IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රට විරුවන්ගෙන් මේ වසරේදී ඩොලර් බිලියන 7ක්

(අංජුල මහික වීරරත්න)

මේ වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. 

ඒ සඳහා විදේශ රැකියා නියෝජිතායතන වලට විශාල කාර්යයක් ඇතැයි සභාපතිවරයා කියා සිටියේය. 

2025 වර්ෂයේදී විදේශ රැකියා 340,000 ක් සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම සම්බන්ධව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය.

මෙහිදි අදහස් දැක්වු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා 2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් ඇමරිකන් ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බව සඳහන් කළේය. 

2024 වර්ෂයේදී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, එම වර්ෂයේදී ඇමරිකන් ඩොලර් බිලියන 6.51 ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බව ඩී.ඩී.පී.සේනානායක මහතා සඳහන් කළේය.



අදහස් (3)

රට විරුවන්ගෙන් මේ වසරේදී ඩොලර් බිලියන 7ක්

රුවන් Monday, 10 February 2025 08:12 PM

රට විරුවෝ කිව්වට ඒ මිනිස්සු විදින දුක් අනිත් මිනිස්සු දන්නේ නෑ. නුතන යුගයේ වහල් සේවයක්. මේක ඇත්තටම ගණිකා වෘත්තියට හපන්. සමහර අය නිවාඩුවට එන්නේ මිනි පෙට්ටිය ඇතුලේ. යුරෝපයේ මිනිස්සු මේවා දැක්කම හිනා වෙනවා ඇති

:       0       0

Chandana Tuesday, 11 February 2025 12:09 AM

යවනවා වගේම ඒ අය සොයා බලන්නත් ඕනෑ මෙචිචර කාලයක් කවුද සොයා බැලුවෙි. අපිට ආශ්‍රයට නොවේ රට යවන්නේ ලංකාවට ආවශ්‍ය මුදල් ගෙන්වා ගැනීමට . ඒක වරදන් නැහැ .තවම රට විරැවන් වෙනුවෙන් කිසි දෙයක් ලැබිලා නැත???

:       0       1

ගුණරත්න Tuesday, 11 February 2025 08:19 AM

සීයාගේ ආණ්ඩුව කාලේ ඔය මාලිමාවුන් ප්‍රසිද්ධියේ කිව්වා රටට සල්ලි එවන්න එපා කියල. රට වට්ටන්න හැදුවේ. දැන් එවුන්ම කියනවා අච්චර ආවා. මෙච්චර ආවා. ලැජ්ජාවක් නැතිකම. ඒ කොහොම වුනත් හැම මාසෙම ඩොලර් මිලියන 500ක මුදලක් නිකම්ම ලැබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site