රටට, ජාතියට, දේශයට, ජාතික විමුක්ති විරුවන්ට එරෙහිව සකලවිධ කුමන්ත්‍රණ පරාජයට පත්වේවායි පතමින් අධිෂ්ඨාන පූජාවක් කොළඹ විහාරමහාදේවී ද්‍යානයේ දී පැවැත්විණි.
රටට, ජාතියට, දේශයට, ජාතික විමුක්ති විරුවන්ට එරෙහිව සකලවිධ කුමන්ත්‍රණ පරාජයට පත්වේවායි පතමින් අධිෂ්ඨාන පූජාවක් කොළඹ විහාරමහාදේවී ද්‍යානයේ දී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් අපේ මහා සඟ රුවන නිතරම ආශිර්වාද කරනවා. රට විනාශය කරා යන ගමන උන් වහන්සේලාට දැනෙනවා. උන්වහන්සේලාට අපේ ආශිර්වාදය තියෙනවා .එනිසා මිනිසුනි මාතෘ භූමියට ආදරය කරමු. රට පාවා නොදෙමු. (නදී)
ඉතා හොඳයි (නි)
මහින්ද චින්තනයෙන් රටට මොනවද ලැබුනේ දැන් රටේ අදායම මදි ගත්තු ණය ගෙවන්න බොරු වැඩ කරලා රට විනාශ කරා නැවත මොකටද දුෂිතයන්.(බ)
අධිෂ්ඨාන පූජාවක් නෙවෙයි. මේක මහින්දට කඩේ යන පූජාවක්. මේ අයගේ අධිෂ්ඨානය මහජනයා ප්‍රතික්ෂේප කරපු මහින්දව නැවත බලයට පැමිණවීම. මෙතෙන ප්‍රධාන හිමිවරු අභයාරම අනාථ නිවාසයේදී මහින්ද වෙනුවෙන් කථාකරන හැටි අපි හොඳට දැක්ක (බ)
දේශපාලන බල පෙරේතකම නිසා වැනසෙන සිංහල බෞද්ධ අයිතිය, වැනසෙන ජාතික ධනය රැක ගැනීමටත් අධිෂ්ඨාන පුජාවක් කරන්න. (නි)
අනුරලා වගේ අය තාමත් මේ රටේ ඉන්නවනේ අපේ අවාසනාවට. (නි)
අපේ රට මුර දේවතාවුන් වහන්සේලා මේ අති පුජනීය මහා සංඝරත්නයයි.සෑම කරදරයකදීම රට දැය සමය වෙනුවෙන් කරන සේවය අති විශිෂ්ටයි මේ රට දැන් ගමන් කරන්නේ භයානක දිශාවකටයි.එය වහා නතර කළයුතුයි.ලොකු කුමන්ත්‍රණයක් මේ රටේ සිදුවන බවත් රටට නිදහස ගෙනදුන් නායකයාව විනාශ කිරීමේ උත්සාහයක් තිබෙන බවත් රට දෙකඩ කිරීමේ වැඩපිළිවෙලක් සිදුවෙමින් පවතින බවත් සෑම කෙනෙකුටම අවබෝධව ඇත.එය පරාජය කළයුතුයි.රටට ආදරයක් නැති අය ඒ කුමන්ත්‍රණවල හවුල්කරුවෝයි.එනිසා මහා සංඝරත්නය ගෙනයන අධිෂ්ඨාන පුජාවට අපේ ආශිර්වාදය.සාදු! සාදු! සාදු! (නි)
ජාතියේ මුර දේවතාවන් වන මහා සංඝයා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! රට කඩා වැටෙන්නට නොදී ආරක්ෂා කරගැනීමට ඔබ වහන්සේලාට සියලුම ශක්තිය ලැබේවා! දළදා සමිඳු පිහිට ලැබේවා! ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා! (නි)
ඔය කියන අය වසර 10ක් රට කළා කියන විදියට රට සුඛිත මුදිත වෙලාද? වුණේ කොමිස්කාරයෝ, මංකොල්ලකාරයෝ, කුඩු, එනනෝල්, සුදුවෑන්, කැසිනෝ වෙලාගත් සමාජයක් ගොඩනැඟීමයි. බෞද්ධ දර්ශනය සහ ඒ තුළින් ලැබෙන ආනිසංස විපාක ගැන සිතුවෙත් නැහැ. (නි)
රටට යහපතක් වනු දැකීම සියළු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනයයි (නි)
දින 100 අවසන් වෙන්නත් කලින් ජනතා මතයේ ලොකු වෙනසක් ඇතිවෙලාවද්දෝ කියා හිතෙනවා. කවුරු පිළිගත්තත් නොගත්තත්, රට අනාරෂිත බාවයකට සීඝ්‍රයෙන් යොමුවෙන බව මගේ හැඟීමයි. මෙය අලුත් තත්වයක් නොවේ. මෙය බලාපොරොත්තු වූ තත්වයකි. මේ වෙනසක් කරා යන ගමන නොතේරෙන්නේ , පැහැදිලිවම මේ වෙනසින් දැන් වාසි ලබාගන්නා උදවියට හෝ කලින් වාසි ගත් උදවියට හෝ ඉදිරියේදී වාසි ලබා ගන්නා උදවියටයි. එහෙම නොමැති නම් , මේ රටේ සිදු වූ හා සිදුවෙමින් පවතින දේ ගැන තේරුම් ගැනීමට ශක්තියක් නොමැති වර්ණාන්ධබාවයෙන් පෙළෙන අයටයි. පැහැදිලව මතක තියාගන්න රට අනතුරේ බව. (නි)
අපිට නොපෙනෙන අනතුරක් ඇති බව සිතේ (නි)
පිවිතුරු යහපාල මහතාණෙනි , ඔබ වැදු මවට ආඩම්බරයකි. මේ වෙනස තේරුම් ගන්න බැරි අය මේ රටේ ජීවත්වෙන අයද? ජනහිත, ඔබගේ අදහස හරි. ඔබ වැනි අයගේ සේවය රටට වැඩි වැඩියෙන් අවශ්‍ය කාලයයි මේ. මෙහි අදහස දක්වන බුද්ධිමත් උදවිය තවත් නොබෝ දිනකින් නියම වෙනස අත්දකිනු ඇත. (නි)
සාධු සාධු සාධු!!! (නි)
අපේ මැති ඇමතිවරුත් පෙළගැහෙන්න කියලා ඉල්ලා සිටිනවා. (නි)
ඔයගොල්ලෝ හැමෝම නිල් සහ කොළ කියලා බෙදිලා අදහස් දානවා. ඒකතමයි ඇත්ත කතාව. ඔහොම ගිහින් බලමු අපේ ජාතිය ඉතුරුවෙයිද කියලා. පක්ෂ වශයෙන් බෙදිලා ඉන්නේ ලංකාවේ සිංහලයෝ විතරයි. වෙන කිසිම ජාතියක් එහෙම නැහැ. ඒ නිසා අපි ජාතියක් වශයෙන් එකතුවෙන්න ඕනෑ.නැත්නම් වැඩිකල් යන්න කලින් අපේ බලය ගිලිහිලා යාවි. ඒ නිසා කරුණාකරලා අපේ තත්වය තේරුම්ගෙන අපේ ජාතිය ආරක්ෂා කළ හැකි නායකයා ප්‍රවේශම් කරන්න (නි)
ඔය මොන පුජා තිබ්බත් මහා ඡන්දෙදි අපිට බලාගන්න පුළුවන් වේවි. (නි)
අපි බලමු ප්‍රතිඵලයක් තිබෙයිද කියලා (නි)
ඕක තමයි මම කලිනුත් මෙතන ලිව්වේ. දේශමාමක බව මනින්නේ දේශපාලන වන්දිබට්ටකම කළාද නැද්ද කියන එක මත. මහානාම මහත්තයෝ, මම මෙතන වෙන මනුස්සයෙක්ගේ නමක්වත් ලියලා තිබෙනවාද ? මම බොහොම ස්වාධීන දේශපාලන අදහස් දරන කෙනෙක්. ඕක තමයි තමුන්නාන්සේලාගේ දේශපාලන ප්‍රතිපත්තිය. ඔයොගොල්ලන්ගේ ලොක්කාට ප්‍රශස්ති ගීත කිව්වේ නැත්නම් ඒ මිනිහා ජාතිද්‍රෝහියෙක්. පරම්පරාගත ශ්‍රීලනිප සාමාජිකයන් ඉන්න පවුලක මම ගිය පාර ඡන්දය වෙනස් කළෙත් ඔන්න ඔය මමයි රජා කියන සංකල්පය නිසා. ඔබතුමා වගේ මිනිස්සු නිසා තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කවදාහරි නැතිවෙන්නේ. (නි)
මට පෙනෙන්නේ මහානාම සහ සුමුදු හේවා කියන්නේ ඊළඟ ඡන්දෙට මහින්දගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීමට පත්කළ දෙන්නෙක්ද කොහෙද? දැන් බලන්න අනිත් මිනිස්සු තමන්ගේ අදහස ස්වාධීනව කියලා එතනින් ඒක ඉවරයි. මේ දෙන්නා මෙතන වෙනත් මතයක් දරන මිනිස්සු පස්සෙන් පන්න පන්නා ලියනවා. හැම පුවතකම ඔය වැඩේ මම දැක්කා. අපිට මොකද ඉතින් තමන්ගේ ආශාවනේ. (නි)
මෙතන සමහරු තමන්ගේ ලොක්කා මාර්ගඵල ලබා ඉන්නවා කියලා හිතන්නේ. රටේ අනිත් දේශපාලකයන් ඔක්කොම ද්‍රෝහීන්ගේ ගොඩට දාලා. මහානාම කියනවා 100% නිවැරදියිලු. එහෙම මනුෂ්‍යයන් මෙලොව ඉන්නවද ? මහා පරිමාණ දුෂණ වංචා කළ ගෝලබාලයන් සහ රටේ සම්පත් කාබාසිනියා කළ උදවිය වටේට තියාගත් එක හරිද? තමන් කඹුරන්න ගියාට කමක් නැහැ. හැබැයි අනෙක් මිනිස්සුත් ඒකම කරන්න ඕනෑ කියලා හිතන්න එපා මහානාම. (නි)
මගේ අදහසේ හැටියට පසුගිය කාලයේ මේ රටට අවංකව හිතවත්ව සේවය කළ එකම රාජ්‍ය සේවකයා පොලිස් සුනඛ ග්‍රේරෝය. කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී තමගේ සේවය කාර්යක්ෂම විදියට ඉටුකළා. මම මෙච්චර හොරු මිනීමරුවෝ ගාණක් ඇල්ලුවා කියමින් රට වටේට බුරමින් පම්පෝරි ගහමින් ගියේ නැහැ. ජනතාවට එක මුහුණක් පෙන්නලා අපරාධකාරයන්ට තව මුහුණක් පෙන්නුවේ නැහැ. මෙන්න නියම දේශමාමකයෝ! (නි)
සමහරුන්ට අනුන්ගේ මතයක් ඉවසන්නම බැහැ වගේ. ඕක ලොකු අසනීපයක්. විවිධ දේශපාලන මත තිබෙනවා. අනෙක් එක තමා ඔය රටට ආදරය කිරීම මනින්න , තමන්ගේ පුද්ගලික නිර්ණායක නියම කරන්න එපා. දේශපාලනය නොකළත් තමන්ගේ රාජකාරිය හරියට කරලා රට බරක් නැතුව අනුන්ට වදයක් නොවී ජීවත්වෙන මිනිස්සු ඉන්නවා. දැන් මහනාමලා හිතන හැටියට ඒ මිනිස්සු දේශද්‍රෝහියෝ? (නි)
කොහොමහරි රටට හොඳක් වෙනවා නම් එච්චරයිනේ! (නි)
රොෂාන්ත, මම කිව්වේ යහදුෂණ ගැන මෙතන කතාකරන එක හරි නැහැ කියලයි. එය සභාවක නොකිවයුතු කැත වචනයක් නොවෙයිනේ. (නි)
අශෝක, ඔයාලට ටිකක් රට ගැන හිතන්න බැරිද? (නි)
සකලවිධ කුමන්ත්‍රණ පරාජයට පත්වීමට වගේම දුෂිත පාලකයන් නොපැමිණීමටද පතමු. (නි)
අශෝක, ඔයත් එහෙනම් රටට එරෙහි කුමන්ත්‍රණයේ සළුවඩන නිලමේ කෙනෙක්ද? රටට ද්‍රෝහීවෙලා ලබන තනතුරු වරදාන ගම්වර මොකටදැයි මොහොතකටවත් ඔයාට හිතෙන්නේ නැද්ද? (නි)
සියළු කුමන්ත්‍රණ නැති භංගස්ථාන වේවා! (නි)
දැන් පසුගිය කාලයේ මාළිඟාව ඉස්සරහ ලැම්බෝගිනි යවමින් සංදර්ශන පවත්තනකොට ගරු සංඝයා වහන්සේ වැඩසිටියේ කොහෙද කියලා මම මේ කල්පනා කරන්නේ. මහානාම වගේ උන්දැලාට ඇස් ඇරෙන්නේ මේ රටින් බුද්ධාගම නැතිවුණ දවසට තමයි. ඔය සංස්කෘතිය රටේ ඇති කරන්න මේ රටේ ආරක්‍ෂිත දෙවිවරු ඉඩදෙන්නේ නැහැ. ඒකනේ පසුගිය කාලයේ සිද්ධවුණේ. නායකයෙක් වැඩ කරන්න ඕනෑ රටේ මිනිසුන් සන්තෝෂ කරන්න මිසක් තමන්ගේ පවුලේ මිනිසුන්ව සන්තෝෂ කරන්න නෙමෙයි. (නි)
යහපාලන ළිඳේ ඉන්න අනුරටත්, දිල්ෂාන්ටත් නොපෙනුණාට අතුලටත්, ජනහිතටත්, ඉන්දිකටත් ඔවුන්ට වඩා හොඳින් දුරදිග පෙනෙනු පමණක් නොව අතීතය පිළිබඳ හොඳ මතකයක්ද අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක්ද ඇති බව සිහිබුද්ධිය ඇති පාඨකයන්ට පෙනෙයි. (නි)
තිසල්, ඇයි මගේ වැටුප ගැන අහන්නේ? අනුන්ගේ පෞද්ගලික තොරතුරු නොසොයා අදහස් ගැන විචාරාත්මකව බැලුවොත් වැඩිය වැදගත් නොවේද? (නි)
සුමුදු හේවා, මේ පිටුවේ ඕනෑම කෙනෙකුට තමගේ ස්වාධීන අදහස් ලියන්න ඉඩතිබෙනවා. මෙතන අනිත් මිනිස්සු තමන් කියන දේවල් කියලා වැදගත් විදියට ඉන්නවා. ඔයා කරන්නේ අර බජාර් එකේ චණ්ඩියා වගේ මිනිසුන්ව කටින් ගහලා බය කරගන්න හදන එක. ටිකක් වැදගත් විදියට තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරන්න. මේක ඔයාට විතරක් ගිය රටක් නෙමෙයි. අපි හැමෝගෙම රට. අපිටත් මේක ගැන කැක්කුමක් තිබෙනවා. (නි)
සුමුදු හේවා කියන කෙනා මෙතන වෙනත් දේශපාලන අදහසක් කවුරුහරි ලියපු ගමන් ඒකට විරුද්ධව ලියනවා. අනේ ඇත්තට අර බන්දුල පෙරේරා හෙවත් යහපාලගේ මීටවැඩිය ඔලුව හොඳයි. මෙහෙම පිස්සුවක් නම් ඒ මනුස්සයාට නැහැ. මොකක්හරි ලියන දෙයක් ලියලා නිකම් ඉන්නවා. (නි)
අශෝක, ආණ්ඩුව කරන හැම වැඩේටම එකම දේ වෙනකොට ඔයාලටත් හිතට අමාරු ඇති නේද? (නි)
ජෙහාන්ගේ අදහස මමත් පිළිගන්නවා (නි)
සුමුදු හේවා , මොකද මේ තොප්පිය දමාගෙන දඟලන්නේ? මම මෙතන කාගේවත් නමක් කිව්වද? එහෙමනම් ඔබතුමාගේ නියම රාජකාරිය ඔය කියපු වැඩේම වෙන්න ඇති. නැත්නම් මොකද මේ භූමිතෙල් ගහපු ගැරඬියා වගේ නලියන්නේ. මම නම් කියන්නේ ඔයාට ලොකු අසනීපයක් තිබෙන හැඩයි. මෙතන ලියාලාම ආතතිය හැදිලාද කොහෙද? තව දෙයක්! ඔබතුමා මාව පුද්ගලිකව දන්නේ නැත්නම් මගේ රට ගැන තිබෙන ආකල්පය දන්නවා වගේ කතා කරන්න එපා. (නි)
අපිත් මේකට කැමතියි (නි)
ජාලියගේ කතාව ඇත්ත නම් මහින්ද මහත්තයාට පෞද්ගලික ලේකම්වරු 58 ලක්ෂයක් ඉන්නවා! (නි)
සුමුදු හේවාට තිබෙන්නේ අධික දේශපාලන විශාදියක් බව පේනවා. මෙතන ස්වාධීන අදහස් ලියන මිනිසුන්ගෙත් ඇඟට ගොඩවෙනවා. ඔබතුමාගේ ගම මැදමුලනද? මොකද මේ පිස්සෙක් වගේ මෙතන ලියන හැම කෙනාගෙම පස්සෙන් පන්නන්නේ? (නි)
සුමුදු හේවා, ඔයාට ලොකු ඔලුවේ අමාරුවක් තිබෙනවා. අර අශෝක කියපු කෙනා නමක් ගමක් ගැන නොලියා කියපු පට්ටම නේද ඔයා මේ ඔලුවේ දාගෙන හතර අතේ පිස්සු නටන්නේ ? (නි)
මම අවස්ථානෝචිතව අපේ රටේ ජාතික වීරයෙක් වන එස් මහින්ද හාමුදුරුවන්ගේ කවි උපුටා දැක්වූවාම රුචි සහ ජනක කියන්නේ මා මත්පැන් බී අදහස් දක්වා ඇති බවයි. නවීන්ට පෙනෙන්නේ මගේ ඔලුව නරක් වී ඇති බවයි. අනේ මෙයාලගේ ටිකිරි මොළ වලට තේරෙන තරම! (නි)
කට්ටියට තේරෙන්නේ නැද්ද මේ සුමුදු හේවා කියන්නේ කවුද කියලා? දැන් අනෙක් අයත් මහින්ද මහතාට පක්ෂව කියනවා මම දැකලා තිබෙනවා. හැබැයි මෙහෙම පිස්සෙක් විදියට මේ සභාවේ ඒ කවුරුවත් හැසිරෙන්නේ නැහැ. මෙයා හදන්නේ මෙතන හැමෝගෙම කට වහලා එයා විතරක් කට අරින්න. මේක ප්‍රජාතාන්ත්‍රික විදියට කටයුතු කරන පත්තරයක් කියලා එයාට අමතකවෙලා. (නි)
කේන්ති ගන්න එපා රංග.එහෙම හිතෙන්නේ මහානාමට විතරක් නොවෙයි! (නි)
අනේ සුමුදු හේවෝ, තරහවෙන්න එපා. රුචිරට විතරක් නෙමෙයි මෙතෙක් මොනවත් නොලියා මේ විවාදය මෙච්චර වෙලා බලාහිටපු අපිටත් හිතුනේ ඒ ටිකම තමයි. ඔයා හැමෝගෙම නම් ඇදලා ගනිමින් බැන බැන නටන පිස්සුව දැක්කහම වෙන මොනවද අපිට හිතෙන්නේ? (නි)
සුමුදු හේවා, මෙතන කේන්ති අරගෙන හතර අතේ අත පය විසිකරගෙන නටන්නේ ඔයා. බලන්න මෙතැන කීදෙන්කුගේ නම් සඳහන් කරමින් දොස් කියලාද කියලා. ඔයාගේ ප්‍රෙෂර් එකත් නඟීවි. ඒ නිසා විරුද්ධ මත දරන අයගේ අදහස් ගැන සීමාව ඉක්මවා කුලප්පුවෙන එක හොඳ නැහැ. (නි)
මම මේ කට්ටියටම කියන්නේ සුමුදු හේවාට උත්තර දෙන්නයි එයාගේ පුද්ගලික කැමැත්ත ගැන කලබල වෙන්නයි යන්න එපා. එයා හදන්නේ මෙතන වැදගත් වියත් සංවාදයක් ඇතිවෙන එක නවත්තලා මෙතන සංවාදය වෙන අතකට යවන්න. ඒ නිසා බුද්ධිමත් කට්ටිය රජයට පක්ෂ විපක්ෂ ඔක්කොම එකතුවෙලා මේ සංවාදය හරවත්ව කරගෙන යමු. තමන්ගේ කටේ සීමාව දන්නේ නැති එක්කෙනෙක්ගේ අදහස් වලට ප්‍රතිඋත්තර දෙන්න ගියාම අපේ වටිනා කාලයයි මෙතන නාස්ති වෙන්නේ (නි)
සුමුදු හේවා, ඔයාට මම බුලත් දුන්නේ නැහැ. මම ලියපු දෙයට මහානාම මහතා උත්තර දුන්නා නම් අන්න ඒක හරි. ඔයා නිකම් මෙතන තෝල්ක මුදලිකම් කරන්නේ නැතුව ඉන්න. එහෙම නැත්නම් මහානාම නමින් ලියන්නෙත් ඔයාම වෙන්න ඇති. (නි)
ලලිත් , රංග හා උපුල් මහත්වරුනි, සැමවිටම මම අනෙක් අයගේ අදහස් වලට ගරුකරන අතර, කවදාවත් හෙළා නොදකිමි. රංග මහතාණෙනි, මම 100% හරි කිවුවේ මහින්ද මහතා හෝ පසුගිය රජය නොවේ. මෙන්න මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් ගැනය. මට සමාවෙන්න ඔබතුමාගේ වරදවා තේරුම් ගැනීම ගැන. (නි)
සුමුදු හේවා, ඔයාගේ නම් කිසිම අවස්ථානෝචිත බවක් අපිට පේන්නේ නැහැ. ඔයා නොම්මර එකේ දේශපාලන චණ්ඩියෙක් වගේ තමයි මෙතන හැසිරෙන්නේ. අනෙක් උදවිය තමන්ගේ අදහස ලියා වැදගත් විදියට අනෙක් අයගේ මතයටත් ගරුකරන බව පේනවා. ඒත් ඔයාගේ පැන පැන කටගැහීමේ විලාශය අර ප්‍රසිද්ධ ගමෙන් දේශපාලනයට පැමිණි අයගේ සභාවක හැසිරීමමයි පෙන්වන්නේ. තරහ වෙන්න එපා මෙහෙම ලිව්වට. (නි)
ලලිත් මහතාණෙනි , ඔබගේ අදහස් වලට ගරුකරන අතර, මම කාගේවත් ඡන්ද ව්‍යාපාර වලට පත්කළ කෙනෙක් නොවේ. නමුත් නිදහස් අධ්‍යාපනයේ දරුවෙක් හැටියට , නිදහස් අධයාපනයට පින්සිදු වෙන්න ශතයක්වත් වැයනොකර මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධියක් ලැබූ අතර , ඒ වෙනුවෙන් මම මගේ ජාතියට හා රටට ණයයි. මම මේ ඉෂ්ට කරන්න හදන්නේ අන්න ඒ ණය වගකීමයි. මම මේ පියවන්න හදන්නේ මම ගත් ජාතික ණයයි. මට මහින්ද මහතා ගැන විශේෂ කැක්කුමක් හෝ මෛත්‍රී මහතා ගැන විශේෂ තරහක් නැහැ. නමුත් මට මගේ රට ගැන විශේෂ කැක්කුමක් නම් ඇත. (නි)
සුමුදු හේවා, ඔයාගේ තියෙන්නේ රට පිළිබඳ කැක්කුමක් නෙමෙයි. මහින්ද මහතා පිළිබඳ පුද්ගලික කැක්කුමක්. අපි ඒකට දොස්කියන්නේ නැහැ. ඒක ඔයාගේ කැමැත්ත. හැබැයි අපේ කැමැත්ත මුළු රටේම යහපත. එක්තරා පුද්ගලයෙකුගේ යහපත විතරක් නෙමෙයි. ඔයා අන්න ඒ ටික තේරුම් අරගෙන මෙතන ලියන දෙයක් ලියන්න. ස්තුතියි. !. (නි)
අනේ වෙනුර, ලියන්න මොකුත් නැතුව ඔහේ බලාහිටපු ඔයාටත් අන්තිමට මොකක්හරි ලියාගන්න පොටක් පෑදුනා එහෙනම්! දැන්නම් සතුටු ඇති නේද? (නි)
උපුල් මහතාණෙනි, ඔබතුමාගේ නම් ලිවුවේ ඔබතුමාට කරන ගෞරවයක් හැටියට මිසක් අපහාසයකට නොවේ. හිත රිදුනා නම් සමාවෙන්න (නි)
අනේ හේවෝ, ඔයා කියපු 58 ලක්ෂයට නම් ඔයාට තරම් ඔලුවේ අමාරුවක් නැහැ. (නි)
ඇත්තමයි ප්‍රකාශ්. ඉතිහාසය පුරාම රට රැකීම වෙනුවෙන් උන්වහන්සේලා ඉටු කළ අනුපමේය මෙහෙවර ගැනත් අද දවසේ උන්වහන්සේලාගේ භූමිකාව ගැනත් කතා කරන්න කප්පරක් දේවල් තියෙනවා. මර්සලිනු ජයකොඩි පියතුමාගෙයි එස් මහින්ද හිමිගෙයි කවි පද කිහිපයක් උපුටා දක්වමින් මමත් ඒ ගැන සංවාදයක් අරඹන්න හැදුවා. ඔයත් ලියපු එක හොඳයි. (බ)
යසිරු මහතාණෙනි , බුදුදහම රැකෙන්න හෝ යහපාලනය තිබෙන්න, අපිට නෙබෙදුනු රටක් තිබිය යුතුයි. පසුගිය රජය කාලයේ ගොඩක් වැරදි සිදුවූ බව නොරහසකි. නමුත් ඒවාට දඬුවම් කිරීම රට පාවාදීම , බෙදුම්වාදීන්ට රුකුල්දීම නොවේ. මේ රට අනාරක්ෂිතබාවයට ගමන් කරන බව නොතේරෙන්නේ අද මොන්ටිසෝරි යන බබාලට පමණි. ඔබතුමා ගැන මගේ අමනාපයක් නැත. මා උත්සාහ කරන්නේ මම මේ රටේ ජාතික ධනයෙන් ලබාගත් උපාධියේ ණය ගෙවිමටයි. මේක මගේ වගකීමක්. ඔබගේ හෝ අන් කෙනෙකුගේ හිත රිදුනා නම් සමාවන්න. කිසිවිටක මම අනුන් හෙළාදැක මගේ මතය ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ නැහැ. මා ඔබගෙන් හා අන් අයගෙන් ඉල්ලා සිටින්නේ, පක්ෂ පාට අමතකකර රට යන දිශාව ගැන සැළකිලිමත් වන ලෙසයි. එය ඔබගේත් මගෙත් ජාතික වගකීමකි. (නි)
මහානාම මහතාණෙනි, මගේ කිසිම අමනාපයක් නැහැ. අපි මෙතන අපේ අදහස් ලියන්නේ එකම රටේ මිනිසුන් හැටියටයි. (නි)
ජනතාවගේ මුදල් ගසාකමින්, හොරකම් කරමින්, රටේ බෙදුම්වාදය ඉස්මතු කරමින්, ජනතාවට සැකය මතුකරමින්, හොල්මන් කරන්නේ කවුද කාගේ කල්ලිද කියා රටේ ජනතාව දනී. බලය තිබුණු විට මොළය නැති, බලය නැතිවිට කුමන්ත්‍රණ කරන අයට නැවත කිසිදු අවස්ථාවක් නොදීමට රටේ ජනතාව සැමවිටම එකසිතින් ක්‍රියා කරනු ඇත. (නි)
තුෂාර, අශෝක සහ ජනක, මේ රටේ දැන් තිබෙන එකම කුමන්ත්‍රණය ගැන අශෝක ලීයූ දෙයින් මට වැටහුණේ ඔහු ඔහුට ලැබුණු තනතුරක් ගැන සඳහන් කරන බවයි. හැරත් මම වත්මන් ආණ්ඩුවට සම්බන්ධ නැති හෙයින්ද තොප්පි පාවිච්චි නොකරන්නෙක් හෙයින්ද ඔයාලගේ තොප්පි කතාව මට අදාළ නැහැ. (නි)
අනුන්ගේ අදහස් වලට බනිමින් කෑරලෙක් වගේ කෑගසමින් පැන පැන ලියන එක හරිම දේශපාලන පරිණත බවක් කියලා සමහර දේශපාලන බත් බැලයන්ට හිතෙනවා ඇති. කට විතරක් තිබුනාට මදි. අනුන්ට ඇහුම්කම්දීමේ සහ අනුන්ගේ අදහස් ඉවසීමේ ගතියක් නැත්නම් ඒක තමන්ගේ උපන් ගෙයි මෝඩකමේ ලක්ෂණයක්. මීට වැඩිය මම නොලියමි (නි)
සුමුදු ,නිකම් මෙතන දෙකේ පන්තියේ ළමයෙක් වගේ හැසිරෙන්න එපා. මම හොඳට නැවත අශෝක ලියපු දෙය කියෙව්වා. එතන කිසිම කෙනෙකුගේ නමක් නැතුව එයාගේ අදහසක් ලියලා තිබුනේ. ඔයා මෙතන කටු අත්තක් වගේ හැමෝම එක්ක පැටලි පැටලී ඉන්න හදන කෙනෙක් බව පේනවා. කරුණාකරලා පරිණත මනුස්සයෙක් වගේ මෙතන ලියන්න. ඔයාගේ දේශපාලන අදහස නෙමෙයි ඔයා මෙතන හැසිරෙන විදියේ නම් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. (නි)
සමහරු මේ රටට කරන්න යන දේ අපේ සමහරකට තේරුම් ගැනීමට බුද්ධිය පහළවේවා කියලා අධිෂ්ඨාන පුජාවක් කරන්න අපේ හාමුදුරුවනේ. (නි)
අතිගරු මහා සංඝරතනය පෙනීසිටිය යුත්තේ නිතරම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වර්තමාන රජය කරගෙන යන වැඩපිළිවෙළ හොඳින් කරගෙන යාමට උරදීමටය. (නි)
සුසිල්ගේ කතාව සහතික ඇත්ත. අපිට හැමදාම වරදින්නේ පක්ෂ පාට වශයෙන් බෙදීමත් ජාතිකත්වය සහ ජාතිවාදයේ වෙනස හඳුනා නොගැනීමත් නිසයි. සුළු ජාතිකයන්ගෙන් සැළකියයුතු පිරිසක් ජනවර්ගය අනුව සිතා තීන්දු තීරණ ගන්නා නිසා මෙහි විනාශකාරී බලපෑම තවත් උග්‍ර වී අන්තිමට සියලුම ජාතීන්ට විඳවන්නට වන තත්ත්වයක් නිර්මාණයවීමේ අවදානමක් පවතියි. අපි සැළකිලිමත් වියයුත්තේ එම අවදානම පිළිබඳවයි. (නි)
මහානාම මහතා , මම කිසිම දේශපාලකයෙකුට පුද්ගලිකව මඩ ගහන කෙනෙක් නෙවෙයි. ඔබ වගේම මමත් මගේ උගත්කමින් මේ රටට මගෙන් වැඩක් විය යුතුයි කියලා හිතලා පුද්ගලික අංශයේ වෙහෙස මහන්සි වී වැඩ කරන කෙනෙක්. ඔබ සමග මගේ කිසිම අමනාපයක් නැහැ . මේ වියත් සභාවේ හැමෝගෙම අදහස් සංවාදයට අදාලයි අවශ්‍යයි. ඒකේ ගැටළුවක් නැහැ. (බ)
අතුල ,ජනහිත , ඉන්දික, ළඟ නොබලා දුර බලන්න. ළිඳ තුළ සිටින මැඬියා නිතරම සිතන්නේ මෙවැනි ළිදක් ලැබීමට හරිම වාසනාවන්ත බවකිනි.රටේ මෙවැනි පුද්ගලයන් සිටීම තුළින් වෙන්නේ දූෂිත පාලකයන් රැකගැනීමට පිටුවහලක් වීමයි. (නි)
එශාන්ගේ කතාව මමත් පිළිගන්නවා. දේශපාලන අදහස් නෙවෙයි වියත් සභාවක චර්යා ධර්ම සහ සිරිත් විරිත් නොදැනිම පිළිබඳ ප්‍රශ්නයක් ඔතන තිබෙන්නේ. ඒක එයාගේ ප්‍රශ්නයක්. අපි මේ සංවාදය හරවත්ව කරගෙන යමු. (බ)
එක්කෙනෙක් මෙතන ලියල තිබෙන්නේ උදේ වැසිකිලියට යන්න බැරි වුන අමාරුව අනෙක් පාඨකයන්ගේ පිටින් යවනවා වගේ. (බ)
ඇත්තටම සුමුදු හේවා මොනවාහරි බීලද කොහෙද මෙතන ලියන්නේ. අර කිව්වත් වගේ එයාගේ දේශපාලන අදහස කියනවා නෙවෙයි මෙතන ලියන අනෙක් කට්ටිය එක්ක පුද්ගලික කෝන්තරයක් තියනවා වගේනේ හැසිරෙන්නේ. (නි)
අනුර නමින් අදහස් දමන්නේ කවුද? දේශපාලන කටු ලෙවකන මෙවැන්නන් නිසා රට කවදාවත් යහමඟට ගන්න බැහැ. (නි)
අන් මත නොඉවසන අපෙ හේවා සුමුදු ....සබයට වැටුන කටු අත්තකි නැත සුමුදු ......(බ)
ඔයාලා මගේ නම සඳහන් කරමින් මගේ අදහස් වලට නොව තනි පුද්ගලයෙක් වන මට පහර ගසනු පෙනෙයි. ඇතැම්හු මගේ නම සඳහන් නොකර ව්‍යංගයෙන් ද එසේ කරනු පෙනෙයි. එහෙත් මා ඔබේ අදහස් ගැන හෝ ප්‍රධාන පුවත පිළිබඳව හෝ පළ කරන අදහස් ඔබට නොපෙනෙයි. හරවත් සංවාද පිළිබඳ නවතම මුලධර්මය මෙයද? (බ)
බොහෝ දෙනෙකු අදහස් දක්වන සංවාදයකදී අදාළ අදහස පළකළ පුද්ගලයාගේ නම සඳහන් කරමින් ප්‍රතිඅදහස් දැක්වීමෙන් කියවන්නාට සංවාදයේ අනුපිළිවෙල වටහා ගැනීම පහසුවන්නා සේම අදාළ පුද්ගලයාට තම අභිමතය පරිදි එයට පිළිතුරු දීමේ අවස්ථාවද සැළසේ. එයට උරණවනු කීම? (නි)
සාධු සාධු!! (නි)
ඉස්සරත් හාමුදුරුවරු තමයි රට වෙනුවෙන් පෙරට ආවේ (නි)
හැමදෙනාම තනි තනිව අදහස් දැක්වීමෙන් පමණක් සෑහීමට පත්වුවහොත් ඉන් සංවාදයක් ඇති නොවෙයි. එහෙත් එකිනෙකා ඔවුනොවුන්ගේ අදහස් වලට පක්ෂව හෝ විපක්ෂව දක්වන අදහස් ඔස්සේ සංවාදයක් පුළුල් වෙමින් නව ඉසව් සොයාගෙන යන්නේ සැමගේ නිම්වළලු පුළුල් කරමිනි. සිදුවිය යුත්තේ එය බවයි මගේ වැටහීම! (නි)
සුමුදු, ඔයා මොකටද ඔයාගේ නමක්වත් නැති අදහස් වලට එල්ලිලා ගිහින් හිත නරක් කරගෙන රණ්ඩු කරන්නේ? අපි නම් අපේ අදහස ලිව්වා. වැදගත් කියලා හිතෙන අනෙක් අදහසකටත් ආචාරශීලිව ප්‍රතිචාර දැක්වුවා. එතනින් ඒක ඉවරයි. අපේ ප්‍රෙෂර් ඒක නගින්නෙත් නැහැ. අනිත් අයට අපිව මෙතන කන්කරච්චලයක් වෙන්නෙත් නැහැ. (නි)
සුභාෂ්, අන් මත නොඉවසීමක් මට නැත. අන්‍ය අදහස් පිළිබඳ මගේ අදහස් පළකළා පමණි. එහෙත් ඔබේ කවිකම අගය කරමි. (නි)
සුමුදු හේවා, මෙතන හරවත් සංවාදයක් නැතිවුණේ ඔබ විසින් අනෙකුත් මත පළකළ සෑම පාඨකයෙකුම එකක් නෑර හඹාගොසින් කර මුලින් අල්ලාගෙන වාදපිටියට කැඳවීම නිසා. ඔය අදහස් පළකළ බහුතරයක් බොහොම සාමකාමී ලෙස පසුගිය අවුරුදු ගණනාවක සිට මෙතන ලියපු උදවිය. මම ඒ බව හොඳින්ම දන්නවා. (නි)
රංග, ඔයාගෙන් බුලත් නැතුව ඔයාගේ අදහස් ගැන කතා කරන්න හොඳ නැති බව මට කල්තබා දැනගන්න විදියක් තිබුණේ නැහැනේ. මං හිතුවේ ඔයා හැමෝටම පොදු සංවාද මණ්ඩපයකට ඔයාගේ අදහස යොමුකළාය කියලා. (නි)
අනුන්ගේ දේශපාලන මතයට නෙමෙයි පුවතට අදාළව අපේ මතය ලියලා අපි නිකන් ඉන්නවා. මගේ මතය නම් බෞද්ධ පුජ්‍ය පක්ෂය බුදුන් වදාළ ධර්ම විනයට අනුව හැසිරෙනතාක් සමාජයේ යහපත්කම ඇතිවේ. (නි)
මහානාම -කඳාන,ජනහිත, පිවිතුරු යහපාල, ප්‍රතිචාරක, ඔබ හිතන්නේ ඔබලාගේ ගෙවල් මට්ටමටය. ඉන් පිටත ලොවක් ඇති බව තේරුම් ගතයුතුය. ජනහිතට අනුව පසුගිය රජයේ සිදුවී ඇති වංචා සහ දුෂණ යුද ජය වෙනුවෙන් සුළු පිරිසකට හිලව් කළ යුතුබවද? නැවතත් අප මදිපාඩුව හිලව් කිරීම සඳහා බලය ලබාදිය යුතුද? මට අවුරුදු 10 ක් කියලයි ඔබ හිතන්නේ. ඔබට ඊටත් වඩා අඩුද? (නි)
සුමුදු හේවා කියන කෙනා බලාගෙන යනකොට රණ්ඩු වුනේ නැත්තේ අර බවලතුන් අතලොස්ස එක්ක විතරයි. ඒ ටිකත් බවලතුන්ට පාට දාන්න ගොහින් බන්දුල පෙරේරාට වෙච්ච දේ මතක තියන නිසාද කොහෙද ! (ම)
සුමුදු හේවා කියන කෙනා බලාගෙන යනකොට රණ්ඩුවුණේ නැත්තේ අර බවලතුන් අතළොස්ස එක්ක විතරයි. ඒ ටිකත් බවලතුන්ට පාට් දාන්න ගිහින් බන්දුල පෙරේරාට වෙච්ච දේ මතක තියන නිසාද කොහෙද ! (නි)
අනුර මහතාගේ අදහසට එකඟයි.එකයි නියම සත්‍යය. (නි)
පිළිකා රෝහලට ගොස් මැරෙන්න පණඅදින මිනිසුන් වෙනුවෙනුත් අධිෂ්ඨාන පුජාවක් කළොත් බොහෝ වටිනවා (නි)
රුවන්, මගේ අදහස් විවේචනයට පෙරාතුව කරුණාකර මගේ 2015-04-12 02:46:37 අදහස කියවන්නේ නම් කෘතඥ වෙමි. (නි)
ජයනි, ඔයා හිතන්නේ මම හිත නරක්කරගෙනය කියාලද? අනේ නැහැ. හැමෝටම අනිත් අයගේ මත දැන ගන්නත් විවේචනාත්මකව හිතන්නත් ඉඩ ලැබෙන මෙවැනි සංවාදයකින් පුංචි සතුටක් හරි ඔයාටත් දැනෙන්නේ නැද්ද? (නි)
රුවන්, ඔබ හරි. තමන්ගේ නමක්වත් කියවිලා නැති අදහස ඔස්සේ ගිහින් නිකම් රණ්ඩු කරනවා. මෙතැන අදහස් ලියපු හැම කෙනාටම මොකක් හරි කට කැඩ්ච්ච කතාවක් ලියලා. හරිම අප්‍රසන්නයි. (නි)
පණ්ඩුක, මට වැටහෙන හැටියට ද්‍රෝහියෝ කියන්නේ තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ රටට අහිතකර දේ කරන අයයි. හැබැයි ඉතින් කෙනෙකුට ද්‍රෝහීන් හැටියට පෙනෙන අයව තවත් කෙනෙකුට ඒ මොහොතේදී වීරයන් හැටියට පෙනෙන්න ඉඩතිබුණත් අවසාන විග්‍රහයේදී නම් වීරයන් සහ ද්‍රෝහීන් පැහැදිලිව හඳුනාගැනේවි යැයි සිතමි. (නි)
අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)
රුවන්, මා සංවාද කරන ආකාරය පිළිබඳ ඔබේ විග්‍රහය නිවැරදි නම් ඔබ කරන්නෙත් මගේ කරමුලින් අල්ලාගෙන වාද පිටියට කැඳවීමට වඩා වෙනස් දෙයක්දැයි මඳක් සිතාබලනු මැනවි. කරුණාකර මේ ගැන අදහස් දැක්වීමට පෙරාතුව මගේ 2015-04-12 02:52:29 සහ 2015-04-12 02:46:37 අදහස් කියවන්නේ නම් කෘතඥ වෙමි. (නි)
රටකට ඕනෑ මෙවැනි ආමික වැඩසටහන්. බුදු සරණ වේවා (බ)
මේ රටේ භික්ෂුන් වහන්සේලා සිටින තුරු රට විනාශ කරන්න දෙන්නේ නැති බව අපි දනිමු, ඔබ වහන්සේලාට දිගාසිරි පතමි.(බ)
මේක නම් වියත් සංවාද මණ්ඩපයකට වැඩිය සුමුදු හේවා කියන කෙනාගේ වාදපිටියද කොහෙද? දැන් ඉතින් මේක ලියපු මටත් මොනවාහරි ලියාවි. මට කමක් නැහැ. බන්දුල පෙරේරා එක්ක වුණත් මිටවැඩිය හරවත් විදියට අපි සංවාදය පසුගිය කාලයේ අරගෙන ගියා. (නි)
මෙතන කෙරෙන්නේ හරවත් සංවාදයක්ද නැත්නම් අනුන්ගේ නම් වලින් පළවූ අදහස් වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවුරුදු ක්‍රීඩාවක්ද කියලයි මම මේ කල්පනා කරන්නේ. (නි)
හදවතින්ම අවංකව නමස්කාර කරමි (නි)
සියළු කුමන්ත්‍රණ නැති වේවා! (නි)
සාම්පූර් නේවි කැම්ප් එකත් ඉවත් කරලා [සතිඅන්ත ප්‍රධාන පුවත්පතක 17 වන පිටුව බලන්න] .....ඊළගට ? රටකට එහි වසන ජාතීනට එහි අරක්ෂාව ගැන හිතන්න බැරිනම් බඩ තර කරගත්තට වැඩක් නැහැ කියල වෙනසට කතිරේ ගහපු උන් හිතට ගන්නිල්ල.....කටකතාවලට රැවටිලා, මඩප්‍රචරවලට රැවටිලා රටට මේ තත්වය ඇතිකරපු ඔලුවලට ඇත්ත තේරෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. දශක 3 ක් පෙරුම්පුරලා දිනාගත නිදහස රැකගන්නිල්ල......නැතිනම් තව බර ගණනකගේ ජීවිත පුජාකොරන්නට වේවි.........ඔළු ගෙඩිටික උස්සගෙන ඇවිදින්න (බ)
සිවුරයි දිවි දී රට රැක ගත්තේ - අදත් නහින්නේ මේ රට මත්තේ ඔබවහන්සේලාට ජාතියේ ප්‍රණාමය වේවා!. මෙපින් බලෙන් අපේ රටටත් ජාතියටත් තම දිවි පරදුවට තබා රට රැකදුන් රටට හිතැති නායකයාණන්ටත් යහපතක්ම සිදු වේවා!! (බ)
සහන ලැබෙන තුරු ලංකා දීපයට ගහන ගැහිලි ඉදිරියෙ සිහ වෙසින් සිට නහන රුපුන් නහමින් යමි ඉදිරියට මහණ කමත් බණ දහමත් එයයි මට ඔබ වහන්සේලාට ජාතියේ ප්‍රණාමය! මේ පින් බලෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයෙන් රටට හිතැත්තෝ ද අපේ රට ද සියලු උවදුරින් ආරක්ෂා කෙරෙත්වා! රටට යහපතක් ම වේවා! (බ)
සාධු සාධු සාධු!!! (නි)
රටට මෙවැනි බලපෑම් එන්නේ මේ රටේ අදුරදර්ශී පාලනයක් ගෙනගිය පිරිස් නිසා. දැනටත් රට තුළ සිටගෙන විවිධ කුමන්ත්‍රණ කරමින් කරගෙන යන වැඩපිළිවලට සමහරු බාධා කරනවා. බුද්ධිමත් ජනතාව බහුතර මතය ජයගෙන හමාරයි. රට හරිමඟට ගැනීමට වර්තමාන රජය ඉතා හොඳින් ක්‍රියාකරගෙන යනවා (නි)
රොෂාන්ත, රට රැකුණේ හිටපු ජනපතිතුමා නිසයි කියලා කියන්නේ තමන් අතින් වුණු වරද අවබෝධ කරගෙන එතුමා වටා රොක්වෙන මහජනතාවයි. (නි)
රොෂාන්ත, මේක රටට සෙත්පතා කරන පූජාවක්. දුෂණ ගනුදෙනු ගැන මොකට මෙතන කතා කරනවාද? (නි)
සමහරු කියන්නේ එයාලා බලයේ සිටිද්දි විතරයි මේ රට රැකෙන්නේ,අනෙක් අය පාලනය කරද්දී රට නැතිවෙනවා කියලා. මේක දේශපාලන ගමනක්. රටට පිටින් එන කුමන්ත්‍රණ,එදා මහින්ද පාලනයේ තිබූ ගනුදෙනු ගැන අපි දන්නවා (නි)
අනේ ඔව් තත්සර, රටට හොඳක් කරන්න මේ වගේ යතිවරු එකතුවෙන එක කොයිතරම් දෙයක්ද? (නි)
බලාගෙන යනකොට බන්දුල පෙරේරා හෙවත් යහපාලගේ සිහිය සුමුදු හේවාට වැඩිය දහස් වාරයක් හොඳයි වගේ. මේ මනුස්සයා මෙතන ලියන්නේ 'ෂොට් එකක්' දාගෙන වගේනෙ. (නි)
බුදුදහමේ බලයෙන් රටට යහපතක්ම වේවා! (නි)
විදේශීය ඔත්තු සේවා වල ඇණවුමට රොටි පුච්චන්නේ නැති ඔබවහන්සේලාට අපගේ නමස්කාරය! (නි)
නගරබද මොනවා සිදුවුණත් පිටිසර ගම්වල පන්සල් වලට බොහෝ පහසුකම් නැහැ (නි)
ඇත්තමයි මහානාම. පිවිතුරු යහපාලගේ කටේ මසුරන් දමන්න වටිනවා. හැබැයි ඉඳහිට එයාගේ නමිනුත් මගේ නමිනුත් ද්‍රෝහී අදහස් දාන ඩුප්ලිකේට්ලාගෙන් අපි පරෙස්සම් වියයුතුයි. (නි)
මේ රටේ තිබෙන එකම කුමන්ත්‍රණයට සළුවඩන නිලමෙලා ඕනෑතරම් ඉන්නවා. (නි)
සුමුදු හේවාගේ වැටුප කීයද දන්නේ නැහැ. (නි)
රටේ ආරක්ෂක මුරදේවතාවුන් වහන්සේලාට අපේ ආචාරය! අපි ඉදිරියට යමු (නි)
සුමුදු හේවාගේ ඔලුව නරක්වේගෙන එනවාද කොහොද ! රට වෙනුවට එක්කෙනෙක්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර වලට වැඩ කරනකොට ඔහොම වෙනවා. (නි)
අනුර මහතාගේ ප්‍රතිචාරය සමඟ සියයට සියයක් එකඟයි.ඒක තමයි සත්‍යය. (නි)
ලංකාවේ ජනතාවට දෙවියන්ගේ පිහිටවත් තිබෙනවද කියන එක මට දැන්නම් ටිකක් සැකයි. (නි)
සුමුදු හේවා කියන කෙනා මහින්ද මහතාගේ පුද්ගලික ලේකම් වගෙයිනේ කතාව. මෙතන කවුරු මොනවා ලිව්වත් කොට්ටෝරුවා වගේ කොටාගත්ත ගමන්මයිනේ. (නි)
සකලවිධ කුමන්ත්‍රණ පරාජයට පත්වීමට වගේම දුෂිත පාලකයන් නොපැමිණීමටද පතමු. (නි)
රුචි, මටත් ඕකමයි හිතෙන්නේ. (නි)
මොකද්ද සුමුදු හේවා මිනිස්සු අතින් වුණ වැරැද්ද ? ප්‍රජාතාන්ත්‍රිකව තමන්ගේ ඡන්දය පාවිච්චිකළ එකද? තමුන්නැහේ හිතන්නේ මැදමුලන රෙදි අපුල්ලන්නේ නැති ඔක්කොම ද්‍රෝහියෝ කියලද ? (නි)
මගේ රටට කිසිදු බලපෑමක් කිරීමට කිසිදු බලවේගයකට නොහැකිවේවා! (නි)
මෙතන සමහරු දේශමාමක බව මනින්නේ මහින්දට ආවැඩීම් කරන සහ නොකරන එක මත. එයාට එහෙයි කියන අයගේ විතරයි මේ රට ආදරයක් තියෙන්නේ. අනිත් මිනිස්සු දේශද්‍රෝහියෝ. මෙහෙමත් දේශපාලන දර්ශනයක් ලංකාවේ ඉතිහාසයේම තියෙන්න නැතුව ඇති. (නි)
මෙවැනි කටයුතු වලින් රටටත් ශාන්තියක් ලැබෙනවා (නි)
රට රැකුනේ ජෙනරල් සරත් ෆොන්සේකා ඇතුලු වීර සෙබළ සොයුරන්ගේ සද්භාවයෙන් කළ කැපවීම නිසයි. නමුත් එදා හිටපු සමහර පාලකයන්ට අවංකවම එවැනි සද්භාවයක් තිබුනද කියා සැකසහිතයි. (නි)
අද සෙනසුරාදා නිසා ඇත්තටම සුමුදු හේවා මොනවාහරි බීලද කොහෙද? (නි)
සාධු සාධු සාධු!!! (නි)
මෙවැනි ආගමික කටයුතුවලින් මිසක්, කේන්දර සම්බන්ධ අයගේ වැඩවලින් රටටවත් ජනතාවටවත් යහපතක් නොවෙන බව තේරුම්ගිය එක නම් බොහොම හොඳ දෙයක්.සාධු! (නි)
ඉතා හොඳ දෙයක් (නි)
යුද්ධය අවසන් කිරීමේදී විවිධ පාර්ශවයන්ගෙන් වුණ මෙහෙවර අවතක්සේරු කර එය තමන්ගේ තනි වැඩක් කියමින් උදම් අනන කාටවත් ගැළපෙන්නේ නැහැ. දුටුගැමුණු රජතුමා සමඟ දස මහා යෝධයන්ගේ නමුත් ඉතිහාසයේ ලියවුණා. ඒකනේ අදත් එතුමාට අපි ගරු කරන්නේ. (නි)
අපි බලමුකෝ දැන් වෙන්නේ මොකක්ද කියලා (නි)
සමහරුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය අනුව විරුද්ධ මතධාරින්ට කට අරින්නවත් බැහැ. ඒකනේ අනුරලා තමන්ගේ ස්වාධීන අදහස ලිව්වහම මෙතන සමහරු ගොරවාගෙන පනින්නේ. (නි)
ජගත්, රට රැකුණේ සේනාධිනායක, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රධාන සෙබල සොයුරන්,පොලිස්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත්, සිවිල් ආරක්ෂක සේවාත් ඇතුළු සැවොම ක්‍රියාකළ සද්භාවය නිසා. රටට ජාතියට එදත් හිටියේ අධිෂ්ඨාන පූජාවන් තුළින් සෙත්පැතූ මහා සඟරුවන බවත් අමතක කරන්න එපා. (නි)
සාධු සාධු සාධු!!! (නි)
සද්භාවයෙන් යුද්ධයේදී කටයුතු කළ උදවිය මම තනිවම රට බේරාගත්තා කියලා උදම් අනන්නේ නැහැ. (නි)
මහින්ද කිතුල්ගොඩ , ඒ වුණාට සමහරු කියන්නේ ඒ මෙහෙවර තමන් තනිවම කළා කියලානේ. (නි)
රට වෙනුවෙන් හිතන්න කියනවා නම් අපි එකඟයි. ඒත් සමහරු කියන්නේ "මහින්ද වෙනුවෙන් හිතන්න " කියලා. දේශමාමකකමයි පුද්ගලමාමකකමයි දෙකම පටළවාගෙන. (නි)
අනුර, මෝඩ කතා කියන්න එපා. ජීවිත ගණනාවක් බිලිදී ගත් නිදහස නැතිකරන්නද කියන්නේ? (නි)
අනුර ,වින්සන්ට්, රොෂාන්ත, ඔය ගොල්ලන්ට හිටියේ කොහොමද කියලා මතක නැහැ මට හිතෙන්නේ. 2009 වෙනකොට ඔය අයට වයස අවුරුදු 10 ක් වත් නැතුව ඇති මම හිතන්නේ. 2009 න් පස්සේ කොච්චර සැනසුමක් ලැබුනාද කියලා වැඩිහිටියෙකුගෙන් අහලා බලන්න.නරකට වඩා හුඟක් හොඳ දේ වුණා නේද? (නි)
ගරුතර හිමියනි , රටට එරෙහි කුමන්ත්‍රණයක් තිබේ නම් එය පළමුව හෙළි කරන්න.එය ඔබගේ පරම යුතුකමයි. අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම හොඳයි. (නි)
අනුර මහතාණෙනි, ඔබගේ අදහස හරි.රටට මෙවැනි බලපෑම් එන්නේ මේ රටේ අදුරදර්ශී පාලනයක් ගෙනගිය පිරිස් නිසා. (නි)
මෙහි පළවන අයගේ අදහස් දකින විට ඇති වෙන්නේ කෙන්තියකට වඩා දුකකි , 30 වසරක කුරිරු යුද්දය අවසන් කළේ හිටපු ජනාධිපති තුමා නොවේ නම් , ඒ සඳහා අංක 2 කට වැඩ කළේ ගෝඨාබය මහතා නොවේ නම් , ඇයි ඒ දෙන්නව ජාත්‍යන්තර යුද්ද අදිකරණයට ගෙනයන්න හදන්නේ ? සරත් ෆොන්සේකා මහතා හෝ රනිල් මහතා ව ඉල්ලන්න එපා ය ? (බ)
වින්සන්ට් මහතාණෙනි , ඔබගේ අදහස් වලට ගරු කරමි , අත්තෙන්මේ ගරු කරමි මොකද ඔබ සත්‍ය වටහා ගත් නිසා . කියන්න කුරිරු යුද්ධය නිසා අහිමි උන ජීවිත වල අබ්බගාත වුන ජිවිත වලට මිල ඔබට ගණනය කළ හැකිද ? මහින්ද මහතා අතුලු පසුගිය රජය බිලියන් බිලියනයක් වංචා කළා යයි උපකලපනා කර . යුද්දයෙන් බේරා දුන් ජිවිතා වල හා මහින්ද මහතා වංචා කළ මිල වෙනස මෙහි ලියන්න මට හා අනකේ අයට දැන ගැනීම පිණිස . ඉන්පසු උසස් ගණිතයේ එන එක්ස්ට්‍රපොලේසන් සිද්ධාන්තය අනුව ඉදිරියට නැතිවිය හැකි ජිවිත වල මිල ගණනය කරන්න , මේ සදහා ඔබේ උසස් ගණිත ආචාර්ය වරයා ගෙන් උදවු ගන්න , මම බොරු නම් මෙහි ලියන්න . (බ)
ඔබ වහන්සේලා බණට කියන්නේ නම් කරන අකුසල් වල හැටියට ප්‍රතිවිපාක ලැබෙනවා කියල නේද? (බ)
නිසල් මහතාණෙනි රට වෙනුවන් කතා කිරීමට වැටුපක් අවශ්‍ය වේද ? සුමුදු හේවා මහතාණෙනි ඔබ වැනි උදවිය අද රටේ පැවැත්මට අත්‍යාවශයයි . මා අවුරුදු 16 ක් පමණ කාලයක් බෙදුම් වාදයට විරුද්ධව දිවා රෑ අදහස් දක්වවුපු අයකි , එවකට මේ අද තියෙන සිංහල පුවත්පත් අන්තර ජාලයේ අදහස් දැක්වීමට නො තිබු බව දන්නා අය දනිති (බ)
උපුල් මහතාණනි මහින්දට ආවඩන්න එපා , මහින්දව හිරේ දාන්න , ගො‘ඨාබයව හිරේ දාන්න , සක්‍රිය ලෙස යුද්දයට දායක වූ නාවික හා අනෙකුත් හමුදා නිලධාරීන් හිරේ දමන්න , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න , කමක් නෑ, තව මහින්ද ලා බිහිවේවි , නමුත් රටේ අද පවතින අනාරක්ෂිත තත්වය අවබෝධ කරගන්න මහතාණෙනි . මහින්දව මරා දාන්න , ජාත්‍යන්තර යුද අදිකරණයට යවන්න , නමුත් ලබා ගත නිදහස් පාවා දෙන අයට උඩ ගෙඩි දෙන්න එපා , රට පාවා දෙනවා කියන්න වැදු අම්මව පාවා දෙනවට සමාන තත්වයකි . (බ)
මහින්ද මහතාණෙනි , ඔබ 100% නිවැරදිය , මේ කාටත් තේරෙන , නමුත් කවුරුත් පිළිගන්න අකමැති සත්‍යයි, මොකද අපේ බුද්ධිමත් උදවිය පාට පාට කණ්ණාඩි වලින් මේ ප්‍රශ්නය දෙස බලන නිසා (බ)
අපේ හාමුදුරුවනේ පුලුවන්නම් අදිෂ්ඨාන පුජාවක් තියන්න නැවත දුෂිත පාලකයන් නොපැමිණීම සදහා එයයි කාලෙට ඔබින පුජාව !(බ)
රටේ අතීතය ගැන නොදන්නා මෝඩ තරුණයන්ට අපේ අනුකම්පාව! ගරු ස්වාමින් වහන්සේලාට ජාතියේ නමස්කාරය හිමිවේවා! මේ රට රැකගන්න ඔබ වහන්සේලාට ශක්තිය තව තවත් වැඩියෙන් ලැබේවා! (නි)
මේ හාමුදුරුවරු මේ පුජාව තියන්නේ දේශද්‍රෝභී හෝ කුමන්ත්‍රණකාර නඩයක් රැකගන්න නෙමෙයි.බෙදුම්වාදීන් සුරතල් නොකරන, බෙදුම්වාදීන් සතුටු නොකරන, ජාතික විරුවන් දංගෙඩියට නොයවන, රටේ ආරක්ෂාව බින්දුවට නොදාන, ලැබූ ජයග්‍රහණ කණපිට නොහරවන දේශප්‍රේමී පාලනයක් බිහිවෙන්න කියලයි (නි)
ඔබවහන්සේලාට දිරිය ශක්තිය ලැබේවා! (නි)