ශ්රී ලංකා රුපියල් ඇමෙරිකා ඩොලර්වලට මාරු කර දෙන බව පවසමින් ඇතැමුන් හා ඇතැම් ආයතන මහජනයා මුලා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුව ඇත. වඩා වැඩි ප‍්‍රතිලාභ දෙන බවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් තැපෑලෙන් මහා ප‍්‍රචාරයක් දෙන මොවුන්, මුදල් වංචා කළ අවස්ථා කිහිපයක් පිළිබඳව ද තොරතුරු මහ බැංකුව වෙත ලැබී ඇත. මෙවැනි ගනුදෙනුවලින් වැළැකී සිටින ලෙස මහජනයා දැනුම්වත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව, තම අනුදැනුමින් පරිබාහිරව කෙරෙන මේ ආකාරයේ ගනුදෙනු නීති විරෝධී බව ද, එසේ ගනුදෙනුවල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද සඳහන් කරයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ලෝකේ තියෙන තවත් එක හොද ගේම් එකක්. රුපියල් කොටී ගණක වංචා සිද්ද වෙලා තියෙනවා මේවෙනකොට. නමුත් කිසිකෙනෙක් දන්නේ නැහැ. හැම මැදපෙරදිග රටකම මේවගේ ගේම් කාරයෝ ඉන්නවා.
රට හැම තැනම බැංකු තියෙනවා. නමුත් රට හැම තැනම money exchange කරන්න පොඩි පොඩි පෙට්ටි කඩ තියෙනවා. මේවට වග කියන්න ඕනි මහා බැංකුව.
ඉන්වෙස්ට් නොකරම සල්ලි හොයමු....... කවුද අකමැති ඉක්මනට සල්ලි හොයන්න ? එත් ප්‍රශ්නේ තියෙන්නේ ඉක්මනට සල්ලි හොයන්න එහෙමත් නැත්නම් වැඩි මහන්සියක් නැතුව සල්ලි හොයනවා කියන ඒක ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වැඩක්. අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට දකින්න ලැබුන අපිට අපේ ආයෝජන මුදල මෙන් 2% දවසකට ගෙවන වැඩසටහනක්. මේ වගේ ගොඩක් ඒවා බොරු නිසා මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. එත් ඔවුන් අපට නොමිලේ 10$ දීලා එයින් ලැබෙන මුදල withdraw කරගන්න පුලුවන් කියනකොට නම් මම ටිකක් වැඩිපුර සැලකිලිමත් උනා. මොකද අපිට නිකන් සල්ලි දීලා ඒකෙන එන ලාබය අපිටම දෙන තරම් මොලේ අමාරුවක් තියන්නේ කාටද කියල මට හොයාගන්න ඕනේ උනා.
ලාල් ගලබඩ මහත්මයාණනි,මට ඔබගේ අදහස කියවන විට නිරායාසයෙන්ම මුවට සිනාවක් ඇඳුනා.ඒකට හේතුව ඔබ කියූ දේ මට සැබෑ ජීවිතයේදී අත්දකින්නට සිදුවී ඇති නිසාය. නමුත් මම එහිදී නීතිය හමුවට නොගියෙමි.පාඩුව විඳ දරාගෙන නිහඬවීමට මට සිදුවිය.
මම නම් රට සල්ලි මාරු කරගන්නේ බැංකුවලින් නිසා කරදරයකුත් නැහැ ඔය වගේ වංචාවකට අහුවෙලත් නැහැ.ඒක නෙවෙයි අපේ ආචාර්‍යතුමාට මේ පැත්තේ එන්න අමතක වෙලා වගේ.එතුමා පර්යේෂණයක යෙදිලා වත්ද?
නිශාන්ත මහත්තයෝ.. මම කියන්නේ පොදුවේ හුගක් අයට වෙලා තියෙන තත්ත්වයක්, දැනුවත් කිරීම හොදයි, අපිත් නීතියේ සරණ නොසයයි.
මටනම් කිසි ගැටඵවක් නෑ....මට රට සල්ලි නෑ ...... මට ලංකාවේ සල්ලිත් නෑ...
රට සල්ලි පමනක් නොව,කොහොමත් ශ්‍රී ලාංකිකයින් සමග මුදල් ගනු දෙනු නොකරන්න.අන්තිමට ඉතුරු වන්නේ පෙරකදෝරුවන්ට ගෙවන නඩුවක් පමනි.*විශේශයෙන් මිතුරන් කියන අය සමග*
මිනිස්සුන්ට සල්ලි තියෙන්න එපෑය ගණු දෙණු කරන්න ...
ලාල්ගේ දුක තේරෙනවා .ඒත් ලාල් අපි කොහොමද හැමෝටම ඇඟිල්ල දික්කරන්නේ..
විදෙස් ගත ඉන්න අය සමග ටිකක් දොඩමලු වී බලන්න,එතකොට තේරෙයි ඇගිලි දික් කරන්න ඇගිලි මදි කියලා.අදුනන් නැති දුප්පත් කෙනෙකු සමග මුදල් ගනු දෙනුවක් කර හිත සතුටින් ජීවත් වෙමු.ලංකාවෙන් පිට ජීවත් වෙන සැමගේ සිත් පහන් වේවා ස්‌තුතියි.
මේකත් සක්විතිගේ වැඩේ වගේනේ .
මේකත් සක්විති ගේමක්ද??
මේවට තමයි කියන්නේ මෝඩ ජෝක්ස් කියලා. එහෙම ඒවා තියෙනවනම් මහ බෑංකුවෙන් කරන්න ඕන ඒව හොයල බලල අල්ලගන්න එක. ජනය දෑනුවත් කරල විතරක් වෑඩක් නෑ. ජනය දෑනුවත් කරල නිකන් හිටියම ඔක්කොම හරියයිද..............