විදේශ මුදල් වලින් ගණුදෙනු කිරීමට හා මුදල් පිටරට යැවීම සඳහා පැවති සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා තිබේ
මින් මතු එන්.ආර්.එෆ්.සී (අනේවාසික විදේශ මුදල්), ආර්.එෆ්.සී (නේවාසික විදේශ මුදල්), ආර්.එන්.එන්.එෆ්.සී (නේවාසික විජාතික විදේශ මුදල්) සහ එෆ්.ඊ.ඊ.ඒ (විදේශ මුදල් උපයන්නාගේ මුදල්) ගිණුම් වල ඇති විදේශ විනිමය ඕනෑම අවශ්‍යතාවයන් සඳහා පෙර අවසරයකින් තොරව ප්‍රේෂණය කළ හැක.
මෙම ගිණුම් වලින් ඇමරිකානු ඩොලර් 10000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් ඕනෑම අවශ්‍යතාවයන් සඳහා මුදල් නොට්ටු වලින් ආපසු ගත හැක.
මින් පෙර විදේශ මුදල් ලබා ගැනීමට ගිණුම් හිමියන්ට හැකි වූයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනා කටයුත්තකට පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. පිටරටවල පොඩි රස්සා කරන මනුස්සෙයකුට තමන්ගේ පවුලේ කෙනෙකුට,යාලුවෙකුට බඩුවක් ගෙන්නවත් ලංකාවෙන් සල්ලි ටිකක් ගෙන්න ගන්න බැරුව හිටියේ. (කෞ)
පිට රට වැඩ කලාට විදේශීය සමාගමේ දේශීය නියෝජිතයන්ගෙන් තමන්ගේ පඩි විදේශ මුදල් වලින් ගන්නට ගිවිස ගන්නට සිද්ද වෙන අයට තමන්ගේ පඩිය විදේශ මුදල් වලින් ගන්නට ලැබෙන එක හොඳ දෙයක්. නැතිනම් එකත් ගන්න වෙන්නේ රුපියල් වලින්. ඒ ඇරුනහම නම් මේ තීරණය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි (ම)
ඉතා හොඳ පියවරක්. දැන් විදෙස් ශ්‍රමිකයන්ට වැඩිපුර සල්ලි එවන්න හිතෙයි. (කෞ)
හොද දෙයක් (කෞ)
කළු සල්ලි !කොටි අවි සල්ලි !කුඩු සල්ලි !ඔක්කොම එයි!යයි ! මෙහි වැඩි වාසිය ඉන්දියාවට තමයි !.......මහේමනම් මොකටද යෝශිතව ගත්තේ ....(කෞ)
ඩොලර් 10000 ට කොමිස් එකකුත් ගන්නවද (බ)
විදේශ විනිමය මැදපෙරදිග සේවකයන්ගෙන් සහ තේ, රබර් ටිකක් වැනි ලෝක වෙළඳපොලේ බලපෑමක් නොකළ හැකි අකර්මන්‍ය අපනයනයන්ගෙන් විදේශවිනිමය සොච්චමක් උපයන අපේ රටට මේ ක්‍රමය ගැලපේද? විදේශ විනිමය මෙලෙස රටින් පිටවන විට අපගේ විදේශ විනිමය සංචිත අඩුවනවා. එවිට හැමදේම වගේ පිටින් ගෙන්වන අපේ රටේ ආනයනයන්ට ගෙවීමට මුදල් හිග වනවා. එවිට අපට නැවත විදේශ විනිමය ණයට ගන්න සිදුවනවා. මේ ක්‍රියාවලියේදී රුපියලේ අගය අවප්‍රමාණ වනවා. ඉතින් හොඳද පාලනයකින් තොර මේ ක්‍රමය(කෞ)
මෙම ගිණුම් වලින් ඇමරිකානු ඩොලර් 10000 ක් හෝ ඊට සමාන ප්‍රමාණයක් ඕනෑම අවශ්‍යතාවයන් සඳහා මුදල් නොට්ටු වලින් ආපසු ගත හැක.- මරේ මරු, මෙන්න වැඩ, හැබැයි ගන්න ගිහාම බැහැ කියයිද දන්නේ නැත. ඇත්තටම මෙයින් රජය බලාපොරොත්තු වන්නේ මොකක්ද? හොර බිස්නස් කාරයින්ට හොඳ දෙයක් (කෞ)
සමන් පිටරටවල පොඩි රස්සා කරන මනුස්සෙයකුට උනත් මෙහෙන් සල්ලි මොකටද එහෙන් බඩු ගෙනෙන මේක පුදුම කතාවක්නේ (කෞ)
සත්‍යා කුඩු සල්ලි හොර සල්ලි බැංකුවල දන්නා බෑ. බැංකුවල ඇති සල්ලි උපයපු ආකාරය ඕනෑම අවස්ථාවක රජයක් ප්‍රශ්න කරද්දී ඔප්පු කර පෙන්විය යුතුයි. නැත්නම් යෝෂිත වගේ ඇතුලේ තපින්න තමයි වෙන්නේ.(කෞ)
රජයේ හොඳ අදහසක්. ඒ වුණත් මේ තීරණයෙන් අයුතු විදියට ප්‍රයෝජන ගන්න බලා ඉන්න අය අතිවිශාල වෙන්නත් පුළුවන්. නහර පුප්පාගෙන, ගිරිය කඩාගෙන වාචාල කතා දොඩවන අයට මේක නියම මාතෘකාවක් (නි)
ඉතා හොදයි ගනුදෙනු කරුවෝ වැඩිවේ ආයෙජන වැඩිවේ රටට හොදයි (කෞ)
මේක තවත් කපටි කමක් දුප්පත් පිට රට වැඩ කරන මිනිහට බදු ගන්න(ම)