වසර දෙක සම්පුර්ණ කරන සියලුම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට විශ්‍රාමවැටුපක් සහ අනිකුත් පහසුකම් සහ සේවා සහිත නව පැකේජයක් හදුන්වාදීමට යෝජනා කර ඇති බව විදේශසේවා නියුක්ති කාර්යාංශයේ බලධාරීන් ප්‍රකාශ කළබව සෞදි අරාබියේ අද (12)පළවූ “ඇරැබ් නිවුස්”පුවත්පත අනාවරණය කරයි. මව්බිමේ ජාතික සංවර්ධනයට දායකත්වයක් ලබාදීම මෙහි අරමුණ බවද සදහන් වෙයි. දැනටමත් මෙම යෝජනාවලිය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති බවද පුවත් පත අනාවරණය කරයි.
අමාත්‍යංශ ප්‍ර කාශයට අනුව විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම වැඩ සටහන දින 100 වැඩ පිළිවෙළ යටතේ ඉතා ඉක්මනින් ක්‍රියාවට නැංවීමට නියමිතය.මෙම වැඩසටහන මගින් වසර 2 සම්පුර්ණ කරන ලද විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හට ලබාදීමට නියමිත විශ්‍රාම වැටුපට අමතරව අනේවාසික විදේශ ඉතුරුම් ගිණුම් සදහා දැනට පවතින වාර්ෂික පොලියට අමතරව වාර්ෂිකව සියයට 2.5 පොලියක් ලබාදීමටද යෝජනා කර ඇති අතර විදෙස් ගතවන්නෙකු වෙදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය සදහා අයකරන රුපියල් 226 ගාස්තුව 147 දක්වා අඩු කරන බවද පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය යෝජනාවට අපිට වාහනයක් ගන්න යෝජනාවක් අවොත් ගොඩක් පින්. (නදී)
වචනයට සිමා නොවි කරනවානම් හොදයි (නදී)
රජයේ සේවකයන්ට රුපියල් දස දාහක වැටුප් වැඩිවීමක්, විදෙස් ගත ශ්‍රමිකයන්ට වසර දෙකක සේවා කාලයකට විශ්‍රාම වැටුපක් සහිත පැකේජයක්. විශ්‍රාමිකයන්ගේ වැටුප් 3000කින් වැඩිවීමක්. සමෘද්ධි ලාභීන්ගේ දීමනා දෙගුණයකින් වැඩි කෙරේ , නමුත් පෞද්ගලික අංශයේ සේවකයන්ට දින 100 ය ඇතුලත රුපියල් 2500, ක වැටුප් වැඩිකරන ලෙස ඉල්ලිමක් පමණයි. මේ ආණ්ඩුව දැන ගතයුතුයි ඊලග මහා මැතිවරණයේදී හැට ලක්ෂයකට වැඩි පෞද්ගලික අංශයේ සේවකයන් තමන්ට නිසි සාධාරණයක් දින 100ය ඇතුලත සිදු වුයේ නැත්නම් නැවත වරක් මේ ආණ්ඩුව බලයට පත්කිරීමට පෞද්ගලික අංශයේ සේවකයන් මැදිහත් නොවනු ඇති බවයි මගේ විශ්වාසය. (නදි)
මෙහෙම වෙනවා නම් ගොඩක් හොඳයි. විශ්‍රාම වැටුපක් කෙසේ වෙතත් අපිට සහන මිලට ත්‍රීරෝද රථයක්වත් ගන්න පුළුවන් විදියක් කරන්න. (නදී)
කැරට් අලේ වගේ තමයි. 100% විශ්වාසයි කිසිම දවසක ලැබෙන්නේ නැහැ. (නදී)
විදේශ සේවා එකේ ඉන්න හොරු මහත් හොරු ගැන කිසිම විශ්වාසයක් නැහැ. අපෙන් ගන්න සොච්චම එයාලගේ සැපට තමයි මෙච්චර කල් නම් යොදා ගත්තේ. (නදී)
යහ පාලනය දින සියයේ වැඩ සටහන කොලයකට පමණක් සීමා වෙලා තිබියදී මේවා ගැන විශ්වාස කරන්න පුලුවන්ද. (නදී)
මේක අසාධාරනයි. කළින් ගිය අයට මේ සහන ලැබෙන්නේ නැත්නම් (නදී)
මේක හොද වැඩක්. නමුත් වචනයට සීමා නොවී වැඩ කරන්න ඕනේ. දැනට විදේශ විනිමය ගෙන එන එකම පිරිස මැද පෙරදිග අයයි. නමුත් අපේ රටේදී ඔවුන්ට නිසි පිලිගැනීමක් නැහැ. මුලින් කරන්න ඕනේ විශ්‍රාම වැටුප ලබා දෙන ගමන්ම , විදෙස් ශ්‍රමිකයන් ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් හදන්න. ඔවුන්ව දිරිමත් කරන්න. තිබුන වාහන පර්ම්ට් එකත් පසුගිය රජය නැති කළා. තවද විදේශ ශ්‍රමිකයන්ට ජන්ද අයිතියත් ලබා දෙන්න කියල ඉල්ලීමක් කරන්න ඕනේ. (නදී)
ඔය අපිට ලැබෙනවා කියන විශ්‍රාම වැටුප ස්ථිරද දන්නේ නැහැ. හරිගියොත් ගොඩක් හොඳයි (නි)
බලමුකෝ, බලමුකෝ මට නම් විශ්වාස නැහැ (නදී)
අනේ මේ කියන විදේශ විශ්‍රාම වැටුප අපිට ලැබුනොත් කොච්චර දෙයක්ද? අපි මෙහෙ විදින දුකට දෙවියෝ බලනවා වගේ (නි)
වැඩේ හොඳයි. ඒත් ඊට කලින් රට සිටි අපිට මොනවද ලැබෙන වරප්‍රසාද? (නි)
එතකොට මෙච්චර කාලයක් විදේශ විනිමය හොයපු අපිට මොකද වෙන්නේ (නදී)
ඇත්තටම මේ වගේ වැඩක් කරනවා නම් කොච්චර පිනක්ද. අපි රට ඇවිල්ල කොච්චර නම් දුක් විදිනවද. පුලුවන් ඉක්මනින් මේක අරඹන්න ඔබ තුමන්ලාට ගොඩක් පින් අපි ගැන හිතනවට (නදී)
අපිට මොකද වෙන්නේ? දැනට අවුරුදු 5ක්. අනේ අපි ගැනත් බලන්න. (නි)
අපිට ලැබෙයිදෝ. අපි තවමත් රට (නදී)
වැඩේ හොඳයි. හැමෝටම ලැබෙයිද? (නි)
ඔය කියන විදියට දෙනවා නම් ගොඩක් හොදයි.(හේ)
ඇත්තටම දහසක් කම්කටොලු දරාගෙන තමයි පවුලටත්, මවුබිමටත් සේවයක් කරන අපි වෙනුවෙන් විශේෂ සේවයක් ඉටු කරනවානම් ඒ වෙනුවෙන් ගෞරවාන්විත ප්‍රණාමය.(හේ)
අන්න රට විරුවන්ගේ අගය දන්නා අාණ්ඩුව. අවුරුදු 10 කට වැඩිය මැද පෙරදිග වැඩ කරන අයට වාහනයක් ගන්න බදු නැතී කරන්න. ඒක ලොකු උදව්වක් (නදී)
විදේශ ගත කෙනාට විශ්‍රාම දෙන්නේ කොහොමද ? රට ඇතුලේ ජිවත්වන ශ්‍රමිකයන්ට වැඩි කළේ රුපියල් 1000 නේද ? (නදී)
එතකොට දැනට සෞදියේ අවුරුදු දෙකකට වඩා සේවය කරන අයට මෙය ලැබෙන්නේ කොහොමද ? (නදී)
හොඳ දෙයක් හරි යනවා නම් (නදී)
හොඳ දෙයක් ලොකු දෙයක් ලබනවා නම් (නදී)
අදහස නම් හොඳයි. ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම ඉක්මනට. 3 විල් එකක්වත් ගන්න පුළුවන් වෙනවා නම් බදු නැතුව. අපි බලා සිටිමු කුමක්ද සිදු වෙන්නේ කියලා. (නදී)
ඉතාමත් හොඳ දෙයක් (නදී)
ඔක්කොටම කලින් පසු ගිය රජය විසින් විදේශ සේවා එකෙන් අපේ බෙල්ලට පිහිය තියල බලහත්කාරයෙන් ගසා කනව වගේ මාස තුනක් ඇතුලත ගෙව්වේ නැහැ කියල ගසා කන රුපියල් 11860 නැති කරන්න. මේ රුපියල් 11860ක් ගසා කෑමෙන්, ගෙවා ගන්න බැරිව ගුවන් තොටුපොළේ මොන තරම් මිනිසුන් අසරණ වෙනවද? මේ නීති අලුතින් සකස් කරපු අයට සාප කරනවද? මේවයි මුලින්ම නැති කරන්න ඕනේ. (නදී)
මහේෂ මුතුකුඩ, පිට රටකට රැකියාවට යන්නේ දුප්පත් කමට මිසක් ෆන් එකට නෙමෙයි. (ර)
අවුරුදු ගානක් රට ඉන්න අපිට ලැබෙන දෙයක් නැද්ද? (නි)
පුලුවන්නම් විදේශ ගතවී රැකියා කරන අයට බදු පනත් වලින් තොරව වාහනයක් ගන්න අවස්ථාව උදා කරලා දෙන්න, මම වසර 10 සෞදි වල වැඩ කරනවා තවම වාහනයක් ගෙදර පාවිච්චියට ගන්න බැරි උනා. (ර)
අපිට වාහන පර්මිට් එකක්වත් ලැබුනොත් ඇති. මම දැනට ලංකාවෙන් පැමිණ අවුරුදු 20ක් විතර වෙනවා (නි)
එතකොට දැනට විදෙස ගතවී ඉන්න අයට එය ලැබෙන්නේ කොහොමද (අ)
මොනවා කොහොම කලත් මම නම් හිතන්න ඔය කියන එකක් හරි අපිට ලබෙයි කියල අනික මම දැන් ආවුරුදු 21ක් රට හැමදාම විදෙස සේවා එකට 10700ක් ගෙවල අවේ ඇයි ලිකිතව මගේ ගව තයෙනවා අද වෙනකම් ලැබුණ දෙයක් නැ (අ)
හැම කෙනාම තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා බොරු මවනවා.නැති දෙයක් මහා ලොකුවට මවා පානවා.(චන්දය ළඟ නිසා තවත් සුරංගනා කතා බොහෝ කියයි.) පඩි වැඩි කරාට හිටියටත් වඩා වලකට තව අවුරදු 2කින3කින් වැටෙන්න යන බව මතක තියාගන්න.පසු ගිය රජයෙන් අර දෙනවා කීව වාහන පර්මිට් එක දැන් වලංගු නැද්ද. අපි හැමදාම රැවටෙනවා,ඉවරයක් නැහැ. (හේ)
ජයවේවා! (නි)
මගේ අවුරුදු 2ක ඉවරයි. අපිට නැද්ද? (නි)
එතකොට අපිට මොකද වෙන්නේ? (නි)
මේ ආණ්ඩුව පත් වුණ දින සිට වසර 2 සම්පූර්ණ විදෙස් ශ්‍රමිකයන්ටද..නැතහොත් එදා මෙදා තුළ විදෙස් ගතව සිටින සියලූම විදෙස් ශ්‍රමිකයන්ටද? මෙම පැකේජය නියමිත ලෙස ලබා ගැනිමට විදෙශ් ගත ශ්‍රමිකයා කුමක් කළ යුතුද? සතුටු වෙනවා මෙම ක්‍රියාවලිය ගැන..බුදු සරණයි.(හේ)
මැදපෙරදිගට පමණද? (නි)
එතකොට මෙච්චර කාලයක් විදේශ විනිමය හොයපු අපිට මොකද වෙන්නේ(දිල්)
මෙතෙක් කල් විදේශ සේවා එක කළේ හාම්පුතුන්ගේ හා ඒජන්සිය පැත්ත ගැනිමයි. මේකත් අර රක්ෂණ වන්දි ගන්න ගියාම එක එක බොරු කියලා පුළුවන් තරම් ගෙවන එක මග අරිනවා වගේ වෙයිද දන්නේ නැහැ නේද?(දිල්)
ලියාපදිංචි ගාස්තුව 226 ක් කියලා අද දැනගත්තේ. (නි)
අපි නම් දෙන දෙයක් බාරගන්නවා (නි)
කිසිම කෙනෙක් කලබල වෙන්න එපා ටිකක් ඉවසලා ඉන්න බලන්න ඡන්ද පොරොන්දුවක්ද දන්නේ නෑ (දිල්)
අපිට වාහන ගන්න පර්මිට් එකක් දානවා නම් හොඳයි. ඒත් මේවා විශ්වාස කරන්න බැහැ (නි)
මේ දේ ක්‍රියාත්මක කරනවා නම් ගොඩක් හොදයි.(හේ)
රට ඉන්නවා කියන්නේ සැපවිඳිනවා නෙමෙයිනේ! අපිට මෙය හොඳ බලාපොරොත්තුවක් (නි)
නදීක, පඩි වැඩි කළාම ඕගොල්ලෝ බනිනවා "පඩි වැඩි කරාට හිටියටත් වඩා වලකට තව අවුරදු 2කින3කින් වැටෙන්න යනවා" කියලා. පඩි වැඩි නොකළාම ඕගොල්ලෝ බනිනවා ජිවත් වෙන්න විධියක් නැහැයි කියලා. ඔයාලට මොකක් කළත් වැරදිනේ අනේ. ඔහොම කොහොමද ජිවත් වෙන්නේ. හරිම අසුබවාදියි කුහකයි ඔයා නම්. (අ)
හොඳ දෙයට හොඳයි කියන්න පුරුදු වෙන් නදික මහත්තයෝ. නැත්නම් එය පිරිහිමේ ලක්ෂණයක්. (අ)
මමත් සෞදි වලඅවුරුදු 8 අපිට මොකුත් ලැබෙන්නේ නැද්ද එහම වුණොත් නම් අසාධාරණයි අපි ලංකාවට සල්ලි කොච්චර යවල තියෙනවාද (අ)
අපිත් අවුරුදු 8 වෙනවා කොහොමද පැකෙජය? (අ)
මේ වගේ කතා සැම වසරකමම අයවැයෙන් අසා අපට ගාණක් නැත, දැන් හරි කියන දේවල් වෙනවා නම් හොඳයි, (අ)
මේ දේ ක්‍රියාත්මක කරනවා නම් ගොඩක් හොදයි.(හේ)
නදීක, ඔය කියනවට වැඩිය ලොකු වලක වැටිලා තමයි අපි නම් පසුගිය අවුරුදු ගානෙම සිටියේ. යන්තම් ඒකෙන් ගොඩ ආවා විතරයි. හැම කෙනාවම සතුටු කරන්න තව ටික කලක් යාවි. එතකන් පොදුවේ වැඩි පිරිසකට සහනයක් නේද ඕන කරන්නේ ? (ර)
මේක හොද දෙයක් නමුත් පරණ ගිය අයට මේක දෙනවනම්. (ර)
කලින් හිටපු අයට මේ දේ නිසා වාසියක් නැද්ද?(හේ)
අපි විදින දුක අපි විතරයි දන්නේ.(හේ)
අනේ මන්දා බලමුකෝ ඔය කියන පැකේජය හරියයිද කියලා. (නි)
මෙහෙම වෙනවා නම් ගොඩක් හොඳයි ! විශ්‍රාම වැටුපක් කෙසේවෙතත් අපිට සහන මිලට ත්‍රීරෝද රථයක්වත් ගන්න පුළුවන් විදියක් කරන්න. (නි)
මේක මේ මාසයෙන් පසු එන අයට පමණද දෙන්නේ? (නි)
එතකොට පසුගිය ආණ්ඩුවෙන් පටන්ගත් විශ්‍රාම වැටුපට මොකද වෙන්නේ ? (නි)
නියමයි, සමහර කම්කරුවන් ලෙස මෙහි සේවය කරන අයට හරි හමන් වැටුපක් ලැබෙන්නේ නැහැ. පොරොන්දු උන පඩිය ලැබෙන්නේ නැහැ, නිමාඩුත් නැහැ. මෙය හොඳ වැඩක් (නදී)
එහෙම වුණොත් හොඳයි (නි)
ලබන මැයි වල ඉදලා රටයන අයට විතරක් සහන දීලා වැඩක් නැහැ දැනට වැඩකරන අපි ගැන බලන්නේ නැතුව.(නදී)
එතකොට මෙතෙක් කාලයක් රට ඉන්න අයට අවුරුදු දෙක ගනින්නේ ලබන මැයි මාසයේ සිටද? (නි)
බලමුකෝ ලැබෙයිද කියලා (නි)
එ්ක පරණ අයට නොදෙන්නේ මොකද ? (නදී)
අලුතෙන් රට යන කෙනෙක් මෙඩිකල් එකට විතරක් රුපියල් 15,800 වියදම් කරන්න ඕනෑ. දවස් 3ක් කොළඹ එන්න ඕනෑ.මෙන්න මේවා තමයි නැතිකරන්න ඕනෑ. රට ඉන්න උදවිය දන්නවා මම කියන දේ. (නි)
එතකොට මැයි මාසයට පෙර විදේශගතවූවන්ට කිසිවක් ලැබෙන්නේ නැද්ද?? (නි)
වැඩේ හොඳයි. ඒත් ඊට කලින් රට හිටපු අපිට මොනවද ලැබෙන වරප්‍රසාද ? (නදී)
මැයි මාසේ ඉඳලා රට යන අයට ඕවා පටන් ගත්තම, අවුරුදු 12 ක් 14ක් තිස්සේ රුපියල් කෝටි ගානක් ලංකවාට එවපු සහ දැනටත් එවන අපිට තියෙන ප්‍රතිලාබ මොනවද? අඩු ගානේ ගෙදර පාවිච්චියට එක වාහනයක් විතරක් වත් ගෙන්න ගන්න තීරු බදු සහනයක් වත් දෙන්න උනන්දු වෙනවද. (හේ)
මේවා නිකන් මිනිස්සු රවටන විහිළු කතා. ලියාපදිංචි ගාස්තුව රුපියල් 79 ක් අඩුකරාලු. අර කොත්තමල්ලි කහ බජෙට් එකෙන් අඩුකරා වගේ. ලියාපදිංචි ගාස්තුව 79ක් අඩු කලාට අපෙන් 10000 කට වඩා ගන්නවනේ. හැමදාම කව්රු බලයට අාවත් කරන්නේ මහජනයා රවටන එක තමයි එක එක විජ්ජා කරලා.(නදී)
විදේශ සේවා එකේ ඉන්න හොරු නිසා රට අයට ප්‍රශ්ණ වැඩියි (නදී)
කලින් ගිය අයට ඔය සහන පැකේජය නැද්ද ? (නදී)
ගිය මාසෙට පස්සේ යන අයට විතරද අපිට මොකුත් නැද්ද ? (නදි)
නියමයිනේ! (නි)