
(සුජිත් හේවාජුලිගේ )
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මේ විගණන විමර්ශනයට අදාළ විශේෂ වාර්තාවක් විගණකාධිපති ඩබ්ලිව්. පී.සී වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා බාර දුන්නේය.
නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදු වී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව මෙම වාර්තාවෙන් එකිනෙක විස්තර කර ඇත.
මේ සිද්ධිය පිළිබඳව ජාතික විගණන කාර්යාලය වෝහාරික විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රටවිරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීම දීර්ඝ කිරීමේ අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට නිර්දේශ කළේය.
විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් කෝටි 120 කට ආසන්න වටිනාකමකින් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා තොරතුරු අනාවරණය විය.
ඉන් වාහන 75ක්ම ගෙන්වනු ලැබ ඇත්තේ එක් ආයතනයක් විසිනැයි එහිදී වැඩිදුරටත් හෙළි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත තිබ්බ තැන හොරකම... මෙන්න මේවා නතර කරගත්තා නම් ඇති..
මට මතක් වෙන්නේ සුනිල් පෙරේරාගේ සිඤ්ඤෝරෙ සිංදුවේ .. ‘‘ගහපු ගැහිලි අහුවුණොතින් රටෙත් ඉන්න නැහැ‘‘ කියන වචන.
දැන් මොකද්ද ඕකෙ තියෙන අවභාවිතාව? ගෙන්නපු අය මාලිමාවේ අය නොවන නිසාද? නැත්තන් ගෙන්නපු වාහනයක වටිනාකම කෝටියක් වෙච්චි එකද?
හොරු රජකරපු කාලේ රට විනාශ කළ හැටි තමයි. සුනාමිය, කපුටා, ජොලිසීයා, හිටන් හුටන්, ජොන්ටා ඇතුළු රාජපක්ෂ පවුලම මේවට වගකියන්න ඕනෑ. මේ ඔක්කොම හොරු...
ඕකට සම්බන්ධ නුවර වාහන සේල් කරන කෙනෙකුත් ඉන්නවා. හොයනවා නම් ඔන්න වැඩ.
මොවුන් අපි එවන ඩොලර් වලටත් කෙළින ගමන්, අපිට වරප්‍රසාද දෙනවාය කියලා ලෝකෙටම අපිව හංවඩු ගහලා, දීපු කෙනෙනුත් කෙලලා ඇරලා... අම්මපා කලකන්නිම තමයි.
මට නම් දැන් කියලා කියලාම එපාවෙලා. ඔය විගණක කට්ටිය අපේ බදු සල්ලි නාස්ති නොකර ගිහින් තමුන්ගේ වැඩක් බලාගත්තා නම් නරකයිද?
මේ වගේ කාලකණ්ණි, දුක් විඳලා රට රස්සාවල් කරලා අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට දෙන්න හදපු සහනයටත් කෙළලා. මේවට සම්බන්ධ සියලුම දෙනාට අනිවාර්යයෙන් දඬුවම් කළ යුතුමයි.
වනිඳු හසරංග කාර් එක ගත්තේ කොහොමද කියලා හොයලා බලන්න. කොරෝනා කාලේ...