ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවන හබරණ රිටිගල පිහිටුවා වසරකදී අලි පැටවුන් පස්දෙනකු මියගොස් ඇතැයි වනජීවී ආරංචිමාර්ග කියයි.
මෙහි දැනට අලි පැටවුන් හය දෙනකු හා සේවකයින් දොළොස් දෙනකු සිටින නමුත් ජලය නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් වී ඇත.
දැනට එහි එකම බවුසරය කිලෝමීටර් පනහක් ගෙවා ජලය ගෙන එයි .වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක මහතා පැවසුයේ තමාටද මේ පිළිබදව තොරතුරු ලැබී ඇති බවයි. කඩිනමින් විසදුමක් දෙන බවද ඔහු කියයි.
2012 මාර්තු 23 වැනිදා මේ ඇත් අතුරු සෙවන ඇරැඹිණි.ඒ දිනවල ප්‍රදේශවාසීන් එවකට පරිසර ඇමැතිවරයාට පැවසුයේ එම ප්‍රදේශය ඇත්අතුරු සෙවනට සුදුසු නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි තුන් හතර දෙනෙක් පාලනය කරන්න බැරිද? (නි)
කාංචන ආරියදාස, මේ වීඩියෝ එක පිළිබඳව ඔබට ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රණාමය. මීට අදාළ ඇමතිතුමනි, මේ වීඩියෝව බලන්න. තාමත් ඔබ ප්‍රමාද නැහැ. වහාම ඉතිරි අලි පැටවුනුත් මැරෙන්න පෙර වතුර ඇති තැනකට මේ පැටවුන් යොමු කරන්න. මෙය මෙහි ආරම්භ කළ හිටපු ඇමතිතුමාගෙන් මෙවැනි ක්‍රියාවක් අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූවෙමු. ඔබතුමා අපේ ඇමති මණ්ඩලයේ හොඳම ඇමති කෙනෙක් ලෙස හඳුනා ගෙන සිටියෙමු. අනුකම්පාවෙන් මේ අම්මා නැති පැටවුන් දෙස බලන්න. (නි)
අනේ අපොයි! ලංකාවේ 'අලින්ට' ගිය කලක්! (නි)
කශේරුකා නැති වනජීවී අය හිටපු අහවලාගේ වුවමනාවට මේක හැදුවෙ.මෙතන මේ වැඩේට හරියන්නෙ නැහැ කියලා කිව්වට පිළිගත්තෙ නැහැ (නි)
අනේ තවත් දුක් නොදී මේ කිරි සප්පයෝ ටික අලි ඉන්න කැලයකට ගිහින් දමන්න. මහත් පිනක් ලැබෙයි. මොනවට මෙයාලව කොටු කරගෙන ඉන්නවද? (නි)
මළකඩ වතුර බිවුවහම පැටවු ලෙඩ වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
කොහොමද කෂ්ටියගේ බෝඩ් එක??? හික් හික් (නි)
ආඩම්බරකාරයෝ කොහෙද අනිත් අයගේ අදහස් වලට ඇහුම්කන් දෙන්නේ? ආඩම්බරකාරයන් හිතන්නේ එයාලා සර්ව සම්පූර්ණයි එයාලට වඩා දන්නා ලොක්කෙක් තවත් නැහැ කියලනේ. අපේ රටේ වැඩිහරියක් ඉන්න මෝඩ මිනිස්සුන්ගේ මෝඩකම් වලට බෙහෙත් නැහැ. ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි මොකටද බය. (නි)
මේ නිලධාරින්ට මේ ක්ෂේත්‍රය සම්බන්ධව කොහෙත්ම අවබෝධයක් නොමැත. බලන්න සතුන්ට වතුර බීමට තබා ඇති භාජනය, ලෙහෙසියෙන් මළ බැන්දෙන මෙවැනි දෑ හොද නැහැ. භාජනය හොඳටම මළකාලා. වතුර තිබුනත් මළකඩ සමග වතුරට සතුන් මැරෙනවා. (නි)
බලධාරින්ගේ අැස් ඇරේවායි අප පතමු. (නි)
සැලැස්මක් නැතුව කරන සංවර්ධනය නිසා කැළෑ වනසනවා. ගස් කපාගන යනවා හිතුමතේට. බලවතුන්ට ඕනෑ විදියට දුප්පතාට දර කෑල්ලක් කැපුවත් නඩු. මේ ගොල්ලන්න්ට තේරෙන්නේ මිනිස්සුන්ට එපා වෙලා සරත් ෆොන්සේකා වගේ කෙනෙකුට ඡන්දෙ දුන්න දාටයි. (නි)
මෙයට සම්පුර්ණයෙන් විෂය භාර අැමතිවරයා නේද වගකිවයුත්තේ? (නි)
රටකට ,ජාතියකට , පරිසරයකට හානිකර විනාශකාරි නොගැළපෙන තීරණ තීන්දු ගන්නා අය, මතු ආත්ම වල කවුරුන් වී උපදිවීද? (නි)
අනේ මෙහෙමත් අය ලංකාවේ ඉන්නවනෙ. ජලාශයක් හෝ ගංගාවක් නැති තැනක අලි අනාථාගාරයක් හදන්නේ අප්‍රිකාවේදී පමණයි. (නි)
අලිනට වතුර අවශ්‍ය බව තේරුම් නොගත් අයගේ වැඩක්. එක බවුසරයිද තියෙන්නේ? ඒ කියන්නේ එක අලියෙකුට දවසකට වතුර වීදුරුව ගානේ දුන්නහම ඇති කියලා හිතනවා ඇති. උන් කැලේ හිටියා නම් උන් දන්නවා වතුර හොයාගන්න හැටි. මේවා සැළසුම් කරපු කට්ටිය ලංකාවට හොඳට ගැළපෙනවා. (නි)
අසිත මල්ලි , අලි ප්‍රශ්න සම්බන්ධව අලි ගැටලු විසදන්න පුලුවන් අලි මොලයක් තිබෙන කෙනෙක් අපිට සිටිය යුතුයි. (නි)
යමක් කමක් තේරෙන වැඩිහිටි ගැමියෙකුට ඇහුම්කන් දෙන්න තරම් නිහතමානී කමක් නැහැ ඔය ලොක්කන්ගේ. තමන්ම තමයි ලොක්කා. තමන්ම තමයි උගතා. අනික් අයට ඇහුම්කන් දුන්නම තමන්ට වෙන්නේ මදිපුංචිකමක් කියලා ඒ අය හිතන්නේ. වැඩේ කරලා ඉවර වුණහම තමයි මෝඩකම ප්‍රදර්ශනය වෙන්නේ. දැන් ඔය වෙලා තියෙන්නේ ඒක. (නි)
අහිංසක සතුන් ගැන බොහොම දුකයි (නි)
රිටිගල ජයසේන ඕවා දිහා බලාගෙන ඇති. (නි)
ලොකු මිනිස්සු දකින්නේ සල්ලි විතරයි මුල්ම ,කාරණය එයයි. මේ වකවානුවේ මන්නාරම් ගිනි වැල්ලේ උනත් අලි අතුරු සෙවනක් හැදුවා කියල අමුතු වෙන් පුදුම වෙන්න දෙයක් නැහැ. අසරණ සත්තු ගැන අනු කම්පාව දුක දැනෙන්නේ රට වැසි අපිට මිසක් හිතක් පපුවක් නැති ලෝකෙට බොරු කියා කියා තම පාක්ෂිකයෝ ඇතුළු රටම මුලාවේ දමමින් මුදල් හම්බ කරන ලොකු අයට නෙමෙයි. මේ අසරණ අලි පැටවෙක් ළඟටවත් යන්න එපා. උස්සල පොළොවේ ගහයි.(නදී)
වැඩේ කරලා ඉවර වුණහම තමයි මෝඩකම ප්‍රදර්ශනය වෙන්නේ. දැන් ඔය වෙලා තියෙන්නේ ඒක. (නි)
බෝඩ් එක නම් තියෙනවා සුපිරි එකටම.වතුර ටිකක් නැතුව අසරණ සතුන් මිය යනවා.මේවා අහස පොලොව නුහුලන අපරාධ නෙමෙයිද? (නි)
ලංකාවේ මේවා පුදුම නොවේ ,මොන වැඩේද? හරියට කරන්නේ (දී)
රොෂාන් ප්‍රනාන්දු, ලංකාවේ මේවා පුදුම දේවල් නොවේ.මොන වැඩේද හරියට කරන්නේ (නි)
උපදේශකලා නම් එකසිය ගානක් ඉන්නවා.පව් අසරණ සතුන් ටික. (නි)
ඕවට කතා කළහම අපි දේශද්‍රෝභී වෙනවා. (නි)
තමන්ගේ රටේ ජීවත් වෙන සත්තුත් බඩ ගින්නේ.බොන්න වතුර ටිකක් නැහැ.මිනිසුත් බඩ ගින්නේ. ඒ මිනිසුන්ටත් බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. කාට කියන්නද?(නදී)
අර පිටරට යන්න ගිය අපේ හාමුදුරුවන්ටවත් ෆොටෝ ටිකක් යවලා බලන්න. (නි)
මොන වැඩසටහනද හරියට කළා කියලා ලියවිලා තියෙන්නේ. (නි)
අසිත, ඔබ කියනා කෙනාටත් දීල මෙම දෙයම වනවිට,ඉන් පසුව මොකද කරන්නේ ?(දී)
යුද්දේ දිනුව කියල අනිත් ඔක්කොම වැඩ හරි කියන්න බැහැ. මේ අයට තියන උද්දච්ච කම අවසානයේ පටන්ගැන්ම වෙන්න ඇති. අර අධ්‍යාපන කන එකත් ළමයින්ගේ දවස මූසල කරන වැඩ පිළිවෙලක් පටන් අරගෙන. මෝඩ කමට බෙහෙත් නැහැ. (දී)
උත්තරය.. නළ ලිං (නි)
වනජීවී ලොකු මහත්තුරු ඒ අයගේ පවුල්වල උදවිය නම් නිවාඩු නිකේතන වල රජ සැප විඳිනවා. අහිංසක සත්තු වතුර නැතිව මැරෙනවා.බෝඩ් ගහගත්තට ෆොටෝ ගහගත්තට උත්සවාකාරයෙන් වැඩ පටන්ගත්තට වැඩක් නෑ වැඩ නැත්නම්. අලි පැටව් 5 දෙනෙක් මිය යනකම් මේ ඇත්තෝ මොකද කලේ , කාටද මේ බොරු කරන්නේ? ජනතාව බුද්ධිමත්. (ස)
මෝඩ වැඩක් (දී)
නිලධාරී වාදයේ අනිටු විපාක, නිසි සැලැස්මක් නොමැති කම, මෝඩකම ප්‍රදර්ශනය කිරීමක්, වතුර ගෙන ඒමේදී මොන තරම් මුදල් නාස්ති වෙනවද ?? (ස)
ඔය බවුසරය කැඩුණු දවසට අලි පැටවුන්ට වතුර දෙන්නෙ කොහොමද? උන්ට වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන්න වේවිද? (නි)
සාමාන්යෙන් අලි කියන්නේ අනිවාර්යෙන්ම වතුර ඕන සත්තු ජාතියක්. මේ වගේ අතුර්සෙවන පිහිටවන්න කලින්..........වතුර තියෙන තැනක දන්නා ඕන.නැත්නම් මේ අසරණ සත්තු පව්. (දී)
පොඩි පොඩි වැව් රිටිගල හැමතැනම තියනවා.වෙන ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති අලි මැරෙන්නේ (නි)
අර අහවල් මහත්තයා වගේ පිල් මාරුකළා නම් ඔහොම වෙන්නේ නැහැ. (නි)
අලි පැටව්න්ට අපල කාලයක් !(දී)
අනේ පව් ..ලජ්ජාවට කරුණක් නෙවේ..දැනට ඉතිරිවී ඉන්න අලි බබාලා ගැන අනුකම්පා කරලා .. පින්නවල අලි අනාතාගාරයට බාරදෙන්න. දිනපතා මහා ඔයෙන් නාලා , කාලා , බීල සතුටින් ගත කරයි. (නදී)
අනේ අප්පේ, මේ කිරි සප්පයෝ ටික දකින කොට පුදුම හිතේ කැක්කුමක් එන්නේ.අනේ, දැන්වත් මෙයාලට ආරක්‍ෂිත තැනකට යවන්න. (ස)
අනේ කරුණාකරලා මේ පැටවු ටික උඩවලවට ගෙනිහිල්ලා දාන්න (නි)
පවු අසරණ සත්තු! (නි)
අලි ළඟට වතුර අදින්නේ නැතිව, වතුර තියෙන තැනකට අලි ටික අරගෙන යන්නකෝ. (ස)
මට එකෙක් දෙන්න. මම හොදට බලා කියා ගන්නම් දරුවෙකු වගේ (නි)
බීරි අලින්ට වීන වාදනය කරනවා වගේ කියන්නේ ගොඩක් පරණ කතාවක්. දැන් ඒක අලුත් විය යුතුයි (නි)
පින්නවලට නම් දෙන්න එපා. එහෙම දුන්නොත් අපේ රටේ ලොක්කෝ තමන්ගේ දෙයක් වගේ තෑගි වශයෙන් ප්‍රධානය කරන්නේ පින්නවල ඉන්න අලි පැටවූ (නි)
සත්ත්ව හිංසාව යටතේ මේවට නඩු දැම්මොත් මේ ඡායාරූපයේ ඉන්න දෙතුන් දෙනාටත් හිරේ යන්න පුළුවන්. (නි)
කලබල නොවී මේ සතුන්ගේ ජල ප්‍රශ්නය වහාම විසදමු (නි)
ජනතාව කියන දේ කනකට ගන්නේ නැහැනේ. දේශපාලකයා තමා උගතා, බුද්ධිමත, කියනදේම කළ යුතුයි. අනේ මෙහෙමත් ලංකාවක් ! (නි)
ඒක පුදුමාකාර වැඩක්නේ? (නි)
ඉවසන්න බෑ. එත් කාට කියන්නද? පාලකයෝ අන්දයි. බිහිරියි. (දී)
අලි දාන්නේම වතුරවත් නැති තැන් වලටනේ ? (නි)
අපි ටික කලකට පෙර රිටිගල ඇත් අතුරු සෙවන බලන්න ගිය වෙලාවේ පිටරැටියන් කතාවෙවී ගියා මේ අලි පැටවුන්ට ගහනවාද දන්නේ නැහැ, හරියට තුවාල ලකුණු තියනවා කියලා. ඒ ගැනත් හොයලා බැලුවොත් හොඳයි (නි)