රට ගොඩ ගැනීමට උතුරේ හා දකුණේ ජනතාව එකාමෙන් නැගිට එක්ව සිටි යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රටේ ජාතීන් අතර අවිශ්වාසය බිඳ වැටීම හේතුවෙන් ඇති වූ අරගලය ශ‍්‍රී ලංකාව දශක ගණනවක් විශාල පසුබෑමකට ලක් කළ බවත් සංවර්ධන ගමන අඩපන වූ බවත් ඒ නිසා ශ‍්‍රී ලාංකිකයින් වන අපට විදේශ ආධාර ඉල්ලා සිටිමට සිදුව ඇති බවත් ඔහු කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසූයේ වවුනියාව කොක්එළියේ “සංහිඳියාවේ අපේ ගම සත්විරු සංහිඳ” රණවිරු ගම්මානය හා නිවාස ව්‍යාපෘතිය විවෘත කරමින් වැඩසටහනකට එක්වෙමිණි.
උතුරේ රාජකාරියේ නිරත සිංහල හා දෙමළ යුද හමුදා රණවිරුවන් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකොට තිබේ. යුද හමුදා ශ‍්‍රම දායකත්වයෙන් ගම්මානයේ නිවාස 51 ඉදිකර ඇත. දෙමළ යුද හමුදා නිලධාරීනියන් වෙනුවෙන් නිවාස අටක් ද ළමා ක‍්‍රීඩා උද්‍යානයක් ද ඉදිකොට තිබේ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
"රට හදන්න අපි එකට නැගිටිමු"
දිල්ශාන් Monday, 04 April 2016 12:04 PM
දැන් හැදුවා ඇති, ඉතිරි ටිකත් විනාශ නොකර ගෙදර යන්න. බයිලා පස්සේ කියන්න.(අ)
ශානක Monday, 04 April 2016 08:42 AM
අනේ මහත්තයෝ හදන්න කලින් ආරක්ෂාව සලසන්න (බ)
ගයාන් සෙනරත් Monday, 04 April 2016 10:37 AM
ඉතා වටිනා ක්‍රියාවක්. (ර)