ශ්‍රී ලංකා මහ බැංකුවේ අනවසරයෙන් රට සල්ලි මාරු කළැයි කියන ගාල්ලේ ස්ථාන දෙකක් වටලා ව්‍යාපාරිකයන් 7 දෙනෙකු සමඟ රටවල් 20 කට අධික රැපියල් කෝටි ගණනක විදෙස් නෝට්ටු අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනූව එහි නිලධාරීන් හා එක්ව රහස් පොලිසිය මෙම වැටලීම කර ඇත.
උපාය ධූතයන් යොදා ඇමරිකා ඩෙලර් 50 බැගින් මෙම ස්ථාන දෙකෙන් මාරු කිරීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
රන් භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් මෙම ජාවාරම සිදු කර ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.