රුපියල් හැත්තෑ හත් ලක්ෂයක් වටිනා පවුම්, යුරෝ සහ යෙන් රැගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි දුරකතන උපාංග ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද උදෑසන අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු විදේශීය මුදල් අතර යුරෝ 22,500, ස්ටාලින් පවුම් 15,000 සහ ජපන් යෙන් 1,000,000 ක් වෙයි.
අද උදෑසන සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම මුදල් සොයා ගත් බව රේගුව කියයි.
මෙම මුදල් බන්ඩල 10 යක් වන සකස් කර කාබන් කොළ වල ඔතා තිබු බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා රෝ්ෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී එම්.කේ උදය ගාමිණී සහ සහකාර රේගු අධ්‍යක්ෂක නුවන් අබේනායක යන නිලධාරීහු සිදු කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ ඔය අයට.(හේ)
ඔය සල්ලි ඉස්සර නම් කෙලිම්ම රාජ්‍ය නායකයට පිලිගන්නනවා , එය තමා තීරණය කරන්නේ කොහෙද තබන්නේ කියා.(හේ)
ඔය සල්ලි වලට පස්සේ කරන දේ ප්‍රසිද්ධියේම කිව්වනම් හොදයි නේද (දිල්)
මේ විදිහට අසු වෙන මුදල් වලට මොකද වෙන්නේ. ගෙන ආ අයට කොපමණ මුදලක් දඩ ගහනවාද? වාර්ෂිකව රේගුවෙන් මේ විදිහට රජයට කොපමණ මුදලක් ලබෙනවද ? මේවා කිසිම රජයකින් මහා ජනතාවට ප්‍රකාශ කරන්නේ නැද්ද ? ( මා විදෙස් ගත නිසා හරි අවබෝදයක් නැති නිසා අසමි ) (නදී)