ලංකාවේ සංවර්ධනය වූ සෙසු දිස්ති‍්‍රක්ක මට්ටමට පොළොන්නරු දිස්ති‍්‍රක්කයද ගෙන ඒමට ඉදිරි පස් වසර තුළ කි‍්‍රයා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (9) පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් පැවසීය.
ජාතික සංවර්ධනයේදී පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට සිදුවු අසාධාරණය නිවැරදි කිරීමට පස් අවුරුදු සැළැස්මක් කි‍්‍රයාවට නංවන බවත් අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍ර පිළිබඳව ප‍්‍රමුඛත්වයක් ලබාදී ඇති බවත් ජනපති එහිදී කීවේය.
ඉදිරි අධ්‍යාපන සැළසුම් තුළ රටේ සමස්ථ ජනතාවගේ සාක්ෂරතාවය 100 % දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බවද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවසීය.
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය ලබාදෙන සියලූ පහසුකම්වලින් උපරිම ප‍්‍රයෝජන ලබාගෙන රටේ දරුවන්ට යහපත් අනාගතයක් උදා කරදීමට ක්ෂේත‍්‍රයේ සියලූ දෙනා කැපවිය යුතු බවද ජනපති එහිදී සිහිපත්කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේටම කලින් ජනතාවගේ සාක්ෂරතාවය මනින මිනුම් දඬු ගැන ජනතාවට පැහැදිලි කරන්න. සාක්ෂරතාවය කියන්නේ සිංහලෙන් ලියවිමේ හා කියවීමේ හැකියාව පමණක් නම් එක මේ කාලයට ගැලපෙන්නේ නැත. (ම)
රනිත්, නගින්න හදන්නෙම වැරදි පැත්තෙන්මනේ ! රටේ සමස්ත ජනතාවගේ සාක්ෂරතාවය 100% ඉහල දමනවා කීවම ඔක්කොම දිස්ත්‍රික්ක අහුවෙනවා නේද ? (නදී)
රකිත් ඔයා පටලවාගෙන. මෙතුමා කතා කලේ පොලොන්නරුව ගැන විතරක් නෙමෙයි (නදී)
ජාතික සංවර්ධනයේදී පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට සිදුවු අසාධාරණය නිවැරදි කිරීමට පස් අවුරුදු සැළැස්මක් කි‍්‍රයාවට නංවන බවත් අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍ර පිළිබඳව ප‍්‍රමුඛත්වයක් ලබාදී ඇති බවත් ජනපති එහිදී කීවේය. පොලොන්න්නරුව විතරක් නෙවෙයි අසාධාරණයට ලක් උන සියලු තැන් ගැනත් අවධානය යොමුකරන්න (නදී)
ඔබට මේ යහපත් අරමුණ ජයගැනීමට ලැබේවා! (නි)
ඉතාම හොඳයි. ජයවේවා! (නි)
දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දියයුතුය (නි)
ඉතාමත්ම යහපත් වැඩක්. ඒත් ඒක කරන්න නම් නියම බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ (නි)
පොලොන්නරුවේත් වරායක් සහ ගුවන් තොටුපලක් හදන්න.(බ)
ඔබගේ අරමුණ සාර්ථක වේවා! (නි)
නිවහල් රටක ජනතාව අද ඔබට ආශිර්වාද කරන අතරේ, ඔබ ඒ ජනතාවට කරන ආශිර්වාදයේ මහිමයෙන් රට දියුණු වේවා! (නි)
ගරු ජනාධිපතිතුමනි, රටේ සංවර්ධනය වගේම ඔබතුමන්ගේ පාලනය යටතේ පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන්ගේත් ආධ්‍යාත්මික සහ මානසික සංවර්ධනය ඉහළ මට්ටමකට රැගෙනඒමට ඔබතුමාට හැකිවේවා. (නි)
අර සා.පෙළ අසමත් දේශපාලඥයින්ටත් යන්තම් ගණිතය පාස්කර ගන්න උදව් කළොත් රටට කරන ලොකුම සේවයක් වේවි. (නි)
දැනට ලංකාවේ සාක්ෂරතාවය සියයට හැටපහක් පමණි. සාක්ෂරතාවය යනු යමක් කියවා තේරුම්ගෙන අදහස් ප්‍රකාශ කිරීමයි.අපේ රටේ අපොස සාමාන්‍ය පෙළ සමත්වන්නේ සියයට හැටපහක් පමණ නිසා සාක්ෂරතාවයද එසේමය (නි)
ගරු ජනාධිපතිතුමනි, පසුගිය කාලයේ සුදු වෑන් වලින් අතුරුදහන් වූ දහසකුත් එකක් මාධයවේදීන් , කලාකරුවන්,ක්‍රීඩකයන් සියලු දෙනාටත් තජුඩීන් වැනි අබිරහස් මරණයන්ට ලක්වූ අයටත් ඒ අයගේ පවුල් වලටත් සාධාරනය ඉටුකර දෙන්න. (නි)
ඔබතුමාගේ මෙම අවංක උත්සාහයට අපේ ප්‍රණාමය! (නි)
සියල්ලටම පෙර අර සම්මත කරගත් ඖෂධ පනතේ වාසිය අහිංසක දුප්පත් මිනිසුන්ට ලැබෙන්න සළස්සන්න. (නි)
ඉතා හොද තීරණයක් මුළු ලංකාවේම අධ්‍යාපනය නගා සිටවිමට ශක්තිය ලැබේවා.(ම)
විශ්වාසයක් නැ.....බල තන්නහව නිසා ලංකාව විනාශ කළේ (බ)
එතකොට මොනරාගල, මඩකලපුව, මන්නාරම සහ මුලතිවු දිස්ත්‍රික්ක ගැන සැලකීමක් නැද්ද? හැමවිටම, රටේ නායකයා බිහිවෙන දිස්ත්‍රික්කයට ප්‍රමුඛස්ථානය ලැබිය යුතුද? ලංකාවේ දිස්ත්‍රික්ක 22න් පොලොන්නරුවටත් වඩා ඉතා දිළිඳු දිස්ත්‍රික්ක ඇත. (බ)
අපිටත් ඕනේ අපේ රට නිදහස් නිවහල් දේශයක් හා සංවර්ධිත රටක් වෙනවා දකින්නයි (ම)
සාක්ෂරතාව 100% කරන එක හොඳයි. කොහොමටත් දැනටමත් ඕක 100% ම කිට්ටු වෙලයි තියෙන්නේ අද අපේ ගමක ඉන්නවද ලියන්න කියන්න බැරි අය? වෙන්න ඕනේ රට ජාතිය ගැන හොඳට හිතන්න පුළුවන් පරපුරක් බිහිකර ගන්න එකයි."අපේ අනාගතය ගැන හිතන්න බැරිව" ලියන්න විතරක් පුළුවන් උන් ගොඩක් දැනටමත් මේ රටේ ඉන්නවනේ. උන් කරන්නේ ඇමරිකාවට , එංගලන්තෙට ඕන දේවල්. ලියන්න පුළුවන් කම මගින් තව දුරත් රටක උගත් කම මැනිය නොහැකියි.මේවා ගොඩක් පරණ මිනුම් දඬු ...(බ)