(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාව බව කී ජනාධිපතිවරයා නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තූති කරන බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින්නෙමු.
අප සියලුදෙනා එක්ව සිදු කරන එම අසීමිත කැපවීමේ ප්‍රතිඵල අද රට හමුවේ දක්නට තිබේ. මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අතර උද්ධමනය සැළකිය යුතු ප්‍රමාණයකින් පහළට ගෙන ඒමටත්, රුපියල ශක්තිමත් කිරීමටත් හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයන්ය.
කම්කරු ජනතාව තවදුරටත් දිළිදු ජනතාව ලෙස රඳවා ගැනීම රජයේ අරමුණ නොවන අතර අරගලයකින් තොරවම ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් ශක්තිමත් කර තිබෙන බවත්, වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙමින් ඔවුන් නගාසිටුවීම වෙනුවෙන් ද පුළුල් වැඩ කොටසක් ඉටුකරමින් සිටින බවත් සිහිපත් කළ යුතුය.
එමෙන්ම ආර්ථික ගැටළු හමුවේ වුවද රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ හා සමගාමීව පෞද්ගලික අංශය ද සිය උපරිම දායකත්වය ලබා දී තිබේ.
සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළැඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කර ගනිමුයි සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම් කරමින් රට ඉහළට ඔසවා තැබීමට සියලුදෙනා එක්වන, ස්වකීය අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ලෝක කම්කරු දිනයකට සුභාශිංසන එක් කරමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් අපි රටවත් අතාරින්නම්
රට කියන්නේ පාලකයා ට ද ජනතාව ට නෙමෙයි ද
මැරුණත් මේක නම් අත අරින්නේ නෑ කියලා අපි දන්නවා .අවුරුදු 50 ක් පාර්ලිමේන්තුවේ ,4-5 පාරක් අගමැති.රට කොච්චර ශක්තිමත් කරාද කියනවානම් දැන් ශක්තිය දරාගන්න බැරුව ඉන්නේ මිනිස්සුන්ට
දැන් අවුරුදු 40 ක් විතර අත් අරින්නේ නැතුව හිටියා නේ.ගොඩක් ඒවා විකුනලානේ තියෙන්නේ ,අත් අරින්න එපා ඉතුරු ටිකත් දීලම අත් අරින්න
රට කාපු හොරුත් එක්ක වැඩ
මැතිවරණයක් පවත්වන්න එදාට ඇත හරින්න බෑ කියල බදාගෙන ඉන්න මල පෙරෙතයින්ට මිනිසුන් කිචි කවල ඇත හරින්න සලසය්
ඕක ඉතින් අලුතින් කියන්න දෙයක් නෑ. අවුරුදු 45 ක් තිස්සේ ඡන්ද වලින් එළෙව්වත් බහිරවයා වගේ ඉන්නවා කියලා නොදන්න කෙනෙක් නෑ...
බංකොලොත් වෙන්න කලිනුත් කියුවේ ඕකම නේද ?
රට ශක්තිමත් කරන්න දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ? මෙච්වර කල් කරපු දෙයක් නැහැ... දූෂිත පවුල් පාලනේ අය..., පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් රැකපු බව නම් පේනවා...
තමුසේ මහා බැංකුව බින්දේ නැතිනම් අපි මේ වගේ කාලකන්නි යුගයකට වැටෙන්නේ නැහැ. හිරේ යන්න ලැහැස්තිවෙනවා, නාකි බුඩා.