ශ්රී ලංකා මහ බැංකුවේ අනවසරයෙන් රට සල්ලි මාරු කළැයි කියන ගාල්ලේ ස්ථාන දෙකක් වටලා ව්‍යාපාරිකයන් 7 දෙනෙකු සමඟ රටවල් 20 කට අධික රැපියල් කෝටි ගණනක විදෙස් නෝට්ටු අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනූව එහි නිලධාරීන් හා එක්ව රහස් පොලිසිය මෙම වැටලීම කර ඇත.
උපාය ධූතයන් යොදා ඇමරිකා ඩෙලර් 50 බැගින් මෙම ස්ථාන දෙකෙන් මාරු කිරීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
රන් භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් මෙම ජාවාරම සිදු කර ඇති බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුකී අයිතිකරුවනුත් බැංකු වලට ඩොලර් වලින් සල්ලි දාන්නේත් රන්භාණ්ඩ විකුණන මුවාවෙන් නේද? (නි)
රුපියල් කෝටි ගණනක විදෙස් නෝට්ටු ඒ ගානම උසාවියට ඉදිරිපත්වෙන නිසා ප්‍රශ්නයක් නැහැ. (නි)
මමත් ලංකාවට ගියාම යුරෝ මාරු කරන්නේ , කොළඹ විදේශ මුදල් මාරු කරන්නන්ගෙන් , ඔවුන්ගෙන් ලැබෙන මුදල බැංකුවට වඩා ඉහළ නිසා , බහුතරයක් මා වාගේ , මේවා වලක්වන්න නම් රජයේ බැංකු වලින් පහසුවට ඉහළ මිලක් දෙන්න , බැංකුවට මුදල් මාරු කරන්න ගියාම රස්තියාදුවත් කාලයත් , මේවා අවම කරන්න (බ)
බෙනට් කියන දේ හරියට හරි. ඔවෙනි තැන් කොතෙක්ද. රජයෙන් හා පුද්ගලික බැංකු වලින් ගෙවනවාට වඩා වැඩි මුදලක් ඔව්න් ගෙවනවා. ඉතින් එය අසාධාරන නැහැ. මෙවැනි තැන් වටලනවාට වඩා කළ යුත්තේ විදෙස් ශ්‍රමිකයන්ගේ මුදල් වලට සාධාරණයක් කිරීම නේද. (බ)
එතකොට රජයේ අනුමැතිය ලත් මුදල් මාරුකරන ස්ථාන" වලින් මුදල් මාරුකරන එකත් අවදානම් නේද. ඉතින් ඒවගේ කොච්චර තැන් ලංකාවේ තියෙනවද. ලංකාවේ 90% වගේ රන්භාණ්ඩ සාප්පු වලින් මුදල් මාරුකරගන්න පුළුවන් නේද? (බ)
උපාලි, මේක අලුත් දෙයක් නෙවෙයි. වරින් වර වැටලීම් කරනවා. නීති විරෝධී වන්නේ මොවුන් ලියාපදිංචි නොවී රජයට ලැබිය යුතු බදු නොගෙවා සිටීමයි. ඒ වගේම පාරිභෝගිකයාගේ පැත්තෙනුත් අවදානමක් තියෙනවා හොර සල්ලි ලැබෙන්න. (බ)
මහා බැංකුවේ ඇත්තටම සැබෑ වෙනසක්ද මේ? හදිසියේම මෙහෙම ක්‍රියාශීලී වෙන්න හිතුනේ ඇයි? (නි)