ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීමේ හා වෙනසක් ඇති කිරීමේ කොටස් කරුවන් වන්නේ මෙරට තරුණ ප්‍රජාව යැයි බැන් කී මූන් මහතා අද (01) ගාල්ලේ දී පැවසීය.
ශාලාවේ සංහිඳියාව හා සහජීවනය ගොඩනැඟීම සඳහා වන තරුණයන්ගේ කාර්ය භාර්ය යන මැයෙන් ගාල්ල නගරයේ හෝල් ඩි ගෝල් ශාලාවේ පැවැති තරුණ හමුවකදී ඔහු එලෙස කීවේය.
‘රට ප්‍රතිසන්ධානය හා සංහිඳියාව ඇති කිරීමේ කාර්යට මෙරට තරුණ ප්‍රජාවට විශාල දායකත්වයක් ලබා දීමේ ඉඩප්‍රස්ථාව තිබෙනවා. ‘
ජාතික තරුණ සේවා සභාව ,ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශය ,ජාතික ඒකාබද්ධතාවය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික කාර්යාලය එක්ව එම සමුළුව සංවිධානය කර තිබිණි.
මහලේකම්වරයාගේ බිරිඳ සූන් ටික් ,ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු පිළබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ,දකුණු පළාත් මහ ඇමති ෂාන් විජේලාල් ද සිල්වා , දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ , ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක උනා මැකෝලි යන මහත්ම මහත්මීහුද සහභාගී ඊට වූහ.
බැන් කී මූන් තරුණ ප්‍රජාව සමඟ ප්‍රශ්න හා පිළිතුරු සැසියකට ද සහභාගී විය, ඔහු ගාලූ සංචාරය සනිටුහන් කරමින් සාමය පිළිබඳ ප්‍රතිඥාවකට ද අත්සන් තැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සහජීවනය හා සංහිඳියාව මුලින්ම ඇති කරන්න ඕනෑ පාර්ලිමේන්තුවේ. මේ දෙකම ඒ අය ළඟ නැහැ (නි)
රටේ සාමයට අනවශ්‍ය අතපෙවීම් නතර කරන එකත් බොහොම වැදගත්. (නි)
අනේ මොකටද තවත් කතා?
බොරු මාධ්‍ය සංදර්ශන නොතබා කෙළින්ම ආපු වැඩේට බැස්සොත් නරකද? ඊටපස්සේ ඒ ගන්න තීරණ දැන් ඉන්න ආණ්ඩුවට නියෝග කිරීමට? (නි)