ව්‍යාජ වෛද්‍ය හැදුනුම් පතක් භාවිතා කරමින් ගබ්සා පෙති සහ ලිංගික උත්තේජන පෙති තොගයක් මෙරටට ගෙන ඒමට තැත්කළැයි කියන ශ‍්‍රී ලංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත් ද්‍රව්‍ය කාර්්‍යංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන රේගුවට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරන අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු හතලිස් පස් හැවිරිදි වියේ පසුවන රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව රේගුව කියයි.
අත් අඩංගුවට ගත් පෙති වර්ග අතර, වර්ග දෙකකට අයත් උපත් පාලන පෙති විසිදහස් නවසිය හතලිහක් සහ ලිංගික උත්තේජන පෙති දහසක්ද තිබු බව රේගුව කියයි.
ඔහු අද ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබ්ලිව් 256 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට පැමින රේගුවේද ඇස් වසා ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ දරද්දී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පෙති ඉතා සූක්ෂම ලෙස ඔහුගේ ලග තිබූ ගමන් මළු දෙකක අසුරා තිබූ බව රේගුව කියයි.
රේගු නිලධාරීන් විසින් සැකකරුව සෝදිසි කරද්දී ඔහු ලග තිබී වෛද්‍යවරයෙකුගේ හැදුන්ම්පතක්ද සොයාගෙන ඇත.
මොහු සැබෑවටම වෛදයවරයෙකුද යන්න සැක හැර දැනගැනීම සඳහා රේගු නිලධාරීන් විසින් වෛද්‍ය සභාවෙන් මේ පිළිබඳව විමසා ඇති අතර පසුව එය ව්‍යාජ වෛද්‍ය හැදුන්ම්පතක් බවට අනාවරණය කරගෙන ඇත.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොල මත්ද්‍රවය ඒකකය සමග එක්ව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා ඇතූළු රේගු නිලදාරීන් විසින් සිදු කරන අතර එම විමර්ශන වලින් අනතුරුව සැකකරු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆස්රුල්, නුඹේ ඔය බොරු ජාතික සමගි කතා ගිහින් අන්ධ,ගොළු,බිහිරන්ට කිව්වොත් හොදයි.ඔහෙලගෙ කපටිකම්වලට අපි අහුවෙච්ච කාලය ඉවරයි. (නි)
මුස්ලිම්වරුන් ගබ්සා කිරීම නොකළාට. මුස්ලිම් දොස්තරලා සිංහල ගැහැනුන් ගබ්සා කිරීම කරනවා. මේකත් එක්තරා ක්‍රමයක ජාතිය වැඩි කිරීමේ උපක්‍රමයක්. කෙසේ නමුත් සිංහල ගැහැනුන් ගබ්සා කිරීමට පෙලඹීම තමා වරද. (නි)
ෆස්රුල් ගෆූර් , මෙය ඔබටයි ලියන්නේ. මිනිස් ගති පැවතුම් නොදියුණු රටවල් තමා අරාබි ලෝකය. එකම ජාතිය එකම ආගමේ අය අද ලෝකයේ වැඩියෙන්ම මරා ගන්නේ අරාබි ලෝකයේ. සිතුම් පැතුම් පමණක් නොව උගත්කම අතින්ද නොදියුණු එයයි. එනිසා අනුගේ පසු පස ගැන සොයන්න යාමට පෙර තමන්ගේ පසුපස ගැන සොයාගන්න එක හොඳයි (නි)
ෆස්රුල් ගෆූර්, ඔබ හරි.නිකම් පදනමක් නැතුව අනුන්ට බනිනවා. කතා කරන්න පෙර හොයලා බලන්න ඕනෑ. (නි)
ඉපදෙන්න ඉන්න එකෙක් මරණ එක පවක් මනුස්සයෝ (දී)
ඉපදෙන්න ඉන්න අය මරණ එකත් පව් ...ඉපැදීලා මරි මරි ඉපදෙනවට වඩා ...පේනවා නේද අම්ම අප්පා නැතුව දරුවෝ විදින දුක් (දී)
චරිත සේරසිංහ වැඩියෙන්ම මරාගන්න උගත් කම අතින් නොදිඋනු අය ගාවට තමය ලංකාවේ කට්ටිය වැඩට යන්නේ අරාබියට නේද මෙතැන මේ මනුස්සයාගේ ජාතිය මොකක්ද කියල දාලා නැහැ නේ (අ)
ෆස්රුල් ගෆූර් - කටාර් , මම ඔබේ අදහස 100% අනුමත කරමි. මේ රටට ජාතියට ඔබ වැනි මුස්ලිම් සහෝදරයන් අවශ්‍ය යුගයක මේ ජාතිවාදයෙන් උන්මන්තක වූ වීර සහ සමහරුන්ට නොතේරේ, හැමදේටම ජාතිවාදී ඇසෙන් නොබැලිය යුතුය. කවුරු කලත් අපරාධකරුට ජාතියක්, ජන්මයක්, කුලයක් නොමැත. මොවුන්ට තරාතිරම නොබලා උපරීම දඩුවම දියයුතු බවයි මගේ අදහස. (ස)
චරිත සේරසිංහ ස්විස් , අරාබියේ ඇන ගත්තත් මරා ගත්තත් ඒක මට අදාළ නැහැ. මම ශ්‍රී ලාංකිකයෙක්. අපේ රටේ ප්‍රශ්න විතරයි මට අදාළ. අල්ලපු ගෙදරට එබිකම් කිරීම පුරුද්දක් කර ගන්න එපා. කුමුදු මේනකා, පවු. ඇයි සිංහල ගැහැණු ඒ වගේ දොස්තරලා ළගට යන්නේ. නොදැනුවත්ව ගියා කියමුකෝ? ගබ්සා කිරීම අපේ රට දඩුවම් ලැබිය හැකි වරදක්. එහෙනම් ඇයි ඔයාලා ඒ මුස්ලිම් වෛද්‍යවරයන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නේ? ඕනෑම කෙනෙකුට ඔනෑ විදිහට චෝදනා කරන්න පුළුවන්. මේ සිදුවීමත් එහෙම තමයි. එකක් මතක තියා ගන්න. බොරුව හැමදාම කරන්න බැහැ. බුද්ධිමත් ශ්‍රී ලාංකිකයෝ හැමදාම සාධාරනය තම කතා කරන්නේ. නිකන් බොරුවට ගොරවන්නේ නැහැ. (නි)
රටේ අපරාද වැඩිවෙන්න තවත් හේතුවක් තමයි මේවා ..? ඔය ඉන්දියාවට යන සහ එන සියල්ලම මිනිසුන් පවා, එක්ස්රේ මැෂින් එකට දමල අපහු ගන්න ඕන ,,?එවිට ඕව කරන්න බයයි මිනිසුන් ...? (දී)
මෙවැනි අපරාධ කරුවන්ට කිසීම සමාවක් නොදී ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමිය යුතුය. (නි)
මේ වීරෝ, නුබේ කුණු ජාතිවාදී කට පරිස්සම් කර ගනු, හැමදේටම ජාතිවාදය වපුරන්නේ නැතිව, ජාතීන් අතර අසමගිය ඇතිකරන්නද තමුසේ හදන්නේ ? අපේ ජනාධිපතිතුමා කොපමණ කැපකිරීම් කරලද මේ රට බේරාගත්තේ තමුසෙට ජාතික සමගිය / ඒකීයභාවය අවශ්‍ය නොවේ නම් මුහුදට පනිනවා. (ස)
මොහුට මේ බෙහෙත් පෙති ටිකක් ඉස්සරවෙලා කවන්න ඇති වෙන්න. මේවා සිංහල ජාතිය වඳ කිරීමට ගෙනෙන ඒවා. මොහුට මරණ දඬුවම දිය යුතුයි. මේ වගේ අයට අවවාද අනුසාශනා කරලා හරියන්නෙ නැහැ. අනික් අයටත් ඉගෙන ගන්නත් එක්ක දැඩි දඬුවම් දියයුතුයි. (නි)
මේ මිනිහ කරලා තියෙන වරද මොකක්ද? රේගුවට ප්‍රකාශ නොකර, බලපත්‍රයක් නොමැතිව මේ කියන පෙති රැගෙන ඒම පමණයි. නමුත් නීත්‍යනුකුලව මේ පෙති ගෙන්වන ආයතන ඕනෑතරම් තියෙනවා. අනික් අතට නීත්‍යනුකුල නොවන ලෙස ගබ්සා කරන තැන ඕනෑතරම් තියෙනවා. මේ සිද්ධිය මහා සමාජ ප්‍රශ්නයක පුංචි කොනක් විතරයි.(නදී)
වීර, අන්ධ, ගොළු, හෝ බිහිරි කියන්නේ ඒවා ලබා උපන් හැටි. ඒ වගේ අඩුපාඩුවක් තිබෙන අයට මගේ හිත කොහොම හරි තේරුම් ගනීවි. ඇස් තිබිලත් බලන්න පුළුවන් වෙලත් අන්ධයෝ වෙලා, කට තිබිලත් කතාරන්න හැකියාව තිබිලත් ගොලුවෙලා, කන් තිබිලත් ඇහෙන්න හැකියාව තිබිලත් බිහිරිවෙලා (මොලය තිබිලත්) කල්පනා කිරීම හැකියා නොතිබෙන ඔයාලා වගේ මෝඩ අයට කවුරු ආවත් මොනවා කිවුවත් කිසිවත් කිසි දින නොතේරේ. මොකද ජාතිවාදය ලේ එක්ක මිශ්‍ර වෙලා. (නි)
මේ වීර නම් හැමදාම අනාගෙන නාගන්නවා අප්පා..... (ස)
උපත් පාලන කොපු නිකන් දෙන්න බැරිද?එහෙම නැත්නම් ග්‍රාම සේවක මහත්තයා මගින් බෙදන්න බැරිද? (නි)
මේ හොර දොස්තරගේ නමට මුලින් රන් සම්බන්ධ මොකක්හරි කෑල්ලක් එනවද? එනවා නම් මම දන්නවා (නි)
මෙයා මුස්ලිම් ජාතිකයෙක්ද? (නි)
රිෂාර්ඩ්, දැන්වත් ඔය රාජිත කියන වෙස් මුහුණ ගලවන්න (නි)
රටේ වෙදෙක් කියන්නේ වරුණ ඔයටද? (අ)
සුදත්, කාරුණිකව,මොළය නැතුව කරන ප්‍රකාශනයක් ඔබ කර ඇත්තේ (නි)
සංජු ඇය ගැන දන්නේ නැද්ද?(නදී)
මෙහෙම මිනිස්සු හැදෙන්නෙත් මේවා ඉල්ලගෙන යන පිරිසක් ඉන්න නිසානේ,,මේවා පවතින නිසා කීදෙනෙක් වැරදි මාර්ගවලට වැටෙනවද,,, නිසි අයුරින් දඬුවම් ක්‍රියාත්මක කල යුතුයි,,,(අ)
උපාලි , මේ මිනිහා කරන වරද නම් අපේ ගෑණුන්ට, මිනිසුන්ට මේ පෙති වෙනත් ලෙඩ වලට දෙන මුවාවෙන් පොවනවනම් එතැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා , මොකද අද සිංහල බෞද්ධ , සිංහල කතෝලික , ඇතුළු ද්‍රවිඩ ජනගහනය පාලනය කිරීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා . කොහොම වුනත් අපේ රේගු නිලධාරීන්ගේ පරික්ෂාව ගැන සුබ පතනවා. ඔබලා උපන් බිමට ණය නැහැ මේ කරපු සේවයට. (ස)
මීට පෙර කොපමණ ගෙනත් තිබෙනවද, කාටද විකුණුවේ? ඒ අයත් උසාවි ගෙනැත් නීති හදලා හරි දඩුවම් දෙන්න ප්‍රසිද්ධ කරලා. (ස)
සුදත්, කාරැණිකව, මොලේ නැතිව කරන ප්‍රකාශනක් ඔබ කර ඇත්තේ, මේ හොරා වෛද්‍යවරයෙක්ද? මොහුට මොන දැනීමක්ද තියෙන්නේ මේ පෙති ගැන? මේවා නියමිත ප්‍රමිතියකින් යුතු ඖෂධද? මොහුට මත්කුඩු පෙති ජාවාරම් කරැවෙක් දුන්නොත් ඒවා නේද අපේ කාන්තාවන්ට දෙන්නේ?හොරුන්ට හොරකම මිස වෙදකම දන්නවද? ඔබ වගේ අය මේ හොරුන්ගෙන් බේරා ගැනීම මොලේ තියෙන කාගේත් වග කීමයි.මේවා වැඩිපුරම කරන්නේ කවුද? කවුරු කරත් මේක කූට ජාවරමක් නොවන්නේද? (ස)
ඇත්ත කියනකොට රිදෙන්නේ තමන් වැරදි බව දැනගෙන නිවැරදියි කියලා පෙන්නන්න හදන අයටයි. පාකිස්තානේ ඉඳල අල ගෝනි අස්සේ හංගලා මේ බේත් ගෙනාවේ අලත් එක්ක තම්බන්න වෙන්න ඇති. ඔලුවේ කුණු තියාගෙන මම සුදනා කිව්වලු අර දියේ ඉන්න මොකෙක්ද සතෙක්. (ස)
කුමුදු මේනකා.,මට ඔයාගෙන් අහන්න ප්‍රස්නයක් තියෙනවා අපේ සිංහල ගැහැණු මොකටද ගබ්සා කරන්නේ ..(අ)
සිංහල ජාතිය වඳ කරන්න කුමන්ත්රණයක් තියෙනවා කියලා හතර අතින්ම ප්‍රකාශ එනවා. ඒවායේ සාක්කි ඇස් ඉදිරිපිටම අහු වෙනවා, දැන් කී වතාවක් මේ වගේ බෙහෙත් අහු උනාද? ඒත් සිංහල බලධාරීන් ඡන්දවලට, බලයට තියෙන කෑදරකම නිසා මේවට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. ඒකයි තිත්ත ඇත්ත. (ස)
සිංහලයා වඳ කරන්න කුමන්ත්රණයක් තියෙනවා කියන අය බලන්න ඇයි මේ පෙති ලංකාවට ගේන්නෙ කියලා. කාටවත් බලෙන් පෙති පොවන්න බැහැ. අවශ්‍ය අය ඉල්ලන නිසයි පෙති ගේන්නෙ. එහෙනම් අපි දැන්වත් එක එක අන්තවාදීගෙ කථා නිකම්ම කියන්නෙ නැතුව මොලේ ටිකක් පාවිච්චි කරලා තීන්දු කරන මෙන් අපේ ජනතාවගෙන් මම කාරුනිකව ඉල්ලනවා (නි)
මේකත් එක්තරා විදියක ත්‍රස්ත වැඩක් තමයි (නි)
මමත් කියන්නේ ෆස්රූල් ඔබ හරි (නි)
සුදත් ඔය කියන විදිහට කුඩු ගෙන මනුස්සයා වැරදි නෑ. බොන කෙනයි වැරදි එහෙමද ?? (ස)
කාන්තාවන්ගේ බලාපොරොත්තු වනසන මෙවන් ආයතන වසා දමන්න ඕනේ (දී)
මේ සිදුවීම පිටුපස කවුද ඉන්නේ කියලා නොදන්නා බොහෝ ආචාර්ය - මහාචාර්යවරුන් මේ වනවිටත් මුස්ලිම් අයගේ ගිණුමට බැර කරලා ඉවරයි. මම අහන්න කැමතියි මේ වගේ පොඩ්ඩක්වත් කල්පනා නොකර අනුන්ට අපහාස කිරීමට ලැජ්ජා නැද්ද? මේක සිංහල බෞද්ධයෙක් කරලා තිබුනා නම්? එතකොට මුහුණ ගෙනියලා කොහෙද හංගන්නේ? මේ කරුණාකරලා නිකන් පුරසාරම් දොඩවන්නේ නැතුව එකට එකතුවෙලා රටක් හැටියට ඉදිරියට යමු! මේ කිසිවක් කියවලා දොඩවලා අපිට ලැබෙන පලක් නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ කියලා එකට එකතු වෙනකන් කිසි දිනක අපිට රටක් හැටියට ඉදිරියට යන්න බැහැ. කවුරු මොනවා කිවුවත් අපේ බුද්ධියෙන් විමසලා අපි වැඩ කරන්න පුරුදුවෙන්න ඔනෑ. ඉන්දියාවේ නොවේ අපි ඉන්නේ ලංකාවේ. බහුතර ලාංකිකයෝ උගත් බුද්ධිමත් ය. දේශපාලන හෝ වෙනත් වාසි වලට වැඩ කරපු ජාතියක් නොවේ අපි. සාමය සමගිය තුලින් අපිට හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් වෛර කරලා පිල් බෙදිලා හිටියොත් අපි ලෝකයාගෙන් තවත් වෙන් වෙනවා. කවුරු ජනපති වුනත් වැඩක් වෙන්නේ නැහැ. රට සංවර්ධය වෙලා මදි මිනිසාගේ ගති පැවතුම් සිතුම් පැතුම් සංවර්ධය නොවුනා නම්. (නි)
සුදත්. ප්‍රශ්නේ තියෙන්නේ ඉල්ලගෙන බොන අය එක්ක නෙවෙයි. ඒක ඒ අයගේ පෞද්ගලිකත්වය. හැබැයි, වැඩිය දැනුම් තේරුම් නැති අම්මලාට, මේවා හොරෙන් දෙනවා, වෙන බේතක් වගේ. එතනයි ප්‍රශ්නේ! (නි)