ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න කතා කරමින් පැවසුවේ රාජපක්ෂ සහෝදරුයන් සමඟ පෞද්ගලික ප්‍රශ්න නැතත් රට ගැන සිතා බැලීමේ කාලය උදාවී ඇති බවයි.
‘මේ මාධ්‍යවේදීන් පිරිවරාගන්නා විට මට සතුටක් ඇතිවනවා. මෙය තමයි. අපිට ලැබෙන එකම දේ මිනිසුන් ඉන්නවා නම් අපිට වෙන මොනවත් ඕනේ නැහැ. අපි තරුණ කාලයේ සිට සටන් කරලා මේ තැනට ආවේ. මේ මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර මේ රට ශිෂ්ඨචාර රටක් බවට අපි පත්කරනවා. බණ්ඩාරනායක වගේ අවිහිංසාවාදී නායකයෙක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති කරනවා. 1978 සිට ගෙන ගිය මේ සටන දවස් 100කින් අපි ඉවර කරලා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යළි පුවත්පත් සාකච්ඡාවක් කැඳවා මේ ජනාධිපති ක්‍රමය අහෝසිකළ බව අපි කියනවා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ පාප කර්මයෙන් අපි මිදෙන්න ඕනේ.
කිසිම අයකු රස්සාවෙන් අයින් කරන්නේ නැහැ. පොලිසිය පන්නන්නේ නැහැ. ඒ අයගෙන් අපි ඉල්ලනවා සදාචාර සම්පන්න රටක් අපි හදනවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගොඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මහත්වරුත් අපිත් අතර පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. අපි ආවේ අපි ගැන සිතා නොවෙයි. අපි ආවේ දේශපාලන ගමනක්. ඒ ගමනේ දී අපිට තනතුරු ලැබුණා. නමුත් අපි දැන් තවත් දේශපාලන ගමනක් යනවා. ඒ ගමනේ දී ජනතාව අපිට අවශ්‍යයි. මේ ගමනේ දී අපිට මඩ ගහවි චරිතය ඝාතනය කරාවි. අපි මරා දාවි. ඒ මොනවා කළත් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරනවා. අපි මේවාට මුහුණ දී තිබෙනවා. කොටි ත්‍රස්තවාදයට වගේම මේ කුරිරු ජනාධිපති ත්‍රස්තවාදයටත් අපි මුහුණ දෙනවා.
මාධ්‍යයට මා එක දෙයක් කියනවා. අසාධාරණය අයුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න එපා. ඔබත් බය වෙන්න එපා. ඇතැම් පුවත්පත් ගැන අපි දන්නවා. සමාජය විනාශ කරන සූදු ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටින්න එපා. ඒ නියෝග ක්‍රියාත්මක කරමින් පෑන හසුරුවන්න එපා. ඩී.බී.ධනපාල වැනි මිනිස්සු කවදාවත් සල්ලි වලට බලයට පෑන හැසිරුවේ නැහැ. ඔබත් එසේ කරන්න. අපි හැමෝම මේ අරගලයට යා යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහතා විශාල කැපකිරීමක් කළා. එතුමාට මේ අපේක්ෂකත්වය දෙන්න එතුමාගේ අය බලකරද්දී එතුමා එය පැත්තකින් තිවුවා. එතුමා ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමයක් ගත්තා. මේ රටේ දැන් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග අපි එකතුවෙලා සාමූහික ගමනක් යනවා. මේ සඳහා සහය දුන් සියළු දෙනාට මා මගේ ප්‍රණාමය අපි සියළු දෙනා වෙනුවෙන් පිරිනමනවා.
මේ ටිකක් විතරයි. තව අය මග එනවා. එන සුමානෙත් තමුන්නාන්සේලාට පුවත් තියෙනවා. කෑල්ල කෑල්ල ටික ටික එනකොට තමයි තව තව කට්ටියට එන්න හිතෙන්නේ. මේ ගමන නවතින දෙයක් නොවෙයි. දිගටම යනවා. එතුරු වෙන්නේ කවුද කියා මට දැන්ම කියන්න බැහැ. ඉතිරිවෙන අය හොයාගන්නත් අමාරු වේවි. මේ සටන ඉවරකරන්නේ ලංකාවේ සියළු ගම් එකම තැනකට ගෙන එමින්. මේ විශාලම කැපකිරීම කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිම කාලයක් ලේකම් කමේ හිටපු මෙතුමා රජ ගෙදරට ගෙන ගොස් රට හැදීමයි අපේ පරමාර්ථය. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දිනුවට පස්සේ ඇමෙරිකාව අතුලු විදේශ රටවල් කන්න දේවි ඕන තරම්. අපේ කුඹුරු අායෙත් පාලු වේවි. දකුණේ කොල්ලෝ, උතුරේ කොල්ලෝ වැඩ නැති නිසා ආයුද ගනීවි සෙල්ලම් කරන්න. විදායක කම අහෝසි කරලා මොකක්ද ගේන්නේ, දන්නේ නැති නිසා අහන්නේ (නදී)
100ක් නෙමේ බැරිද ගත්ත ගමන් අහෝසි කරන්න විධායක ජනපති ධූරය.(හේ)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මෙතුමා ජනාධිපති වෙන්නේ මොකක් කරන්න ද??(හේ)
සියලුම අපේක්ෂකයෝ අාවේ දුෂණය, වංචාව නැතිකරනවා කියලා තමයි. නමුත් කාලයක් පාලනය කරනකොට දේශපලකයිම තමයි කියන්නේ ඒ ඒ ආණ්ඩු දුශනය වංචාව කරනවා කියලා. නව අපේක්ෂකයිනි පුලුවන්නම් මෙන්න මේ පොරොන්දු දෙන්න.1) ඔබසමග ඉන්න සියලු මන්ත්‍රී වරුන්න්ගේ පසුගිය වසර 10 වත් වත්කම් බැරකම්. 2)ඇමති කම් ලබන අයගේ සහ ඔහුගේ ප්‍රධාන අනුගාමිකයින් ( ලඟම නෑදෑයන්, මැතිවරණයට සහය , ආධාර සහ ජනතාව එක්කරන අය) වත්කම බැරකම්. 3) දුශන වංචාව නැතිකරන ක්‍රමවේදය. ඔබට ජය!(හේ)
රටේ සමාන අවස්ථා කියන ක්‍රමය ඇති කරමු ...සර් මැඩම් කියා තව කෙනෙක් ළඟ දෙකට නැවෙන ක්‍රමය තුරන් කරමු. අපි ඉහල කුලයේ තොප පහල කුලයේ කියා කතා කිරීම තහනම් කිරීමට නීති පනවමු. තමා කරන රාජකාරිය බලපෑම් රහිතව අවංකව ඉෂ්ට කිරීමට අවස්ථාව සලසා දෙමු. කොටින්ම වැඩක් කරගන්න ගිය විටෙක යාළුකමට ඉහලින් එන නියෝග වලින් තොරව සේවකයා සේවාදායකයන්ට තිබෙන නීතිය අනුවම රාජකාරිය ඉෂ්ට කර දීම අරඹමු. (නදී)
දින 100න් විධායක ජනපතිකම අහෝසිකලොත් ඒක 8 වන ලෝක පුදුමය වේවි. මෛත්‍රී කියනවිදියට, විධායක බලතල අහෝසිකලට පස්සේ, විධායක අගමැතිවෙන්නේ රනිල්. අන්න එතකොට බලාගන්න පුළුවන් එකදිපති කියන්නේ මොකක්ද කියල. 2002 ගිවිසුම් ගැහුවේ විධායක ජපාතිනියවත් මායිම් නොකර. අයෙත් ධවල පත්‍රිකා වැනිදේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. (අ)
සීනි බෝල කාල කැරට් අල පස්සෙන් යන ජනතාවක් රටේ ඉන්නවා කියල ඔය හැම දෙස්පාලුවෙක්ම හොඳාකාරව දන්නවා. (ර)
මේ යන සියල්ලන්ම කුමක් හෝ තම පුද්ගලික අපේක්ෂාවන් ඉටු නොවීමක් ගැන අතෘප්තිමත්ව සිටි පුද්ගලයින්. ඔවුන් යන්නේ මේ රට හදන්න කියල හිතනවා නම් ඒක තමයි ලොකුම විහිලුව. මේ පෙඩරල් පප්පත් එක්ක අර අනෙක් නාකි පරාන ටිකත් එලියට දැම්ම නම් ජනාධිපති තුමා එ්ක තමන්ට කරගන්න ලොකුම යහපතක් වේවි. (නදී)
සිරිසේන මහත්තය 2010 මහා මැතිවරනෙන් පොලොන්නරුව දිස්ත්රික්කෙන්ම මනාප 90118 අරගෙනයි මෙයා දින 100 ජනාදිපති ක්‍රමය නැතිකරන්න හදන්නේ මනාප ගාන චන්ද කලානම් 35000 වගේනේ .මහින්ද මහත්තය පොළොන්නරුවෙන් චන්ද 144889 ගත්ත සරත් ෆොන්සේකා මහත්තය චන්ද 75026 ගත්ත නේ මෙයාට ෆොන්සේකා මහත්තය ගත්ත චන්දගණන ගන්න පුළුවන් වෙයිද ?(නදී)
අපිත් මේ පැත්තේ. (නදී)
ඊලඟට තිබෙන ප්‍රධාන අභියෝගය.... මැර බලය ,භීෂණය ,ඡන්ද මංකොල්ලය ....... මේක නවතන්න සියලු දෙනාම පියවර ගත යුතුයි.ඡන්ද ඉතිහාසයේ භීෂනම ඡන්දය මෙය වීමට පුළුවන....(හේ)
මෙය වචන නොවී සැබෑවක් වේවා. (ර)
කරුණාකර දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න මේ කියන දින සීයෙන් මේ විධායක ජනාදිපති ක්‍රමය අවසන් කරන්න මොන වගේ නීතිමය තත්වයක් තියනවද කියල. (අ)
විධායක බලය කියන්නේ ලේසියෙන් අතහරින්න පුළුවන් දෙයක් නෙමේ. ඒ බලය ලැබුනට පස්සේ මිනිහ වෙනස් වුණොත් ..(අ)
රාජිත නොදන්නවා උන්නට අතෙන් අත්තට පැනලා නැහෙන්න වෙනවා යුඑන්පී රටට කල වින නිසා රට වසර 30 ගිනිගත්තා මේ පපකරමයෙන් මිදෙන්න බිල්ලේක් හොයමින් සිටියා මේ කොචියට සිරිසේන බෙල්ල තිබ්බා සිරිසේනගේ සිහිනය මුහුදු සිහිනයක් වෙන බව රාජිත නොදන්නවා වුණාට අපි දන්නවා පොඩි නොසැලකීම් නිසා තවත් පිරිසක් යයි කුරු ගියාත් හිටයත් ජනාධිපති මහින්ද ලංකාවේ 3 වැනි ජනාධිපතිමයි (අ)
රනිල්ව ඇයි පත් කරන්නෙ. එයාටත් ඡන්දෙකින් දිනල එන්න බැරිද? එයාට ජනතාවගෙ කැමැත්ත තියෙනවද? බහුතර ජනතාවගෙ කැමැත්ත එයාට නැත්නම් කෝ ප්‍රජාතන්ත්‍රවාදය. (නදී)
මෙයා අඬ අඬා ජනතාවගෙන් සමාව ඉල්ලුවා 18 වෙනි සංශෝධනයට අත උස්සලා කරපු ගොංකම ගැන තමුංගැන තක්සේරුවක් තමුන්ටම තිබීම හොඳයි අද කරපු ගොං කම ගැනත් දවසක සමාව ඉල්ලයි (අ)
මෙයා මේ පෙරලෙන පෙරලෙන් අතට පනින්නේ අපිට සේවය කරන්නද? (අ)
රට අස්තිරකරන බටහිර ගුණ්ඩුවක ලක්මව හිරකරන උගුලක දායකවන්න එපා. (අ)
ගාමිනී ,.ඔතන හිටපු නෝනත් දින100න් විධායක ජනාධිපතිධුරය අහෝසි කලා මතක නැද්ද? (අ)
මෛති මහතා ට ජය වේවා පොදු අපේක්සකය තේරුවා හරියටම හරි (අ)
රට හදන්න රජගෙදරට යන්න කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය හදාගන්නවත් පුළුවන් වුණා දකියලා කවුදෝ අහනවා මට ඇහුණා.(අ)
දින 100කින් බඩු මිල, තෙල් මිල අඩුකරන්න පොරොන්දු වෙන්න. ජීවත් වෙන්න අමාරුයි ඇමතිතුමනි.(හේ)
අපිත් කැමති අලුත් රජයක් යටතේ නව ව්‍යවස්ථාවක් වාගේම දුෂණයෙන් තොරව වැඩපිළිවෙලක් කරන්න හැකියාව ලැබේබා.(ම)
සෙනරත් ඔයාට තාමත් මේ ආණ්ඩුවේ වැරදි පේන්නේ නැද්ද ? පාරවල් හැදුවට කොමිස් ගහන හොරකම් කරන කොච්චර කට්ටිය මේකේ ඉන්නවද ? රනිල් කවදාවත් හොරකම් කලේ නැහැ (නදී)
අපල කාලය අවසන්.මිනිස්සු බය නැතිව රජයේ වැරදි පෙන්නන්න පුළුවන් රටක් හදමු. සැමට නිදහස එතකොටි .ජය වේවා (අ)
සරත් ෆොන්සේකා අංක දෙක. පවු. මෛත්‍රීගේ දේශපාලනයත් ජනවාරියෙන් ඉවරයි. (හේ)
දැන් අපේ රටේ ජනතාව බුද්ධිමත්. අපි මේ පාර වරද්දා ගත්තොත් අායෙත් හෙටක් මේ රටට නැති වෙයි. ඒ නිසා මොවුන්ගේ පුද්ගලික කෝන්තර නිසා එහෙට මෙහෙට පනින මේ වගේ රිලවුන්ගේ ගැට වලට අහු නොවී ඉඳිමු. (නදී)
රටට යහපතක් වෙන බව අපිට හොද විස්වාසහි රටපුරාම ජනතාව පෙළගැසි ජාතිවාදී අවස්ථාවාදී බලයට ලොබ පරදවා වැදිමත් නායකයෙක් පත් කරමු (අ)
ඇත්ත තේරුම් ගන්නකොට කණගාටු හිතෙයි (නි)
ජය වේවා ! (ර)
රට අගාදයට දාන්න ජාත්‍යන්තර උගුලකට අසුවුණු වගයි (නදී)
අවරුදු 30 තිබ්බ යුද්දය අවසන් කරලා රට නිදහස් මාවතකට ගෙන ගිය රටට සංවර්දනයේ දොරටුව විවෘත කර ජනාපතිව ජයග්‍රහණය කරා ගෙන යා යුතුමයි. නැතහොත් මෙරට ජනයා මුල අමතක රට පාවා දෙන කොට්ටාශයක් වෙයි. රට ගොඩනගන්න මහින්ද රාජපක්ෂ මැතිදුන්ට අපගේ මනාපය දෙමු. (නදී)
1956 පසුව සිදුවන ලොකුම වෙනසක්. (ර)
ජය වේවා ! අනාගතය සුබ වනු නියතය .(හේ)