රට ගොඩ ගැනීමට උතුරේ හා දකුණේ ජනතාව එකාමෙන් නැගිට එක්ව සිටි යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රටේ ජාතීන් අතර අවිශ්වාසය බිඳ වැටීම හේතුවෙන් ඇති වූ අරගලය ශ‍්‍රී ලංකාව දශක ගණනවක් විශාල පසුබෑමකට ලක් කළ බවත් සංවර්ධන ගමන අඩපන වූ බවත් ඒ නිසා ශ‍්‍රී ලාංකිකයින් වන අපට විදේශ ආධාර ඉල්ලා සිටිමට සිදුව ඇති බවත් ඔහු කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසූයේ වවුනියාව කොක්එළියේ “සංහිඳියාවේ අපේ ගම සත්විරු සංහිඳ” රණවිරු ගම්මානය හා නිවාස ව්‍යාපෘතිය විවෘත කරමින් වැඩසටහනකට එක්වෙමිණි.
උතුරේ රාජකාරියේ නිරත සිංහල හා දෙමළ යුද හමුදා රණවිරුවන් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකොට තිබේ. යුද හමුදා ශ‍්‍රම දායකත්වයෙන් ගම්මානයේ නිවාස 51 ඉදිකර ඇත. දෙමළ යුද හමුදා නිලධාරීනියන් වෙනුවෙන් නිවාස අටක් ද ළමා ක‍්‍රීඩා උද්‍යානයක් ද ඉදිකොට තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැදුවා ඇති, ඉතිරි ටිකත් විනාශ නොකර ගෙදර යන්න. බයිලා පස්සේ කියන්න.(අ)
අනේ මහත්තයෝ හදන්න කලින් ආරක්ෂාව සලසන්න (බ)
ඉතා වටිනා ක්‍රියාවක්. (ර)