ශ්‍රී ලංකාවේ කළ යුතු තවත් බොහෝ දේ තිබෙන බවත්, ශ්‍රී ලංකාවට සියලු ප්‍රතිලාභ ළඟා කර ගැනීමේ ක්‍රියාවලියේ හවුල්කරුවකු ලෙස කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානමින් සිටින බවත් දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ඇමෙරිකා ලේකම් නිශා බිස්වාල් අද දෙදින නිල සංචාරය හමාර කරමින් කියන්නීය.
ඉකුත් ජනවාරි අට වැනි දා පැවැති මැතිවරණයෙන් පසු ලාංකික ජනතාව ළඟ කරගත් ඓතිහාසික ජයග්‍රහණයේ උද්යෝගය හා සුබවාදී හැඟීම් දක්නට ලැබුණු බව ද, ප්‍රතිසංධාන වැඩපිළිවෙළ ඔස්සේ ලංකාවේ සාමකාමී හා ජාතික සන්ධානයේ දෘෂ්ටිකෝණය ද වැදගත් බව ද පවසන්නීය.
අපේම ශ්‍රී ලංකාව සාමකාමී, සමෘද්ධිමත් අනාගතයක් කරා යන ගමනේ දී නව රජය සමඟ කටයුතු කිරීමට ඇමෙරිකා රජයේ කැමැත්ත පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන් බව ද ඇය පවසන්නීය.
මුදල් ඇමැති රවී කරුණානායක ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල්ට ආප්ප සංග්‍රහයක් කළේය. බිස්වාල් පැවසුවේ එම රාත්‍රී භෝජනය අනර්ඝ බවයි. ‘මං ආප්ප කෑවේ ජීවිතේ පළමු වතාවට.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව ලංකරගත්තු රටවලට වෙනදේ අපිට හොඳට ඇහෙනවා දෙනෙනවා. මැදපෙරදිග ඉන්න නිසා අපිටත් ඒ වගේ අනාගතයක් උදාවේවි. රට වැසියනි කල්පනාවෙන් (නදී)
මහත්මා ගාන්ධි කී ලෙස සිවුදිගින් හමන සුළඟට කවුළු හැර අපේ පොළොව මත දෙපයින් සිටගනිමු (නි)
ඔය අය යුද්ධය අවසන් කළවිට ඔහොම කිවුවේ නැහැ. මේ දෙබිඩි පිළිවෙත් දැන්වත් තේරුම් ගන්න (නි)
උතුරේ මතය කරන්න ගිහින් රට අවුරුදු 30 ක රුදුරු යුධයකට පැටලුනා. (නදී)
ඇමෙරිකා ආණ්ඩුවත් පෙරලයිද?(හේ)
බොහොම හොදයි !(දිල්)
ආප්ප වලට බලනකොට පිටරටවලුත් කැමතියිනේ? (නි)
ආප්ප නිසා තමා අපි අද දෙපයින් හිටගෙන ඉන්නේ (නි)
කාටහරි කියන්න පුලුවන්ද ඇමරිකාව ළංවෙලා හොඳක් වෙච්ච එක රටක් ලෝකයේ කොහේහරි තියෙනවද කියලා. (නි)
ඇමරිකාවට ආප්ප කන්න ආසාවක් ඇති වුණොත් අපිට පුලුවන් ඇමරිකාවටත් ආප්ප විකුණන්න (නි)
අප්පොච්චියේ ආප්ප නේද කන්නේ.? (නදී)
ඔය ආප්ප කන වැඩේ නම් ටිකක් භයානකයි හොඳේ (නි)
ඔව් ඇත්තටම ඔව් ඇමරිකාවට තව බොහෝ දේවල් ලංකාව වෙනුවෙන් කරන්න තියෙනවා. අපි ඇමරිකාව කියන දේ අහමු. බිස්වාල් කියන දේත් අහමු. (නදී)
නීශාටත් ආප්ප දීලා නේද ? (නදී)