IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘රටේ සාමයට සමෘද්ධියට උතුරේ මතයත් වැදගත්‘ - ඇමෙරිකාව

ශ්‍රී ලංකාවේ කළ යුතු තවත් බොහෝ දේ තිබෙන බවත්, ශ්‍රී ලංකාවට සියලු ප්‍රතිලාභ ළඟා කර ගැනීමේ ක්‍රියාවලියේ හවුල්කරුවකු ලෙස කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානමින් සිටින බවත් දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ඇමෙරිකා ලේකම් නිශා බිස්වාල් අද දෙදින නිල සංචාරය හමාර කරමින් කියන්නීය.

ඉකුත් ජනවාරි අට වැනි දා පැවැති මැතිවරණයෙන් පසු ලාංකික ජනතාව ළඟ කරගත් ඓතිහාසික ජයග්‍රහණයේ උද්යෝගය හා සුබවාදී හැඟීම් දක්නට ලැබුණු බව ද, ප්‍රතිසංධාන වැඩපිළිවෙළ ඔස්සේ ලංකාවේ සාමකාමී හා ජාතික සන්ධානයේ දෘෂ්ටිකෝණය ද වැදගත් බව ද පවසන්නීය.

අපේම ශ්‍රී ලංකාව සාමකාමී, සමෘද්ධිමත් අනාගතයක් කරා යන ගමනේ දී නව රජය සමඟ කටයුතු කිරීමට ඇමෙරිකා රජයේ කැමැත්ත පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන් බව ද ඇය පවසන්නීය.

මුදල් ඇමැති රවී කරුණානායක ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල්ට ආප්ප සංග්‍රහයක් කළේය. බිස්වාල් පැවසුවේ එම රාත්‍රී භෝජනය අනර්ඝ බවයි. ‘මං ආප්ප කෑවේ ජීවිතේ පළමු වතාවට.‘

B83kTSwCIAA22Oj.jpg-large



අදහස් (0)

‘රටේ සාමයට සමෘද්ධියට උතුරේ මතයත් වැදගත්‘ - ඇමෙරිකාව

අනුලා Thursday, 05 February 2015 02:51 AM

ඇමෙරිකාව ලංකරගත්තු රටවලට වෙනදේ අපිට හොඳට ඇහෙනවා දෙනෙනවා. මැදපෙරදිග ඉන්න නිසා අපිටත් ඒ වගේ අනාගතයක් උදාවේවි. රට වැසියනි කල්පනාවෙන් (නදී)

:       0       0

දුමින්ද Thursday, 05 February 2015 03:27 AM

මහත්මා ගාන්ධි කී ලෙස සිවුදිගින් හමන සුළඟට කවුළු හැර අපේ පොළොව මත දෙපයින් සිටගනිමු (නි)

:       0       0

නිශාන් Wednesday, 04 February 2015 12:53 PM

ඔය අය යුද්ධය අවසන් කළවිට ඔහොම කිවුවේ නැහැ. මේ දෙබිඩි පිළිවෙත් දැන්වත් තේරුම් ගන්න (නි)

:       0       0

කුමාර් Wednesday, 04 February 2015 01:01 PM

උතුරේ මතය කරන්න ගිහින් රට අවුරුදු 30 ක රුදුරු යුධයකට පැටලුනා. (නදී)

:       0       0

පාලිත Wednesday, 04 February 2015 01:39 PM

ඇමෙරිකා ආණ්ඩුවත් පෙරලයිද?(හේ)

:       0       0

සුගත් Thursday, 05 February 2015 04:54 AM

බොහොම හොදයි !(දිල්)

:       0       0

මිනිපෙ Wednesday, 04 February 2015 04:26 PM

ආප්ප වලට බලනකොට පිටරටවලුත් කැමතියිනේ? (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 05 February 2015 05:33 AM

ආප්ප නිසා තමා අපි අද දෙපයින් හිටගෙන ඉන්නේ (නි)

:       0       0

රාජා ගුණවර්ධන Thursday, 05 February 2015 05:40 AM

කාටහරි කියන්න පුලුවන්ද ඇමරිකාව ළංවෙලා හොඳක් වෙච්ච එක රටක් ලෝකයේ කොහේහරි තියෙනවද කියලා. (නි)

:       0       0

පත්මසිරි Wednesday, 04 February 2015 04:47 PM

ඇමරිකාවට ආප්ප කන්න ආසාවක් ඇති වුණොත් අපිට පුලුවන් ඇමරිකාවටත් ආප්ප විකුණන්න (නි)

:       0       0

ලියොන් Wednesday, 04 February 2015 05:07 PM

අප්පොච්චියේ ආප්ප නේද කන්නේ.? (නදී)

:       0       0

යසරත්න Wednesday, 04 February 2015 08:10 PM

ඔය ආප්ප කන වැඩේ නම් ටිකක් භයානකයි හොඳේ (නි)

:       0       0

අවන්ති Thursday, 05 February 2015 01:21 AM

ඔව් ඇත්තටම ඔව් ඇමරිකාවට තව බොහෝ දේවල් ලංකාව වෙනුවෙන් කරන්න තියෙනවා. අපි ඇමරිකාව කියන දේ අහමු. බිස්වාල් කියන දේත් අහමු. (නදී)

:       0       0

මම Thursday, 05 February 2015 01:43 AM

නීශාටත් ආප්ප දීලා නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site