වැඩක් නෑ. ඔහොම කීවම තවත් ජන්ද අඩුවෙන්නෙ මහින්දටම තමයි. මේ සැරේ වාසි ජනතාවටයි. පැත්ත පලාතෙ එන්ඩ දෙන්ඩ හොඳ නෑ. අපි කාල තියෙනවා මාමයිට්. (නදී)
රජය මේ ගොල්ලන්ව පොදු අපේක්ෂකයාට සහාය දෙන්න යවන්න ලැහැස්ති වෙලා හිටියා. නමුත් ඒ පැත්තේ අය මේ ගොල්ලන්ගේ සහයෝගය ප්‍රතික්ෂේප කරන්න යන බව එලි වුනාම රජයට සහයෝගය දෙනවා කියලා කිව්වා. (නදී)
ඒ කියන්නේ මස් කැලි කන්නේ නැහැ හොදි කනවා වගේ කතාවක් අනේද කියන්නේ.(හේ)
අනේ මේ ස්වාමින් වහන්සේට වෙන වැඩ නැද්ද කොහෙද. (නදී)
බන්දුල පෙරේරා, කින්ග්ස්ලි පෙරේරා, කිව්ව කතා හරිය. අපේ හාමුදුරුවනේ... (ර)
අලුත්ගම පැත්තේ නම් එන්න එපා කියලා කියන්න (දිල්)
ඡන්දෙ ඉවර වුණාම බල ගන්න පුලුහන් කව්ද හරි වැරදි, කව්ද ත්‍රස්ත වාදියෝ කියල. ජනතාව බුද්ධිමත්. (අ)
පන්සල් රැකගන්න (නදී)
මේ අපේ හාමුදුරුවනේ පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න උදව්වෙන්න (නදී)
ඔබ වහන්සේ ඔය කාටද වදාරන්නේ අපේ හාමුදුරුවනේ...........? (නදී)
ඔය කියන සේනාව කොහෙද ඉන්නේ? අපිටනම් පෙන්නේ දෙතුන් දෙනයි. (හේ)
හතරවන සිල්පදය කඩනවා වගේ (නදී)
මෙතනට හරියන කොමෙන්ටුව අර කලින් (ටෙනිසොන් කුරේ ගේ නාට්‍යය) සම්බන්ධ පුවතට දාල තියෙන හෙඩිම. (නදී)
ජවිපෙ නායකයෝ කියා කියා යන තේරවිල්ලට දෙවැනි නැහැ වගේ (නදී)
හා, හා ඊයේ මුස්ලිම් නායකයෙක් හමු වුනා නේද? අපි නොදන්නා චෙස්. (නදී)
බේරුවල උනේ මොනවද කියා දැන් තේරෙයි (නදී)
රටට ඒමට හැකිවෙයි සිතන කුමන්ත්‍රණයනට පෙර අද රට වසාගන සිටින ව්‍යෂනයෙන් රටත් ජනතාවත් ගලවා ගැනීමේ පුර්ණ වගකීම මහා සංඝගරත්නයට ඇති බව කාරුණිකව දන්වා සිටීමට කැමැත්තෙමි (නදී)
පවතින රජයේ වැඩපිළිවෙල ඔබ වහන්සේලා දන්නවා. නමුත් නව සන්ධානය අනුගමනය කරන්නට යන වැඩපිළිවෙල තවම ප්‍රකාශයට පත්කරලත් නැහැ. එසේ තිබියදී ඔවුන් වේලාසනින්ම ප්‍රතික්ෂේප කිරීම පුදුමයක්. වැරදි සියල්ලන්ම කර තිබෙනවා. එහෙත් මිනිසුන් වෙනස් වෙන්න පුළුවන්. බුදු බනෙත් ඒ දේ සදහන්. අතීතය මතම මිනිසුන් දකින එක වැරදියි. (නදී)
අනේ හමුදාවනී අපි රට ගැන බලාගන් නම් ඔබ වහන්සේ කඩේ යන් නැතුව ඉන්න (අ)
මතකද දිල්කි අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරුව දඟලපු හැටි! (නදී)
ටෙනිසන් කුරේගේ නාට්‍යයේ හෙඩිම මරු. හැබැයි "ඊයෙ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ත්‍රසයේ නායකයෝ හමුවෙන් පස්සේ කියන්න පුලුවන් වෙන්නේ මොකක්ද ? (නදී)
මේ සේනාව ජනාධිපති තුමාගේ පැත්තට හේත්තු උනොත් ජනාධිපති තුමාට බේරුවල පැත්තෙන් හම්බවෙන්න තියෙන මුස්ලිම් ඡන්ද ටිකත් නැතිවෙනවා (නදී)
ඔය ආයතනේ පටන් ගත්තෙත් ඉතින් ඔය කට්ටියටම සහය දෙන්නනේ ..මට මතක නැති කතා , සෙල්ලම් පිස්තෝල කතා , මටම ගහගත්ත කතා එක්ක මේවත් මොන කතාද ..(අ)
කව්රු ආවත් නාවත් මට වැඩක් නැහැ. මගේ කතිරය රට බේරා දුන්න මහින්ද මහතාටයි. (නදී)
රටෙහි රජකම සහ දළඳා හාමුදුරුවන් අතර ඉපැරණි සම්බන්දයක් තිබේ. දළඳා හාමුදුරුවන්ඉදිරිපිට බොරු කී නායකයකු, පොරොන්දුවලට අත්සන් කල නායකයකු තවදුරටත් කෙසේ විශ්වාස කරම්ද ? (අ)
පස්වන එක කඩපු එකේ හතර මොකක්ද? මේගොල්ලන් සපෝර්ට් කරන එකම ඇති අනිත් යට වැසි වෙන්න. (අ)
බළලා මල්ලෙන් පැන්න නේද එලියට ? බොදු බල සේනාව කියන්නේ රජයේ පිරිසක් බව අපි දැනගෙන හිටියා. මහා ජනතාව මෝඩයෝ කියල ඒ අය හිතන් ඉන්නේ. අනුන්ට හිංසා නොකරන්න ,වෛර නොකරන හා මෛත්‍රී කරන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් මේ අය සිවුරු දාගෙන මොකද මේ කරන්නේ. රතන හාමුදුරුවන්ට උදව් කරපු දේවල් කිව්වා වගේ මේ අයත් ගත්තු දේවල් ඉදිරියේදී අපට ඇහෙන්න ලැබේවි. (නදී)
දැන් ඔබ වහන්සේ කියන විදියට රටට එරෙහිව තියන කුමන්ත්‍රණය මොකක්ද... එක පරාජය කරන්න නම් කාටද ඡන්දේ දෙන්න ඕනේ.(හේ)
මේ කට්ටිය කියන විදියට මහින්ද මහත්තයා හැර වෙනත් කවුරු ඉල්ලුවත් අනිත් ඔක්කොම රටට එරෙහි අයනේ. මාර කතාවක්නේ මේක.(හේ)
දැන් එතකොට කට්ටියම බොදු බලේ මෛත්‍රීට සහයෝගේ දුන්නා නම් හොඳයි. මහින්දට දුන්නා නම් නරකයි.(නදී)
අනේ මන්දා අපේ හාමුදුරුවනේ (නදී)
ඔව් අපි ජාතිවාදීන් කිව්වා නේද අලුත්ගමදී. සාමයෙන් සමගියෙන් හිටපු උදවියගේ හිත්වලට වනචාරී වයිරය, ක්‍රෝධය ඇතිකළේ කව්ද? සාධාරණය අගයන කවුරුත් ඔබ වැනි අය පිළිගන්න කවදාවත් ලැහැස්ති නැහැ. (නදී)
බොරු කියා ජනතාව රවටන හොරු එලවමු. (හේ)
කෙලින් අල්ලන්න තියෙන්න නාහය අල්ලන්න ඔලුව වටේ කැරකෙන්න ඕනේ නැන්නේ (අ)