රට දියුණු කරගැනීමේ හොඳම අවස්ථාව දැන් උදාවී ඇති බවත් රජය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සුදුසු බවත් තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ මහින්ද අමරවීර ධීවර ඇමැතිට අනුශාසනාවක් කරමින් පැවසූහ.
‘මේ අවස්ථාව මග හරින්න එපා. මග හැරියොත් රට හදාගන්න බැරිවෙයි‘ යනුවෙන්ද මහ නාහිමියෝ කීහ.
මේ අතර මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර නිලූකා ඒකනායක අද පෙරවරුවේ වැඩ බාරගනිමින් මල්වතු මහා විහාරයට හා දළඳා මාළිගාවට ගොස් ආශිර්වාද ලබාගත්තාය. ඇය අස්ගිරියට නොගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගම කියන්නේ සත්‍ය ඇති සැටියෙන් දකින එක. අපේ රටට අද වෙලා තියෙන්නේ එහෙම ඇත්ත දකින ආගමික නායකයෙක් නැති එක. මෙහෙම කතා අහන්න අපිත් අවාසනාවන්ත වුන බුද්ධාගම් කාරයෝ වුන එක ගැන කලකිරීමක් මෙන්ම වෛරය උඩුදුවන එක විතරයි වෙන්නේ. මේ ගෙවිල යන්නේ මහත් විපත් වූ කාලයක්. (බ)
කලින් තිබු ආණ්ඩු පෙරලන්න විවිධ පාර්ශවවලට අසතුටුදායක වෙන්න තරම් ඇතැම් දේශපාලන කාරණා තිබුනද ඒවාට වඩා වෙනස් හේතු සාධක මවමින් කරපු පෙරලිය සිදු කළ ආකාරයත් බලය අත්පත් කරගත් පිරිසගේ පෙර පැටිකිරියත් දැන් කරමින් ඉන්න පාලන තීන්දු තීරණ ගැනීම් වල ඔලමොට්ටල කම නිසාවෙනුත් නැවත අප රට ජාතිය වසර තිහ හතලියක් තරම් ආපස්සට ගියා සේය, වඩාත් බරපතල කාරණය යම් තරමකට හෝ සිංහල ප්‍රජාව අතර තිබු එකිනෙකා කෙරෙහි විශ්වාසය හා බැදියාව කුඩුපට්ටන් වීමය. කවුරු පුරසාරම් දෙඩුවත්. (බ)
ශ්‍රීලාල්, ඔයාලට දැන් නොතේරෙන බව තමා මම කිව්වේ අවුරුදු ගණනක් යනවා කියලා.(රේ)
රොහාන් පෙරේරා, මමත් ඔබ සමඟයි. බංකොලොත්කාරයෝ හොරුන්ගේ පිහිටෙන් ගොඩ එන්න බලනවා. දෙගොල්ලන්ම ආණ්ඩුව පෙරලන්න කැසකවන්නේ තම තමන්ගේ පෞද්ගලික වාසියට මිසක් අපිට ආදරේටද? (නි)
චානක් ලොස් ඇන්ජලිස් දැන් ඉන්න නායකයෝ කරන්නෙත් රටේ සම්පත් සොරාකෑම නෙමෙයිද? තවත් කඩේ යන්න ඒපා ඇවිල්ල කරපු වැඩක් තියනවද? (බ)
එජාප පාර්ශවයේ මහනායකට ආණ්ඩුව පල්ලම් බහින බව තේරිලා. මොනවාහරි කරලා අල්ලාගෙන ඉන්න බලන්න. මේ යන විදිහට ගියොත් අපි අද හෙට ඇනගන්නවා කියන දේ තමයි මේ වක්‍රව කියල තියෙන්නේ. පක්ෂයකට කඩේ යන්නේ නැතුව සසරින් එතෙර වන්නට යමක් කරන්න හොදම කාලේ ඇවිත්. (බ)
මනෝජ් වහල් නායකයෙක් නැත්තේ කොහෙද? ඔය ඉන්නේ අපූරුවට අගමැති කමෙයි ජනාධිපතිකමෙයි දෙන්නෙක්ම. (බ)
රටට වරදිනකම් උඩ බලන් ඉදලා. දැන් එනවා මෙතන බයිලා කියන්න. රට ජාතියට අවංක නොවී කඩේගිය ඔබ වහන්සේලා මේ රටට වුනු විපතට වගකියන්න ඕනේ. මහජනයාගේ දානේ කකා ඉදලා විතරක් බෑ රට ජාතිය ගැන හිතන්න ඕනේ.(බ)
හාමුදුරුවනේ රට හැදීමේ ලොකුම අභියෝගය තමයි මිනිස්සු වහල් මානසිකත්වයෙන් මුදවා ගැනීම. වහලුන් එයට හුරුවීම නිසා වහල් නායකයා නැතිකමේ ශෝකයෙන් පෙළෙනවා. මේක වෙනස් කරන්න අවුරුදු ගණනක් යනබව පැහැදිලියි. ඔබවහන්සේලාවත් එයට පෙරමුණ ගතයුතුයි.(අ)
අවසර හමුදුරුවනි, මමත් ඔහොම හිතුව ගිය අවුරුද්ද පුරාම. දැන්නම් එහෙම හිතන්නවත් හිතෙන්නේ නෑ. මෛත්‍රී මහත්තේය රටගැන හිතල හොදට කතාකරනවා විතරයි. වැඩ නෑ. රනිල් මහත්තය ජනතාව එපා කියන, ජනවරමක් නොදීපු ගිවිසුම් පිස්සුවක් ඔලුවේ තියාගෙන වෙනත් රටවල් සතුටු කරන්න වලිකන. ජනතාව කරගත්තු දෙයක් කියල බලාගත්තු අතේ 2020 එනකම් බලාගෙන ඉන්නවා. වෙනස රස්නෙයිලු!!! (අ)
මාලිංගගේ කතාව මමත් අනුමත කරනවා. (නි)
අද අද එයි මරු පින්කර ගන්නේ කියල ස්වාමින් වහන්සේලා හිත දියුණු කරගෙන රහත් අරහත් පලයට ඒමට නේද මේ හොඳම අවස්ථාව උදා වෙලා තියෙන්නේ. රට ජාතිය වගේ ලෞකික දේවල් ගැන ගිහියන්ට බලා ගන්නේ ඉඩ දීල. (බ)
මනෝජ්, ඔයාට නම් අමුතු ශෝකයක් ඇතිවෙලා වගේ. මට තේරෙන්නේ නැහැ ඒ ඇයි කියලා (නි)
නියමයි මොහාන්. නියමයි. (නි)
ඔය එක් කෙනෙක්වත් රට ගොඩ ගත්තා නම් අද වෙනකොට රටේ ආදායමට වඩා ගත් ණයට පොළිය ගෙවන්න වෙන්නේ මොකද? අද මේවට වන්දි ගෙවන්නේ අපි. ඉතින් බේරාගෙන තිබෙන දේවල් පේනවනේ. ගිනි පොළියට ණය අරගෙන කරන සංවර්ධනය හරියට ඉඩම විකුණලා එම ඉඩමේ ගෙය හදනවා වගේ වැඩක්. මේ සියලු පව් ගෙවන්න ඕනෑ අපි (නි)
රටක් ඕනෑම උවදුරකින් බේරාගැනීම රට පාලනය කරන අයගේ වගකීම වුණාට රටක සම්පත් සොරාකෑම නොවටී. හිටපු නායකයාගෙ පටන් ඔහුට ගෑවුනු හැම කෙනාම කර තිබෙන්නේ රටේ ධනය හොරාකෑම නේද කියලා අදහස් දමා ඇති, හොරුන්ට සුදු හුණු ගාන පුද්ගලයන්ට කියන්න කැමතියි (නි)
මට නම් හිතෙන්නේ රට ආපස්සට යනවා දවසින් දවස.... (නි)
දේශපාලඥයින්ට වෛරයෙන් වෛරය නොසන්සිඳේ මාතෘකාව යටතේ බණක් දේශනා කළොත් හොඳයි (නි)
සිංහල බෞද්ධ අයිතිය වැනසෙන හැටි මේ අැමතිවරුන්ට කියාදෙන්නට මේ හොඳම අවස්ථාවයි (නි)
දේශපාලනය නොගෑවී ඇත්තේ කොතනද..? ඔබ වහන්සේගේ ධනාත්මක අදහස හරි. (නි)
හාමුදුරුවෝ හරි. දේශපාලන උන තියෙන අයට ඊළඟ ඡන්දෙ එනකම් ඉවසන්න බැරුව ආණ්ඩු පෙරලන්න දඟලනවා මාලිංග උදලාගමලාට ඕන අර ජාතිවාදය උස්සන් රට අවුල් කරන්න (අ)
හාමුදුරුවනේ,පුළුවන් නම් අපේ මිනිස්සුන්ව වහල් මානසිකත්වයෙන් මුදවන්න. වර්තමානයේ තරම් මිනිසුන් එක පුද්ගලයෙකුගේ වහලෙක් බවට පත් වුණ යුගයක් ඉතිහාසෙවත් නැහැ. මම හිතන්නේ මේ මන්ද මානසික ජන කොට්ටාශය වශී බෝලයකට මුල්වෙලා පස්සෙන් යනවා අර නලා කාරය පස්සේ ගියා වගේ. අන්තිමට වෙන්නේ නොදනිම ගිලිලා මැරෙන එක.(අ)
හදන එක කොහොම වෙතත් කන හැටිනම් පෙනෙනවා ... හැමොගේම ඔලුව අතගගා ඉන්නැතුව හරිදෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් පෙරට එනවා නම් ලොකු දෙයක් හාමුදුරුවනේ. (ර)
මනෝජ් ,නිකමුයි කළු සුද්දොයි ශ්‍රී ලංකාව අරාජිත කරමින් සිටින ආකාරය ඔබට නොපෙනේද ?!!!!.ඔබ වැනි කළු සුද්දන්ට ඔබ කියන වහල් මානසිකත්වය ඇති බවද කිව යතුය .(අ)
අනේ රටට ආදරේ කරන්න. වලි කන්නවත් අපිට රටක් තියෙන්න ඕනේ. (ර)
මේ වගේ කතා වලට තමා අපි කලින් රැවටුණේ. අපි රැවටුණා නොවේ අනේ රැවටුවා. (නි)
නිතර යහපාලන කඩේ වඩින හාමුදුරුවෝ තෙරුවන් සරණයි (බ)
මම දකින්නේ මේ උන්වහන්සේ යු එන් පී එකට කඩේ යන මහා කුහක අදහස් ඇති කෙනෙක් විදියටයි.(බ)
රට හදයිද තියෙන ටිකත් ඉවර කරයිද පේන විදියට තියෙන ටිකත් කන පාටයි ඉන්දියාව ගොඩ (බ)
රට හැදෙමින් පවතින බව පෙනෙනවා නායකයෝ කියන කතාවලින්. ඕනෑම එකකට පසුගිය රජය තමයි වැරදි. මේ වගේ ආණ්ඩු කරන්න නායකයෝ මොකටද? (නි)
රට හැදිල්ල කොහොම වෙතත් මඩිය තර කරගන්න නම් දේශපාලුවෝ වැඩ කරගන්නවා. (නි)
මෙතන ඉන්න සමහර අයගේ දැනුම බලපුවහම ඇත්ත පරාජය වෙන එක අහන්න දෙයක්ද? තමන්ගේ මාසික පඩියෙන් ගෙයක් හදන්න, වියාපාරයක් කරන්න පුලුවන්ද? සංවර්ධන වැඩ වලට අනිවාර්යෙන්ම නය ගත යුතුයි. ජපානය තම දල ජාතික නිෂ්පාදනය මෙන් 210% ක් ණයයි, ඇමරිකාව 110% ක් ණයයි. පසුගිය රජය කාලේ 72% ක් තියපු එක අද 78% ක් වෙලා. 2014 වේ , මුළු ණය ගත්ත ගාන බිලියන 2600 යයි. 2015 වේ 4800 යයි. මේ ණය වලින් සතයක් ආයෝජනය කරලා නැහැ. එතකොට සත්‍ය මොකක්ද? නොදැන තමන්ගේ කලිසන් සාක්කුවෙන් ගිය වගේ කතා කරන්න එපා.(රේ)
ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත රට ජාතිය නැවතත් කන්න අවස්ථාව උදාවෙලා. අස්ගිරියට රට ජාතිය ගැන තියෙන හැගීම මල්වත්තට නෑනේ. (බ)
එස්. මහින්ද හිමියන් වගේ හාමුදුරුවරු තමයි අද මේ රටට ඕනෑ. රට ජාතියට වැඩකරපු මිනිස්සු වීරයෝ වුණේ ඉස්සර. (නි)
මොනවා කරන්නද මාලිංග ඔබට අපට තියෙන ඒ හැංගීම හැමෝටම නැහැ. (අ)
පෙර ආණ්ඩු පෙරලන්න විවිධ පාර්ශවවලට අසතුටුදායක වෙන්න තරම් ඇතැම් දේශපාලන කාරණා තිබ්බුනද ඒවාට වඩා වෙනස් හේතු සාධක මවමින් කරපු පෙරලිය සිදු කල ආකාරය හා බලය ලැබූ පිරිසගේ පෙර පැටිකිරියත් දැන් කරමින් ඉන්න පාලන තීන්දු තීරණ ගැනීම් දෙස බලන විට සිතෙන්නේ සිංහලයා සිංහලයා අතර විශාල වශයෙන් පලුදු වූ අන්‍යොන්‍ය බැදියාව නිසාවෙන් නැවත වසර තිහ හතලියක් රට ආපස්සට ගියා සේය, කවරු පුරසාරම් දෙඩුවත්.(අ)
සිංහලයන්ටයි රටේ අගය තියෙන්නේ. පිටරට වල කළු සුද්දන්ට ලංකාවේ අගය දැනෙන්නේ නැහැ (නි)
ඔබ වහන්සේ නිතරම් යහපාලන කඩේට වදිනවා නේද (බ)