(නිමල කොඩිතුවක්කු)
සංචරණ සීමා ලිහිල් කර සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවා ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශවල උපදෙස් මතදැයි වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි සමගි ජන ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹ දී අද පැවසීය.
කොරෝනා වසංගතය සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී රාජ්‍ය සේවකයන් සේවයට කැඳවා රට විවෘත කිරීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ කුමක්දැයි පැහැදිලි නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා හිතු මනාපයට කටයුතු කරමින් සිදුවන හානියේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වැටුප් විෂමතාවයන් ඇතුළු කරුණු මුල්කර ගනිමින් ගුරුවරුන් පාරට බැස ඇති බවත් කොමිසමක් පත්කර සියලුම ක්ෂේත්රවල වැටුප් විෂමතා නිවැරදි කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරනවා ඇත්තේ කොරෝනාව තව වැඩි වෙලා එමගින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මැඩ පැවැත්වීම විය හැකිය.
රෑන් රෑන් මහපාරවල්වල පෙළපාලි ගියා දැක්කේ නැතිව ඇති නේද ?
මේ කට්ටිය රට වහලා තිබෙන කොටත් බනිනවා. රට අරින්න හදනකොටත් බනිනවා. එයාර්පෝට් එක ගැනත් එහෙම තමයි. මුලින් බැන්නා වැහුවේ නෑ කියලා. ඊට පස්සේ බැන්නා වහලා නිසා රට ගිය ශ්‍රමිකයින්ට ආපහු එන්න බෑ කියලා. එක හිතක්, එක දිවක් නැති කට්ටිය. රට වහලා තියෙන කොට ආදායම් නැති අයට තිබුණු අනුකම්පාව දැන් කෝ? මොනවා කරන්නද?. විශ්වාස භංගය යෝජනා කරන්න ගිහින් ඒක අමතක වෙලා වෙන දේවල් කියවලා වාඩිවුණු මනුස්සයා සහ ඔහුගේ පක්ෂයට මොලේ අවුල් කියලා හිතනවා ඇරෙන්න...
ඔන්න අර අවුරුදු වලට කලින් රට ඇරියා වගේ අන්තිමට මිනිස්සුන්ටම බනින්න එපා වෙඩින් පොකුරු කියයි.
බොරදියේ මාළු බාන්න එපා.. රට ඇරියට විරුද්ධ වෙන්නේ ආර්ථිකය වට්ටලා ආණ්ඩුව ෆේල් කියලා ඊළඟපාර බලය ගන්න. කොරෝනා කියන්නේ කළින් තිබුණ සෙමට, උණට...
අනේ මන්ත්‍රීවරයෙක් වෙලත් සාමාන්‍ය දැනීමක තරම? සියළු රාජ්‍ය සේවකයින් ක්ෂණිකව කැඳවන්නේ පවතින ගුරු විදුහල්පති උද්ඝෝෂණ ඇතුළු ඉදිරියේ දී මතුවිය හැකි, නොහැකි සියළු කැළඹිලි, මන්දගාමී කිරීමට කියාවත් නොතේරෙන හැටි...
උද්ඝෝෂණ, පෙළපාලි කරන්න පුළුවන් නම් ඇයි රාජ්‍ය ආයතනවල වැඩ කරන්න බැරි? ගෙදර නිකන් පින් බත් කකා ඉන්නේ නැතිව මාස්ක් එකක් හරියට දාගෙන වැඩකරපල්ලා බොරු නැතිව..
රට වහලා තියලා මෙය අපේක්ෂා කරන්නේ මොනවද?
ගුරුවරු පාසල්වලට ගෙන්වන්න නාවොත් සේවය අතහැර ගියා සේ සලකන්න...
දියවන්නාව "වාචාලයන්ගේ" සංගමයේ ක්‍රියාකාරී වාචලයෙක් කියන්නේ නිකමට නොවේ.