විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අද (14) පෙරවරුවේ තම අමාත්‍යංශයේදී වැඩ බාරගත්තාය.
ශ්‍රී ලංකාවට වැඩියෙන්ම රට සල්ලි උපයන අංශයක් ලෙස විදේශ රැකියා ශ්‍රමිකයන්ට මීට වඩා සැලකිලි ලැබිය යුතු බවත් විදේශගත වීමට පෙර ලබාදෙන දින 21ක පුහුණුව මාස තුනක් දක්වාත් දිගු කරන බවත් අතුකෝරළ මහත්මිය වැඩ බාරගනිමින් පැවසුවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගැන බලන්න කවුරුත් නැහැ.ඇත්තටම දුකයි (නි)
තවත් මිනිස්සුන්ගේ ඉක්මන් රට ගමන ප්‍රමාද කරන වැඩක්. ප්‍රායෝගික වෙන්න. මිනිස්සුන්ට අවශ්‍ය විශ්‍රාම වැටුපක්, තීරුබදු රහිත එකම එක වහනයක් ගෙන්වා ගැනීමට අවශ්‍ය බලපත්‍රයක්, ගුවන් තොටුපොළේදී මානුෂික සැලකීමක්. (ම)
මොනවා වුණත් කමක් නැහැ. අපිට කවුරුහරි මැදිහත්වෙලා යම්කිසි සහනයක් ලබාදෙනවා නම් ඒ ඇති (නි)
තලතා මහත්මියනි, කරුණාකරලා ඔබතුමියගේ අමාත්‍යංශයේ අය දැනුවත් කරන්න. විදේශගතවෙලා ලංකාවට එනකොට ලියකියවිලි නිවැරදිව බලා රක්ෂණය ගැන දැනුවත් කරන්න. හුඟක් ආපසු යන අය විදේශ රක්ෂණය කරන්න ඕනෑද නැද්ද කියලාවත් දන්නේ නැහැ. (නි)
පොරොන්දු සියල්ල ක්‍රියාවට පැමිණියානම්.... අද අපි දිනුම් !! හැමදාම අපිව රට තියන්නද කල්පනාව ? ගුවන් තොටුපොළේ ලැබෙන සැලකිලි මොනවට මේ කතාවල් වලින් පැහැදිලි වෙනවද ? (ම)
අපි ගුවන් තොටුපොළට පැමිණි තැන සිටම ගුවන් යානයට නගින තැන දක්වා අපිට හොදට සලකනවා.ඒ සැලකුම හොඳටම ප්‍රමාණවත්. (ම)
රට ගිය අයට ගැටලු තිබෙනවා නම් අළුත් ලේකම්තුමාට ලිඛිතව දැනුම් දෙන්න. එතුමා වහාම ඒ ගැන සොයා බලනවා. දින 100 ඇතුළත විදෙස්ගතවූවන් ගොඩක් දෙනෙකුගේ ප්‍රශ්න එතුමා විසඳුවා. ඒම කාරණය මම පුද්ගලිකව දන්නා එකක් (නි)
ලංකාවට ඒවා තිබෙන මුදල් ප්‍රමාණය මත තීන්දු වෙන ලෙසට විශ්‍රාම වැටුපක් සහ තීරු බදු රහිත වහනයක් ගන්න හදල දෙන්න. වෙන සැලකිලි ඕන නැහැ. කොහොමත් අපි ඔය අමාත්‍යාංශයේ කෙරුවාව දන්නවා. (අ)
මස 3 ක් විකාරද...අපිව මරාගෙන කනවා ගුවන්තොටුපලේදී විදෙස සේවා එකෙන් ..එයාල නඩත්තු වෙන්නේ අපේ සල්ලි වලින් ..අද රටම නඩත්තු වෙන්නේ අපේ අදායමෙන් අපිට කිසිම සෙතක් නැහැ .තවත් කරදර කරන්න එපා...වැඩක් බලල ගන්න .මෙම ඇති හොදටෝම සැලකුම්....(අ)
කරුණාකරලා වහල් සේවයට අපේ අම්මල සහ සහෝදරියන් යවන්නේ නැතුව පුහුණු ශ්‍රමිකයන් යවන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න. ලංකාවේ අය වැඩිපුරම සේවය කරන මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම ආදායම් මාර්ගය තෙල් සම්පතයි. ඔවුන්ගේ දළජාතික නිෂ්පාදනයෙන් 80%-90% ප්‍රමාණයක් වන්නේ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයි. නමුත් අපේ රටෙන් එම කර්මාන්තයේ සේවයට යන්නේ හරිම අඩු ප්‍රමාණයක්. ඉංජිනේරුවන් සුපවයිසර්වරුන් වැනි වෘත්තිකයන් ඇත්තෙම නැතිතරම්. ගියත් යන්නේ අහම්බෙන්. එම කලාපයේ ආර්ථිකයට ගැළපෙන වෘත්තිකයන් යවන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. තීරු බදු රහිත වාහන කතාවනම් කවද කෙරෙයිද දන්නේ නෑ. කොච්චර කල් ඉදන්ද අපි ඕක කියන්නේ. (අ)
අපිට කෙසේ වෙතත් ඔය කාර්යන්සේ අයට නම් සලකාවි.කවදත් වුනේ එ්කනේ(හේ)
රට ගිය අපට දීපු දෙයක් නැහැ. ගිය පාර එනකොට රක්ෂණ ආවරණය ගන්න ගුවන් තොටුපලේ පැයකට වැඩිය රස්තියාදු වුනා.....කුඩම්මාගේ සැලකිලි පමණි.......(හේ)
මේ අයට තමයි වැඩිපුර සලකන්න ඕනේ. මේ අය අපා දුක් විදින්නේ.(හේ)
උදේ 7 ඉඳලා 5 වෙනක් අපිත් බොරුවට කාලේ නාස්ති කළා මාස 3ක් පුහුණුවෙනවා කියන්නේ බොරු පුහුණුව නෙමේ අපට ප්‍රයෝජනවත් වෙන සහනයක් දෙන්න අපේ විශ්‍රාම වැටුප හදා දෙන්න (බ)
රට යන එක එපා කරන්නද මාස 3 පුහුනුකරන්නේ. මිනිස්සු රට යන්නේ ආසාවට නෙවි. රටේ අදායම් මාර්ගයක් නැතිනිසා. පුලුවන්නම් පුහුණුව සති 2 විතර තියන්න.හොඳටෝම ඇති. (අ)
අපි සල්ලි එවන්නේ රටේ භාණ්ඩාගාරයට. ලියාපදිංචි ගාස්තු, රක්ෂණ ගාස්තු ආදී කිසිවක් අපෙන් අය කරන්න එපා. ඒවාට අවශ්‍යය මුදල් භාණ්ඩාගාරයෙන් වෙන්කරගන්න ක්‍රමවේදයක් හදන්න. අපේ ගමන් වියදම් හා ඒජන්සි ගාස්තු ආදියද අපට ආපසු ගෙවන්න වැඩ පිළිවෙලක් සකසන්න. (බ)
ලංකාවේ ඒජන්සි වලින් කියන්නෙ මැදපෙරදිගට ගෘහ පාලිකාවන් එවනවා කියලයි. එම්බසි වලින් අපිට සහනයක් වෙන්නෙ නැහැ. අඩු වැටුපට රට එවන එක නවත්වනවා නම් හොඳයි. විශ්‍රාම වැටුප නම් කෙරෙන වැඩක් නෙමෙයි වගේ. (නි)
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගියවිට දොරටුව අභියස ඉන්න ආරක්ෂක නිලධාරියාගේ සිට කාර්යාංශයේ ඉන්න බොහොමයක් දෙනාගේ තාඩන පීඩන වලට යටත්වයි තමන්ගේ කටයුත්ත කරගෙන එලියට එන්නේ . රක්ෂණ ආවරණය අලුත් කරගන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යන විදෙස් ශ්‍රමිකයන්ට කිසිම පහසුකමක් නැහැ. ඉඩකඩ නැති කොරිඩෝවක කවුන්ටර් කීපය ගාව කී දෙනෙක් හැමදාම පොරකනවද ? රට විරුවෝ ඉන්නේ දේශපාලකයන්ගේ ලැයිස්තුවල. (බ)
අපේ බියුරෝ ගෙවන එක නැතිකරපන්. බැරිනම් රු 3000 වත් අඩු කරපන් . අපිට පාඩුවේ එයාර්පෝර්ට් එකෙන් එලියට එන්න ඉඩ හදා දියල්ල (මංකොල්ල නොකා ) වාහන නැතත් අගල් 50 ටීවී එකක් වත් ගෙන්න ඉඩදියල්ල ඒවා තමා අඩුම සහන (බ)
අනිවාර්ය නැති විශ්‍රාමික ක්‍රමයක් හඳුන්වා දී , අපට අඩුම තරමින් 50% පුද්ගලික වාහනයක් සඳහා තීරු බදු සහනයක් ලබා දෙන්ඩ. (බ)
කෝ දෙනවා කිව්වා නේද අනේවාසික ගිණුම්වලට සියට පහක් ඔයලගේ බොරු (හේ)
මෙතුමිය වහ බෝතලේට වඩා අපිට වැඩක් කරාවි කියන විශ්වාසය තියෙනවා. උෟ අපිව රට විරුවෝ කියල ගොනාට අැන්දෙවුවා, දැන් නැවතත් යහා පාලන ඇමැති කෙනෙක් වෙලා , නොදකින් තුක්. පිටරට වැඩකරන අයගෙන් මුදලක් කපා ගෙන විශ්‍රාම වැටුප දෙන්ඩ. ඒත් සමගම වාහන බලපත්‍රයක් දෙන්ඩ. දෙකම එකවර ක්‍රියාත්මක කරන්ඩ. (බ)
අපිට යහපතක් වෙනවා නම් ඉතින් හොඳනේ... (නි)
ඡන්දය දුන් අපිටම නේද මෙහෙම කරන්නේ? (නි)
ඉස්සරම රුපියල් 3200 ට තිබුන මුදල අලුතින් නීති ගෙනත් ඒකාධිපති කාලේදී සෑම අවරුදු 2 කකටම සැරයක් (දින 30 ක් ඇතුලත අලුත් කරන්න බැරි වුනොත්)රුපියල් 11,850 ක් අපිට ගෙවන්න සිද්ද වුණා.දැන් රුපියල් 5200 ක් දක්වා අඩු කරලා.එ්ත් ඔය මුදලත් නැති කරන්න කියලයි මම නම් ඉල්ලන්නේ.ඉන්දියාවේ,බංගලිදේසයේ පවා විදේස සේවා එකෙන් මැදපෙරදිග එන අසරණ මිනිසුන්ගෙන් ගසා කන්නේ නැහැ. (බ)
ඒකාධිපති කාලේදී විදේස සේවා එක කියද්දීත් පුදුම අප්‍රසන්න ගතියක් ඇති වෙන්නේ.ස්ටැන්ලි කියන කතාව සහතික ඇත්ත. (බ)
බබීලට,මහජන මුදලින් තීරු බදු නැතිවම රුපියල් කෝටි 25-30 වටිනා ලැම්බෝගිනි,ෆෙරාරි,ෆොර්චේ කාර් 7-8 ගුවනින් ගෙන්න ගන්න පුලුවන්නම් හා දුක් විදලා රටට විදෙස් විනිමය ගෙනත් දෙන ශ්‍රමිකයන්ට වාහනයක් සඳහා තීරු බදු සහනයක් දෙන්න බැරි කමක් නැහැනේ? (බ)
මාස තුන නෙවෙයි මාස හතරක්ම කළානම් හරි. මොකද මාස තුනෙන් එන්ට්‍රි වීසා එක අවලංගු වෙනවානේ. එතකොට එන කෙනාට පුහුණුව අවසන් කරලා ලංකාවටම වෙලා ඉන්න පුළුවන්. (බ)
මාස 3 ක් මොනවාද ඔච්චර පුහුණුකරන්නේ? (නි)
කියන තැනකට වඳින්නම්. තවත් නම් සැළකිළි එපා. මේ සළකන හැටි හොඳටෝම ඇති. (නි)
ඔය පාඨමාලාව ඉවරවෙද්දි රැකියාව වෙන රටකට ගිහින් තියෙයි (නි)
අනේ! මේ වෙනකොට පත්වුණ කිසිම රජයකින් ඔය කියන විදියේ කිසිම සෙතක් වෙලා නැහැ රට විරුවන්ට.අද කී දෙනෙක් මේ මැදපෙරදිග අතරමංවෙලා ඉන්නවද.කෝ කිසිම සහනයක් නැහැ. අපිත් 20 වසරක් මේ මැදපෙරදිග හොඳ අත්දැකීම් ලබා තියනවා.විදේශ සේවා එක ගැන නම් අපිට කතාකරන්න දෙයක් නැහැ. (නි)
කරුණාකරලා පොරොන්දු වුණ විශ්‍රාම වැටුප හා තීරුබදු රහිත වාහනයක් ලබාගැනීමේ අවස්ථාව ලබා දෙන්න.රට යන එක එපා කරන්නද මාස 3 පුහුණු කරන්නේ. මිනිස්සු රට යන්නේ ආසාවට නෙවි. රටේ අදායම් මාර්ගයක් නැතිනිසා. පුලුවන්නම් පුහුණුව සති 2 විතර තියන්න.හොඳටෝම ඇති.ලංකාවට ඒවා තිබෙන මුදල් ප්‍රමාණය මත තීන්දු වෙන ලෙසට විශ්‍රාම වැටුපක් සහ තීරු බදු රහිත වහනයක් ගන්න හදල දෙන්න. වෙන සැලකිලි ඕන නැහැ (බ)
කතාව විතරයි (බ)
ඕකට කියන්නේ සැලකිලි නොවෙයි. (අ)
ඔයාගේ කට විතරයි වැඩ නෑ..අයියාගේ අහලකවත් තියන්න බෑ...(බ)
දින 100 ආණ්ඩුවෙ නම් මෙතුමිය කිව්වා අපිට විශ්‍රාම වැටුපක් හදනවා කියලා, අපිත් බලන් හිටියා මොකුත්ම නැහැ ඒ මදිවාට පුහුණුව වැඩිකරලා තවත් හිරිහැර කරන්න යනවා. (අ)
අතුකෝරල මහත්මියෙනි ,ඔය වගේ වැඩකට නැති පුහු දේවල් නෙමේ ඔයාලට අපිට ඇත්තටම සලකන්න ඕනේ නම් ඔය පුහුණුව සති 02කට අඩු කරන්න.මූලික පුහුණුව පමණක් ඉතාමත් ප්‍රමාණවත්.මිනිස්සු රස්සා නැති කරගෙන හා දුක් මැද්දේ ගෙවල් වල යට කන්න බොන්නවත් පහසුකම් නැතිව හරිම අමාරුවෙන් අනිවාර්ය පුහුණුව සඳහා ණයට අරගෙන සහභාගී වෙන්නේ එ්ත් පුහුණුව අපි රටකට ගියහම ප්‍රායෝගික නොවෙන බව පොදුවේ අපි හැමදෙනාම පිළිගන්න පිළිගත යුතු කරුණක්..හැකිනම් අපට බියුරෝ ගෙවන එක අඩුකරලා ,උපයන ප්‍රමාණය මත හෝ පදනම්ව වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි ..............ඔබ තුමියට සත්‍ය වැටහේවා (බ)
තීරු බදු සහනයට වාහනයක් ගන්න පහසුකම් සලසා දෙන්න. විශ්‍රාම වැටුපක් හෝ මව්බිමට පැමිණි පසු රෝහල් ගාස්තු රක්ෂණයක් ලබා දෙන්න (බ)
මාස 3 ගෙදර වියදම් දෙන්නේ රජයෙන්ද වචන වලට සීමා වෙච්ච පොරොන්දු වැඩක් නෑ ප්‍රයෝගික දෙයක් කරන්න ඕන විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන්
මොනවද ලැබෙන සැලකිලි ? ලංකාවේ ගුවන්තොටුපොළේ ඉඳලම අපිට හොඳට සලකනවා ...මීටවඩා සැලකිලි කෙසේ වෙතත් ..මීට වඩා අපිට කරදර කරන්න එපා...(අ)
මොනවද ඉතින් දැන් දෙන දේවල් ..(බ)
මේකද දෙන සැලකිල්ල? මිනිස්සු සල්ලි නැති කමට ඉක්මනටම රට යන්න හදන්නේ. මාස තුනක් පුහුණුවෙනකම් ඒ අයට පඩියක් ගෙවන්න එහෙනම්. (බ)
ආපු හැමකෙනාම කළේ අපිව රවට්ටපු එක විතරයි (නි)
මස 3ක් පුහුණු වෙනකොට ජොබ් එක වෙන රටක උන් ගනී. මේවා නොවේ කරන්ඩ ඕනි, අහිංසක මිනිස්සු ගොනාට අන්දවනවා. (බ)
කිසිම හයක් හතරක් නොදැන පිටරට වලට යවනවට වඩා හොඳයි ගෙදර ඉන්න එක.අන්න ඒකට පිළියමක් යොදන්න.මිනිස්සු නන්නත්තාර වෙන්නේ මේ නිසයි. (නි)
අපි රටට ණය නැති මිනිස්සු.අපි අපේ පවුල් වලටත් ඇතිවෙන්න හම්බ කරලා ලංකාවට එවලා තියනවා.අපිට ඕනෑ ආයේ එන දවසට ලංකාවේ කරදරයක් නැතුව ඉන්න.කරුණාකරලා අපිට තීරු බදු සහන එක්ක වාහනයක්,විශ්‍රාම වැටුපක් ලබාදෙන්න කටයුතු කරන්න. වෙන එකක්වත් එපා. (නි)
ගුවන් තොටුපොළේදී වෙන අසාධාරණ නවත්වන්න පුලුවන් නම් ඒකයි කරන ලොකුම උදව්ව. (නි)
රට ඉන්න අපේ සල්ලි තමා අපේ රටේ පළමු ආදායම කියලා කවුරුත් පිළිගන්නවා. ඒත් රට ඉන්න අපිටම තමා දෙන තරමක් වද දෙන්නේ. රටවිරුවෝ කියලා නමට කිවුවට වැඩක් නැහැ (නි)
හැමෝම අපිව සුරාගෙන කනවා. අවුරුදු ගණන් දුක්විඳලා යන අපිට කිසිම සහනයක් නැහැ. අඩුමගානේ පාවිච්චි කරන වාහනයවත් කිසිම රජයකින් ගෙනෙන්න දෙන්නේ නැහැ. මේ වගේ දේවල් කරලා අපිට වැඩක් නැහැ.මීටවඩා රට ඉඳලා යන අයට ලංකාවේ මොනවාහරි කරගන්න උදව් කරන එක තමයි වැදගත් (නි)
අනේ හැමදාම අපිව මෝඩයාට අන්දනවා අනේ පව් නේද (බ)
දෙනවා කීවට මහින්ද රජය බදු සහන වහනයක් ගන්න දුන්නේ නැහැ අපිට අපි කොච්චාර $ එවනවද රටට , අන්න පුලුවන් නම් කරන්න හොඳ දෙයක්.
අපට සැලකිලි නම් ගොඩක් ලැබෙනවා මේවා ගන්නේ කොහොමද කිව්වොත් ගොඩක් පින්
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට ගිහින් බලන්න අපි වෙනුවෙන් සේවය කරන්න ඉන්න සභාපතිලා, උප සභාපතිලා, නියෝජ්‍ය සභාපතිලා,සිට විධායකය පමණක් මොන තරම් ඉන්නවද කියලා. (නදී)
මොහාන් ලංකාවේ ගුවන් තොටුපොළට එනකොට රුපියල් 20,000 ක් විතර අරගෙනයි එන්න ඕනේ. පුදුම ගසා කෑමක්නේ තියෙන්නේ. (නදී)
කරුණාකරලා පොරොන්දු වුණ විශ්‍රාම වැටුප හා තීරුබදු රහිත වාහනයක් ලබාගැනීමේ අවස්ථාව ලබා දෙන්න.(ම)
මාස කීපයකට පෙර පොරොන්දූවුණා නේද අනේවාසික ගිණුම්හි පොළී අනුපාතිකය සියයට 5ක් කරන බවට? කෝ අදටත් නැහැ.බැංකු නිලධාරින්ගෙන් ඇහුවහම කියන්නේ කියපු අයගෙන්ම අහලා බලන්න කියා.අඩුමගානේ මේ පොළිය වැඩිකර දෙන්න.විදෙස් සේවකයින් ලංකාවට පැමිණීමෙන් පසුව ඔවුන්ට සුභසාධන වැඩපිළිවෙලක් සාදාදෙන්න. (නි)
රට විරුවන්ට සළකන සැළකිල්ල නම් අන්තිමයි. (නි)
මෙච්චර කල් අපට මොනවත් දීල නැහැ මතුවට ලැබෙන්නෙත් නැහැ. අපි උපයන මුදලින් උන් තීරු බදු සහිත වාහන ගන්නවා දුක් විඳින මිනිහට මොනවත් ලැබෙන්නේ නැහැ. අපට කරදර නොකර ඉන්න එක තමයි ලොකුම උදව්වව (නදී)
දරු පවුල්වලට සමාජ රැකවරණයක් ඇවැසිය (නදී)
අපිට තලතාගේ තොවිලෙත් බලලම ලංකාවට එන්න පුළුවන්. තලතද පවු අපිද පවු? (අ)
පරණ අය අපි වෙනුවෙන් මොනවද කළේ? (නි)